Monday, April 2, 2012

පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස්

මෙම ලිපිය පදනම් ව තිබෙන්නේ පොතක් මත. මේ පොත නිර්මාණය වී තිබෙන්නේ මීට කලකට ඉහත සති අන්ත විකල්ප පුවත්පතක තීරු ලිපි ලෙස පළවූ ලිපි එකතුවකින්. පොතේ නම තමයි පන්නරය. ලේඛකයා නිර්ණාමිකව, ප්‍රභාෂ්වර නම් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනු ලැබේ.

මෙම පොතේ ලිපි කෙටිවූවත් ඒවා සෑහෙන්න සංඛ්‍යාවකින් පිරී තිබෙන අතර ලිපි වල කෙ‍ටි භාවය ඉක්මවා එයින් ලබාදෙන පණිවිඩය අපේ ජීවිතයට යමක් එකතු කරගන්නට සමත් කමක් ලබාදෙන බවත් කිව යුතුයි.

පොතේ මිල නම් ටිකක් වැඩි බව නම් කියන්නට සිදුවන අතර එය රු.500/= කි. ISBN අංකය 978-955-1468-39-2 වන අතර රාවය ප්‍රකාශනයකි.

ලෝකයේ සංවෘත ආර්ථික ක්‍රමයක් අනුගමනය කර පසුව විවෘත ආර්ථිකය දෙසට නිවැරදිව ගමන් කර දියුණුවට පත් චීනය හා ඉන්දියාව පිළිබදව. බටහිර අධිරාජ්‍යවාදයක් ගැන කෑමොරදුන්නත් ලෝකයෙන් වංසව පවිතින රුසියානු ආධිපත්‍ය නැගෙනහිර යුරෝපයේ පවත්වාගෙන යන්නට දරන උත්සායන් පිළිබදව, බලයේ එල්ලී සිටිනවාට වඩා තමන් කල්ඉකුත්වීමට පෙර, තවත් අවස්ථාව තිබියදීත් හැරයන පාලකයන් පිළිබදව නොඇසූ තතු, හින්දු සම්ප්‍රධායන්, චීනය හරහා ජපානයට වෙනස් නම් වලින් සේන්දුවීමේදී ඒවා විචිත්‍රවත් ලෙස ජපනා සකසාගෙන ඇති ආකාරය යනාදී ලිපි රාශියක් මෙම පොතේදී දැකගත හැකිය.

3 comments:

  1. ගොඩක් වටින පොතක් වගේ.. අවස්ථාවක් ලැබුනොත් අනිවාර්‍යෙන් හොයාගෙන කියවනවා..

    ReplyDelete
    Replies
    1. මගේ හැගීම නම් මේ පොත පරිශීලනයෙන් නව දෙයක් වගේම හරයත් දෙයක් අපේ ජීවිතයටත් ලබා ගත හැකි බවයි...

      Delete
  2. ලOකාවට ආවම කොහොමත් පොත් ටිකක් අරන් එන්න ඕන කියවන්න.ගොඩ දවසකින්තමා සත්සමුදුරට එන්න ලෑබුනෙ.

    ReplyDelete