Monday, December 3, 2012

ලෝක විනාශය???

දැන් අපි 2012 වසරේ අගභාගයට පැමිණි තිබෙනවා. වසර 2000 එළඹීමේදී ලෝකය පුරාවටම කතාබහට ලක්වුන පරිගණකය 2000 වසර කෙසේ කළමනාකරණය කරගනීද? මොනවගේ ප්‍රතිඵල ඇතිවනු ඇතිදැයි විවිද උපකල්පන, බියට පත්වීම් තිබුනා සේම 2012 වසරද ලෝකයේ ඇතමෙකුට බියකුත්, ඇතමෙකුට විවිද ගවේෂනයන් සදහාත් ඉවහල් වූයේ මායාවරුන්ගේ දිනදර්ශන වලින් ලෝකයේ අවසානය 2012 දී සිදුවනු ඇතැයි පළවු මතයයි. මෙයට අදාල කරුණු මීට වසර එකහමාරකට පෙර සත් සමුදුරේම පළවූ මායාවරුන් සහ මායාවරුන් ගේ ‍දිනදර්ශන පිළිබදව ලිපි පෙලේදී ඔබත් මේ වනවිට දැකගෙන ඇති යයි සිතමි.

කෙසේවෙතත් ලෝකය 2012 දෙසැම්බර් අගදී විනාශවනු ඇති යයි පෞද්ගලිකවම නම් මම නොසිතමි. ‍ඒ කොහොමවුනත් මෑතභාගයේ ලෝකයේ ලංකාවද ඇතුළුව බොහෝ රටවලට ස්වභාවික උපද්‍රව වල නම් වැඩිවීමක් සිදුවූ බව නම් පිළිගනිමි. ඒවා මිනිසාට පාළනය කළ නොහැකි ස්වභාවධර්මයේ බලපෑමෙන් ඇතිවූ ව්‍යවසනසේම මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුකොටගෙනද මේ තත්ත්වයට ඇති වූ බව නම් පිළිගත යුතුවේ.

එහෙත් ලෝක විනාශයක් පිළිබදව සේයාවක් හෝ ඒ ගැන කතාවක් නොමැති ඉතිහාසයේ ඇතැම් කාලපරිච්ඡේද වලදී පවා ස්වාභාවික ව්‍යවසනයන් හා සුනාමි වැනි දුර්ලභ සංසිද්ධිද ඇතිව තිබෙන බව අප අමතක කළ යුතු නොවේ. පෙරසූදානම් කොහොමත් හොද යයි සිතන ඇතැම් පිරිස් හා සංවිධාන මෙම එළඹෙතැයි සිතනා ලෝක විනාශයෙන් ගැලවීමට විවිද ආරක්‍ෂක විධිවිධාන හා ක්‍රමවේදයන් දැනටමත් මිනිසුන්ට අලෙවිකරන බවද අන්තර්ජාලයෙන් ඇතැම්විට හමුවේ.

මගේ අදහස නම් එක් ජනවර්ගයක් අතීතයේ පැවසූ කරුණකින් කළබලයට පත්වීම තල් අත්තට වැටුන ගෙඩියට හාවා රැවටුනාක් වැනි යයි හැගේ. මන්ද මායාවරු ‍විවිද ශිල්ප හා විවිද දැනුම අතින් දියුණු තත්ත්වයකට පත්වසිටි ජාතියක් බව සත්‍යයකි. එහෙත් මායාවරු යනු ලෝකයේ එකල හුදකලාව තිබූ භූමි ප්‍රදේශයක වාසය කළ ජනවර්ගයකි. ඔවුන් ලෝකයේ අනෙකුත් මහද්වීප හා රටවල් පිළිබදව දැනසිටීමට හැකියාවක් නැතිවා සේම ඔවුන් සමස්ථ ලෝකයම ලෙස සැලකූවේ තමන් සිටි දකුණු ඇමරිකානු මහද්වීපය පමණක් විය යුතු යයි සිතේ. එසේ සිතන්නේ ඉන්දියාව බලා යමින් සිටි කොලොම්බස් 1492 දී වැරදිමකින් ඇමරිකාවේ දොරකඩට නොඑන්නට තවකාලයකට යුරෝපියන් ඇමරිකාව ගැන‍ නොදැන සිටියා සේම මායාවරුන්ද අත්ලාන්තික් හෝ පැසිපික් සාගරවලින් එපිට මහද්වීප ගැන නොදැන සිටිය යුතු නිසාය. 

තමන්ගේ වාසියට හැමදේම නවීන විද්‍යාවට හසුනොවේ යනුවෙන් පැවසීම 100% ක් සත්‍ය නොවන බවද කිවයුතුය. සමහර කරුණු නවීන විද්‍යාවට හසුනොවන්නේ ඒවා පරීක්‍ෂනයට, නිරීක්‍ෂනයට හා නිගමනයට ඇවසි ක්‍රමවේදයන් හා තාක්‍ෂනය තවම සොයා ගෙන නොමැති නිසා වන්නටද පුළුවන. මෙම හැමදේම නවීන විද්‍යාවට හසුනොවේ යන්න අන්තවාදී ආගමික කණ්ඩායම් වලට මෙන්ම ගුප්ත හා අදෘෂ්‍යාමාන මතයන්‍ කෙරේ එල්ඹ සිටින්නන්ට නම්  ති‍බෙනා ගැලවුම්කාරයෙකි. ‍ඒ නිසා ලෝක විනාශය විද්‍යාත්මක අයුරින් නොදකින අයෙකුටද මෙම කරුණු සමග ලෝක විනාශය සිදුවෙතැයි තර්ක කළ හැකිය.

‍බොහෝවිට එක් ජනවර්ගයක් විශ්වාස කරනා සංසිද්ධීන් හෝ ආගමික මතයන් අනෙකුත් එයට පරිබාහිර ජාතීන්ට හෝ ජනවර්ගවලටද ආදේශකරන්නට යාම සාධාරණ මෙන්ම සාර්ථක ක්‍රමවේදයක් නොවේ. උදාහරණයක් ලෙස අප අනුගමනය කරනා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා එයට සම්බන්ධ කරුණු සිංහල හා හින්දු ජනවර්ග හා මෙම චාරිත්‍ර අනුගමනය කරනා රටවල අනෙකුත් ජාතින් ස්වකැමැත්තෙන් අනුගමනය කරනු විනා වෙනත් රටක හෝ ‍වෙනත් ජාතියකට අදාල නොවන්නකි. ආගමක් ගත්තද එසේමය. එක් ආගමක ඇදහිලි හෝ විශ්වාස එම ආගම අදහන ජනවර්ගයට විනා එහි විශ්වාස හා ඇදහිලි සමස්ථ ලෝකයටම බලපානවා යැයි පැවසීම හා ඒවා විශ්වාස කරන්නට බල කිරීම අර්ථ ශුන්‍ය ක්‍රියාවකි. මෙම මායාවරුන්ගේ ලෝක විනාශය පිළිබදවද පවසන්නට තිබෙන්නේ එවැන්නකි. එනම් ඔවුන්ගේ විශ්වාසයට හේතුවූ මෙම කරුණු ඔවුන්වත් නොදැන සිටි එසේම ඔවුන්වද නොදැන සිටි ලෝකයේ අනෙකුත් ජාතීන්ට, රටවලට බලපාන්නේ කෙසේද? යන්නයි.

11 comments:

  1. දැන්නම් ඕක වෙන්නේ නැහැ කියනවනේ නේද??

    ReplyDelete
  2. මමත් පෞද්ගලිකව ලෝක විනාශය දෙසැ 12 සිදුවේ යැයි විශ්වාස කරන්නේ නැහැ..ඒත් මෙම සංකල්පය දැන් විකුණුම් උපක්‍රමයක් වී හමාරයි..

    ReplyDelete
  3. ඕක වුණා නම් එක්කෝ ඉවරයි... මම කියන්නේ ඔක්කොම ටික ෆ්ලැට් වෙන්නම එකපාර විනාශ වෙලා ගියොත් එහෙම මොනවගේ වෙයිද? අපිට එතකොට අපාය,දිව්‍යලෝකය,ස්වර්ගය,නිවන,ව්මුක්තිය වගේ තම තමන් යන්න හිතාගෙන ඉන්න තැනකට එක පාර යන්න පුළුවන්.. එහෙම නැත්නම් ප්‍රේතයෝ,භූතයෝ,දෙවියෝ,බ්‍රහ්මයෝ වගෙ කවුරු හරි වෙලා බලන්නත් පුළුවන්.. ඔය ඔක්කොම ගැන වාද කර කර ගහ මරා ගෙන මේ ලෝකෙට වෙලා ඉන්නෙ නැතුව ඒ ඒ ලෝක වල තියෙන අලුත් ප්‍රශ්නත් එක්ක අලුත් ජීවිතේකට යන්න පුළුවන් නේ... :)

    ReplyDelete
    Replies
    1. අය්යට ෂුවර්ද එහෙම ලෝක තියෙනව කියල?

      Delete
  4. හ්ම්ම්ම්ම්ම් මේ පිළිබඳව නොයෙකුත් අදහස් තියෙනවා අපිට ඒ දේ බලන්න හරියටම තියෙන්නේ තව දින කිහිපයයි බලමු

    ReplyDelete
  5. මායාවරු ගැන දිනේෂ් ලියු ලිපි වටිනව . විනාශ වෙනව නම් කියා කියා වෙනවය

    ReplyDelete
  6. ඕක ඉක්මනට එනවා නම් හොඳයි අප්පා මම නම් මේ බඩුත් පැක් කරන් ඉන්නේ.

    ReplyDelete
  7. මේ ලිපිය ගැන මොකද කියන්නේ
    http://neranji-sulakkana.blogspot.com/2012/12/world-end-nosterdam.html

    ReplyDelete
    Replies
    1. ලිපිය ගැන නම් කියන්න තිබෙන්නේ මගේ දැනුම හැටියට කරුණු හොදින් සොයා බලා ලියූ බොහෝ දුරට පරිපූර්ණ ලිපියක් බවයි. එහෙත් මේ දේත් කියන්න ඕන. නොත්‍රදාමුස් කියපු ගොඩක් දේවල් සත්‍ය වුනා. ඒගැන තර්කයක් නැහැ. ඒත් සත්‍ය නොවූ දේවලුත් තිබෙනවා. මේ ලිපියේ අඩංගුවූයේ එසේ සත්‍ය වූ කරුණු පමණයි. එසේ නොවූ කරුණු රැසක්ද තිබෙනවා. මට දැන්නම් හරියට මතක නැහැ. ඒත් සිංහල ලේඛිකාවක් විසින් පරිවර්ථනය කරන ලද නොත්‍රදාමුස්ගේ අනාවැකි සියල්ලක්ම පාහේ ලියූ පොතක් තිබෙනවා. එය කියෙවුවොත් නම් බොහෝ කරුණු දැනගැනීමට හැකිවේවි. හැකියාවක් ලද‍‍හොත් මම ඒ පොත ගැන ඉදිරියේ කියන්නම්.

      අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ, මා දන්නා තරමින් නම් නොත්‍රදාමුස් එක් වරකදී පළ කළේ එක් අයෙකුට හෝ එක් රටකට හෝ කලාපයකට (උදාහරණයක් ලෙස හිට්ලර් ගැන. හිට්ලර් ලෝක යුද්ධයකට පාර කැපුවත් එයින් වඩාත් බලපෑම ඇතිවූයේ යුරෝපයටයි) බලපාන අනාවැකි බවයි මගේ මතය. අනෙක තමයි අනාවැකියකින් පමණක් ලෝක විනාශය සිදුවෙතැයි ගණන් බැලීම එතරම්ම කර්කානුකූල නොවන බවයි පැවසිය යුත්තේ...

      Delete
  8. මේව මිනිස්සුන්ගේ ඔලුවලට දාල තමන්ගේ ඉලක්ක සපුරගන්නවා ගුප්ත ව්‍යාපාරිකයෝ. අපේ ගොං රැලත් මේවට අහුවෙනවා. මේ ගැන මාරයා මාර ලිපියක් ලියලා තිබුණා. අන්න නියම උපහාසය.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  9. ලෝක විනාශය කියන්නේ මෙහෙම දෙයක් කියල මම විශ්වාස කළා. අපි දකින ලෝකය වෙනස් වෙනවා. අලුත් දේවල් කරලියට එනවා. ස්වභාවික විපත් වැඩි වෙලා ජීවිත හානි වැඩි වෙනවා. නමුත් ඒ එක්කම ආධ්‍යාත්මිකව විපර්යාසයක් වෙනවා....ඒකෙන් අපි නොහිතන විදියේ වෙනස් ලෝකයක් නිර්මාණය වෙනවා. අනේ මන්දා. බලමුකෝ.

    ReplyDelete