Saturday, December 1, 2012

ඇමරිකානුවෙකු සේ ඉංග්‍රීසි කතා කරමු පොතේ දේවල් අපි ටිකක් ලේසි විදියකට කතා කරමුද?

මෙන්න වැඩ වැඩියි වගේම කම්මැලිකම නිසා මොනවත් ලියන්නේ නැතුව ඉදලා ටිකක් අමුතුම ආකාරයේ ලිපියකින් අද ඔබ හමුවට මම එනවා. මම මේ දවස් වල අර  SPEAK ENGLISH LIKE AN AMERICAN කියන පොත කියවමින් සිටිනවා. අපේ සිංහල භාෂා‍වේ වගේම තිබෙන විවිද උපමා, යෙදුම්, කියමන් යනාදිය ඉංග්‍රීසි භාෂාවෙත් කොහොමද භාවිතා වෙන්නේ කියන එක මෙම පොතේ තිබෙනවා. ඔබටත් අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් පහසුවෙන්ම මෙම පොතේ ebook එක download කරගැනීමට අවස්ථාව තිබෙන බව කියන්න ඕන. මෙන්න එකටත් මඟ -
http://cs6276.userapi.com/u78342335/docs/34fb9c661a0f/Speak_English_Like_An_American.pdf

ඇත්තටම ඉංග්‍රීසි බසේ මෙම උපමා, යෙදුම් කියමන් යනාදිය (Idioms and Expressions) යනාදිය අපි ඩික්ශනේරියකින් වචනෙන් වචනය බලා තේරුම් කරගන්න ගියොත් නම් එන්නේ අර අදහස් කළ තේරුම නම් නෙමෙයි. හාත්පසින්ම වෙනස් තේරුමක්. ඉතින් විනෝදයටත් එක්ක වගේම මේ පොතේ පළමු පාඩමේ සමහර කොටස් මම දැන් ඔබටත් ඉදිරිපත් කරන්නම්. ඔබගේ ප්‍රයෝජනයටත් එය ඉවහල් වෙන්නටත් පුළුවන් සහ මම නොදන්නා දෙයක් තිබුනොත් යමක් එයින් දැන ගැනීමටත් පුළුවන් වෙතැයි සිතනවා. මේකට හොද ප්‍රතිචාරයක් ලැබුනොත් ඉදිරියට මෙය ලිපි පෙළක් ලෙසත් රැගෙන යන්නට සිතා සිටින බවත් මතක් කරන්නට කැමතියි. මේක පාඩමක් කියුවට සැහැල්ලුවෙන්, විනෝදයෙන් ආගිය කතා සමග කරගෙන යන්නට තමයි ඕන්න දැන් හදන්නේ.

Break the news - මේක ඉතින් දැන් හුරු යෙදුමක්නේ. ‍මොකද අපේ රූපවාහිනී චැනල් ගණනාවකම හිටිය ගමන් දාන්නේ Breaking news කියලා (ඉස්සර නම් ඒවා ඇත්තටම වැදගත් ප්‍රවෘත්ති ගැන තමයි දැම්මේ. දැන්නම් වැදගම්මකට නැති ඒවටත් Breaking news කියලා දානවා. සමහර ඒවා "තමන්ගෙම පිට කහගන්න" ඒවා තමයිට අපිට බලෙන් Breaking news කරන්න හදන්නේ.) 

හොදයි, Break the news කියන්නේ ඇත්තටම විශේෂිතවූ එහෙමත් නැත්නම් තවකෙකුට යම් තිගැස්මක් ඇති කරලිය හැකි ‍හෝ විශේෂිතවූ අවධානයක් ලබාදීමට කරන්නාවූ කාරණා  ප්‍රකාශයටයි. කණගාටුවට කාරණයක් වන්නේ බොහෝවිට මේ ආකාරයෙන් ලබාදෙන්නේ බොහෝවිට සුභවාදී නොවන තොරතුරක් හෝ සිද්ධියක් පිළිබදවයි (to tell someone some important news, usually bad news). උදාහරණයක් ලෙස මෙන්න මේ ආකාරයට එම Break the news කියන භාවිතා කරන බව පෙන්වන්න පුළුවන්.

  • The doctor had to break the news to Jane about her husband's cancer. I hope that the doctor broke the news gently.
  • Samantha and Michael are getting married, but they haven't yet broken the news to their parents
  • You'd better break the news to your father carefully. After all, you don't want him to have a heart attack!
Cost an arm and a leg - ගොඩක් මිල අධික දේවල් වලට තමයි මේ cost an arm and a leg කියන යෙදුම භාවිතා වෙන්නේ.

  • These opera tickets cost us an arm and a leg!
  • A college education in America costs an arm and a leg.
( අපේ රටෙත් බඩුමිල ඉහළ යන විදියට ඉස්සරහට මේකට an arm and a leg නෙමෙයි තව ඒවත් එකතු කරන්න වේවි).
Dead-end job - ඉදිරියක් නැති, දියුණුවක් නැති රැකියාවන් සදහා මෙය භාවිතා කරනවා.
  • Diane realized that working as a cashier was a dead-end job.
Give one the creeps- මොකක් හරි සම්බන්ධයෙන් පිළිකුලක්, බියක් වැනි හැඟීමක් ගෙන එන දෙයකට මෙලෙස හදුන්වනවා.
  • There was a strange man following me around the grocery store. He was giving me the creeps!
(to) go back to the drawing board - ආපහු ගිහින් චිත්‍ර අදින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. යම් කාර්යයක් නැවත මුල සිට පටන් ගන්න කියන එක තමයි හරියටම මෙයින් අදහස් කරල තියෙන්නේ (to return to the planning stage, so that a failed project can be planned again).

  • Frank's new business failed, so he had to go back to the drawing board.
  • These plans have to go back to the drawing board. I thought these problems went back to the drawing board once already.
Go belly-up - බංකොළොත් වෙන එකට තමයි (to go bankrupt) Go belly-up කියල කියන්නේ.
  • Many people lost their jobs when Enron went belly-up.
(to) give someone the ax - කවුරු හරි රස්සාවෙන් අස් කරන එකට තමයි (to fire someone) මෙලෙස භාවිතා වෙන්නේ (terminate the employment of; discharge from an office or position).
  • Poor Paul! He was given the ax two days before Christmas (අනේ! අසරණ පෝලව නත්තලට දවස් දෙකකට කලින් රස්සාවෙන් අස්කරළනේ.)
(to) lose one's temper - කාටහරි ගොඩක් තරහ යන එකට තමයි මෙහෙම කියන්නේ (to become very angry) (මට හිතෙන විදියට ඉවසීම සීමාව ඉක්මවා යන එකත් මෙයින් අදහස් වෙනවා ඇති.)
  • Bob always loses his temper when his kids start talking on the telephone during dinner.
  • Lisa lost her temper and began shouting at Bob. I hate to lose my temper at someone. I always end up feeling guilty.
(to) make up one's mind - යම් තීරණයකට එළඹීම තමයි අදහස් වන්නේ (reach, make, or come to a decision about something).
  • Stephanie couldn't make up her mind whether to attend Harvard or Stanford. Finally, she chose Stanford.
    Do you want an omelette or fried eggs? You'll need to make up your mind quickly because the waitress is coming
no point in - හේතුවක් නැහැ එහෙමත් නැත්නම් අවශ්‍යතාවයක් නැහැ කියන එකට භාවිතා කරන්න පුළුවන්.
  • There's no point in worrying about things you can't change.(ඔබට වෙනස් කරන්න බැරි දේවල් ගැන කම්පාවෙන එකේ තේරුමක්(අවශ්‍යතාවයක්/හේතුවක්) නැහැනේ?)
  • There's no point in going on a picnic if it's going to rain.
(to) put up with - ඉවසගෙන ඉන්නවාඔරොත්තු දෙනවා කියන එකට භාවිතා කරන්න පුළුවන්. අපි යම් දෙයක් හැකි තරම් ඉවසගෙන ඉවස ගෙන ඉන්න එකට මෙය ගැලපෙනවා.
  • For many years, Barbara put up with her husband's annoying behavior. Finally, she decided to leave him. (අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ හිංසාකාරී හැසිරීම ඉවසගෙන හිටිය බාබරා අන්තිමේදී ඔහුව දාල යන්න තීරණය කළා).
real flop or flop - අසාර්ථකත්වයට එහෙමත් නැත්නම් බිඳවැටීමට (a failure), පාඩුවකට මෙය යොදා ගන්න පුළුවන්.
  • The Broadway play closed after just 4 days - it was a real flop!
  • The company was in trouble after its new product flopped.
(to) save the day - මේ දවස් ඉතුරු කරගත්ත එකක් ගැන කියනවා නෙමෙයි. යම් වෙන්නට ගිය කරදරයකින් ගැලවුන/ගලවා ගත්ත එකක් ගැන කීමටයි මෙය යොදා ගන්නේ (to prevent a disaster or misfortune).
  • The Christmas tree was on fire, but Ted threw water on it and saved the day.
(as) sharp as a tack - ඔන්න යමෙකුගේ දක්‍ෂතාවයකට, උගත්කමට එහෙමත් නැත්නම් නිපුණතාවයකට භාවිතා කරන්න පුළුවන් යෙදුමක් තමයි මේ.
  • Jay scored 100% on his science test. He's as sharp as a tack.
  • Anna got a scholarship to Yale. She's as sharp as a tack.
 (to) talk over - යමක් පිළිබදව සාකච්ඡා කිරීමට (to discuss) මෙය යොදා ගනු ලබනවා.
  • Dave and I spent hours talking over the details of the plan.
  • Before you make any big decisions, give me a call and we'll talk things over.
top dollar - යමකට ඉහළ මිලක් ගෙවීම සම්බන්ධයෙන් තමයි මෙම top dollar කියන යෙදුම භාවිතා වෙන්නේ.
(උදාහරණයක් විදියට මේ දවස්වල අපි හාල් ගන්න top dollar ගෙවනවා.)
  • Nicole paid top dollar for a shirt at Banana Republic.
  • Wait until those jeans go on sale. Why pay top dollar?
ඔන්න එහෙනම් පළමු පාඩම ඉවරයි. ‍මෙම ලිපිය අල්ලලා ගියොත් දෙවැන්න සහ ඉදිරියටත් යන ලිපි පෙළක් දැක ගැනීමට හැකිවේවි....

34 comments:

  1. very nice..Dinesh Im looking forward part II. today im d first commenter..

    ReplyDelete
  2. අපි ගන්නේ සූර්ය සිංහ ලකුණ තියෙන එව්වා විතරයිනේ :D
    නැද්ද Speak English like a Sri Lankan කියලා පොතක් හෙම? :D :D

    ReplyDelete
  3. Great...pls continue

    ReplyDelete
  4. ඇමරිකන් ඉංග්‍රීසි තමයි මටත් වැඩිය ඇහෙන්නේ මේ දවස්වල . හදිසියේ ඔලුවට එන්නේ නැහැ . මතාක් වුනොත් අලුත් දෙයක් දාන්නම් . හොඳ ලිපියක් දිනේෂ්

    ReplyDelete
  5. ඔන්න මාත් බාගත්ත.
    බොහොම ස්තූතියි දිනේෂ්.......

    ReplyDelete
  6. ස්තූතියි හොඳ පොතක් දුන්නට :)

    ReplyDelete
  7. godak sthuthui ayya, mama th download kara

    ReplyDelete
  8. ඉතාම වටින ලිපියක් මේක හරිම වටිනවා....මෙය දිගටම ඉදිරිපත් කරන්න..
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  9. හොඳ පාඩමක් දිනේශ්... දිගටම කරන්න... ඉංග්‍රීසි ලස්සන වෙන්නෙ මේ යෙදුම් දාලා කතා කළාම තමා...ඒත් ඕවයෙ නියම තේරුම සහ යෙදිය යුතු තැන් ගැන පැහැදිලි කරගන්න තියන අවස්ථා අඩුයි. ඒක නිසා මේක හොඳ සේවයක් වේවි..

    ReplyDelete
  10. පිස්සු පීකුදු වෙනවා
    බාගෙනම බලන්න ඕන

    ReplyDelete
  11. ඉංගිරිස් නේද අම්මෝ මම කොච්චර අසරනද ඔතනදි

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. මට ඉංග්‍රීසි බැහැ කියන විධානය උඹ විසින් උඹටම දීගන ඉවරයි.. එකෙන් උඹ 50% නිකන්ම පැරදිලා.. ඉතුරු 50% යමක් කරද්දි හැමෝටම හැමෝටම පොදු දුෂ්කරතා..

      ඉස්සෙල්ලා පළවෙනි 50& ගොඩ දාගන හිටහන්.. එතකොට අනිත් පනහම නිකන්ම ගොඩ..

      උඹට වරදක් කියන්නත් බෑ ඕක අපේ ජාතික චින්තනය.. පටන් ගන්නෙම;

      " අපෝ අහවල් එක නේද ?"
      " ඒක කොච්චර අමාරුද ?"
      " මට ඕවා බෑ.." කියලා...

      ඔය මැෂිමක් කෑලි කෑලි ගලවලා අලුත් එකක් වගේම මවන්ඩ පුලුවන් උඹට, ඉංග්‍රීසි මොන කජ්ජක්ද බන්.. අදම පටන් ගනින්.. මේ ලෝකෙ කරන්ඩ බැරි වැඩ බොහොම සුලුතරයයි බන් තියෙන්නෙ.. අනිත් ඔක්කොම පුලුවන්.. විශේෂයෙන් මේ වගේ වැඩ.. අනිවා පුලුවන් දේවල්.. මුල් 50% ගොඩ දාගන්න විතරයි ඕනා..

      Delete
  12. බොහොම ස්තූතියි, මමත් බාගත්තා!

    ReplyDelete
  13. නියමයි දිනේශ් අයියා දිගටම කරන්න :)

    ReplyDelete
  14. දිගටම කරනවනම් ප්‍රයොජනවත් වෙයි හුගක් අයට..

    ReplyDelete
  15. වටින දෙයක්. ඔතනට Grease Monkey කියන එකත් දැම්ම නම් හොදයි. මම දැක්කා TV එකේ ඒ වචනේ තේරුම විදියට "ග්‍රීස් වඳුරා" කියලා subtitle එකක දාලා තියෙනවා. එයාලත් ඔය කිව්වා වගේ ඩික්ශනේරියකින් බලලද කොහෙද දාලා තියෙන්නේ.

    ReplyDelete
  16. ඉතා වටිනා ලිපියක්.. කියවන්ට නම් ලැබෙයි ද දන්නෙ නෑ.. ඒත් කොයි එකටත් බා ගත්තා..

    Any way, I am going back to the drawing board.. :D

    ReplyDelete
  17. ඉංගිරිස් වටිනවා , අපි නොදන්න නිසා...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  18. හොදම හොද ලියපියකි. ස්තුතියි ඔබට මේ ලිපියත් එක්ක පොතත් බෙදා ගත්තට. මේ දවස් වල හිරු එකේ යන යුනිට් කතා මාලාවේ කියන උපහැරණ නම් තේරුනේම නෑ. බලමුකෝ පොතේවත් තියේද කියලා.

    ReplyDelete
  19. ඇත්තටම වටිනා කියන ලිපිය.සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.ඊළඟ ලිපියත් ඉක්මනට ඕන.ජය!!!

    ReplyDelete
  20. හැමෝටම ස්තූතිකරන අතරේ මේ ලිපියට බලාපොරොත්තුවුනාට වඩා හොද ප්‍රතිචාරයක් තවමත් ලැබෙමින් පවතින් බවත් පවසනු කැමැත්තෙමි. හොදයි එහෙම නම් දෙවන ලිපිය හැකියාවක් ලැබුනොත් හෙටම පළ කරන්නම්....

    ReplyDelete
  21. නියමයි දිගටම මේ වගේම ලියන්න

    ReplyDelete
  22. ස්තුතියි දිනේශ්.මේ වගේ පොත් ගැන දැනගන්න ලැබුනොත් අපිත් එක්ක බෙදාගන්න..

    ReplyDelete
  23. මන් බාගත්තා. දිගටම කොරන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න. මේ ගැන දිගටම ලියලා ඒ පෝස්ට් ටිකත් ඊබුක් එකක් හැටියට දානවද? ප්ලීස්??? අපි වගේ අයට ගොඩක් වටිනවා. මට eng. බෑ. ලොකු ට්‍රයි එකක් දෙන්නෙ කඩ්ඩ අල්ලගන්න. ඒ හින්දා මේක වටිනවා කියාගන්න බැරි තරම්. තියෙන වැඩ මදිවට අමතර කරදර දෙනවා කියලා හිතන්න එපා.

      Delete
    2. ප.ලි.

      මම මේ පෝස්ට් එක ඉස්සුවා හොඳේ.

      Delete
    3. ඉල්ලීම සතුටෙන් භාරගත්තා. මේ ලිපි පෙළ අවසන් වූ පසුව PDF එකක් ලෙස සතසා ලබා ගැනීමට ඉඩකඩ සලසන්නම්....

      Delete
  24. ගොඩක් හොඳ ලිපි පෙලක ආරම්භයක් වගේ,,වැඩි පුර ගැවසෙන්නෙ බ්‍රිතාන්‍ය වාසියොත් එක්ක...ඒ වුනාට බලන්නෙ හොලිවුඩ් චිත්‍රපට..ඒ නිසා ඇමෙරිකන් වුනත් එංගලන්ත වුනත් ඉංග්‍රීසි ගැන තියන ඕනම ලිපියක් ගොඩක් වටිනවා..

    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. පොතත් ඩවුන්ලෝඩ් කරගත්තා...ගොඩක් හොදයි

      Delete
  25. පොත දැන් ගන්න බෑ.ලින්ක් එක වැඩකරන්නෙ තැ.

    ReplyDelete
    Replies
    1. http://ge.tt/5iR7CtR/v/0
      මේකෙන් ගන්න

      (SPIDER- The Detective)

      Delete