Thursday, November 1, 2012

බෞද්ධාගමිකව නිරෝගීකම සහ සෞඛ්‍යය රැක ගැනීම පිළිබදව වටිනා කරුණු කියා දෙන පොතක් පිළිබදවයි....

පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත  නම් අප‍ නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමයි බෞද්ධාගමිකව මෙන්ම ආයුර්වේදයට ආදාලවත් බෞද්ධයන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට අදාල වන තමන්ගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට අදාල වෙන ‍කරුණු රැසක් මෙහි සටහන්ව තිබෙනවා. මොකක්ද මෙතරම් වටිනා පොත. එහි නම තමයි බෞද්ධ ස්වස්ථතාව : රෝග නිවාරණය සහ චිකිත්සාව (Buddhist Hygiene : Prophylaxis and Therapy).

පොතේ කතුවරයා වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකයේ, සිංහල අංශයේ කථිකාචාර්ය විමල් ‍හේවා මානගේ මහතායි. මෙය පොතක් ලෙස අප අතට පත්වන්නේ ඒ මහතා විසින් සිය දර්ශනපති උපාධි පරීක්‍ෂනය සදහා ඉදිරිපත් කරනලද  "පාලි සූත්‍ර හා විනය පිටකාගත බෞද්ධ කායික ස්වස්ථතා සංකල්පය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්" ස්වාධීන පර්යේෂණ නිබන්ධනයයි.

පො‍තේ මිල මෙන්ම එහි ISBN අංකය ඉහත දැක්වූ පසුපිටේ සේයාරුවේ දැක්වෙනවා. එසේම ඔබට තවදුරටත් මේ පොත පිළිබදව පැහැදිලි වීමට එහි අඩංගු පරිච්ඡේද පිළිබදව පටුනද ඉදිරිපත් කරනවා.




ඔබටත් හැකියාවක් ලැබු‍නොත් මෙම පොත කියවා බලන්න. නොදන්නා වටිනා කරුණු රැසක් දැනගැනීමට රැකුලක් මෙය සපයාවි. ඒ වගේම ලිපිය අවසන් කරන මොහොතේ තව සුළු කරුණක් කියන්නම්. මේ තමයි 2012 වසරේ තබපු 100 වන බ්ලොග් පෝස්ටුව. ගිය අවුරුද්දට සාපේක්‍ෂව නම් එම ඉලක්කම අඩු අගයක් වූවත් තියෙන වැඩ කන්දරාවත් එක්ක 100 ක් කියන්නෙත් හොද ඉලක්කමක්. තව වසර ගෙවෙන්න හරියට මාස දෙකක්ම තියෙන නිසා තව පුළුවන් තරමක් ලිපි මේ අවුරුද්දේ සත් සමුදුරට එකතු කරන බලාපොරොත්තුවෙන් නවතින්නම්.

ස්තූතියි!