Tuesday, December 27, 2011

ජැමෙයිකානු පාතාලය පසුබිම් කොට තැනූ Shottas

අපි ජැමෙයිකාව කියන රට ගැන දන්නේ බොබ් මාලේගේ රෙගේ සංගීතය, ඒවගේම ලෝ ප්‍රකට කෙටිදුර ධාවන ශූරයන්, තවත් අතකින් බටහිර ඉන්දියානු කොදෙව් දූපත් සමූහයේ රටක් විදියට එම රටින් බිහිවුන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබදව සහ දර්ශනීය ස්ථාන වලින් යුත් සංචාරක පුරවරයක් පිළිබදවයි. ඒත් ඒ දන්නා දේට ආවරණය වෙලා බොහොම බියකරු පාතාල ලෝකයක් එම රටෙත් මුල්බැස ගෙන තියෙනවා කියලා දැනගන්න හොදම අවස්ථාවක් තමයි මේ චිත්‍රපටිය. එනම් 2002 වසරේදී තිරගතවූ Shottas කියන චිත්‍රපටියයි.

මේ චිත්‍රපටියේ සිටින නළුනිළියන් නම් අපි දන්නා කියන අය නොවෙයි. ඒවගේම ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මාණය කොට තිබුනත් වරින් වර ඔවුන්ගේ රටට ආවේණික භාෂාවෙනුත් එකිනෙකා කතාකරන බව දැකගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානු හෝ ලතින් ඇමරිකානු Gangsters ගැන තිබෙන චිත්‍රපටිවලට සමාන බවක් තිබුනත් මේකේ ටිකක් වෙනස් බවකුත් දකින්නට ලැබෙන බව කියන්න පුළුවන්.

හැබැයි ඒ චිත්‍රපටිවල වගේම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් හා භාවිතය, කාන්තාවන්, ඒවගේම එකිනෙකා මරාගැනීම වගේ පොදු සාධකත් මෙහි අන්තර්ගතයි. මෙහි ආරම්භය වගේම කතාව අතරින් පතර සිදුවීම් ඒ වසරේදීම තිරගතවී තිබෙන බ්‍රසීල පාතාල ලෝකය ගැන කියවුන City of God  චිත්‍රපටියට සමාන බවකුත් නැත්තෙම නැහැ. හැබැයි මේ චිත්‍රපටි දෙකේදීම දැකපු කාරණය තමයි මේ චිත්‍රපටි දෙකටම යොදාගෙන තිබෙන්නේ අපිට දැකල පුරුදු නළුනිළියන් නොවීම.

ඔබටත් හැකියාවක් ලැබුනොත් Shottas සහ City of God කියන  චිත්‍රපටි දෙකම නරඹන්න.වසර කිහිපයක් පැරණි වුනත් අද බහුලවම දකින්න ලැබෙන පරිගණක ප්‍රයෝග පිරුණ චිත්‍රපටිවලට වඩා වෙනස් අත්දැකීමක් ගෙන දේවි. හැබැයි මෙහි තිබෙන්නේ රසවත් මාතෘකාවක් නොවෙයි. ලෝකයටම පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිතව බිහිවී ඇති පාතාල ලෝකය හා නිරපරාදේ මනුෂ්‍ය ජීවිත විනාශවීම ගැන තමයි මේවායේ දැකගන්නට ලැබෙන්නේ.

මීට පෙරත් ඇමරිකානු හා ලතින් ඇමරිකානු පාතාල ලෝකය ගැන අලලා තැනුන වාර්තා චිත්‍රපටියක් ගැනත් සත් සමුදුරේ පලවුනා මේ ඒ ලිපියට සබැදියයි  -

"Never be a Gangster, but you can learn their movements" - Gangland


10 comments:

  1. තොරතුරු වලට ස්තුතියි පුලුවන් උන හැටියෙ බා ගෙන බලන්වා

    ReplyDelete
  2. දෙවනියට කියල තියෙන ෆිල්ම් එක ගැන මාත් අහල තියෙනවා ඒත් බලල නම් නැහැ. පළමු වැනි එක ගැන නම් අහලවත් තිබුණේ නැහැ. දැනුවත් කළාට තෑන්ක්ස් දිනේශ්...

    ReplyDelete
  3. අතිවිශිෂ්ටයි මගේ සුන්දර යාළුවා.සිංහල බ්ලොග් අතර ඔයාගේ බ්ලොග් එක හුගක්ම ඉහල තැනක තියෙන්නේ.එහෙම කිව්වට අනෙක් යාලුවෝ තරහ වෙන්න එපා.එත් ඇත්ත ඒක තමයි.

    ReplyDelete
  4. මමත් ආසයි මේ වගේ පිල්ම්ස් වලට ස්තූතී තොරතුරට අයියේ

    ReplyDelete
  5. මේව ගැන තියෙන ෆිල්ම්ස් බැලුවෙ නැතුවට මං නෙට් එකෙන් කියවල නම් තියෙනව... :O බය හිතෙනව කියෙව්වම නම්... බයිකියො නම් දැකල තියෙනව... උන්වත් දැක්කම බය හිතෙනව.... උන්ගෙ බයික් වගේම උනුත් මහ විසාලයි...

    ReplyDelete
  6. ස්තූතියි දිනේෂ් ඔත්තුවට... හිමීට බලන්ඩ ඕනා මේ ෆිල්ම් දෙක..

    ReplyDelete
  7. ඉතින් මිතුරන් සියළු දෙනාමට ස්තුතිකරන අතරේම මේ චිත්‍රපටි දෙක කම්පනය ගෙන දෙන සිදුවීම් ඇතුලත්වූවත් වෙනස් අත්දැකීමක් ‍ගෙන දෙන නිර්මාණ.

    උදාර - මේ සිනමා නිර්මාණ එකම වසරේ එකම් ආකාරයේ තේමාවක් රැගත් චිත්‍රපටි දෙකක් වූවා විතරක් නෙමෙයි ඇතැම් ජවනිකාවල යම් සමාන කමක් තියෙනවාදැයි හැගීමකුත් ගෙනදුන් බව කිව යුතුයි. City of God නම් මීට වසර කිහිපයකට පෙර මා නරඹා ඇතත් දෙවැන්න නම් නැරඹුවේ ඊයේ දිනයේදීයි.

    Miyuru - මේ චිත්‍රපටි දෙකෙන් කියවෙනවාටත් වඩා විස්තර ඔබට ඕනෑනම් The Gangland වාර්තා චිත්‍රපටි පෙල නැරඹුවා නම් දැකගත හැකියි...

    ReplyDelete
  8. City of God නම් මීට වසර කිහිපයකට පෙර මා නරඹා ඇත.
    පළමු වැනි එක ගැන නම් අහලවත් තිබුණේ නැහැ ලින්ක් එක හොයා ගත්තා. ඕනේ නම් මෙතනින් බාගන්න පුළුවන්.දැනුවත් කළාට තෑන්ක්ස් දිනේශ්!
    http://extratorrent.com/torrent/2219230/Shottas+2002dvdripBigPerm.html

    ReplyDelete
  9. Sin Nombre මේ ෆිල්ම් එකත් මේවගේම 1 ක් දිනේශ් ඔබත් බලන්න, පාතාල ලෝකය හා නිරපරාදේ මනුෂ්‍ය ජීවිත විනාශවීම ගැන තමයි මේවායේ දැකගන්නට ලැබෙන්නේ.
    http://ca.isohunt.com/download/133011529/Sin+Nombre.torrent

    ReplyDelete