Tuesday, December 4, 2012

මෙන්න ඉංග්‍රීසි පාඩමේ දෙවැන්න - ඇමරිකානු ඉංග්‍රීසි අපේ සිංහලෙන් - II

හොදයි.ගියපාර ලිපියට ඉතා හොද ප්‍රතිචාරයක් ලැබී තිබුනා. එහෙමනම් වැඩි කතාබහට නොගිහින්ම අද වැඩ පටන් ගමු.

(to) change one's mind - යමෙකුගේ තීරණය අදහස වෙනස් කිරීමට තමයි මෙය භාවිතා වන්නේ(to change one's opinion or decision)
  • Brandon wasn't going to take a vacation this year, but then he changed his mind and went to Bora Bora for two weeks.
    (බ්‍රැන්ඩන් මේ අවුරුද්දේ නිවාඩුව ගත කරන්න කොහාටවත් යන්න හිතාගෙන සිටියේ නැහැ. ඒත් පස්සේ ඔහු සති දෙකකට බෝරා බෝරා යන්න හිත වෙනස් වුනා.)
    Why aren't you applying to medical school this year? Did you change your mind about becoming a doctor?
    (ඇයි ඔබ මේ අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට යන්න ඉල්ලුම් නොකරන්නේ? මොකද දොස්තර කෙනෙක් වෙන්න තිබුන අදහස වෙනස් කළාද?)
(to) get canned  - යම් අයෙකුගේ රැකියාව නැතිවෙන්නට යාමට හෝ නැතිවීම ගැන තමයි මෙයින් කියන්නේ (to lose one's job; to get fired)
  • After Chris got canned, it took him a year to find a new job.
    (ක්‍රිස්ගේ රස්සාව නැතිවුනාට පස්සේ අවුරුදු දෙකක්ම ගියා අළුත් රස්සාවක් හොයා ගන්න).
  • Lisa is a lousy secretary. She deserves to get canned!

(to) hang in there - යමක් අත්නොහැර කෙසේ හෝ රැදී සිටින්න කියන්න තමයි භාවිතා කරන්නේ.
  • I know you're four games behind, but you can still win the tennis match. Just hang in there! 
  • Hang in there, Don! Your invention will soon be a success.

if worse comes to worst - වැඩේ නරකම අතට හැරුනොත්/ සිදුකරගෙන යනදේ හරියන්නෙම නැත්නම් කියන දේකට භාවිතා කරන්න පුළුවන්.
  • Ted's car isn't running well. If worse comes to worst, he can take the bus to school.
    (ටෙඩ්ගේ කාර්එක ස්ටාර්ට් වෙන්නෙම නැති වුනොත් බස් එකෙන් හරි ඔහුට පාසටල යන්න පුළුවන්.)
  • I know you're running out of money. If worse comes to worst, you can always sell some of your jewelry.
(to) keep one's chin up - ධනාත්මකව සිටීම ‍එහෙමත් නැත්නම් කරදරයක් වෙලා තිබෙන වෙලාවෙත් කොහොම හරි එයට සාර්ථකව මුහුන දීමට ධෛර්යමත් කිරීමත් මෙයින් සිදුකරනවා.

  • Even when he was unemployed and homeless, Bill managed to keep his chin up.
  • Keep your chin up! You'll find your lost dog soon.
Last resort - යමක් සම්බන්ධයෙන් ගන්නට තිබෙනා අවසානම විසදුම එහෙමත් නැත්නම් කරන්නටම දෙයක් නැත්නම් එයින් ගොඩඒමට ගතහැකි අවසානම පියවර සදහා මෙය භාවිතා කළ හැකියි (if there are no other alternatives left; the last solution for getting out of a difficulty)

  • David was locked out of his house. He knew that as a last resort, he could always break a window.
  •  I don't like taking medicine. I'll only take it as a last resort.
(to) live from hand to mouth - ඉතාම අවම මූල්‍යමය තත්ත්වයක් යටතේ ජීවත් වන්නට සිදුවීම හෝ දුප්පත් බව හැඟවීමට මෙසේ භාවිතා කරනවා (to barely have enough money to survive).
  • Jenny was earning $5 an hour working at the store. She was really living from hand to mouth.
  • George is really poor. He lives from hand to mouth.
(to) look on the bright side - යමක් සම්බන්ධයෙන් අසුභවාදීවම නොසිතා/නොබලා යම් සුභවාදී ආකාරයකිනුත් එය දෙස බලන්න කියන එක තමයි කියන්නේ (to be optimistic; to think about the positive part or aspect of a situation)

  • Leo was upset that his soccer game was canceled. His mother said, "Look on the bright side, now you can stay home and watch TV."
  • You lost your job? Look on the bright side, now you'll have more free time!
(to) make ends meet - යමෙකු සතුව තිබෙනා මුදල් ප්‍රමාණයෙන් තවදුරටත් ජීවත්වීමට හෝ ඔහු කරගෙන යනු ලබන කාර්යයක් කර ගත නොහැකි නම් යන අරුථ සදහා මෙය යොදා ගනු ලබනවා.
  • Kimberly wasn't able to make ends meet so she had to ask her parents to pay her rent.
    (කිම්බර්ලි අතේ තිබෙන මුදල් වලින් ඇ‍යගේ නිවාස කුලිය ගෙවා ගත නොහැකි නිසා ඇය සිය දෙමව්පියන්ගෙන් එය ගෙවිය හැකි දැයි අසා සිටියා).
  • If you can't make ends meet, you'll need to start spending less.
    (ඔබ සතුව තිබෙන මුදල් වලින් ඔබගේ වියහියදම් පියවා ගැනීමට නොහැකි නම් ඔබගේ වියදම් අඩු කිරීමයි කළ යුත්තේ).
Out of work - රැකියාවක් ‍නොමැතිව සිටීමට මෙය භාවිතා කළ හැකියි.
  • Gary was out of work for a year before finding a new job.
  • Bob is out of work. Do you know anybody who might want to hire him?
(to) set eyes on or lay eyes on- ‍යමෙකු හෝ යමක් කෙරේ ඇස ගහගෙනම සිටීමට (අවධානයෙන්ම සිටීටමට) වගේම යමෙකු හෝ යමක් පළමු වරට දැකීමටත් මෙය භාවිතා කළ හැකියි.
  • Ted was in love from the moment he set eyes on Amber.
    (ටෙඩ්ට ඇම්බර්ව දැක්ක වෙලාවෙම ඇය ගැන ආදරයක් ඇතිවුනා).
  • Susan knew from the moment she set eyes on Ted's friend Lucas that he would be trouble.
    (ටෙඩ්ගේ යාළුවා, ලූකස් ගැන සුසාන් දැනගත්ත වෙලාවේ ඉදලම ඔහු ගැන ඇහැ ගහගෙන හිටියේ ඔහුගෙන් කරදරයක් වෙයිද කියලා).
  • I knew when I set eyes on that car that it was the car for me. 
  • Have you ever laid eyes on such a beautiful flower?
(to) stab someone in the back - හොදට මිතුරුව ඉදල දන්නෙම නැතුව හතුරු කම් කිරීමට නිරූපනයට ‍මෙය යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අකෘත්‍ය වීමටත් භාවිතා කරන්න පුළුවන්.
  • Jill and Heather were friends, until Heather stabbed Jill in the back by stealing her boyfriend.
  • You're firing me after all I've done for this company? You're really stabbing me in the back!
  • I wish you would not gossip about me. There is no need to stab me in the back.
(to be) stressed out - යමෙකු යමක් කෙරේ දැඩි ආතතියෙන්/මානසික පීඩාවෙන් පසුවීමට මෙය යොදා ගන්න පුළුවන්.
  • Al is so stressed out about his job that he can't sleep at night.

(to) tell off - කියන්න තිබෙන දෙයක් දැඩිව කියා දැමීමට හෝ කියන්න බලාපොරොත්තුවීමට මෙය යොදා ගන්න පුළුවන්.
  • When Ted showed up for chemistry class a half an hour late, his teacher really told him off.
  • Patty is going to tell off the plumber because the pipes he said he fixed are still leaking.
thank goodness - යමක් ගැන සිත කරදරයෙන් වෙලී තිබියදී එයින් මිදීමට හැකිවූ විට මෙලෙස භාවිතා කරන බව කියන්න පුළුවන්.
  • When Ted came home at 4 a.m. last Sunday, his mother said, "Thank goodness you're home! I was so worried about you."
  • Thank goodness you didn't go to California on Monday. It rained there every day this week.
(to) think big - ඉහළම අභිමතාර්ථයක්/ ඉලක්කයක් තබා ගන්නට පැවසීමට යොදාගනී (to set high goals).
  • Why run for Governor of New York? Think big: run for President of the United States!
  • Ken and Sandra hope to sell their house for $3 million dollars.They always think big.
When pigs fly! - කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන කියන කොට භාවිතා කරන්න පුළුවන්. හරියට අපේ ජනවහරේදී ඉබ්බන්ට පිහාටු ඇවිත් ඉ‍ගිලෙන දවසක වගේ කියමනක් තමයි.
  • Will Ted teach Nicole how to play the guitar? When pigs fly!
  • Sure, I'll give you my new laptop. When pigs fly!
 ‍එහෙමනම්...ඊලඟ පාඩමෙන් හමුවෙමු.

9 comments:

  1. nice post.. Learned a new word recently.

    ''under employment. ''

    got a job , but not enough for ones qualifcations or not enough salary

    ReplyDelete
    Replies
    1. Thanks a lot Chmila - under employment : A situation in which a worker is employed, but not in the desired capacity, whether in terms of compensation, hours, or level of skill and experience. While not technically unemployed, the underemployed are often competing for available jobs.

      යම් පිරිසක් කිසියම් වෘත්තියක නියැළුනත් ඔවුන් අපේක්‍ෂිත සුදුසුකම් වලින් පහළ බව හැඟවීමට භාවිතා කළ හැකිය.

      Delete
    2. මන් හිතන්නේ ඒක නෙවේ... "තමන්ගේ සුදුසුකම් වල‍ට වඩා පහල රැකියාවක් ලැබීමයි".
      As in yahoo answers:
      The employment of workers with high skill levels in low-wage jobs that do not require such abilities, for example a trained medical doctor who works as a taxi driver.

      Delete
    3. සොයා බැළුවිට දැනට නම් කියන්න තිබෙන්නෙ මෙම අර්ථ දෙක සදහාම Underemployment කියන යෙදුම භාවිතා වන බවයි. වැඩි යමක් තිබුනොත් ඉදිරියේදිත් කියන්නම්...

      Delete
  2. සහෝදරයා මේ ලිපි පෙළ නම් මට මාර විදියට වටිනවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. What a great work saho..I wish u for long journey. I think this is the one of space but u r completing now.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. බොහොම ස්තූතිය් දිනේශ්. නොදැන සිටි කිහිපයක්ම දැන ගත්තා..

    ReplyDelete
  5. ස්තුතියි දිනේෂ්.ඔබ ලිපියක් සම්පාදනය කරන්න ගන්න මහන්සිය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි..අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා තියනවා තමයි, ඒත් ඔබගේ කාර්යය සුවිශේෂියි. ගොඩදෙනෙක්ට මේක හොඳ ආරම්භයක් වෙයි කියලා හිතනවා

    ReplyDelete
  6. හුරේ.. මේකත් ගත්තා.

    ReplyDelete