Tuesday, February 14, 2012

අල්ලස දූෂණය තෙවන ලොව රටවල පමණක් දැකිය හැකි දෙයක්ද?

අන්නා හසාරේ
පසුගිය දිනවල අපේ අසල්වැසි ඉන්දියාවේ අල්ලස හා දූෂනයට දැවැන්ත හඩක් නඟන පුද්ගලයෙකු පිළිබදව දැනගන්නට ලැබුනි. ඒ අන්නා හසාරේ පිළිබවයි. ඔහු උපවාස හා සත්‍යග්‍රහ මගින් එරට අල්ලස හා දූෂනයට එරෙහිව වැට බැදීමට විශාල කාර්යභාරයක් කෙරෙද්‍දී එරට පාලණාධිකාරියට පවා ඒ වෙනුවෙන් යමක් නොකර සිටීමට ඉඩක් නොමැතිවිය.

බොහෝවිට අල්ලස හා දූෂණය පිළිබදව කතා කිරීමේදී ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකානු කලාපයේ ඇති සංවර්ධනය වෙමින්  පවතින එසේත් නැතහොත් තුන්වන ලෝකයට අයත් රටවල මේ තත්ත්වය වඩාත් කැපී ‍පෙනින. කෙසේවෙතත් මේ අහිතකර තත්ත්වය ඔඩුදුවා ඇතැයි කියන ඉන්දියාවේ පවා ඇමතිවරු හෝ වගකිව යුතු නිළධාරීන් තමන්ට අයත් විශය ක්‍ෂෙත්‍රයේ යම් බිදවැටීමක් සිදුවුවහොත් එහි වගකීම තමන් මතට ගෙන තම තනතුරෙන් ඉල්ලා අස්වීමට තරම් නිර්භීත හා කොන්දපණ ඇති අය වීම ගැන නම් මොන තත්ත්වය මත වුවද ප්‍රශංසා කල යුතුය.

හැබැයි මේ ලිපියෙන් කියන්නට යන්නේ අල්ලස හා දූෂණය පැතිරී ඇති ක්‍ෂෙත්‍රයක එය දුරලීම සදහා වෙහෙස වන්නා වූ නිළධාරියෙකු පිළිබදයි. මේ චිත්‍රපටියේ නම Serpico. සත්‍ය සිදුවීමක් අලලා තැනූ මෙම චිත්‍රපටිය තිරගතවූයේ 1973 තරම් ඈත කාලයේ.

හැබැයි මෙහි තේමාවට අදාල මාතෘකාව නම් තවමත් ලෝකය පුරා පිළිලයක් මෙන් ඔඩුදුවා ඇති සහ තවතවත් වර්ධනය වන ව්‍යවසනයක් වන අල්ලස හා දූෂණය වන අතර විශේෂත්වය වන්නේ මෙහි පදනම් වී ඇත්තේ තෙවන ලෝකයේ රටක ආයතනික ව්‍යුවහයේ මෙම ගැටළුව පිළිබදව නොව ලෝකයේ අංක එකේ සංවර්ධිත හා ප්‍රභලම රටවන ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන දූෂිත තත්ත්වය පිළිබදවයි.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන‍්නේ ප්‍රවීණ දක්‍ෂ නළුවෙකු වන Al Pacino විසින්. සමහරවිට ලංකාවේ සිනමාලෝලීන් නම් මෙම චිත්‍රපටිය ගැන එතරම් නොදන්නවා වෙන්නත් පුළුවන්. කොහොමවුනත් හැකියාවක් ඇතොත් ඔබත් මෙය නරඹන්න. එතකොට ඔබටත් දැන ගන්නට පුළුවන් Serpico නම් පොලිස් නිළධාරියාට තම දෙපාර්තමේනතුවේ තිබෙන අල්ලස හා දූෂණය මැඩලීමට හැකිවූවාද යන්න...

6 comments:

  1. මේ ෆිල්ම් එක ගැන නම් අහලවත් තිබුණේ නැහැ....
    දැනුවත් කළාට තෑන්ක්ස් දිනේෂ්.

    ReplyDelete
  2. කලකින් ආවේ . චිත්‍රපටය බලල නම් නැහැ . අල්ලස හා දුෂණය කොයිතැනත් තියෙනවා . ලොකු තැන සිට පොඩි තැන දක්වා . එලි වුනහම අස්වෙන්න තරම් විලිලජ්ජාව තියෙන්නේ නම් ටික දෙනාටයි . ඇමරිකන් පොලිසියේ දුෂණ ගැන කියවෙන චිත්‍රපට කීපයක්ම බලල තියෙන බව මතකයි . නම් නම් අමතකයි

    ReplyDelete
    Replies
    1. @Bindi - පසුගිය කාලෙම ඔබ නිහඬ බවකින් සිටියේ. ඒ මොකද කියලත් බැළුවා. මේ අල්ලස දූෂණය කියන්නේ සහමුලින්ම ඉවත් කරන්නට බැරි උවදුරක්. හැකියාවක් ඇතොත් මේ චිත්‍රපටියත් බලන්න...

      Delete
  3. @උදාර - මේක එතරම් ප්‍රසිද්ධ චිත්‍රපටියක් නොවෙයි. ඒත් පැරණි වගේම තාත්වික බවකුත් තිබෙනවා...

    ReplyDelete
  4. As Sri Lankens we are entertaining live telecast on Corruptions,

    ReplyDelete
  5. ෆිල්ම් එක බලන්න ඕනා. ස්තුතියි

    ReplyDelete