Thursday, October 27, 2016

20 - පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු

ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි පොතක් හෝ අළුත් පොතක් තද කවරයකින් යුතුව තවත් කාලයක් පුරා හානිය අවම වන සේ භාවිතයට ගන්නා නිර්මාණය කිරීම මෙම පොත් බැඳීමේදී සිදුකරන අතර එය සංරක්‍ෂන කටයුත්තක් වගේම එක්තරා ආකාරයක කලාවක් කියලත් කියන්නට පුළුවන්. බලමු එය කරන්නේ කොහොමද කියන එක.


ඒ වගේම විවිද කටයුතු වලදී නිල තත්ත්වය ලබාදීමට භාවිතා කරන රබර් මුද්‍රා ඔබ දැක ඇති. සමහරවිට ඔබ සතුවත් එවැනි ඒවා ඇති. ඉස්සර නම් තීන්ත වලින් පොඟවන ලද Ink Pad එකක් මත රබර් මුද්‍රාව තද කිරීමෙන් අනතුරුව තමයි මුද්‍රාව අදාල ලේඛණය මත තැබීම සිදුකරන්නේ. ඒත් දැන් එවැනි Ink Pad එකක් නොමැතිව රබර් මුද්‍රාව තනන අවස්ථාවේම එයට තීන්ත ගැල්වීම සිදුකර තිබෙන නිසා කරදරයකින් තොරවම භාවිතයට ගන්න පුළුවන්. ඒත් අපි දැනගෙන හිටියේ නැහැනේ මේ ආකාරයට රබර් මුද්‍රාව හදන්නේ කොහොමද කියන එක. මෙන්න ඒ ගැනත් දැන් බලාකියාගන්න පුළුවන්.


රෙජිෆෝම් එහෙමත් නැත්නම් පොලිස්ටයිරීන් යොදා ගන්නවා විවිද කාර්යයන්ට. එහෙත් එය වඩාත් පොදුවේ යොදාගන්නේ ඇසුරම්කරණයේදී කම්පන අවශෝෂනය කර ගැනීමට වගේම අදාල උපකරණයට හීරීම් වගේ දේවල් ඍජුවම වීම වලක්වා ගැනීමටත්. ඉතින් මේ රෙජිෆෝම් හදන විදිය තමයි මේ.

වෙළෙද සැල්, විවිද ආයතන වල සිය නාමය හෝ එම ආයතනය විසින් සපයන සේවා හෝ භාණ්ඩ පිළිබදව විචිත්‍රවත් ලෙස දැනුවත් කිරීමට නියෝන් නාම පුවරු යොදා ගන්නවා. අද LED බල්බ් යෙදූ පුවරු බහුලව යොදා ගත්තත් මීට වසර කිහිපයකට පෙර නියෝන් නාමපුවරු තමයි ඒ කාර්යය සිදුකළේ. මෙයත් එක්තරා ආකාරයක කලාවක්.


6 comments: