Wednesday, February 6, 2013

350 වන බ්ලොග් ලිපිය සමගින් ලෝකයේ ඔබ මෙතෙක් නොදුටු ස්ථානයක තොරතුරු - The Wieliczka Salt Mine (Polish: Kopalnia soli Wieliczka)

මාතෘකා‍වේ හැටියටම මේ සත් සමුදුරේ 350 වන බ්ලොග් ලිපියයි. වසර දෙකකදී බ්ලොග් ලිපි මේ සංඛ්‍යාවට වඩා තබන්නට හැකිවුනා නම් හොදයි කියලා හිතුනත් කාලය, වෙනත් වැඩකටයුතු හා සමහර වෙලාවට ලියන්න තියා ‍මොනවත්ම කරන්න තිබෙන කම්මැලිකමත් එක්ක මේ ඉලක්කමෙන් සතුටුවෙනවා. හැබැයි මේ ලියපු හැම ලිපියකම, සමහර විට ලියනවට වඩා පින්තූර වැඩියෙන් දැම්මත් ඔබට මොකක් හෝ දෙයක් හිතන්නට යමක් ඉතුරු කරන්නට ඇතැයි මම සිතනවා. එහෙනම් ඒ ගැන ඒ කෙටි සදහනත් එක්ක සමහර විට ඔබ මෙතෙක් නොදැන සිටි ස්ථානයක්, මෙය ලෝක උරුමයක්, ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් අතර ප්‍රධානම හා කැපී පෙනෙනම සංස්කෘතිකමය හා ස්වභාවික ලෝක උරුම 12 අතරේ තිබෙන ලෝක උරුමයක් වන ලුණු නිධියක තොරතුරු තමයි ඔබට රැගෙන එන්නේ.

වසරකට මිලියනයකට අධික දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වන මෙම ලුණු නිධිය මෙතරම් වැදගත්වනනේ එය අතීතයේ පටන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් අසීමිතව ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම එය සියවස් ගණනාවක් පුරා පරම්පරා කිහිපයක්ම එකිනෙකට සමාන හෝ වෙනස් සංස්කෘතික, සාමාජයීය සහ සාම්ප්‍රධායික සහ නූතන සබදතාවය එකිනෙකට යාකරන සිහිවටනයක් වන නිසයි.

පෝලන්තයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Wieliczka නම් නගරයේ Kraków නාගරික ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති මෙම ලුණු නිධිය නම් කරනු ලබන්නේද Wieliczka ලුණු නිධිය ලෙසයි (“Wieliczka” Salt Mine - Polish: Kopalnia soli Wieliczka).

මේ එම නිධිය පිහිටා ඇති නගරබද ප්‍රදේශයේම ඇති පිවිසුම් ස්ථානයේ සේයාරූය.




මෙය ඇත්තෙන්ම පෝලන්‍තයේ අභිමානය ලෙස සැලකුවත් වරදක් නැහැ. යුනෙස්කෝව මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1978 වසරේ සිටයි.

මෙම ලුණු නිධිය අදඊයෙක පටන් ගත් එකක් නොවෙයි. එහෙත් එය වර්තමානය දක්වාම එදා සිට කිසිදු බාධාවකින් තොරව පෝලන්තයට පමණක් නොව අසල්වැසි රාජ්‍යයන්ට පවා ලුණු සපයන්නේ 13 වන සියවසේ සිටයි.කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද සමයේ ජර්මනියට පොලන්තය අත්පත්වීමෙන් පසුව ඔවුන් පවා මෙම නිධිය තම ලුණු අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අනෙකුත් යුද කටයුතු වෙනුවෙන් නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට යොදා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 2007 දක්වා ලෝකයේ පැරණිම මේස ලුණු නිශ්පාදකයා ලෙස මෙම නිධිය නම දිනාගෙන සිටි අතර රාජකීයන් සදහා Żupy krakowskie නම් කොටසින් ලුණු කනිනු ලැබූ අතර වෙළදාම සදහා අනෙකුත් කොටස් වලින් ලුණු කනිනු ලැබ තිබෙනවා. කෙසේවෙතත් 1996 සිට මෙම ව්‍යාපාරික කටයුත්ත වෙනුවෙන් ලුණු නිශ්පාදනය නවතා තිබෙන්නේ අතීතයේ ආහාර කල්තබා ගැනීමට ‍විදුලි බලය හා ශීතකරණ නොතිබූ නිසා ආහාර රසවත් කර ගැනීමට එදා මෙන් දැන් ඉල්ලුම අඩුනිසා ලුණු වලට ඇති මිල අඩුකම හා සමහර කොටස් වතුරෙන් යටවීම නිසයි.

මෙම භූගත පතලේ තවත් විශේෂත්වයක් වන්නේ අප සාමාන්‍යයෙන් දකිනා පතලක ඇති ගොරහැඩි බවට වඩා කලාත්මක බවක් මෙම පතල තුල තිබීමයි. ඔබට දැන් ගැටළුවක් පැන නගින්නට පුළුවන් අ‍නේකවිද දුක්කම් කටොළු ඇති අවධානම රජයන පතලක මොන කලාත්මක බවක්ද කියා. එහෙත් ඒ ගැටළුවට පිළිතුරක් ලබා දෙමින් මට කියන්නට තිබෙන්නේ, අතීතයේ පටන් මෙම පතලේ රාජකාරී කළ කලාකාමී පතල් කම්කරුවන් අතින් සහ එරට සිට කලාකරුවන් අතින්  මෙම පතලේ ඇති ලුණු ගල්ම උපයෝගී කරගනීමින් නෙළු කැටයම්, ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් පතලේ ඇති කාන්සිය මඟහරවමින්, පතලේ මතුපිටට වඩා සුන්දරයත්වයක් පතල තුලට එක්කරමින් පවතින බවයි.
 
 මෙම නිධිය තුල ‍කතෝලික දේවස්ථාන තුනක්ම අතීතයේ පටන් තිබේ.
 
 එසේම වර්ථමානයේ තවත් විවිද අංග මෙයට ඇතුලත්ව තිබේ. ඒ අතර ක්‍රීඩාගාර, මෙහි ඇති ස්වභාවික ලවණතාවය නිසා විවිද ලෙඩරෝගවලට සීමිත පිරිසකට ඒ ඇසුරෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සහ විවිද විනෝද කටයුතු සදහා වෙන්කෙරුන ස්ථානයන්ද මෙහි පිහිටා තිබේ.
 
 


මෙම ස්ථාන ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර පොළවට ලී අතුරා ඉහළින් අලංකාර ආලෝක පද්දති දුටු විට මෙය භූගත රජමාලිගයක් දැයි සිතෙනා තරමට වශීකෘතය.
 
 
 
 තවද මෙය තුල පොකුණු හා ඇල මාර්ගද පිහිටා ඇත.
 

මෙම පතලේ ගැඹුර අඩි 1,073 ක් හෙවත් මීටර් 327 කි. එහි ගමන් කිරීමට තිබෙනා දුර පමණක් කිලෝමීටර 300 ක් නැතහොත් සැතපුම් 190 කි. තට්ටු ලෙස ගත‍ හොත් තට්ටු නවයක් මෙම නිධිය තුල තිබේ. 

ලුණු පිළිබදව පැවසීමේදී ඔබ සුදු පැහ ක්‍රිස්ටල් මෙන් පෙනුමක් බලාපොරොත්තුවූවත් නිධිය තුල ලුණු පිහිටා අළු පැහැ ගොරෝසු  ග්‍රැනයිට් ආකාරයෙනි.

මෙම පතලේ සංචාරකයන්ට විවෘතව තිබෙන්නේ පතලේ මුළු දුර ප්‍රමාණයෙන් 2% ක පමණ ප්‍රමාණයක් හෙවත් කිලෝමීටර් 3.5 ක් හෙවත් සැතපුම් 2.2 කි. ‍පතල තුල බර දරාගැනීමට ඒ ඒ ස්ථාන වල අතීතයේ පටන් භාවිතා කරන්නේ ලී කොට වන අතර පියගැටද දැවයෙන් නිමවා ඇත්තේ මෙහි ඇති ලවණ ගතිය නිසා ලෝහ භාවිතයේදී දිරාපත්වීම කඩිනම් හෙයිනි. එසේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලවණ නිසා අඩපන නිසා ලී දිරා යෑ‍මේ වේගයද අඩුය.
‍මේ මෙම නිධියට අදාල ලාංඡන හා සංකේතයි.



පහත දැක්වෙන මුලංශ්‍ර වලින් මෙම ලෝක උරුමයේ තොරතුරු රැසක් දැනගැනීමට හැකිබව සදහන් කරමින් 350 වන ලිපියද අවසන් කරමි.
 
 

මෙම අඩවියෙන් මෙම ස්ථාන පිළිබදව සංචාරක තොරතුරු සහ තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැන ගැනීමට හැකිය.
http://www.wieliczka-saltmine.com/visiting

තවද ඔබ කැමති නම් මෙම සබැඳිය හරහා Windows 7 සදහා වූ wieliczka theme එකද ලබා ගත හැකිය.
http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme

මූලාශ්‍ර - 

40 comments:

  1. වසර දෙකකදී ලිපි පනහක්. ඔබ නියම ජයග්‍රාහකයෙක්නෙ. ඔබට ස්තුතියි. මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක් මේ. සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ලිපි තුන්සිය පනහක්. වැරදීමක් වුනා පනහක් කියලා.

      Delete
    2. බොහොම ස්තූතියි! ඇත්තෙන්ම වසර දෙකකදී ලිපි 350 ක්....

      Delete
  2. මාරම වැදගත් මාතෘකාවක්.. ඇත්තටම ලස්සන පොට් එකක්....

    ReplyDelete
  3. dinesh man me blog loke dakka puduma watinakamak thiyena
    bohoma garu saru athiwa hama dema wena ekama blog eka meka..
    kiyanna wachana naha obata pin kiyanawa ara....

    ReplyDelete
  4. මාර ලස්සන ස්ථානයක්.
    350 ලිපියට සුබ පැතුම්.

    ReplyDelete
  5. සුභ පැතුම්.ඔබ නිසා බොහෝ දේ දැනගතිමි.

    ReplyDelete
  6. සුබපැතුම්... මොනවා හරි 500ක් ලියනවට වඩා වැදගත් 350ක් නෙවෙයි 50ක් ලියුවත් ප්‍රමාණවත්. සත්සමුදුරට සහ ඔබට සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඔව් නිකම් තේරුමක් නැති දේවලින් පුරවනවට වඩා අරුතක් ඇති සුළු ප්‍රමාණයක් හෝ තිබීම අර්ථාන්විතයි තමයි...

      Delete
  7. ශ්‍රී ලංකාවේ දකුනු වෙරළ තීරයේ හුංගම ප්‍රදේශයේ සහ හම්බන්තොට සමහර පැතිවල පොලව මීටරයක් දෙකක් කැනුව විට හුනුගල් මතුවෙනවා සිප්පි මතුවෙනවා. නුවරඑලි පැත්තෙනුත් එහෙම හිරිගල් මතුවෙනවා...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වගේ දෙයක් අහලා තිබුනා කියලා පොඩි මතකයක් තිබෙනවා...

      Delete
  8. එලම එල. අඩේ ශිප්ටන් මෑනියන්ගේ ලෙනේ ෆොටෝ එකක් දැම්මනම් ඔයාට පුදුමත් හිතේවී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! තොරතුරක් ලබා දුන්නටත් ස්තූතියි!

      Delete
  9. Thanks Dinesh,
    mama comments nodammata oyage hama post ekakma balanawa godak watinawa, thanks

    ReplyDelete
  10. බොහොම වටිනා තොරතුරක් ස්තුතියි෴ ඔබට......

    ReplyDelete
  11. මගෙන් සුබ පැතුම් ..350 වෙනි එකත් අගනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මම මේ ලිපියට අදාල තොරතුරට මුල ලබා ගත්තේ Windows 7 theme එකෙන්....

      Delete
  12. හැමදාම වගේ 350 වෙනි ලිපියෙනුත් නොදැන හිටි දෙයක් කියලා... මං මේක google images වල ගහල බැලුවම තවත් ලස්සන පින්තූර මතු වුනා... ස්තුතියි දිනේෂ්....

    ReplyDelete
  13. පළමුව සුබ පැතුම්...
    ඒ වගේම නොදන්නා ඉසව්වක් ගැන සුපිරි තොරතුරු ටිකක්.. අගෙයි.

    ReplyDelete
  14. අනික් ඒව වගේම 350 ත් සුපිරි ලිපියක් දිනේෂ්.......
    දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔබට නිබඳ ව ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දීර්ඝම කාලයක් සත් සමුදුර සමග සිටි ඔබ මේ මොහොතේත් පැමිණීම ඉතා අගය කොට සලකනවා...

      Delete
  15. පළමුවෙන්ම ඔබට සුබ පැතුම් .. තව තවත් අර්ථවත් රසවත් මාතෘකා රැගෙන ඒමට ශක්තිය දෛර්ය ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා !!!

    හැම දාමත් ලිපි කියෙව්වට කොමෙන්ටුවක් දමන්න නම් බැරි උනා. මෙවන් කඩ ඉමකදී වත් කොමෙන්ටුවක් නොදා ඉන්න එක ලොකු ගුණමකු කමක් වගේ දැනුන. ඉදිරිය්දී කෙසේ හෝ කොමෙන්ටුවන් දමන්නම්..

    ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! හැකි අවස්ථාවක කමෙන්ටු ලියන්න. කාර්යබහුල බව මැද්දේ අඩුම ත‍රමෙන් ලිපි කියවා යාමත් ශක්තියක්...

      Delete
  16. ලිපි 350ට උණුසුම් සුබ පැතුම් දිනේශ්...

    මේ කතාව මම කවදාවත් අහලා නොතිබුන එකක්.. හරිම අපූරු තැනක්නෙ.. ස්තූතියි මේ ගැන විස්තර හොයලා බෙදා ගත්තට...

    ReplyDelete
  17. හැමදාම වගේ නොදන්නා දෙයක් කියලා දුන්නට ස්තුතියි දිනේෂ්

    සුබපැතුම් 350 ට

    ReplyDelete
  18. මගෙනුත් උණුසුම් සුබපැතුම්!!! තව තවත් අපිට දැනුම ලබා දෙන්න ඉදිරියටත් හැකිවේවා!!!

    ReplyDelete
  19. ශා.. මම අදමයි මෙහෙම ආකරයක් තියෙනවා කියල දැනගත්තේ..
    බොහොම ස්තුති අපිව දැනුවත් කරාට.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ‍බොහොම ස්තූතියි!

      Delete
  20. 350 වෙලි ලිපියට සුභ පැතුම් දිනේෂ්. ඉක්මනින්ම 500 ත් ගොඩදාන්න ලැබේවා කියල ප්‍රාර්ථනාකරනවා.

    ඇත්තෙන්ම මේ ලුණු නිධිය හරිම අපූරු තැනක්නේ. මම කලින් මෙහෙම එකක් අහල තිබුනෙම නෑනේ.

    ReplyDelete
  21. 350වෙනි සමරුමට උපරිම වටිනාකමක් දීලා තියෙනවා.

    බ්ලොග් අවකාශේ බ්ලොග්ස් අතුරින් අපට දැනුම බෙදන වටිනාම බ්ලොග් එක කෝකද කියලා ඇහුවොත් මට නම් දෙකක් නෑ සත්සමුදුර.

    මේ ලිපියත් අනෙක් ඒවා වගේ ම තමයි. ලබා දුන්නු දැනුම උපරිමයි.

    ජය වේවා දිනේෂ්. දිගටම මේ වගේ වටිනා ලිපි අපට ලබා දෙන්න ධෛර්‍ය ශක්තිය ලැබේවා . .

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වටිනා ලිපියක්...ඔබට බොහොමත්ම ස්තුතියි...!!!

      Delete