Tuesday, December 18, 2012

ඔබගේ දෘඩතැටියේ හෝ ඕනෑම දත්ත සුරැකුම් මාධ්‍යයක දත්ත අස්ථානගතවූයේද? නැතහොත් අනපේක්‍ෂිත අන්දමින් Format වුනාද? මෙන්න නිරුපද්‍රිතව ඒවා නැවත ලබා ගැනීමට සුදුසුම මෘදුකාංගය

පසුගිය දිනයක "ලොකු" අකරතැබ්යක් වුනා. ඒ තමයි පරිගණකයේ තිබෙන එක් hard disk  එකක් active කරන්න යෑමේදී එහි 160 GB ධාරිතාවයෙන් එක් partition එකක් හැරෙන්නට අනෙක් සියල්ලම unallocated තත්ත්යට පත්වීමයි. මෙහෙම දෙයක් වුනාම ඕනෑමෙ කෙනෙක් කලබලයට පත්වන එක ස්වභාවිකයි කියලයි මට හිතෙන්නේ. මටත් එහෙම වුනා. සාමාන්‍යයෙන් නම් Microsoft ආයතනය නම් උදම්අනන්නේ මෙහෙම හානිකර තත්ත්වයන් Windows වල වැඩ කරමින් සිටියදී සිදුනොවන බවයි. ඒත් ඉතින් දැන් වෙලා ඉවරයි. මේ වගේ අවස්ථාවල නැවත data recovery කරන්න පුළුවන් මෘදුකාංග ගැන සෙවුම් කරල ඔන්න එකකින් recover කරන්න බැළුවා. ඒත් අර නැතිවුන හැම partition එකක්ම එයින් පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් තව මෘදුකාංගය කිහිපයක්ම මේ සදහා අත්හදා බැළුවත් ප්‍රතිඵලය එකමයි. තව විශේෂත්වය තමයි මේ මෘදුකාංග බොහෝමයක්ම මුදල් ගෙවා භාවිතා කළ යුතු සහ ඒවා වෙනත් ක්‍රම වලින් පරිපූර්ණ තත්ත්වයට පත්කළත් අදාල කාර්යය නිසි ලෙස නොකිරීම හෝ එම මෘදුකාංග නිෂ්පාදකයන් පවසන ගුණාත්මක තත්ත්වයක් එහි නොමැතිවීම.

කෙසේවෙතත් බලාපොරොත්තුකඩවී ඇති මොහොතක නොමිලේම ලබා ගත හැකි TestDisk මෘදුකාංගය භාවිතා කළ අතර එයින් දත්ත පෙන්වූයේ සහ නැවත ස්ථාපනය කරගතහැකි වූයේ සාමාන්‍ය තත්ත්ව‍යේ පවතින දෘඩතැටියකින් දත්ත ලබා ගන්නා සේ පහසු ලෙසමයි. විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය DOS අතුරුමුහුනතක් සහිත වීම සහ ඉතා කුඩා ප්‍රමාණයේ මෘදුකාංගයක්ද වීමයි. මෙන්න එහි ඇති විශේෂතා.

TestDisk can
  • Fix partition table, recover deleted partition
  • Recover FAT32 boot sector from its backup
  • Rebuild FAT12/FAT16/FAT32 boot sector
  • Fix FAT tables
  • Rebuild NTFS boot sector
  • Recover NTFS boot sector from its backup
  • Fix MFT using MFT mirror
  • Locate ext2/ext3/ext4 Backup SuperBlock
  • Undelete files from FAT, exFAT, NTFS and ext2 filesystem
  • Copy files from deleted FAT, exFAT, NTFS and ext2/ext3/ext4 partitions.
ඒ වගේම මේ මේ Operating System වලත් එය භාවිතා කළ හැකි බව දක්වා තිබුනා.

TestDisk can run under
  • DOS (either real or in a Windows 9x DOS-box),
  • Windows (NT4, 2000, XP, 2003, Vista, 2008, Windows 7 (x86 & x64),
  • Linux,
  • FreeBSD, NetBSD, OpenBSD,
  • SunOS and
  • MacOS X
ඉතින් මෙම විස්තර සමග තවත් වැඩිදුර තොරතුරු වගේම මෙතරම් වටිනා  මෘදුකාංගයක් download කර ගන්නත් පුළුවන් http://www.cgsecurity.org/wiki/TestDisk වෙබ් අඩවියට පිවිසුනා නම්.


22 comments:

  1. මම තාම මේකේ වැඩ දාන්න පටන් ගත්තේ නෑ... මොකද අමාරුවේ වැටුනොත් අහගන්නවත් කට්ටිය අඩු නිසා.. ඕන්න මේක නම් මට වටිනවා... MacOS X වලටත් සපොට් කරන නිසා... දන්න අය හොයන්න දෙයක් නෑ නේ... හි හි... පිංසිද්ධ වෙච්චාවේ.....

    ReplyDelete
    Replies

    1. ආ හිරු මැක් වගේ පාවිච්චිය, ග්‍රැපික් කරන ඈයෝ නේ

      Delete
  2. ආ මේ විදිහ වටින දෙයක් බෙදා ගන්න එකනම් වටිනවා

    ReplyDelete
  3. කවදා හරි මටත් වටීවිනෙහ්?

    ReplyDelete
  4. hammo hari watinawa....
    e wagema
    '''''Get data back for NTFS'''''
    ekath hodayi oya wadeta...
    thanks again hari watinawa....

    ah pahu giya kalema me blog eka load une naha...
    e ai ?

    ReplyDelete
  5. හදිසියක දි ගන්න කියල ඕං මාත් බාගත්ත.
    ඔත්තුව දුන්නට බොහොම ස්තූතියි දිනේෂ්....

    ReplyDelete
  6. මම ඔය soft 1 ගැන දැන ගත්තේ ශාකුන්තල අයියගේ බ්ලොග් 1න් මාර වටින soft 1 ක් මගේ 260GB බේරලා දුන්නා කිසිම හානියක් නැතිව.

    ReplyDelete

  7. ඔය සොෆ්ට්වෙයා හරියන්නෙ හාඩ්ඩිස්ක් එක හඳුනාගන්නවනම් විතරයිනේ. හුඟක් වෙලාවට වෙන්නේ හාඩ්ඩිස්ක් එක හඳුනාගන්නේ නැහැ. හේතුව හුඟක් වෙලාවට ඒ හාඩ්ඩිස්ක් එක සම්බන්ද පරිපතය ක්‍රියා විරහිත වීම. ඒනිසා ඒකට ප්‍රවේශ (access) වෙන්න බැහැ. ඒ වෙලවට හාඩ් එක ගලවල (එක්ස්ටර්නල් හාඩ් එකක් නම් ඒකේ කේසින් එක ගලවල ) ගහන්න කේබල් තියෙනවා
    http://www.newertech.com/products/usb3_universaldriveadap.php

    Dawkinssdodo

    ReplyDelete
    Replies
    1. ""The "Swiss Army Knife" of Disk Connectivity"" great design!!! THnXX

      Delete
  8. thnxs a lot....................

    ReplyDelete
  9. ඕන් මාත් බාගත්තා.. ස්තූතියි දිනේශ්...

    ReplyDelete
  10. ස්තූතියි දිනේෂ්, බාගෙන බලන්න ඕන.

    ReplyDelete
  11. මෙය ඕනෑම කෙනෙකු ළඟ තිබිය යුතු මෘදුකාංගයක්.

    ReplyDelete
  12. meka usekaranne komai. DOS commands danne nahane

    ReplyDelete
    Replies
    1. මුලින්ම download කර ගෙන extract කරල testdisk_win.exe file එක Run as Administrator විදියට run කරන්න. එතනින් එහාට කරන්න ඕන දේවල් instruction විදියට තියෙනවා. හරිගියේ නැතොත් කියන්න...

      Delete
    2. meken recover wela ena files tika store wenne original thibba widiata newei ne.files godak hadila :( ape deta hoyaganna amaruine

      Delete
  13. මම පරිගනකයට අලුත්.මෙක use කරන හැටි පිලිවෙලකට ලියන්න බැරිද?

    ReplyDelete
  14. ඔන්න මමත් බෑවා

    ReplyDelete
  15. I rarely сomment, howеvеr i diԁ some sеarching anԁ wounԁ up
    hеre "ඔබගේ දෘඩතැටියේ හෝ ඕනෑම දත්ත සුරැකුම් මාධ්‍යයක දත්ත අස්ථානගතවූයේද? නැතහොත් අනපේක්‍ෂිත අන්දමින් Format වුනාද? මෙන්න නිරුපද්‍රිතව ඒවා නැවත ලබා ගැනීමට සුදුසුම මෘදුකාංගය".

    Anԁ Ι actually do havе a couplе
    of quеstіοnѕ for you if іt's allright. Is it only me or does it look like a few of the responses come across like left by brain dead individuals? :-P And, if you are posting at additional social sites, I'd lіke to keep
    up ωith everуthing freѕh you haνе to pоst.
    Wοuld уou liѕt of thе cоmρlеtе urlѕ of your shared pаgеs like your
    linkeԁіn ρrofile, Facebooκ pagе or
    twittеr fеeԁ?

    Checκ οut my wеb pagе :: cccam serveurs Gratuit

    ReplyDelete
  16. දිනේෂ්...ඔයා මේ හදුන්වා දුන්න SOFTWARE එකටනම් ඔයාට කොහොම Thanks කරන්නද කියල තේරෙන්නේ නැ .මගේ External Hard disk(500GB) වැරදිලා format උනා.ඒ වෙලාවෙ කර කියාගන්න නැතුව හිටියේ.ඔයාගේ මේ article එක බලපු මගේ හොදම යාලුවෙක් තමා මේක ගැන මට කිව්වෙ .ඒ ලින්ක් එකට ගිහින් එකෙ තිබුන steps ටික follow කලා. මගේ hard disk එකේ තිබුන ඔක්කොම data recover උනා .මම මගේ යාලුවටත් thanks කලා ඒ වගේම ඔයාටත් thanks a lot .ඔයාට පුළුවන් හැම වෙලේම මේ වගේ article දාන්න.අපි වගේ කල්පනාවක් නැතුව වැඩ කරන අයට ගොඩක් ලොකු Help එකක් වේවි.

    Suresh

    ReplyDelete