Tuesday, August 7, 2012

ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18

ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා,
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාර‍යේ තබා ඇති මොනාලිසා මුල් චිත්‍රය

එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ Last Supper.

අවසන් රාත්‍රී භෝජනය හෙවත් The Last Supper
The Last Supper චිත්‍රයේ කටුසටහන් ඩාවින්චිගේ සටහන් පොතේ තිබූ අයුරු

ඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට වසර 500 කට පමණ පෙරාතුව නැත්නම් පුනරුද යුගයේ බිහිවූ මෙම අද්විතීය මිනිසා ඉංජිනේරුවෙකු, වාස්තු විද්‍යාඥයෙකු, ප්‍රතිමා නිර්මාණකරුවෙකු, විද්‍යාඥයෙකු යනාදී ශිල්ප රැසකට දක්‍ෂතා දැක්වූ අයෙක්.

ඩාවින්චි සහ ඔහුගේ සුප්‍රකට Vitruvian Man සිතුවම


මේ දක්වා ලොව පුරා විවිද රටවල ඩාවින්චිගේ පෙර කියූ සිතුවම් සහ තවත් ප්‍රකට සිතුවම් ප්‍රදර්ශනය වී ඇතත් මේ දක්වා ඩාවින්චි විසින් සිතුවම් කරන ලද එහෙත් ප්‍රදර්ශනය නොවූ සිතුවම් රැසක් 2012 මැයි මාසේ 04 වෙනිදා සිට 2012 ඔක්තෝබර් 07 වනදා දක්වා එංගලන්තයේ, බකිම්හැම් මාලිගයේ ක්වීන්ස් ගැලරියේදී ප්‍රදර්ශනය‍ වෙනවා.

මෙහි අරුමය තමයි ඩාවින්චි විසින් මේ රුප වලින්පෙන්වා තිබෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තර ව්‍යුවහය හා බාහිර ස්වරුපයත් ඉතා සියුම් ලෙස. මිනිස් කායික විද්‍යාත්මක රූ සටහන් හා ඔහු විසින් ඒ සමග තබනා ලද සටහන් මෙන්ම ඔහු විසින් නිර්මාණය කරනා ලද වෙනත් සත්ත්වයන්ගේ කායික විද්‍යාත්මක රූප සටහන් පවා මේ සමග තැබෙන බව පැවසෙනවා. මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා එහිදී ප්‍රදර්ශනය වන සියළුම  පින්තූර වල විස්තර - http://www.royalcollection.org.uk/exhibitions/leonardo-da-vinci-anatomy/items

කෙසේවෙතත ඒ ප්‍රදර්ශනය නැරඹීමට ඔබ අප සැමට යාමට නොහැකී වූවත් එහිදී ප්‍රදර්ශනය වීමට නියමිත සිතුවම් අතරින් කිහිපක්ම දැන් ඔබට සත් සමුදුරෙන් දැක ගත හැකියි. ඒවගේම මේ ලිපිය ලියන්නට අවශ්‍ය මූලාශ්‍රය ලබා ගත්තේ 2012 අගෝස්තු 02 දා සමුදුර පුවත්පතෙන් බවත් ස්තූතිපූර්වකව මතක් කරනවා. මේ පින්තූර වඩාත් විශාලනය කර බැලීමට ඒ මත Click කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ගර්භාශයේ වැඩෙන භ්‍රෑණය ආකාර පහකට - Five Views of a Foetus in the Womb
දෑත පිළිබදව - Study of Arms
මවගේ ගර්භාශය තුල ඇති භ්‍රෑණය - The Human Foetus in the Womb
 දෑතේ කායවිච්ඡේද්‍ය හැදෑරීම - Anatomical Study of Arms

 
මිනිස් සිරුර තවදුරටත් හැදෑරීම - Study of the Human Features and a Knight

 බෙල්ලේ සහ උරහිසේ අස්ථි - Bone Structure of the Human Neck and Shoulder

 මානව ලිංගික සංසර්ගය - Coition of Hemisected Man and Woman
ආහාර ජීර්ණ පද්දතිය - Digestive System

හිසේ හරස්කඩ - Head Section with the Anatomy of the Eye
මිනිස් සිරුර තවත් ආකාරයකට ඩාවින්චිගේ තෙලි තුඩින්

 මිනිස් මුහුණ කටුසටහනකට -
 හෘදය
 හිස් කබල
අත
 පාදය
 හෘදය හා ඒ පිළිබදව ඩාවින්චි තැබූ සටහන්
 හෘදය හා රුධිර සංසරණ පද්දතිය
 කාන්තා සිරුර
කාන්තා ලිංගේන්ද්‍රිය  - The Female Sexual Organs
ඩාවින්චි විසින් නිර්මාණය කරනා ලද මෙවන් සතුන්ගේ සිරුරේ පිළිබදවත් විද්‍යාත්මක රූ සටහන් මෙහදී ප්‍රදර්ශනය කෙරේ.


මෙන්න මේ වෙබ් අඩවි වලින් තමයි මේ ලිපියට අවශ්‍ය විස්තර සහ පින්තූර ලබා ගත්තේ -
http://en.wikipedia.org/wiki/Leonardo_da_Vinci
http://www.allposters.com/-st/Human-Anatomy-da-Vinci-Posters_c97078_.htm
http://www.livescience.com/20153-anatomy-art-da-vinci-drawings.html
http://www.visitlondon.com/events/detail/17402648-leonardo-da-vinci-anatomist-at-the-queens-gallery
http://www.guardian.co.uk/artanddesign/2012/apr/30/leonardo-da-vinci-anatomy-exhibition

35 comments:

  1. කාලෙකින් මුකුත් කිව්වෙ නෑ..
    හැමදාමත් වගේ.. දැකලා නැති දෙයක් දැක්කා..

    ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මෙහි දැක්වුන පින්තූර වලට වඩා සෑහෙන්න ප්‍රමාණයක් මෙම ලිපියෙන් දැක්වූ සබැදියන් හරහා දැකගන්නත් පුළුවන්...

      Delete
  2. මාත් ඔන්න කාලෙකින් කමෙන්ට් එකක් දානවා.....
    වෙනද වගේම කියන්න තියෙන්නේ ලිපිය නම් හුඟක් වටිනවා කියල තමයි.
    බොහොම ස්තූතියි දිනේශ්........

    ReplyDelete
    Replies
    1. හලෝ උදාර, මොකද පසුගිය දවස් වල කාර්යබහුල කටයුත්තකවත් යෙදුනද? ඇයිද කියලා කල්පනත් කලා කාලෙකින් මෙහේ ආවේ නැතුවට...

      Delete
  3. ඔය සමහර ඒවා ඒ වෙනකොට හොයාගන නොතිබුන දේවල්ද ?

    අදත් සත් සමුදුරෙන් හැමදාම වගේ වටිනා දෙයක්. ස්තූතියි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ, ඒ කියන්නේ 1400-1500 ගණන් වල මේ වගේ අතිශයින් සියුම් ලෙස මිනිස් සිරුරේ අභ්‍යන්තරය චිත්‍රයට නගන්න කවුරුවත් ඉදලා නැහැ...

      Delete
  4. ඇත්තෙන්ම ඩාවින්චි කියන්නෙ විද්‍යාඥයෙක්. ගුවන්යානාවල යාන්ත්‍රික සටහන් පවා ඔහු ඇඳල තිබෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු හෙලිකොප්ටරයට ආසන්න යානාවක ඉංජිනේරු සැකැස්ම පවා සැලසුම් කළ අයෙක්, ඒ වගේම "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියමනත් බොරු කළ අයෙක්. ඒ තරමටම විවිද ක්‍ෂෙත්‍ර ගණනාවකටම ඔහු සතුව දක්‍ෂතා තිබුනා. ඔහු ඇත්තටම ජීවත්වෙන්න ඕන අපේ කාලයේ. එහෙම වුනා නම් ඔහු අතින් අද තාක්‍ෂනය සමග මොනමොනවගේ දේවල් බිහිවේදැයි සිතන්නටත් බැහැ...

      Delete
  5. මැවුම්කරුවෙක් කියලා කට ඇරලා ඩාවින්සිට කියන්න පුලුවන් :)

    ReplyDelete
  6. නොදත් කරුණු රැසක් දැනගන්නට අවස්ථාව දුන්නාට ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි1 තව ඩාවින්චි ගැන නොදත් හා නොදැකපු දේවල් රැසක් ඉදිරියේදිත් ලබා දෙන්නම්...

      Delete
  7. වෙනදා වගේම ඉතා වටිනා ලිපියක් වටිනා පොටෝ එක්කම,,හිතා ගන්න බෑ ඩාවින්චි අද කාලේ ඉන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම හිතන්නේ ඔබ ඉන්නේ ඉතාලියේ නිසා සජීවීවම ඩාවින්චි විසින් නිර්මාණය කළ දේවල් දැකල ඇති...

      Delete
  8. අවිආයුධත් නිර්මාණය කලාලු නේද? නැව් විනාශ කළ හැකි කතුරක නිර්මාණයක් මම දැකලා තියෙනවා. ඒක පාවිච්චි කලාද කියලා නම් විස්තර තිබුනේ නෑ

    ReplyDelete
    Replies
    1. නැව් විනාශ කළ හැකි කතුරක් ?

      Delete
    2. මෙහෙමයි සෙන්නා, අපි කතුරකින් ගහක අත්තක් කපනවා කියලා හිතන්න. දැන් ගහේ අත්තේ පරිමානය වෙනස් කරන්න නැවක ප්‍රමාණයට. එතකොට නැව දෙකට කපන කතුර තියෙන්නෙ අනිත් නැවේ......

      Delete
    3. මට සුළු අතපසුවීමක් වුනා ඔබ කියන්නේ එය කතුර නොවෙයි. ඔහු විසින් නිර්මාණය කළ යෝද කැටපෝලය පිළිබදව විය යුතුයි...

      Delete
    4. නෑ! අවි ආයුධ සැලසුම් ගොඩේ ඇති. රූප සටහන් එක්ක ම. ඒක යොධ කතුරක්! හැබැයි ඒක සැලසුමේ තිබුනට ක්‍රියාවට නැංවුවද කියලා පැහැදිලි සාක්ෂි නෑ කියලා තිබුනේ.

      Delete
  9. ඔව්, මම හිත්නේ ඔබලාගේ කුතුහලය නිවන්න එම පින්තූරත් පළ කරානම් හොදයි වගේ...

    ReplyDelete
    Replies
    1. හොඳයි වගේ නෙමේ... ඉතා හොඳයි!!!!:)

      Delete
  10. හත වසරේ සමාජ අධ්‍යයනය විශයට මුලින්ම ඩා වින්සි ගැන ඉගෙන ගත් දවසෙ ඉඳල ඔහු ගැන කියවන්න හදාරන්න මගෙ උනන්දුව දිනෙන් දින වැඩි උනා මිස අඩු උනේ නැහැ.

    ඩා වින්සි කියන්නෙ ඇත්තටම පුදුම විදිහෙ ආශ්චර්යමත් පුද්ගලයෙක්....ඔහු ඥාණය සහ බුද්ධිය අතින් තම සමකාලිකයනට කොපමණ ඉදිරියෙන් සිටියාද යන්න ඇදහීමට පවා අසීරුයි.

    ඔහුගේ මේ අසම සම කුසලතාව නිසාම ඔහු අනාගතයෙන් පැමිණියෙකු ලෙස සැලකෙන මතයක් ගැන මම වරක් කියවූවා මතකයි.ඒ ගැන තොරතුරු කිසිවක් සොයා ගැන්මට ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ.

    ඔබට බොහොම ස්තූතියි දිනේෂ්, හැමදාම වගේ ඉතාම ආශ්වාද ජනක සහ සිත් ඇදගන්නා ඒ වගේම විශාල දැනුමක් ලබාදෙන මාතෘකාවක් පිළිබඳ සටහනක් අප වෙත ලබා දුන්නාට.....

    මෙතන තියනව ඩාවින්සිගෙ සිතුවම් සහ විද්‍යාත්මක කටු සටහන් පිළිබඳව තවත් විස්තර.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබගේ සබැදියත් මේ පිළිබදව ලියවෙන අනිත් ලිපියට බෙහෙවින් ප්‍රයෝජන වේවි. එම ලිපියේදී තවත් කාරණා ඩාවින්චි ගැන මෙන්ම ඔහුගේ නිපැයුම් ගැනත් දැන ගැනීමට හැකීවේ යයි සිතනවා...

      Delete
  11. හරිම වටිනා විස්තර ටිකක්... මම අහලා තියෙනවා ඩාවින්චිට අත් දෙකෙන් දෙපැත්තෙ ඉදලා එක වාක්‍යක් ලියාගෙන එන්න පුළුවන් කම තිබුනා කියලා....

    ඩාවින්චි ගැන අපූරැ මතයක් Ancient Aliens Theories Documentry එකේ තිබුනා මතකයි... එකේ තිබුනේ ඩාවින්චි පිටසක්වල යානා තාක්ෂණය ගැනත් දැනගෙන හිටියා කියලා..... නමුත් ඒක මතයක් විතරයි...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ තැන්වල ඩාවින්චිගේ විවිද ලිවීමේ හැකියාව පිළිබදව ‍තොරතුරු තිබෙනවා

      http://www.mos.org/sln/Leonardo/LeonardoRighttoLeft.html
      http://graphology-world.com/da-vinci-and-his-mirror-handwriting/

      Delete
    2. මාරයි අප්පා...

      මට ඩාවින්චි ගැන එකපාරටම මකත් වෙන්නේ davinci code ෆිල්ම් එකේ අර The last supper චිත්‍රයේ මේරි මදලේනා කියනා රෑපේ කට් කරලා එහාපැත්තෙන් ගෙනත් තියෙන සීන් එක..... මම චි‌ෙත්‍ර කොපියක් අරගෙන එහෙම කපලා බැලුවා.... ඒ තරමට හිතට වැදුනා....

      Delete
    3. සැබෑ davinci code ගැන වාර්තාමය චිත්‍රපටියක් මටත් හම්බවුනා. ඒත් තාම බලන්න නම් ලැබු‍නේ නැහැ. ඒ ගැනත් විස්තර ඉදිරියේ කියන්නම්...

      Delete
  12. ස්තූතියි! ඔව් ඩාවින්චිට අත් දෙකෙන්ම ලිවීම, Mirror writing වගේ ‍දේවල් කරන්න පුළුවන් කම තිබුනා කියලා කියනවා...

    ReplyDelete
  13. බොහෝම හොඳ වැදගත් ලිපියක්

    ReplyDelete
  14. මං හරි ආසාවෙන් කියෙව්වේ අයියේ. ඩාවින්චි ගැන ඉගෙනගෙන තිබුණත් මේ තරම් දැනන් හිටියේ නෑ. දක්ෂ මනුස්සයෙක්. සත්සමුදුර සත්සමුදුරක් සේ වටිනා දැනුම සාගරයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තව හොද විස්තර ඉදිරි ලිපියෙන්...

      Delete
  15. ලියනාඩෝ ඩාවින්චි කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමයි. එතරම් ඈත කාලෙක මේ විදිහේ අද්යනයන් කල ඔහු විශිස්ටයෙක්. ඔහු හෙලිකොප්ටරයක සැලසුමක් පවා චිත්‍ර ගත කර තිබෙනවා. ඒ කාලේ තාක්ශනය එවා ක්‍රියාවට නැගිමට තරම් දියුනු වී තිබුනේ නැ. මට කනගා‍ටු දැන් ඒවගේ යෝධයන් බිහි වෙන්නේ නැති එකයි.

    ReplyDelete
  16. ඔව් ඔබ කියන දේ සත්‍යයක්. ඔහු අද්විතීය පුද්ගලයෙක්. ඒත් ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුට මෙතරම් පිළිගැනීමක් තිබුනේ නැහැ. ඊලග ලිපියේදි මීට වඩා කරුණු සාකච්ඡාවට ලක් කරන්නට හැකිවේවි...

    ReplyDelete