Friday, January 13, 2012

බ්ලොග්කරණයේ වසරක මතක සටහන්

මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති අද මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඔව් අද තමයි සත් සමුදුරට හරියටම ලිපියක් ලියලා අවුරුද්දක් පිරෙන දිනය. ගිය අවුරුද්දේ, ඒකියන්නේ 2011 ජනවාරි 13 වැනිදා අහම්බෙන් වීඩියෝ සහ සංගීත ධාවක මෘදුකාංග ගැන ලියපු ලිපියකින් තමයි මේ ගමන ආරම්භකරේ. එදා නම් කොහොමවත් හිතුවේ නැහැ මෙතරම් දුරක් එන්නවත්, වෙනස් වෙනස් තේමාවන් ගැන ලිපි ලියන්නවත්.

කොහොමවුනත් ටිකෙන් ටික ලිපි ලියවෙනකොට බහුලවම ඒ කාල‍යේ වගේම දැනුත් ලිපි ලියවෙන පරිගණක හා සම්බන්ධ ලිපි වලට වඩා වෙනස් මාතෘකා සහිතව මිසක් ඒ ක්‍ෂෙත්‍රයටම කොටුවුනොත් ‍මේ බ්ලොග් කෙරුවාවට වැඩි දුරක් යෑමට නොහැකිවන බව සිතටත් දැනුන නිසා ටිකක් අමාරුවුනත් විවිද මාතෘකා ගැන ලියූ ලිපි වලින් මේ කාර්යය ස්ථාවර තත්ත්වයකට පත්වූ බව රහසක් නොවේ.
‍‍
වෙනදා වගේම අදත් කියන්නේ වසරක් ඇතුලත් ලඟාකරගත් සාර්ථකත්වයට විශාලම සහයක්වූයේ පාඨක මිතුරන් සියල්ලම බව මතක් කල යුතුයි. සැමදා සිටින මිතුරන් කිහිපදෙනෙකුම වගේම ලැබෙන සෑම අවස්ථාවෙම මේ බ්ලොග් අඩවිය කියවන්නට එන මිතුරන් හා තවත් මිතුරන් රැසක් මේ කරා යොමුකරනලද පාඨක මිතුරන් රැසකුත් සිටින බව ස්තූතිපූර්වකව මතක් කල යුතුයි.

මෙහි පලවූ බ්ලොග් ලිපි පිළිබදව විවිදාකාරයේ අදහස් පලකරන මිතුරන් සිටියා. ඒ අතර සැමදා ප්‍රශංසා කරන මිතුරන් වගේම, ලිපිය අනුව හොදද? නරකද? යන්න සහ ලිපියේ නොලියවුන කරුණුද දැක්වූ තර්කානුකූලව විවේචනයේ යෙදුන අය හා තර්කයකින් තොරව නිර්නාමිකව විවේචනයේ යෙදුන අයද සිටියා. තවද කුණුහරුපයෙන් බැනවැදුන අයද නොසිටියාම නොවන අතර එවැනි අවස්ථාවන් අඩුවීම පිළිබදව ස්තූතියද පුදකල යුතුයි.

මේ වසර තුල අතිදීර්ඝ ලිපිද සමගින් මේ කරන ලද කෙරුවාව සරල සහ සුමට කාර්යයක්ම වූයේ නැහැ. ඇතැම්විට දින ගණන් මහන්සිවෙලා ලියපු ලිපි ඉතාම අඩු පාඨක පිරිසක් කියවන අවස්ථාවල නම් මේ පිළිබදව මහන්සිවීමේ ප්‍රතිඵලයක් නොමැතිද? කියන හැගීම ආ බවත් පැවසිය යුතුමයි. ඒ එක්කම එතරම් මහන්සියකින් තොරව ලියන ලද ලිපි අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ විට විශ්මයට පත්වූ බවත් කිව යුතුමයි.

වසරක් පිරෙන අද දිනය වන විට බලාපොරොත්තුවූවාටත් වඩා ඉදිරියට ගිය බව පැවසුවත් සපුරා ගන්නට සිටි එක් ඉලක්කයක් නම් සපුරා ගන්නට නොහැකිවූවා. ඒ තමයි බ්ලොග් ලිපි 250 කඩයිම පසුකරන්නට නොහැකිවීම. රාජකාරි හා පෞද්ගලිකව යෙදුන වැඩ රැසක් නිසා මේ ඉලක්කයට පිවිසෙන්නට නොහැකිවුවත් එය ඉදිරිකාලයේදී ඉටුකරගන්නට ලැබේයයි සිතනවා.

සත් සමුදුර බ්ලොග්කරණයේ  වගතුග මීට පෙරත් අපි විටින් විට කතා කර ඇති නිසා මේ මොහොතේ එතරම් දීර්ඝ වශයෙන් ඒ ගැන ලියන්නට නොයන අතර තවත් විවිද හා නවතාවයෙන් යුතු ලිපි සමග ඉදිරියේදිත් හමුවෙමු...

ස්තූතියි!


56 comments:

  1. සුභ පැතුම්...සැබැවින්ම මං අගය කරන හරවත් ‍අඩවියක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, ඉදිරියේදීත් ඒ හරවත් බව සමග නවතම දේවල් ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි...

      Delete
  2. අපේ උණුසුම් සුභපැතුම්.... දිගටම ලියන්න....

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් සත් සමුදුර !

    මම මෙහෙම බ්ලොග් කියලා දෙයක් තියනවා කියලා දැනගත්තේ සත් සමුදුරෙන්. මම ඉස්සෙල්ලම බ්ලොග් එකක් කියෙව්වනම් ඒ සත් සමුදුර. ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාපු බ්ලොග් එකත් සත් සමුදුර.. එදා ඉඳලා අද වෙනකම් සත් සමුදුරෙන් උකහා ගත්තු දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒවට දිනේශ්ට කොහොම ස්තූති කරන්ඩද කියලා හිතා ගන්ඩ බෑ. දිනෙශ් බ්ලොග් එක කරන්ඩ, කරුනු හොයලා සාර ගර්භ ලිපි පලකරන්ඩ කෙතරම් මහන්සි වෙනවද කියලා මට හිතා ගත්තෑකි.

    ඒ හැම දේකටම නැවත වතාවක් දිනේශ්ට ස්තූතියි කියන ගමන්, මේ ගමන දිගටම යාමට යෝධ බල, යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරනවා !!

    සත් සමුදුර දිනේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, ඔබට හැකි සෑම අවස්ථාවකම සත් සමුදුරට පැමිණෙනවා පමණක් නොවේ එයට අදහසුත් එක්කිරීම ගැන සැම දාම අගය කරමි. ඉදිරියේදිත් හැකි සෑම අවස්ථාවකම පැමිණෙන මෙන් මේ මොහොතේද ඉල්ලා සිටිනවා...

      Delete
  4. සුභ පතනවා හදවතින්ම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුරිය, සත් සමුදුර නැරඹීමට ඉදිරියේදිත් ඔබ පැමිනේ යයි අපේක්‍ෂා කරනවා...

      Delete
  5. සුභ පැතුම් තව තවත් ඉදිරියට යන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඉදිරියේදිත් හමුවෙමු...

      Delete
  6. නිතරම ආවේ නැතත් ලිපි රැසක්ම කියවා තිබෙනවා.. වැදගත් ලිපි ලියන්නෙක් බව නම් ඉතා පැහැදිලියි.. සුභ පැතුම් පිලිගන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම අපි කාටත් යෙදෙන වැඩකටයුතු සමග නිරතුරවම මේ වගේ කාර්යයක් යෙදෙනවා වගේම සහෝදර බ්ලොග් ලේඛකයන්ගේ ලිපි කියවන්නට ලැබෙන කාලයත් අඩුවෙන අවස්ථා තිබෙනවා...

      Delete
  7. සිංහල බ්ලොග් අවකාශයේ දැන් ‍රැල්ල යන්නෙ පුද්ගලික අත්දැකීම් සහ එකිනෙකා මඩ ගැසීම් ආදිය ලිවීමටයි. එහි වරදක් නෑ.

    නමුත් දිනේෂ් ඒ හැම අතරේ ඔබ උඩුගං බලා පිහිනන්නෙක්. සිංහලෙන් දැනුම සොයන්නන්ට සත් සමුදුර ඉතා වැදගත්!

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඕනෑම ක්‍ෂෙත්‍රයක් විවිදාකාරවු‍වහොත් එහි විචිත්‍රත්වයක් තිබෙනවා. සෑම දෙයක්ම ශාස්ත්‍රීය වුවහොත් එය යම් දිනයක ඒකාකාරී වේවි. ජීවිතය තුලදී වුවත් එය අත්දකින්නට ලැබෙන දෙයක්. ඒ නිසා බ්ලොග්කරණයේදිත් මෙවැනි දේ අවශ්‍යයි. හැබැයි කාගෙවත් හිත නොරිදී දේවල් සිදුවීම හොදයි...

      Delete
  8. /* ඇතැම්විට දින ගණන් මහන්සිවෙලා ලියපු ලිපි ඉතාම අඩු පාඨක පිරිසක් කියවන අවස්ථාවල නම් මේ පිළිබදව මහන්සිවීමේ ප්‍රතිඵලයක් නොමැතිද? කියන හැගීම ආ බවත් පැවසිය යුතුමයි. ඒ එක්කම එතරම් මහන්සියකින් තොරව ලියන ලද ලිපි අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ විට විශ්මයට පත්වූ බවත් කිව යුතුමයි. */

    යථාර්තය දැන ගැනීමත් ලොකු දෙයක් නේ!

    මගේ සුභ පැතුම්. දිගු කාලයක් බ්ලොග් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය කාලය, ශ්‍රමය සහ ධෛර්ය ලැබේවා යි ඉත සිතින් පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් අපි ලියන සෑම දෙයක්ම කියවන්න කියල බලකරන්න බැහැ. ඒ වගේම එක් පාඨකයෙක් කැමති දෙයක් තවත් අයෙක් අකමැතිවෙන්නටත් පුළුවන්. හැකිතරම් කාලයක් මේ කාර්යයේ නියැලෙන්නට නම අදහස තිබෙනවා. කාලය කියන දේ තමයි මූලිකවම ගැටළුව...

      Delete
  9. සිංහල බ්ලොග් පරිශ්‍රය පරිපුර්ණ ..තොරතුරු සහ දැනුම මුසුවූ බිමක් කරන්නට ඔබ ගත් වෙහෙස මම ඉහළීන් අගය කරමි ..වෙසෙසින් පොත් ගණනාවක ..අන්තර්ජාල පිටු ගණනාවක රසයේ සාරය එක් කරමින් අපිට පුරුදු අපේ භාෂාවෙන් ම අපි ළඟටම ගෙනත් දුන් ඔබට බොහොම පින් ..සත්සමුදුරෙන් අපි බොහෝ දේ උගත්තා මෙන්ම විටෙක “සොඳුරු රස වින්දනයක්“ ද ලබා ගන්නට අපිට හැකි වුනා ..

    ඔබේ වෙහෙස ..ඔබේ කාළය ..මිළ කළ නොහැකි සේවයක් කළ බව ..මිළ කළ නොහැකි රසයක් ...දහස් ගණනක් බ්ලොග් රසිකයන් වෙත දුන් බව ඔබට දැනෙන විට ඔබට දැනෙන සතුට ..මගේම ලෙසින් මමද විඳ ගනිමි., ඒ මමද සත්සමුදුරේ නිත්‍ය පාඨකයෙක් නිසාවෙන් ...
    ඔබට ..ඔබට මේ කටයුතු කරන්නට ඉඩ හසර ලබා දෙන ඔබේ පවුලේ සැමට පින් පුදමි ..දිරි පතමි .. - මම මහේෂ් .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තරහ වෙන්න එපා ප්‍රමාදය ගැන. වැඩරාජකාරීවලට මැදිවෙලා නිසා දැන් තමයි පරිගණකය ඉදිරි‍යට එන්න ලැබුනේ. ඔබ දැන් රටින් බැහැරව සිටියත්, යෙදෙන වැඩකටයුතු මධ‍්‍යයේ පවා මෙවන් අවස්ථාවකට එක්වීම ගැන නැවත වරක් ස්තූතියි පුදකරන අතරේ ඉදිරියේදිත් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි...

      Delete
  10. හැමදාම වටිනා දෙයක් අප වෙත ගෙන ඒමට වෙර දරන ඔබට සදා ජය...
    තව චිරාත් කාලයක් මේ කටයුත්ත කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කාර්යබහුලබව වැඩි නිසා ප්‍රමාද වූවාට අමනාප නොවන්න. ඒ නිසා තමයි පහුගිය බ්ලොග් කිහිපයේම කමෙන්ටුවලට පිළිතුරු ලිවීම හා නව ලිපි ලිවීමත් ඇන හිට තිබෙන්නේ. නැවත හමුවෙමු...

      Delete
    2. ඔබ සහ මම කලක සිට බලාපොරොත්තුවෙන් සිටින ලිපිය නො‍බෝ ‍දිනකින් ලියන්නට සිතා සිටින බවද මේ මොහොතේ පැවසීමට කැමැත්තෙමි...

      Delete
  11. සුබ පැතුම් !
    තව වසර ගණනාවක් අපව දැනුවත් කරන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරිකාලයේදිත් වෙනස් වෙනස් දේවල් සමග හමුවෙමු....

      Delete
  12. මරුනෙ අවුරුද්දක්ම ගතවුණා. තවත් නැවුම් අදහස් සහ ලිපි සමග දීර්ඝ කාලයක් සත් සමුදුර සමග ඔබ ගමන් කරයි කියා සිතමි.
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ කාර්යයේ මුල සිටම මා සමග රැදී සිටි අයෙකු ලෙස ඔබට නැවත වරක් ස්තූතිවන්තවෙමි. ඉදිරියේදිත් මේ කාර්යයට සහය දෙන මෙන් ඉල්ලමි...

      Delete
  13. දාන්න පහක් ......


    සුභ පැතුම් සාර්ථක ගමනකට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ ගමනට ඔබගෙන් ලද ශක්තියත් මේ මොහොතේ අගය කරමි. ඉදිරියේදිත් මා සමග රැදී සිටිනු යයි අපේක්‍ෂා කරමි...

      Delete
  14. වැඩි වැඩියෙන් ලියවේවා!!
    ඔබගේ බ්ලොග් අඩවිය මම කැමතිම අඩවි වලින් එකක්. තව දුරටත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වෙනස් වෙනස් තේමාවන් සහිතව ඉදිරියේදිත් හමුවීමේ බලාපොරොත්තුව ඇතැතිව දැනට නවතිමි...

      Delete
  15. කලිනුත් කියලා තියෙනවා වගේ, සත් සමුදුර කියන්නේ මම බලන බ්ලොග් වලින් හොඳම ගවේෂණාත්මක බ්ලොග් අඩවිය කියලා කට පුරෝලා කියන්න පුළුවන්... හැබැයි අර කවුද කිව්වත් වගේ සත් සමුදුරට ලැබිලා තියෙන තැන මදියි කියලා මට හිතෙනවා. ඒත් හිතන්න එපා දිනේෂ් සහෝ... අද වගේම මතුවටත් මේ සත් සමුදුර බොහෝ දෙනෙක්ගේ දැනුම් පිපාසයට තොරතුරු සපයන තෝතැන්නක් වේවි... ඔබට ජය !!! වැඩි වැඩියෙන් ලිපි ලියන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබගේ ප්‍රාර්ථනයටද අනුව ඉදිරියේදිත් විවිද විවිද දේ ගැන ලිවීමට අපේක්‍ෂා කරමි...

      Delete
  16. මගෙනුත් ඔබට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නම නැති මිතුර...

      Delete
  17. තවත් දිගු කලක් සත්සමුදුර පවතීවා කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. හැකි සෑම වෙලාවකම සත් සමුදුරට එන ඔබට මාගේ ස්තූතියි මේ අවස්ථාවෙදිත් පිරිනැමේ...

      Delete
  18. මම මේ බ්ලොග් එක කියවන්න අරන් වසරක් විතර වෙනවා. ඒ කියන්නේ මමත් මේක මුල ඉඳලාම බලපු කෙනෙක්. නමුත් ඔබට ප්‍රතිචාර දක්වන පලමු අවස්තාව. ඔබේ සත් සමුදුර බ්ලොග් අඩවිය ඉතාම ඉහලයි. මම මගේ දියනියටත් මෙය කියවන්න කියලා උපදෙස් දීලා තියනවා. මගේ සිත්ගත් ලිපි අතර ටජ්මහල, ලOකාවේ දුම් රිය ඇන්ජින්, තුන්ගස්කාවේ පිපිරීම, යුරෝපය අපට ඉහලින් ගිය හැටි වගේ ලිපි ප්‍රදානයි. මම මගේ යහලුවන් ගොඩ දෙනකුට ඔබේ සත්සමුදුර හඳුවාදී තියනවා. එයාලාත් මම වගේම දැනුම අරගෙනෙ නිශ්ශබ්දව ඉන්න අයද දනේනෑ. කොහොම උනත් අපි වගේ අය තවත් ඉන්නවා. මම විශ්වාස කරන විදිහට හොඳම දානය තමයි දැනුම ලබාදීම. එනිසා මෙය ඉදිරියටත් කරගෙන යන්න (ප්‍රතිචාර ලැබුනත් නැතත් ) මානසික තෘප්තිය අනිත් හැම සතුටකටම වඩා ඉහලයි. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, ඉදිරියේදිත් විවිද ‍ක්‍ෂෙත්‍ර පිළිබදව ලිවීමට සිතා සිටින අතර දිගටම ඔබත් රැදී සිටින්න...

      Delete
  19. සුබ පැතුම් දිනේශ්, සත් සමුදුරෙන් ඔබ කරන මෙහෙය විස්තර කරන්න වචන නැහැ ඇත්තටම මට, ඒ තරමට වැදගත් සහ දැනුම ලබාදෙන කරුණු රාශියක් ඔබෙ ලිපිවල හැමදාම අන්තර්ගතයි. ඔබ මෙහෙම මූලාශ්‍ර සහිතව ලිපි සම්පාදනය කිරීමට වෙන මහන්සිය මට හිතාගත්තෑකි.ප්‍රතිචාර අඩුයි කියල හිතට තැවුලක් ඇති වෙන එක නම් සාධාරණයි. ඒත් කරුණාකරල ඒ ගැන හිතන්නෙ නැතුව මේ අගනා මෙහෙය තව දුරටත් කරගෙන යන්න කියලයි මගේ හෘදයාංගම ඉල්ලීම....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, මධ්‍යස්ථව හා හරවත් ලෙස විවිද සංවාදයන්හිදී ඔබගෙන් ලද සහය මෙන්ම ඉඩඇති අවස්ථාවලදී සත් සමුදුරට පැමිණ ලබාදෙන දිරිය මේ මොහොතේදිත් අගය කරමි...

      Delete
  20. සුබ පැතුම් සත් සමුදුර !!

    පලමු ලිපියේ ඉඳන්ම ආසාවෙන් කියාවපු ගොඩක් කරුනු කාරනා දැන ඉගන ගත්තු මේ බ්ලොග් අඩවියට . අපිත් සුබ පැතුවේ හදවතින්මයි

    තව ලියන්ඩ දිනේශ් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරි‍ කාලයේදිත් විවිද කරුණු ගැන ඔබට දැන ගැනීමට සත් සමුදර කැපවී සිටින බව මේ මොහොතේද පවසමි...

      Delete
  21. සත් සමුදුරට සුභ පැතුම් එක්ක දිනේශ්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගීතක මිතුර, ඔබගෙන් ලද සහයද අගය කරමි...

      Delete
  22. මාත් නොදන්න බොහෝ දේවල් මගේ දැනුමට එකතු කර ගත්තා ඔබ නිසා.ඒ පිළිබදව ඔබට බෙහෙවින්ම තුති දිනේශ්.
    හුගක් මිනිස්සුන්ට ප්‍රයොජනවත් බ්ලොග් එකක් තමයි මේ.ඒගැන ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

    ඒ වගේම දිගටම ඔයා ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.
    මගෙනුත් අවංක සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ කාර්යයෙන් ‍යම් සේවයක් ඉ‍ටුවී ඇත්නම් එය මගේද සතුටට කරුණකි...

      Delete
  23. සුබ උපන්දිනයක් පතනව.මම කෑමතියි බර්මියුඩා ත්‍රිකෝනය ගෑන දෑනගන්න.පුලුවන්නම් ඒ ගෑන ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. ඕක බ්ලොග් අවකාසෙ එපාවෙන්න කතාකරපු මාතෘකාවක්..පොඩි සෝදිසියක් දැම්මොත් ඔය ගැන ලියවුනු ගොඩක් ලිපි හොයාගන්න පුලුවන්.......

      Delete
    2. මේ ගැන මල් කැකුලු බ්ලොග් අඩවියේ දිර්ඝ ලිපියක් තියෙනවා. ලෝකයේ සැගවුනු අබිරහස් කියන ලේබල් එක යටතේ.

      Delete
    3. ස්තූතියි! මම හිතන්නේ මේ ගැන තව බොහෝ දෙනෙක් ලියා ඇති. කොහොමවුනත් මේ ගැන සොයා බලා අළුතින් යමක් ලියන්නට තිබුනොත් අනිවාර්යයයෙනම් ඒ ගැනත් ලියන්නම්...

      Delete
    4. මට දැන් හමුවුනා ඔබ බලාපොරොත්තුවෙන් සිටි විශය ගැන ලියූ හොද ලිපියක්ත මෙන්න මෙතන ඒක තිබෙනවා..
      http://epola.blogspot.com/2011/11/world-mysteries-2.html

      Delete
  24. එක මාතෘකාවක් ගැන විවිධ තැන්වල විසිරී තියෙන තොරතුරු එක තැනකින් ලේසියෙන් බලාගන්න ඉදිරිපත් කරන්න වෙන මහන්සිය දැනෙනවා. අලුත් තොරතුරු, ලෝකයේ නොවිසදුනු අබිරහස්, ඉතිහාසය ගැන දැනගන්න මම හරිම කැමතියි. හැබැයි ඒවා ගැන හොයන්න වෙලාව අඩුයි. එහෙම බලද්දි සත් සමුදුරත් එක්කලා මගේ බැඳිම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

    සුබ පැතුම් දිනේෂ්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි, සෑම අවස්ථාවකම සත් සමුදුර සමග බැදී සිටින ඔබ ගැන මේ මොහොතේද ස්තූතියි පිරිනමමි. ඉදිරිකාලයේදිත් ඔබ ප්‍රිය කරන ලිපි රැසක් මෙම බ්ලොග් අඩවියේ තිබෙනු ඔබට දැකගත හැකි බව විශ්වාසයෙන්ම පවසමි...

      Delete
  25. Suba upan dinayak "Sath Samudura" ewagema Dineshtath deergau wewa kiyala parthana karanawa
    Nodanna karunu godaak danaganna labenawa godaak pin

    mama danne naha sinhalen type karanne kohomada kiyala puluwannam kauru hari kiyala denna

    ReplyDelete
  26. ස්තූතියි මිතුර, සිංහලෙන් නොමැතිවූවත් ඔබට හැකි අයුරින් මේ අවස්ථාවට සහභාගීවීම ගැන මාගේ හදපිරි ස්තූතියි පිරිනමන අතර සිංහල යුනිකෝඩ් භාවිතා කර සිංහල ටයිප් කිරිමට ඉගන ගැනීමට හැකිය. කරුණාකර www.siyabas.lk/sinhala_how_to_install.html අඩවියට පිවිස ඔබගේ කාර්යයට සහයවනු ඇත්දැයි බලන්න. නැතිනම් කරුණාකර මාගේ විද්‍යුත් ලිපිනය හා සම්බන්ද වන්න...

    ReplyDelete
  27. සත් සමුදුරට හද පිරි සුභ පැතුම්... හැමදාම comment එකක් දාන්න බැරි උනත් හැම ලිපියක්ම කියවනවා. නවවසරෙදීත් අර්ථවත් ලිපි රැසක් ගෙන ඒමට ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා.

    ReplyDelete
  28. ඔබට සුබ පැතුම් දීපාල්,

    තව තවත් අනර්ඝ ලිපි වලින් ඔබේ "සත සමුදුර" දීප්තිමත් වෙවා!.

    ReplyDelete
  29. සත් සමුදුර පළමු උපන්දිනයට සුභපැතුම්! අන්තර්ජාලයට ටිකදවසකින් එන්න බැරිවුන නිසා අදයි මේ පොස්ට් එක දැක්කේ. සමුදුර පත්තරය සර්ච් කරන කොට අහම්බෙන් තමයි සත් සමුදුර දැක්කේ. සිංහල බ්ලොග් පිළිබඳව දැනගත්තෙත්, මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක වුනෙත් සත් සමුදුර. සත් සමුදුරේ පලවුන ඒවායින් 90% ක් පමණ ගොඩක් කාලය වැයකරලා ලියපු ලොකු වටිනාකමක් තියන වැදගත් ලිපි. කාලයත් එක්ක මහා සටනක් කරන මේ වගේ කලෙක බ්ලොග් ලිපි වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන එක ගැන දිනේෂ් ට ගොඩක් ස්තුතියි. ලිපි 250 ක් බැරිවුනාට කමක්නැ ඉඳල හිටලා හරි වෙනද වගේම වටිනා ලිපි ලියන්න. ඒකයි සත් සමුදුරේ වටිනාකම. දිනේෂ්ටත්, සත් සමුදුරටත් ජය!

    ReplyDelete