Sunday, August 19, 2012

හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි...

ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්න ඒ ලිපිය.


කියන්නට සතුටුයි අගෝස්තු 10 වනදා එම පෙර පාසල තනා අනාගතය භාර ගැනීමට සිටින එම අහිංසක දරුවන්ට භාර දීමට පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි ප්‍රමුඛ හෙළ විජය තරුණ සංවිධානයට හැකිවුනා. තවත් කාරණයක් තමයි එය සදා නිම කිරීමට ඇස්‍තමේන්තු කළ මුදලටත් වඩා සෑහෙන්න අඩු මුදලකට එම කාර්යය කරගැනීමට හැකිවීම. මෙන්න මේ සබැදියේ තිබෙනවා එම පින්වත් පිරිස කුඩා උත්සවයක් පවත්වා පෙර පාසල විවෘත කළ අවස්ථාවේ ගත් සේයාරු හා විස්තර.


තවත් කාරණයක් තමයි සත් සමුදුරේ එදා මේ ගැන පළ කළ ලිපිය දැකලා දෙස්විදෙස් පින්වතුන් රැසක් මූල්‍යමය ආධාර කර තිබෙනවා එම සත් කාර්යය ඉටු කර ගැනීමට. ඒ එක්කම ඔවුන් හැම දෙනෙක්ම, තමන් එයට දායක වූ බවට කිසිදු ප්‍රසිද්ධියක් හෝ සදහනක් නොකරන ලෙස ඉල්ලා සිටි බවද අවධාරණයෙන් මතක් කළ යුතුයි. ඒ නිසා කණගාටුවෙන් වූවත් එවන් මහඟු වැඩ සටහනකට දායක වූ හා ඉදිරියේදිත් දායක වීමට බලාපොරොත්තුවන එවන් සුගන්ධවත් මිනිසුන් ගැන නම් වශයෙන් කතා කිරීමට නොහැකී වූවත් පුහු ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් ඕනෑම අන්තවාදයක් පසෙක ලා තමන්ගේ යුතුකම රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ඉෂ්ඨ කිරීමට සම්බන්ධ වූ සියල්ලන්ටම මේ අවස්ථාවේ ස්තූතී පූර්වක මල් පොකුරක් පිළිගන්වමි.

17 comments:

  1. මේ වගේ දෙයකට සහභාගී වෙන්න අවස්ථාවක් නැති උනත් මේ වගේ දෙයක් කරපු එක ගැන කියලා සතුටු වෙන්නත් උදවු කරපු නම සදහන් නොකරපු සියලුම දෙනාට පිං දෙන්නත් අවස්ථාව දුන්නට ඔබට පිං....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට අවශ්‍ය නම් පුළුවන් ඔවුන්ගේ ඉදිරි පුන්‍ය කර්මයකට සම්බන්ධ වෙන්න.
      http://helavijaya.blogspot.com හරහා ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියි...

      Delete
  2. සන්තෝෂයි. මේ සත් කාර්යයට දායක වූ සැමටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. පින්සිද්දවෙනවා මේ වැඩේට උදවු කල හැමෝටම ....

    ReplyDelete