Saturday, June 9, 2012

අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට

මේ දවස් වල මට බ්ලොග් ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නේ. වැඩ කටයුතු වැඩිකම වගේම තව හේතු කිහිපයක් නිසා බ්ලොග් එකේ ලිපියක් ටික දවසකින් පළ නොවූවත් මෙන්න දැන් වෙනස්ම ආකාරයේ වැඩක් කරන්නයි යන්නේ. මේ ලිපියෙන් පෙන්වන්නේ අමුතුම ආකාරයේ ව්‍යාපාරික පත් එමෙත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනවා නම් Business cards කිහිපයක් හැබැයි වෙනදා පෙන්වන ආකාරයට නෙමේ වෙනස්ම ආකාරයකට. කාටහරි මේ දේවල් ගැන දැන ගැනීමේ උවමනාවෙන් විමසුවොත් ඒ දේවල් කර ගන්න හැටි ඉදිරි ලිපියකදී කියන්නම්. දැන් ඉතින් මේ රූප වල උඩට Mouse Pointer එක ගෙනිච්චම වෙනදේ බලන්න

27 comments:

  1. අමුතුම කාඩ් ටිකක් නේද ?

    ReplyDelete
    Replies
    1. මීට වඩා ගොඩක් කාඩ් තිබුනා ඒත් මේ ලිපිය පළ කරන්න යනකොට ඒවායේ ඒකාකාරී බව නිසා ‍තෝරාගත් කිහිපයක් පමණක් පළ කරා...

      Delete
  2. කලකිරෙන්න එපා..මිත්‍රයා..!
    ඔබේ ලිපි අපි උවමනාවෙන් කියවනව..
    ඇත්තටම මේ ගැන විස්තරයක් දාන්න..

    ReplyDelete
    Replies
    1. විස්තරයක් කිවූවේ මොනවා ගැනද?

      Delete
  3. වෙනස් විදියට හිතන අයගේ, අමුතුම විදියේ වැඩ තමා!!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනස් දේවල් තමයි...

      Delete
  4. we love your money

    අන්න ඒක තමයි නියම.. මොකක්ද දන්නේ නෑ කොම්පැනි එක..

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර නම් තිබුනේ නැහැ. ඒවා දැන ගන්න ලැබුනොත් සටහන් කරන්නම්...

      Delete
  5. දැක්කමයි මෙහෙම කාඩ් ජාතියක්..අලුත් අලුත් සංකල්ප !

    ReplyDelete
    Replies
    1. ලංකා‍වේ නම් මෙහෙ‍ම විවිදත්වය දැකගන්න අපහසුවේවි...

      Delete
  6. මට හමුවුනා තම බිස්නස් කාඩ් එක අතේ පච්ච කොටාගත්තු අයෙක්. අත දික් කරලා සෙල් ෆෝන් එකෙන් පින්තූරයක් ගන්න කිව්වා බිස්නස් කාඩ් එක මාරු කරගන්නට!!!!

    ReplyDelete
    Replies
    1. එකත් හැබැයි නරක නැහැ. හැබැයි කිහිප දෙනෙකුටම එකවර බිස්නස් කාඩ් එක දෙන්න වුනොත් හැමෝව පින්තූර ගන්නකම් ඉන්නත් වේවි. තව එකක් එකවර මුදලක් විතරයි මේ ආකාරයේ බිස්නස් කාඩ් එකක් භාවිතා කළොත් වැයවන්නේ. එතකොට වරින්වර බිස්නස් කාඩ් හදන්න මුදල් වියදම් කරන්න ඕන වෙන එකක් නැහැ...

      Delete
  7. අමුතුම ගතියක් තියෙන බිස්නස් කාඩ් ටිකක්.....
    ස්තූතියි දිනේෂ්..
    මොකෝ බ්ලොග් ලිවිල්ල එපා වෙලා තියෙන්නෙ.....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එපා වෙලා කියන්නේ නොලියන්නම නෙවෙයි. ඒත් යම් යම් හේතු තියෙනවා. පසුව කියන්නම්...

      Delete
  8. 1999-2000 වකවානුවේ මට ලැබුනා බිස්නස් කාඩ් එකක් එනජයිසර් සමාගමෙන්. ඒක තනිකරම පොඩි CD එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයකින් ඔවුන් වාසි කිහිපයක් ලබාගන්නවා ඇති. මොකද ඒ වගේ විශේෂිත විදියට දෙයක් දෙ‍න්නේ අරමුණු කිහිපයක් ඇතිව වෙන්න ඕන. උදාහරණයක් විදියට අළුත් නිශ්පාදනවලට ප්‍රචාරයකුත් ලබා ගන්න හැකියාව තිබෙනවානේ...

      Delete
  9. ගූගල් එක නම් පට්ට.

    ඇයි බ්ලොග් ලිවිල්ල එපා උනේ. මටත් ඔහොම උනා කාලයක්. හැබැයි කලාතුරකින් තමා නැගලා ගිය බ්ලොග් එකක ඇඩ්මින් එනෙක් ඒක නවත්තලා දාන්නෙ.

    නවත්තන්න එපා කියලා තමා මට කියන්න තියෙන්නෙ. ඕන්නම් තාවකාලික විරාමයක් ගන්න. කාලයක් මුකුත් නොලියවුනා කියලා සත්සමුදුර අමතක වෙන්නෙ නෑ අපිට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මගෙත් හිත් ගත්ත එකක් තමයි ඒ ගූගල් කාඩ් එක. නැහැ. බ්ලොග් එක නවත්තන්න නම් හිතුවේ නැහැ. ඒත් වෙනදා තරම් හදිස්සියක් නැතුව ටිකක් හිමින් ලිපි පළ කරන්න හිතුවා...

      Delete
  10. බ්ලොග් ලිවීම දිගටම කරගෙන යන්න.හොද ලිපියක්.

    ReplyDelete
  11. බ්ලොග් ලිවීම රසවත් අත්දැකීමක්. නොලියා ඉන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන දේ ඇත්ත බ්ලොග් ලිවීම එක්තරා විදියට ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් දෙයක් තමයි. කාලය සමග වෙහෙසට පත්වීමත් සමග ටිකක් පසුබෑමක් සිදුවෙලා තියෙනවා. තව ටික කලෙකින් නැවත යථා තත්ත්වයට පත්වන්නට හැකි වේවි...

      Delete
  12. ම්..අමුතු බිස්නස් කාඩ් ටිකක්..අපේ කොම්පැණියටත් අයිඩියා එක දාන්න ඕන..;)

    සත්සමුදුරෙන් අපි ගන්නා දැනුම අපමණයි..හැමදාමත් මෙහෙම නොකීවත් දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. තව ඕනෙනම් මේ වගේ කාඩ් ගොඩක් තියෙනවා ටිකක් තමයි මෙතන දැම්මේ.
      ලිපි නොලියා ඉන්නේ නැහැ. ඒත් ටිකක් ‍විවේකයක් ඕන වගේ...

      Delete
  13. දිනේෂ් මහතාණනි , ඔබේ සටහන් රසවත් වගේම හරවත් , ඔබ එක්කරන ඡායාරූපයක් පවා වැදගත් , අපි බොහොම කැමැත්තෙන් රසවිඳින ඔබේ වෙහෙස වෙනුවෙන් අපි ස්තුති වන්ත වනවා. සත්සමුදුර සිංහල බ්ලොග් අවකාශයේ පැවතිය යුතුම දැනුම් ගුලාවක් , විවේකයේ ගැටළුවක් නම් පොඩ්ඩක් විවේකයක් ලැබුණාම ආයෙත් ලියන්න , ...ඇත්ත අපි වැඩිහිටය්න නිසා , මේ තරුණ දරුවන්ට තරම් විවේකයක් නැති තරම් , නමුත් අපි ඉඩ ලද විටෙක ලියමු , අපේ සතුටට , එය තවත් එක් අයෙකුට හෝ සතුටක් දැනුමක් ගෙන දේ නම් , ඒ සතුට නිම් නැති නිසා .
    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියී මහේෂ් මහතාණනි. ඔව් ඔබ කියන දේ ඇත්ත අපිට ටිකක් විවේකය අඩුයි තමයි. ඒ වගේම යෙදෙන කටයුතු සමග මානසිකවත් නිදහස අඩුයි. සුළු විරාමයකින් පසුව නැවත මෙහි විවිද දේ දැක ගන්නට හැකි ‍වේවි...

      Delete