Friday, December 7, 2012

අනුන් කථාකරන දේවලට අනවසරයෙන් කට දැමීම කොහොමද පවසන්නේ කියන දේත් සමග ඇමරිකානු ඉංග්‍රීස අපේ සිංහලෙන් - IV

කාලය නාස්ති කරන්න ඕන නැහැ. කෙලින්ම පාඩමට යමු. ඒවගේම හැකි තරම් උදාහරණත් මේ යෙදුම් සමග ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා.

(to) butt in - "butt"  කියල දැක්ක ගමන් වැරදි අර්ථයක් ගන්නවා එහෙම නෙවෙයි. (to) butt in කියල කියන්නේ බොහෝවිට දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු කතා කරමින් සිටින අතරේ එයට අදාල නොවන පිටස්තරයකු කට දැමීමයි(to interrupt; to interfere). සමහරවිට එම පිරිස අතරේම කෙනෙක් කරගෙන යන කතා බහට අදාල නොවන සේ කට දැමීමටත් මෙය යොදගන්න පුළුවන්. කොහොමවුනත් මේ පුරුද්ද ග්‍රාම්‍ය, නරක එකක් වගේම මෙසේ යමෙකුට පවසන්නට සිදුවීමත් ටිකක් හොද මදි දෙයක්. නමුත් කරන්න දෙයක් නැහැ සමහර වෙලාවට මෙය යොදා ගන්නට සිදුවෙනවා.

  • Nancy is always butting in to other people's business.
  • Sara is really rude. She always butts in to other people's conversations.
  • Pardon me for butting in on your conversation, but this is important. (මෙහිදී තමන් කරන්නේ වැරැද්දක් වුවත් ප්‍රමුඛතාවය දියයුතු යමක් තිබෙන නිසා කරන්න දෙයක් නොමැති කමින් දෙබස මැදට පැනීමට සිදුවූ බව අවධාරණය කරයි).
  • John butted in on Tom and Jane to tell them that the mail had come.
(to) drive one crazy - මේ පිස්සුවෙන් රිය පැදවීමක් ගැන නොවෙයි කියන්නේ. කෙනෙක් කරන යමකින් තවකෙකු කෝපයට හෝ අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් තමයි මෙසේ යොදා ගෙන තිබෙන්නේ (to force someone into a state of insanity or mental instability or to annoy or irritate someone).

  • Don't ask Mrs. Smith how old she is. It drives her crazy.
  • Please stop chewing gum so loudly. It's driving me crazy!
  • The sound of the wind howling drove me crazy.  
  • This itch is driving me crazy. (මේ කසන එක මට මහ වදයක්!)

ඒ වගේම  drive someone insane සහ drive someone mad කියන යෙදුම්ද මේ සදහා භාවිතා කරන්නට පුළුවන්.
  • The dog's constant barking drove me insane.
  • All these telephone calls are driving me mad.
(to) go into - මෙය අර්ථ කිහිපයක් සදහාම භාවිතා කරනවා. එකක් තමයි යම් වෘත්තියක් සදහා පිවිසීම දැක්වීමට භාවිතා කිරීම (to enter a profession).

  • Lisa enjoys arguing with people, so she decided to go into law.
  • Do you like solving people's problems? If so, you should consider going into psychology.
යම් ගොඩනැගිල්ලක් තුලට යාම පැවසීමටත් යොදා ගන්නවා. (Enter)
  • Go into the house and get a pen.
වෙනත් මනෝභාවයකට පත්වීම දැක්වීමටත් (Enter another emotional state).
  • Sally went into hysterics.
 කිසියම් මාතෘකාවක් පිළිබදව කතා කරන්නට යෑමටත් භාවිතා කරනවා (Discuss details). 
  • I don't have time now to go into the whole story.
 (මේවාටද අමතරව තවත් අවස්ථා රැසකටම go into යොදා ගන්නා බව සැලකිය යුතුයි).

green with envy - කොටින්ම කියනවා මෙයින් අදහස් වන‍්නේ ඉරිසියාව දැක්වීමටයි. සමහර විට එය සත්‍ය වශයෙන්ම ඉරිසියාව ප්‍රකාශ කරන (appearing jealous; appearing envious) අතර දෙවන උදාහරණය අනුව නම් සිය මිතුරාගේ ලොතරැයි ජයග්‍රහණය පිළිබදව අනෙක් මිතුරා යම් ආකාරයකින් සතුට ප්‍රකාශ කරන ආකාරයත් විය හැකියි (wishing very much that you had what someone else has). පස්වන උදාහරණයත් එවැන්නක්.

  • When Daniel got promoted to vice president of the bank, his colleagues were green with envy.
  • You won the lottery? I'm green with envy!
  • My new car made my neighbor green with envy. 
  • Bill was green with envy that I won first place.
  • Sharon's going off to the south of France for three weeks and we're all green with envy.
head and shoulders above - අනෙක් අය අභිබවා දක්‍ෂතා‍වයෙන් යුතුවීම හෝ ඉහළින් සිටීම පිළිබදව දැක්වීමට මෙය යොදා ගන්නවා (clearly superior to someone or something).
  • The Boston Symphony Orchestra is head and shoulders above any other orchestra in the area.
  • I can't believe you only won second prize in the competition. You were head and shoulders above the first-prize winner!
  • This wine is head and shoulders above that one.  
  • John stands head and shoulders above Bob.
  • Chicago's basketball team may be the oldest, but it is still head and shoulders above the rest of the league.
(to) hit the nail on the head - යමක් පිළිබදව නිශ්චිතවම නිවැරදි ලෙස පැවසීම පිළිබදව මෙය යොද ගන්නවා.
(අපේ ඇතැම් අයත් කියන්නේ යමක් හරියටම කළාම ටක්කෙටම වදින්න කරාය කියලා. අන්න ඒ වගේ දෙයක් විය යුතුයි මෙයිනුත් කියන්නේ. සමහර විට ලංකාවේත් ඇතැම් ප්‍රදේශ වල මෙම අර්ථයම ඇති වෙනස් ආකාරයේ යෙදුම් භාවිතා කරනවා වෙන්න පුළුවන්).‍
  • Dawn hit the nail on the head when she said that Tiffany is jealous of Amber.
  • Steve hit the nail on the head with his idea of moving his company's manufacturing facility to China.
  • Mike hit the nail on the head when he said most people can use a computer without knowing how it works.
(to be) on thin ice (with someone) - අවදානම් තත්ත්වයක පසුවීම හෝ කෙනෙකු සමග තාවකාලිකව හිත අමනාපයෙන් සිටීම හැඟවීමටත් යොදා ගන්නා බව කියන්න පුළුවන්.
  • Joey was on thin ice with his mom after he spent his lunch money on candy bars.
  • Bill was on thin ice with his girlfriend after she saw him at the movie theater with another girl.
  • Billy is on thin ice and is in great danger.
  • If you try that you'll really be on thin ice
  • That's too risky. If you don't want to find yourself on thin ice, you must be sure of your facts.
  • My brother was already on thin ice with the coach when he injured his knee.
ඒ වගේම අවධානම් දෙයක් කිරීම හෝ පත්වීම සම්බන්ධයෙන් "to skate on thin ice"  කියන යෙදුමත් භාවිතා කරනවා.
  • Joey knew he was skating on thin ice when he bought candy with his lunch money.
  • They knew that by publishing the article they were skating on thin ice.
(to) pay (someone) a compliment - කෙනෙකු වර්ණනා කිරීම හෝ ප්‍රශංසාවට ලක්කිරීම මෙයින් කරනවා. 
  • Professor Russo paid Jennifer a compliment. He said she had a beautiful smile.
  • Isn't it wonderful to pay someone a compliment? It makes them feel good, and it doesn't cost you anything!
  • I was pleased with Alice's work and complimented her on it.  
  • They complimented me on my new tie.
  • Tom paid Bill a compliment when he told him he was intelligent. 
  • Mary was very gracious when Anne paid her a compliment.
(to) shake in one's shoes - අපි කියන්නේ බියෙන් කකුල් වෙව්ලුවා කියලා අන්න එහෙම වගේ අර්ථයක් තමයි මෙයිනුත් දෙන්නේ. කෙටියෙන් කියනවා නම් දැඩිසේ බියට පත්වීම.
  • Brianna is scared of her French teacher, Monsieur Le Monstre. Whenever he speaks to her, Brianna starts shaking in her shoes.
  • During the storm, Billy was hiding under his kitchen table and was really shaking in his shoes
  • I was shaking in my boots because I had to go see the manager for being late. 
shut up - කෙනෙකු කතා කරන විට හෝ කතා කරගෙන යන විට එයට තමන් කැමති නැත්නම් කට වහගන්න කියන එක තමයි මෙයින් කියා තිබෙන්නේ කොහොමවුනත් මෙලෙස භාවිතා කිරීම නම් එතරම් ශිෂ්ඨ නැති නිසා කරුණාකර කතාව නවත්වනවාද? වගේ අර්ථයක් තිබෙන "Please be quiet!" කියන එක භාවිතා කිරීම වඩාත් සුදුසු බව ඉංග්‍රීසිය පිළිබදව හොද දැනමුතු ඇත්තන්ගේ මතයයි.

  • The professor talked for hours. I thought he'd never shut up.
    (මෙහිදී අදාල අයට ඍජුව ප්‍රකාශ නොකොට සිතින් පමණක් ඔහු තවදුරටත් කතාව කරගෙන යනු ඇතැයි අදහස් කරයි).
  • Nicole kept telling Ted to turn down his stereo. Finally, he got angry and said, "Shut up!" 
Way to go! - "ඔහොම යං... ඔහොම යං", ඔව් අපි වැඩක් සාර්ථකව කරගෙන යනකොට යාළුවෝ එහෙම කියන්නේ. ඒවගේ තමයි දෙයක් හොදින් කරගෙන යන කොට එය පැසසීමට නැත්නම් ධෛර්යමත් කිරීමට මෙලෙස භාවිතා කරනවා (a phrase encouraging someone to continue the good work).

  • You won $2,000 in the poetry writing contest? Way to go!
  •  That was an interesting article you wrote. Way to go!
  • As John ran over the finish line, everyone cried, "That's the way to go!" 
  • "Way to go!" said Mary when Bob finally got the car started.
 අදට එච්චරයි....
 

8 comments:

  1. Very Useful. Thank you!

    ReplyDelete
  2. ස්තුතියි මිත්‍රයා

    ReplyDelete
  3. වටිනවා දිනේෂ්.....
    පාඩම් මාලාව දිගට ම කරගෙන යමු.

    ReplyDelete
  4. ඕකේ. දිගටම ....

    "Way to go!"

    ReplyDelete
  5. ම්..සමහර ඒවා Phrasal verbs ගණයටත් වැටෙනවා..පාවිච්චි කරන්න ගිහින් අමාරුවේ වැටෙන තැන්..

    ස්තුතියි දිනේෂ..

    ReplyDelete