Tuesday, October 18, 2011

ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2

මීට පෙර ලියූ හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව ලිපියට සම්බන්ධයි -

1984 දී පරිපාලනමය ගැටළු හා Steve Jobs ගේ වෙනත් හිතුවක්කාරී ක්‍රියා නිසා ඔහුට Apple ආයතනයනයෙන් සමුගන්නට සිදුවන විට එහි සභාපති තනතුරට අමතරව SuperMicro division හි ප්‍රධානියා වූයේත් Steve Jobs. ඔහු ඉවත්වනවාත් සමග ඔහු සමග තවත් එම අංශයේ තවත් සඟයන් කිහිපදෙනෙකුද ඉවත්වන අතර ඔවුන් සමග එක්ව Steve Jobs, NeXT, Inc (පසුව Next Computer, Inc) නම් පරිගණක ආයතනය පිහිටුවනු ලබයි කෙසේවෙතත් ඇපල් ආයතනයෙන් සමුගන්නා අවස්ථාවේ ඔහු මෙම නව ආයතනය අරඹන බව පවසන අතර එය ඇපල් හා තරඟකිරීමට බලාපොරොත්තුනොවන බවද ඔහු අවධාරනය කරයි.

ඔවුන් NeXT ආයතනය පිහිටුවද එය ඔවුන්ගේ මුල් සමාගම වන ඇපල්ට අභියෝගකිරීම ඉතාමත් අපහසු කාර්යයක්විය මන්ද ඒ වන විට ඇපල් සතු වත්කම US$ බිලියන 2 ක් පමණ වූ අතර එහි සේවක සංඛ්‍යාව 4300 ද ඉක්මවීය. එහෙත් Steve Jobs ගේ ව්‍යාපාරික දැක්ම මත ඔවුන්ට සෑහෙන්න දුරක් යාමට හැකිවිය. ඔහු ඇපල් ආයතනය හැරයන විට ඇපල් විසින් ඒ වන විට තනා තිබූ Macintosh පරිගණකය විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රචලිත් කරනුවස් එය වට්ටම් සහිතවම අලෙවිකිරීමේ ව්‍යාපාරයක් Steve විසින් මූලිකත්වය ගෙන දියත් කර තිබූ අතර එම දැක්ම නව සමාගමටද යොදාගනිමින් ඔවුන් නිපදවන පරිගණක ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර අලෙවිකිරීම අරමුණු කර ගත්තේය.

ඒ වන විට ඇපල් ආයතනය වසර නමයක් වයස වූ අතර එය හිමිකරගෙන තිබූ ශක්තිමත්භාවය එකවර හිමිකර ගැනීමේ හැකියාවක් NeXT ආයතනය සතුනොවීය. කෙසේවෙතත් 1986 වන විට ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු තවදුරටත් වෙනස් කරමින් දෘඩකාංග වලට අමතරව මෘදුකාංග ව්‍යාපාරයටද අවධානය යොමුකිරීමට Steve Jobs ප්‍රමුඛ NeXT ආයතනය තීරණය කලේය. ඒ අනුව ආයතනය දෘඩකාංග හා මෘදුකාංග යන අංශ දෙකක් ඔස්සේ සිය ගමන් මඟ ඇරඹූ අතර NeXTSTEP නම් UNIX පදනම් කර ගත් operating system එකක් මෘදුකාංග අංශයේ නිර්මාණය වීමද ඇරඹුවේය. 1987 දී මෙම ආයතනය සිය ප්‍රථම පරිගණක කර්මාන්ත ශාලාව කැලිෆෝනියාවේදී විවෘත කල අතර එහි වසරකට පරිගණක 150,000 ක් තැනීමේ හැකියාවෙන් යුක්තවිය. 1988 දී මෙහි ප්‍රථම පරිගණකය නිපදවන අතර 1989 දී ප්‍රථම පරිගණකය අලෙවි කරනුලබයි. එය "the cube" නම් වූ අතර මිල US$6,500 ක් ලෙස සටහන් කෙරින.

එම අවධියේ ඉතා දියුණු තත්වයේ පරිගණකයක් වූ මෙහි අන්තර්ගතවූයේ 25 MHz Motorola 68030 central processing unit (CPU) කි. RAM ධාරිතාවය 8 MB සිට 64 MB වූ අතර 256 MB magneto-optical (MO) drive ක්, 330 MB, හෝ 660 MB hard drive, 10Base-2 Ethernet, NuBus and a 17-inch MegaPixel grayscale display measuring 1120 by 832 pixels යන විනඥාසයෙන් සන්නද්ධකර තිබුනි.

ඒ අවධියේ එනම් 1989 දී සාමාණ්‍ය පුද්ගල පරිගණක විනඥාසය වූයේ 640 KB to 4 MB of RAM හා 8086, 8088, 286 හෝ 386 යන CPU, 640×350 16-color හෝ 720×348 monochrome display, 10 සිට 20 megabyte hard drive සුළු ජාලගත පහසුකම්ය. ඒ අනුව බැළුකල මෙම NeXT පරිගණකයේ තරම සිතා ගත හැකියි නේද?

Canon සමාගම 1989 දී US$ මිලියන 100 ක් NeXT පරිගණක ආයතනය වෙනුවෙන් ආයෝජනය කරන අතර දෙපාර්ශවයටම ලාභාදායිවූ මෙම ගනුදෙණුව නිසා ජපාන වෙලඳ පොල ආක්‍රමණය කිරීමේ අවස්ථාවද  NeXT ට හිමිවේ. තවද World Wide Web Creator ලෙස හැදින්වෙන ශ්‍රීමත් Tim Berners-Lee විසින් 1991  දී ප්‍රථම වෙබ් බ්‍රව්සරය නිර්මාණයට හා වෙබ් සර්වරයක් ලෙසද භාවිතා කරේ NeXT පරිගණකයක් වීම කැපී පෙනෙන සිදුවීමකි.
The NeXT Computer used by
Tim Berners-Leeat CERN
became the world's first web server.
NeXT 1993 දක්වාම විවිදාකාරයේ පරිගණක මාදිලි තනන NeXT ආයතනය ඒ කාල සීමාවේදී ලෝකයේ පරිගණක ආයතන ගණනාවක් සමග අත්වැල් බැදගනිමින් සාර්ථක ගමනක් ගියත් 1993 න්පසුව වැඩි අවධානය යොමුකරන්නේ මෘදුකාංග සංවර්ධනය කෙරෙහිය. ඒ සමග සමාගමේ නාමයද NeXT Software Inc ලෙස වෙනස් කෙරේ. ඔවුන් NeXTSTEP Operating System හා OpenStep programming environment සංවර්ධනය කිරීම කෙරේ වැඩි අවධානය යොමුකල අතර ඒ නිසා මෙම සමාගමේ වටිනාකම ඇපල් සමාගමට දැනෙන්නට විය.

අනූව දශකයේ මධ්‍ය කාලය වන විට ලෝකයේ අනතර්ජාලය ව්‍යාප්තවීම හා පරිගණක පරිශීලකයන්ගේ වැඩිවීමත් සමග පරිගණක ක්‍ෂෙත්‍රයේ දෘඩකාංග මෙන්ම මෘදුකාංග සංවර්ධනයද වේගයෙන් සිදුකල යුතුවිය. ඒ අවධියේ පරිගණක ක්‍ෂෙත්‍රයේ ඇපල් සමාගම පතාක යෝදයෙකුවුවත් ඔවුන් 1984 සිට සංවර්ධනය කල Mac OS මෙම අභියෝගයන් සමග තරඟවැදීමට ප්‍රමාණවත් ශක්තිමත් භාවයක නොසිටි අතර ඒ නිසා ඔවුන්ගේ අවධානය තම පැරණි හිමිකරුවාගේ NeXT Software Inc වෙත යොමුවිය.

මෙම ගණුදෙනුවට NeXT Software Inc වෙතින්ද සුභවාදී පිළිතුරක් ලැබුන අතර US$ මිලියන 429 කට ඇපල් මෙම NeXT Software Inc ආයතනය මිලට ගනු ලැබීය. ඇපල් විසින් NeXTSTEP Operating System පදනම් කරගනිමින් Mac OS X නිර්මාණය කරනු ලබන අතර Steve Jobs ද උපදේශකයෙකු ලෙස ඇපල් ආයතනය සමග එක්වේ.

1997 දී එවකට ඇපල් ප්‍රධාන විධායකයා වූ Gil Amelio, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉවත් කර දමන්නේ ගතවූ වසර 3 ක කාලයේදී ආයතනය මූල්‍යමය වශයෙන් පිරිහීමට ලක්වීම හා අලෙවි ප්‍රවර්ධනයේ ඇති දුර්වලතා හේතුවෙනි. තවද Steve Jobs ඇපල් සමාගම හැරදා ගොස් ගතවූ වසර එකොලහක කාලය තුලදී එම සමාගම සාර්ථක පරිගණක නිශ්පාදන මෙන්ම (Portable Apple Computers) අධික මිල නිසා අසාර්ථකත්වයට පත්වූ මෙන්ම අසාර්ථක ඉලොක්ට්‍රොනික මෙවලම් නිශ්පාදනය හා අත්හදාබැලීම් තුලින් සමාගම පිරිහීමට ලක්වෙමින් පැවතිනි.

එසේම 1988 දී ඇපල් සමාගම විසින් Microsoft සමාගමට හා  Hewlett-Packard සමාගමට එරෙහිව ගොනුකල නඩුවක් වසර 1994 දී පරාජයට පත්වන අතර එය අභියාචනාධිකරණයට ඉදිරිපත් කලද එහිදීද නිශ්ප්‍රභවේ. ඒ ඇපල් සමාගමේ Lisa හා Macintosh operating systems යොදාගත් GUI මූලිකාංග Microsoft සමාගම හා  Hewlett-Packard සමාගමේ Operating System සදහා යොදාගැනීම වලකාලමින් ඒවායේ අයිතිය ඇපල් වෙත ලබාගැනීම වෙනුවෙනි. කෙසේවෙතත් මෙම නඩුවේදී ඇපල් සමාගම පරාජය වන්නේ ඇපල් සමාගමට චිත්‍රක අතුරු මුහණත් සංකල්පය වෙනුවෙන් අයිතියක් කීමට නොහැකි බව පවසමිනි.
("Apple cannot get patent- protection for the idea of a graphical user interface, or the idea of a desktop metaphor [under copyright law])

1997 සිදුවූ මෙම සිදුවීම් සමග තාවකාලික ප්‍රධාන විධායක ලෙස Steve Jobs පත්වන අතර වසර 2000 දී ඔහු ස්ථිර වශයෙන්ම ප්‍රධාන විධායක ලෙස පත් වන අතර 2009 දී තාවකාලිකව තනතුරෙන් ඉවත්ව නිවාඩු යන Steve එහදී අක්මා බද්ධ කිරීමේ සැත්කමකට ලක්ව නැවත සේවයට පැමන, 2011 අගොස්තුවේදී අයහපත් සෞඛ්‍ය තත්වය මත ඔහු මෙම තනතුරින් ඉල්ලා අස්වන අතර තවදුරටත් සභාපති තනතුර පමණක් දරන බව පවසයි. එසේම ඊට පෙර එනම් 2003 දී Steve Jobs තමන් මුහුණපා ඇති අග්න්‍යාශයික පිළිකා තත්වය ගැන දැනගන්නට ලැබෙන එයට ප්‍රතිකාර ලබාගත්තත්  අවසානයේ 2011 ඔක්තෝබර් 05 වනදා ඔහුගේ දිවිය වසර 56 කින් අවසන් කරන්නටද එය හේතුවිය.

ලෝකයේ පුද්ගල පරිගණක අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් බව නොරහසක් වන අතර පසුව ලෝකයේ කැපී පෙනෙන තවත් ඉලෙක්ට්‍රොනික් මෙවලම් රැසක්ද ලෝකයට දායද කිරීමට ඇපල් දායක විය. ඒ අතරින් 2001 දී වෙළඳ පොලට හදුන්වාදුන් තරුණ පරපුර අතර ඉතා ප්‍රචලිත වූ විනෝදාස්වාදය සදහාම නිපදවූ iPod යන්ත්‍රයද, සංනිවේදන ක්‍ෂෙත්‍රයේද කැපී පෙනෙනම කොටසක් හිමිකරගත් හා ‍අනෙක් සමාගම්වලටද නව සිතුවිලි ඔස්සේ තම ඊලඟ ජංගම දුරකථන නිපැයුම තැනීමට ඉවහල් වූ iPhone ජංගම දුරකතනය හා ගියවසරේ එනම් 2010 දී හදුන්වාදුන් Tablet පරිගණකය වන iPad ද දැනටමත් සිය ප්‍රතිවාදී සමාගම්වලට හොද තරඟයක් දෙමින් සිටි. එසේම ජංගම පරිගණක ක්‍ෂෙත්‍රයේ කීර්තිමත්ම නිපැයුමක් වන iBook යන්ත්‍රයද අතමිට ඇති අයට පමණක් ‍හිමිකරගත හැකිවුවත් එයද ඉතාමත් ජනප්‍රිය උපකරණයකි. මෙම උපකරණ සියල්ල පිළිබදව සංකල්පමය අත්දැකීම ලබාදුන්නේ  Steve Jobs බව රහසක් නොවේ.

ඒවගේම වෘත්තීමය චිත්‍රපටි හා සංගීත සංස්කරණ ශිල්පීන් භාවිතා කරන Final Cut Studio මෘදුකාංගයද සාඩම්බර ඇපල් නිශ්පාදනයකි. තවද Face Recognition තාක්‍ෂනය ඔස්සේ පින්තූර ආදිය එකිනෙක සසදා සමාන පින්තූර සෙවීමේ යාන්ත්‍රණයද ඇපල් පරිගණක වල සාමාන්‍ය විශේෂත්වයකි.

පරිගණක ක්‍ෂෙත්‍රයෙන් ඔබ්බටද සිය ව්‍යාපාරික අත්දැකීම් තව දුරටත් වැඩිදියුණු කරගන්නට Steve පසුබට වූයේ නැත. 1985 දී ඔහු Star Wars චිත්‍රපටි තැනූ George Lucas සතුව තිබූ Lucasfilm Ltd. හි චිත්‍රක අංශය US$ මිලියන 10 කට මිලට ගන්නා අතර එහි සේවය කල Ed Catmull සමග එක්ව ලොකු කුඩා සියළු දෙනාගේ සිත් පහන්කල ඇනිමේෂන් කාටුන් චිත්‍රපටි නිපදවූ Pixar Animation Studios බිහිකිරීමටද මෙම තාක්‍ෂනවේදියා නැතහොත් නිර්මාණාත්මක ව්‍යාපාරිකයා මූලික වේ.


මෙම සමාගම විසින් නිපැවූ චිත්‍රපටි සදහා ඔස්කාර් සම්මාන 26 ක්ද, Golden Globes සම්මාන 7 ක් හා සංගීතමය නිර්මාණ සදහා Grammy සම්මාන 3 ක්ද ලබා ඇත. එසේම Toy Story,A Bug's Life, Toy Story 2, Monsters, Inc., Finding Nemo,The Incredibles, Cars, Ratatouille, WALL-E, Up සහ Toy Story 3 ආදී නිර්මාණ අපට දැකගැනීමට ලබාදීම පිළිබදව මෙම සමාගමට කෘතවේදීත්වය හිමිවිය යුතුවේ.

ඉතා හොදින් ලාභයද ඉපයූ මෙම සමාගම 2006 දී වෝල්ට් ඩිස්නි සමාගම විසින් මිලට ගන්නා ලබන අතර ඒ අවස්ථාවේ Pixar සමාගමේ වැඩිම කොටස් ලාභියාවූයේද Steve Jobs නිසා Disney සමාගමේද තනි වැඩිම කොටස්ලාභි‍යා වීමේ වරමද ඉබේම ලැබෙන අතර ඔහු Disney සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයටද පත්වේ.
Apple Chief Executive Steve Jobs 
arrives with the team from the best picture nominate film 
"Up" at the 82nd Academy Awards in Hollywood March 7, 2010

ඇපල් හා Steve Jobs යනු දෙකක් නොව එකක් යයි මතයක් තිබේ. එසේම තව කරුණු රැසක් මේ ද්විත්වයම ගැන කතා කිරීමට ඇතත එසේ නම් ඊලඟ ලිපියෙන් ඒ පිළිබදව හා  ඇපල් සමාගමේ නම ඇපල් වූ හැටි හා එයට යොදාගත් ලාංඡනය බාගෙට කෑ ඇපල් ගෙඩියක් වූ හැටි විමසා බලමු...

15 comments:

  1. තත්වය ගැන දැනගන්නට ලැබෙන එයට ප්‍රතිකාර ලබාගත්තත් අවසාන 2001 ඔක්තෝබර් 05 වනදා ඔහුගේ දිවිය වසර 56 කින් අවසන් කරන්නටද එය හේතුවිය. ???????????????????????

    2001???????????????

    ReplyDelete
  2. @ජීවිතේ මල් - ෂාහ්.... විශාල වැරදීමක් එය 2011 විය යුතුයි. ස්තූතියි දැන්වූවාට...

    ReplyDelete
  3. niyamyi! niyamyi!

    -Haree-

    ReplyDelete
  4. ඔය ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එක මුලින්ම ඇපල්ලට හඳුන්වල දීල තියෙන්නෙ xerox සමාගමෙන්. මුලින්ම මවුස් එකයි එකෙන් කරන වැඩ ටිකයි දැකල කට්ටිය හොල්මන් වෙනවා.. ඒ ගැන තියෙන චිත්‍රපටිය ගැන මම ලිව්ව මෙන්න මෙතන...

    http://movies.hartstuff.com/2011/10/pirates-of-silicon-valley-1999-anthony.html

    ReplyDelete
  5. නියමයි දිනේෂ්..මාර රසවත් තොරතුරු ගොඩක්...ඇපල් ගෙඩිය බාගෙට කෑවේ ඇයි කියලා දැනගන්ඩ නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා...

    ReplyDelete
  6. හොද ලිපියක් මිත්‍රයා...

    ReplyDelete
  7. මේ මනුස්සය නැති වෙච්ච ඒක ගැන අපේ ගෙදර අයත් බොහොම දුකින් . අයි ෆෝන් අයි පෑඩ් හරිම මෝස්තරයක් මෙහෙ . අසාවෙන් කියෙවේ ලිපිය

    ReplyDelete
  8. ඇපල් කතාවේ ඉතිරි ටිකත් එහෙනම් දාන්නකෝ...

    ReplyDelete
  9. ස්ටීව් කලකාරි හින්දා අයින් කලාද? නැත්තම් කූට අධ්‍යක්ෂකයෙකු නිසා ස්ටීව්ට අයින්වෙන්න උනාද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. කොහොමඋනත් හො දම කොටස ඊලගට වගේ එන්නෙ

    ReplyDelete
  10. @Haree,සහෝධරයා,Senna,උදාර, බුද්ධි සහ Bindi - ස්තූතියි! රාජකාරී වැඩ ගොඩකට යටවෙලා ඉන්නේ ඒ වැඩ ඉවරවුන ගමන් අනෙක් කොටස දානවා...

    ReplyDelete
  11. @Bindi - කියන්න අමතකවුනා ඔබගේ සේදමාවත ලිපි පෙල මේ ලිපි ලියා අවසන් වූ වහා නිදහසේ බලනවා...

    ReplyDelete
  12. @hare :-) - එකනම් නියම චිත්‍රපටියක්. හැබැයි සමහර ‍දේවල් නම් අතහැරල ඒක හදලා තියෙන්නේ. ඒකත් ඊලඟ ලිපියට සෑහෙන්න ප්‍රයෝජනවත්. ස්තූතියි!

    ReplyDelete
  13. bohoma watina lipi pelak.. thnx mcn

    ReplyDelete
  14. @Anony - Thanks, but why shouldn't mentioned your name?

    ReplyDelete
  15. niyama blog 1 , mama ada set une , ela machoo

    ReplyDelete