Monday, November 21, 2016

සියළු හමුදාවන්ගේ ජනරාල් ජෝන් පර්ෂින්ග් (ඇමරිකාවේ හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම ගරු සම්මාන නිලය වන මෙය ලැබී ඇත්තේ එරට පුරවැසියන් දෙදෙනෙකුට පමණි) -General of the Armies John J. Pershing

පාබල සොල්දාදුවාගේ සුපිරිම අවි නම් රයිෆලය සහ බයිනේත්තුවයි. මෙලෙස පැවසුවේ එසේත් නැත්නම් එම අවි යුගලය සෙබලාගේ හොදම අවි ලෙස සැලකුවේ ඇමරිකානු ඉතිහායේ ඉහළම ගරුසම්මානයට ජීවත්ව සිටින විටදීම පාත්‍ර වූ ජනරාල් ජෝන් පර්ෂින්ග් නම් සෙනවියයායි. https://en.wikipedia.org/wiki/John_J._Pershing

මෙම ජනරාල්වරයා දක්‍ෂ, නොනැමනසුළු හා උත්සහාවන්ත හමුදා නිලදාරියෙකු ලෙස ප්‍රචලිතව සිටි අතර ඔහුගේ දක්‍ෂතාවය සේම ඔහුගේ පවුල් පසුබිම හා ඥාති සබඳතාද ඔහුගේ හමුදා නිලයන් ඉක්මනින් ලැබීමට  හේතුවක් ලෙස සලකනු ලැබේ. ජනරාල් පර්ෂින්ග්, එවකට ඇමරිකානු ජනපතිවරයෙකු වූ තියඩෝර් රූස්වෙල්ට්ගේ මිතුරෙකි. එසේම ජනරාල්වරයා විවාහ වී සිටියේ එරට හමුදා කටයුතු පි‍ළිබද කමිටුවේද සාමජිකයෙකු වූ සෙනෙට් සභිකයෙකුගේ දියණියක සමගය. මේ ආකාරයේ ප්‍රභල මිතුරු- ඥාති සබඳතා නොවූයේ නම් කපිතාන් තනතුරේ සිට ඉන්පසු පසුකළ යුතු නිලයන් කිහිපයක්ම අතහැරදමමින් එකවර බ්‍රිගේඩියර් නිලයකට නොඑසේ නම් පළමු තරුවේ ජනරාල් නිලයකට පත්වීමේ හැකියාවක් නොලබන බවද පැවසේ.

එසේ කෙටි මඟකින් හමුදාවේ ඉහළ නිලයන්ට පත්වූවද සැබැවින්ම මොහු යුද පිටි ගණනාවකම අත්දැකීම් 1906 දී ඉහත කී ජනරාල් තනතුරට පත්වන විට ලබා තිබුනි. එවැනි තත්ත්වයක් අඩුම තරමින් පළමු ලෝක යුද්ධයේ ජනරාල් පර්ෂින්ග්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි ප්‍රංශ ඒකාබද්ධ උත්තරීතර අණදෙන නිලධාරී Ferdinand Foch හෝ ප්‍රතිවාදී හමුදා ප්‍රධානියෙකු වූ Erich Ludendorff වත් ලබා නොතිබූ බවද කිවයුතුය. අප කතා නායකයා එලෙස සම්බන්ධ වූ යුද කටයුතු අතර ආදිවාසි රතු ඉන්දියානු ජනයා පළවා හැරීමේ යුද කටයුතු, කියුබාවේ ස්පාඥය පාළනයට එරෙහිව පැවති යුද්ධයේදී, මෙන්ම මිතුරු හමුදා 1916 දි වර්ඩන්, සෝම් වැනි යුද පිටි වල නිමක් නොපෙනෙන යුද්ධයක නිරත වෙද්දී ජනරාල් පර්ෂින්ග් හමුදාවේ 12,000 ත භට පිරිසක් සමග මැක්සිකෝවේ කැරලිනායකයෙකු වූ Pancho Villa සමග යුද වැදෙමින් සිටියහ.

පළමු ලෝක යුද්ධය යුරෝපයේ ගිනියම්ව පැවති එම සමයේ මැක්සිකෝවේ සිදුකළ මෙම සාර්ථක මෙහෙයුම් ජනරාල් ජෝන් පර්ෂින්ග් ගේ ජනප්‍රියත්වය ඇමරිකාව තුල වර්ධනය විමට හේතුවක්ව තිබූ නමුත් ඉදිරිකාලයක යුරෝපයේ යුද පිටියට වන ඇමරිකානු සෙබළු මුළු වලට නායකත්වය දෙන්නේ ඔහු බවට ඉඟියක්වත් ලැබි නොතිබුනි.

වෙනෙකක් තබා ජනරාල්වරයාටවත් එවැනි ඉහළ බලාපොරොත්තුවක් නොතිබූ අතර ඔහු තුළ තිබූ ඉහලම බලාපොරොත්තුව හමුදා සේනාංකයක, සේනාකාධිපතිවරයෙකු ලෙස සේවය කිරීම පමණකි.

එහෙත් වුඩ්රෝ විල්සන් ජනපතිවරයාට හා ඔහුගේ යුද ලේකම් වරයා වූ නිව්ටන් බේකර් හට ජනරාල් ජෝන් පර්ෂින්ග් පිළිබදව ඊට වඩා වෙනස් අදහක්වූහ. ඔවුන්ට පක්‍ෂපාතී සහ දේශපාලනික ඉදිරි ගමණක් නොමැති හමුදා නිලධාරියෙකු යුරෝපය බලා යන ඇමරිකානු සොල්දාදුවන්ගේ අණදෙන්නා ලෙස යැවීමට ඔවුන්ට අවශ්‍ය විය. තවද ඉහළින් ලැබෙන අණ අකුරටම ඉටුකර සංග්‍රාම පිටියේදී පැන නගින් ගැටළු සාර්ථකව විසදිය හැකි සෙන්පතියෙකු ඔවුන්ට අවශ්‍ය වූ අතර එයට හොදටම ගැලපෙන තැනැත්තා වෙනකෙකු නොව ජනරාල් ජෝන් පර්ෂින්ග්ම විය.

ජනරාල්වරයා යුරෝපය බලා යන ඇමරිකානු හමුදා බලමුළුව ශක්තියකින් හා අධිෂ්ඨානයකින් යුක්තව ගොඩනගන්නට විය. ඔහුට සිය හමුදාවේ සාමජිකයන් පිළිබදව විනිශ්චයකට එළඹීමේ හොද හැකියාවක් තිබූ බවද පැවසේ. දක්‍ෂයන්ට උසස්වීම්ද, අදක්‍ෂයන් තනතුරෙන් නෙරපා දමන්නටද ඔහු පසුබට නොවීය. එයට ජෙයෂ්ඨත්වය හෝ දැනහැදුනුම්කම් හෝ හැගීම් ඔහු නොතකා හැරියහ.

ඔහුගේ ලුතිනන් ජනරාල් රොබට් බුලර්ඩ් වැනි සමකාලීනයන්ට අනුව ජනරාල් පර්ශින්ග් සෑම විටකම තමන්ගේ කාර්යයේ සාර්ථකත්වය අපේක්‍ෂා කළ නිලධාරියෙකි. ඔහුගේ ක්‍රියාදාමයන්ට විරුද්ධ වන්නන් හෝ අපේත්‍ෂා බංගත්වයට පත්කරන්නන් ඉවත්කර දැමීමට හෝ තවදුරටත් එම කාර්යයන්ගෙන් ඉවතටම ඇද දැමීමට කිසිවිටකත් පසුබට නොවූවෙකි. වෙනකක් තබා සිය සොල්දාදුවන්ට පමණක් නොව යුරෝපයේ සිට මිතුරු පාර්ශවයේ හමුදාවන්ගෙන් සිදුවන අඩුපාඩුකම්, දුර්වලතාවයන්ටද දැඩි ස්ථාවරයක සිට ක්‍රියාකිරීමට ඔහු පෙළඹී තිබේ.

සමස්ථයක් ලෙස ඇමරිකානු ජනපති, එරට ජනයා මෙන්ම ජනරාල්වරායද යුරෝපය පිළිබදව දර්ශනය වූයේ “යුරෝපය යනු දූෂනයට ලක්වූ“ ස්ථානයක් ලෙසයි. ඔවුන් සමග එක්ව ක්‍රියාකිරීමෙන් ඇමරිකානු අභිමතයන් පවා දෝශයට, දුෂනයට ලක්වේය යනමතයක් විශේෂයෙන් ජනරාලවරයා සතුවූයේය. ඔහු යුරෝපයේ මිතුරු හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම් කිරීමට අකමැතිවූ අතර ඔහු සිය ජනපතිවරයා දෙන නියෝග පමණක් ක්‍රියාත්මක කිරීමට සැදීපැහැදී සිටියේය. යුරෝපයේ හමුදා සමග වෙන්ව සහ දුරින් සිට මෙහෙයුම් සිදුකිරීම ඔහුගේ අභිමතාර්ථය විය.

යුරෝපයේ හමුදා නායකයන්, ඇමරිකානු හමුදා ශක්තියේ දායකත්වය පිළිබදව බලාපොරොත්තු සුන් තත්ත්වයට මේ නිසා පත්ව සිටියෝය. එහෙත් මොන තත්ත්වයක් යටතේ වුවත් ඇමරිකානු හමුදා ටිකෙන් ටික මෙම අනාගත් යුද්ධයේ බිල්ලක් ලෙස ලබාදීමට එකඟනොවූ අතර ඔහුට අවශ්‍ය වූයේ මන්දගාමී ලෙස වුවත් විශාල ස්වාධීන හමුදාවක් මෙම යුද්ධය සදහා යෙදවීම සදහා ගොඩනැගීමටයි.

යන්තමින් හෝ නම්‍යශීලීව යුරෝපයේ හමුදා නායකයන්ට සහය දෙන මෙන් ඉහළින්ද නියෝග ලැබුනමුත් ඔහුගේ මූලික අරමුණ එයින් වෙනස් කරන්නට ජනරාල්වරයා ඉක්මන් නොවීය.

ජනරාල්වරයා යුරෝපයේ හමුදාවන්ගේ යුද ශිල්පය පිළිබදව විශ්වාසයක් නොවීය. පරාජයන් සේම යම් යම් අවස්ථාවල මිතුරු පාර්ශවය ජය ලැබූවද ජනරාල් පර්ෂින්ග් වඩාත් දුටුවේ මිතුරු හමුදා යුද අගල් වල දීර්ඝකාලයක් හිරවෙමින් කළ යුද්ධයන්හි අසාර්ථක පැත්ත පමණි. එයින් ඔහු අදහස් කළේ යුද නායකත්වයේ ඇති දුර්වලතාවය පිළිබදවයි. ඔහුට එකාබද්ධ හමුදා 1918 දී ලබා ගත් ජයග්‍රහණ පිළිබදව අවධානයක් නොවීය. 20 වන සියවස මුල හෝ පළමු ලෝක යුද්ධයේ මුල් අවධියට  වඩා යුද තාක්‍ෂනය අතින් බොහෝ ඉදිරියට ගොස් ඇතිබව ඔහුට තේරුම් නොගිය කාරණයක් විය. ඔහු සැහැල්ලු මැශින් තුවක්කු, මෝටාර්, ග්‍රෙනේඩ් අත් බෝම්බ යනාදිය පාබල හමුදාවන්ට ඒ වනවිට වැදගත්ම අවි අතර වන බව මඟහැර දෑමූ කාරණයක් වූ අතර තවදුරටත් ඔහු වන්දනාමාන කළේ රයිෆලය හා බයිනේත්තුවටය. එම අවි පාබල සෙබලාගේ සුපිරිතම අවි ලෙස සැලකූහ.

කෙතරම් හෑල්ලුවට ලක්කළද ඇමරිකානු හමුදා ගොඩනැගුනේද, පුහුණුව ලැබුවේද බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා උපදේශකයන්ගේ උපදේශකත්වයෙනි. එහෙත් එයට ජනරාල්වරයාගේ අගය කිරීමක් නොවිය. තවද පාබල හමුදාවන්ට, කාලතුවක්කු බලඇණි වල සහය යුද බිමේදී ලබාගැනීම පිළිබදවද ජනරාල්වරායාට අවබෝදයක් නොතිබුනා හෝ සිතාමතාම පැහැරහැරියා විය. සටන් පුහුණු පාසලෙන් සේම යුද බිමෙන්ද යුද අත්දැකීම්, ගුරුහරුකම් ලබාගැනීම සාර්ථක හමුදාවක ලක්‍ෂනයක් බවද ඔහුට අමතකවූ කරුණක් බව ඉතිහාසඥයන් පවසති.

යුද බිමේ සාමන්‍ය සෙබලාගේ සිට ඉහළ නිලධාරියා දක්වා දක්වන දස්කමේ වැඩි ගරුත්වය කොතනදීත් හිමිවන්නේ ඉහළම අණදෙන නිලධාරියාට බව මනුෂ්‍ය ඉතිහාසය පුරා සිදුවූ යුද්ධ වලදී මූලධර්මයක් වැනිය. ජනරාල් පර්ෂින්ග්ටද එය පොදු කාරණයක් විය. ඇමරිකානු හමුදා පළමු ලෝක සංග්‍රමයේ මෙහෙයුම් වලට එක්වූ මුල් අවධියේ Meuse-Argonne වැනි සටන් වලදී සාර්ථකත්වයක් නොපෙන්වූ අතර ජනරාල්වරයාට ලැබුන ගරුත්වයද අල්පවිය. යම් හෙයකින් එකාබද්ධ අණදෙන නිලධාරී ජනරාල් Ferdinand Foch යටතේ ජනරාල් පර්ෂින්ග් සටන් වැදුනේ නම් ඔහු තනතුරෙන් පහකර දමන බව ඒකාන්තයෙන්ම සිදුවන බවද පැවසේ. එහෙත් එවැන්නක් කිරීමට ජනරාල් Ferdinand Foch හට හැකියාවක් නොවීය. කෙසේවෙතත් ජනරාල් පර්ෂින්ග් යටතේ සේවය කළ පසු කළෙක ඇමරිකානු හමුදාවේ ඉහළම තානාන්තරද දැරූ ජනරාල් ජොර්ජ් මාර්ශල් පසුව පැවසුවේ ජනරාල් පර්ෂින්ග් යනු මොනම තත්ත්වයක් යටතේවත් නොසැලෙන පුද්ගලයෙකු බවයි.

දෙපාර්ශවය (මිතුරු හා අක්‍ෂ බලවතුන්) අතර සටන් විරාමයක් ගැන 1918 ඔක්තෝබරයේ මුලින්ම කතාබහ කෙරන අවස්ථවේදී ජනරාල් පර්ෂින්ගේ සිටි ස්ථාවරය වූයේ ජර්මනිය ප්‍රමුඛ අක්‍ෂ බලවතුන් කොන්දේසි විරහිතව යටත්විය යුතු බවයි. මෙය ඔහු තම ප්‍රධානියාගේ එනම් ජනපති විල්සන් ගේ අණට එරෙහිව ගිය එකම අවස්ථාවද විය.

1919   දී එතෙක් මෙතෙක් ඇමරිකානු හමුදා නිලධාරියෙකු ලබන ඉහළම නිලයවන General of the Armies තනතුරෙන් ජීවතුන් අතර සිටියදීම පිදුම් ලැබීය. (The General of the Armies of the United States, or more commonly referred to as General of the Armies (abbreviated as GAS), is the highest possible rank in the United States Armed Forces.[1] The rank is informally equated to that of a six star general and is the highest possible operational rank of the United States Army.

The rank has only been held twice in history - once by an active duty officer (John J. Pershing) with a further posthumous promotion to George Washington in 1976. The rank of General of the Armies is senior to General of the Army, General of the Air Force and Fleet Admiral.)

කෙසේවෙතත් ජනරාල් ජෝන් පර්ෂින්ග් යනු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් නොවීය. මේ නිසා ඔහු 1920 ඇමරිකානු ජනපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වූ අවස්ථාවේද ලැබුනේ අඩු සහයෝගයකි. මෙම සෙන්පතියා දෙවන ලෝක යුද්ධයේ අග සිට මුල දක්වාම බලාගැනීමටද අවස්ථාව ලැබූවෙකි. මෙලෙස දෙවන ලෝක යුද්ධයක් ඇතිවීමට හේතුව ලෙසද ඔහු නිරතුරු දුටුවේ මිතුරු පාර්ශවය පැහැදිලිම ජයක් පළමු ලෝක යුද්ධයේදී නොලබා අවස්ථවෙන් ගැලවීමට අත්සන් කළ සටන් විරාමය නැවත යුද්ධයකට මඟපෑදු බවයි.

සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයද මුසුව ලැබූ කෙසේවෙතත් සමස්ථයක් ලෙස සාර්ථක සෙන්පතියෙකු ලෙසද ඇමරිකානු ඉතිහාසයේ හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන සියළු හමුදාවන්ගේ ජනරාල් යන නිලය සිය ජීවිත කාලය තුලදීම ලැබීමටද භාග්‍යවත් වූ මෙම නිර්භීත සෙනවියා 1948 ජූලි 15 වනදා දෙනෙත් සදහටම පියාගත් අතර ඔහුගේ දේහය ඇමරිකානු යුදවිරුවන් භූමදානය කෙරනා වර්ජිනියාවේ  ආලින්ග්ටන් සුසාන භූමියේ භූමදානය දරන ලදි.


4 comments:

  1. "ජනරාල් ජෝන් පර්ෂින්ග්" මේ තරම් උසස් නිල ලැබුවෙක් වෙලාත් ඔහු ගැන මෙයට පෙර මා නම් අසා ඇති බවක් මතක නැහැ.

    ReplyDelete
  2. ස්තූතියි ... ඔහු ගැන ඇසූ පලමු වතාවයි මේ...

    ReplyDelete
  3. ස්තූතියි සැමටම, ඇමරිකානු යුද ඉතිහාසයේ වීරයෙකු ලෙසට පිළිගැනෙන ජෝන් පර්ෂින්ග් ගැන සිංහලෙන් ලියවුන දේවල් අඩුයි. වෙනකක් තබා මම පවා ඇතැම් කරුණු දැනගත්තේ මෙම ලිපිය ලිවීමට කරුණු සෙවීමේදිය.

    ReplyDelete