මෙන්න ඊයේ පෙරේදා ලියවුන ලිපි වලට වඩා වෙනස් මාතෘකාවක ලිපියක්.
ඔබ පරිගණකය ඉදිරියේ සිටිමින් වැඩි වේලාවක් වැඩ කිරීමෙන් අනතුරුව බොහෝවිට ඔබගේ ඇස්වල වෙහෙසක් නැත්නම් පීඩාකාරීබවක් දැනෙනවා නේද? සමහරවිට ඔබ ඔබගේ පරිගණක මොනිටරයටත් දොස්පවරනවා ඇති එහි අඩුපාඩුවක් නිසා මෙය සිදුවෙන බවට. ඒත් ඔබ දන්නවාද එසේ පීඩාවක් දැනෙන්නේ පරිගණක තිරයේ වරදක් නොව ඔබගේම අතපසුවීමකින් බව. එය
ඔබ නොදනුවත්වම සිදුවන්නක්. එනම් ඔබට ඇසිපිය ගැසීමට අමතකවීමයි. මෙය ඔබට පමණක් නොව
මෙය ලියන මාහටද සිදුවන්නක්. උදාහරණයක් ලෙස අපි පරිගණකයේ ක්‍රීඩාවකට ලොබ බැදගෙන සිටින
මොහොතක හෝ අන්තර්ජාලයේ රසවත් තොරතුරකට සිතඇදී ගිය මොහොතක ඇසිපිය ගහනවා තියා වෙනත්
දෙයක් වත් මතක්වේද? පරිගණකය සමග වැඩකරන අයට පමණක් නොව ඔබ පොත්ගුල්ලෙකු සේ
පොත්කියවන්නෙක් නම් මෙසේ ඇස් වෙහෙසට පත්වීම නොවැලැක්විය හැකි කරුණක්.
ඇයි
අපි ඇසිපිය ගැසිය යුත්තේ? සරලව මෙයට
පිළිතුරක් සපයන්නේ නම් අපේ ඇස් වියලීමෙන් වලකා ඇසට තෙතමනය ලබාදීම සදහා මෙය සිදුවිය
යුතුය. එසේම ඇසට ඇතුළුවිය හැකි ආගන්තුක ද්‍රව්‍යන් ඇතුළුවීම වැලකීම සදහාද මෙය
උපකාරීවේ. ඇස වියලීමට ලක්වූ විට ඇසට වෙහෙසක් දැනේ. එමෙන්ම එය වැඩි වේලාවක්
තිබුනහොත් ඇසට දැවිල්ලක් දැනීමද වැලකීමට නොහැකිවෙයි.
එපමණක්
නොව මෙය දිගින් දිගටම සිදුවූ විට ආලෝකය දෙසට බැලීම පවා අපහසුවන අතර එවිට ඇස් වලට
වේදනාකාරී ලෙස කදුළු ගැලීම හා ඇස් වලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තුරු වේදනාකාරී
අත්දැකීමක් විදීමටද සිදුවේ.
ඉතින් මෙම අපහසුතාවයට
ලක්වන ඔබේත් මගේත් පහසුව පිණිස දැන් උපැස් යුවලක් නිපදවා තියෙනවා. Masunaga නම් ඇස් කණ්නාඩි නිපදවන ජපන් සමාගමක් විසින් නිපදවූ මෙම
උපැස් යුවල නම් කරල තියෙන්නේ Wink Glasses නමින්.
මෙම උපකරණය ක්‍රියාකරන්නේ මෙසේයි. මෙහි සංවේදකයක්
(a sensor) සවිකර
ඇති අතර එයින් ඔබ කොපමණ වේලාවක් තිස්සේ ඇසිපිය නොගසා සිටිනවාද යන්න ගණනය කරයි. එය තප්පර 5 කදී
සිදුනොවන්නේ නම් මෙම උපැස්යුවලේ සේයාරුවෙන් පෙනෙන දකුණු පස කොටස මීදුමකින්
වැසුනාසේ නොපැහැදිලි වන්නට පටන්ගනී. මෙම තත්වය ඔබ නැවත ඇසිපිය ගසන තුරු පවතී.
තව
ගැටළුවත් ඔබට පැනනගින්නට ඇතැයි සිතමි. එනම් මෙම ක්‍රියාවලිය මෙම උපැස්යුවලේ
සිදුවීමට එයට බලශක්තියක් අවශ්යනේද? යන්න විය යුතුයි. එයට දිය යුතු පිළිතුර නම්
මෙය ඔබගේ පරිගණකයේ USB කෙවෙනියකට සවිකිරීමෙන් මෙහි ඇති බැට්රිය ආරෝපණය
කල හැකි අතර වරක් ආරෝපණය කල පසු පැය 8 ක් නැවත ආරෝපණයකින් තොරව භාවිත කල හැකි අතර
අවශ්‍යනම් ඔබට මෙය පරිගණකයට සම්බන්ධකර තිබෙන මොහොතේ වුවද භාවිතාකල හැකිය.
දැන් මෙම උපැස් යුවලේ වැදගත්ම තොරතුර එනම් මෙහි
මිල කොපමණවේදැයි සොයාබැලීමට අවශ්‍යවේ. මෙහි මිල ඇමරිකානු ඩොලර් 150 ක් ලෙස මිල කර
තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රු.16,000/= පමණ වේ. මිලනම් ටිකක්
වැඩි වුවත් මෙම උපැස් යුවල නිපදවූ සමාගම නම් කියන්නේ එය ඔබට හොද ආයෝජනයක් බවයි.
ඉතින් ඔබම තෝරාගන්න මෙම විකල්ප දෙක. එනම්, මතක ඇතිව ඇසිපිය ගසනවාද? නැතහොත් මෙවැනි
මිලක් ගෙවා මෙය ඔබ සතුකරගන්නවාද?
මේ දවස් වල හැටියට මට නම් වැදගත් මෙහෙම එකක්... මොකද දවසට පැය 14ක් විතර මොනිටරේ දිහා බලන් ඉන්න එක කරන්නෙ... ගාන තමයි වැඩි... :)
ReplyDeleteකන්නාඩිය හොදයි ගාන තමා වැඩි. ස්තුතිය මේ ගැන ලිව්වට
ReplyDeleteගැජට් 1 ක නං එච්චර ප්‍රායෝගික ග්තියක් පේන්නෙ නෑ....... , හැබැයි අදහසක් වශයෙන් හොද්යි , ( Sameera )
ReplyDeleteදැනුවත් කළාට තෑන්ක්ස් දිනේශ්.
ReplyDeleteඅපේ කට්ටිය කණ්නාඩිත් දාගෙන ඇස් දෙකට ගිණිකූරු මුක්කු ගහගනියිද? ;-)
ReplyDeleteඅනේ නිකන් ඇසිපිය ගහන එක ලාබයි වගේ . බලාගෙන ගියහම මිනිසා කොච්චර කම්මැලි වෙලාද කියලා හිතෙනවා
ReplyDeleteසිහියේ තබාගෙන ඇසිපිය ගහන්නම් තත්පරයක් පාසාම. මේ තරම් මිළකට ඇසිපිය ගහන්න අපිට බැරිනිසා.
ReplyDeleteකොහොමත් ආරංචිය දුන්න එක හොඳයි.
මම එහෙනම් එකපාරටම පිළිතුරක් ඔක්කොම අයට දෙන්නම්. මේ උපැස් යුවල නම් මිලයි තමයි. ඒවගේම මෙය ප්‍රායෝගික වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. හැබැයි මම නම් මේ කියන ඇස් ආබාදයට ලක්වෙලා තියෙනවා. දීර්ඝ වේලාවක් පරිගණකය දිහා බලා ඉදලා ඊට පසුවදා ඉදන් ඉර එළිය බලන්නත් බැහැ. හරියට විදුලි කොටනවා වගේ. දොස්තර මහතෙක් ඇස් වලට දාන්න බෙහෙත් දුන්නට සතියක්ම අදුරට වෙලා වගේ තමයි ඉන්න වුනේ....
ReplyDeleteහරි අපූරු උපකරණයක්. මටත් තියෙනව ඔය ප්‍රශ්ණේ මොකද දවසේ වැඩිහරියක් පරිඝනකය ඉස්සරහමයි. ඔෆ්ස් ඉඳල ගෙදර ගියත් අයේ වාඩිවෙන්නෙත් ඕක ඉස්සරහ. මට පොඩි ගැටලුවකට තියෙන්නේ ඔය කියන උපකරණේ කන්නාඩියක් වගේ එකකට සවි කරලමද එන්නෙ නත්නම් එක අපේ කන්නඩියට සවිකරනවද කියන එක.
ReplyDeleteමමනං තාම අමාරුවෙන් හරි ඇහැ පියගහගන්නව. අපේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නව මිනිහනම් විටින් විට ඇහැට දියරයක් දාගන්නව කෘතීම කඳුළු කියල. මං හිතන්නේ ඒක දාන්නේ ඇහේ වියලි බව නැතිකරන්න.
නියමයි අයියා....
ReplyDeleteඅන්න ශ්‍රීමාල් කිව්ව වගේ අපේ උපැස් යුවලටම සවිකරගන්න තිබෙනව නම් හොදයි. මොකද මම උපැස් භාවිතා කරන්නෙක්.
ReplyDeleteමමත් දැන් විපාක විඳ විඳ ඉන්නේ... තව නරක් වෙන්න කලින් මතක් කරල ඇස් පිය ගහන්න ඕනේ... තොරතුරට ස්තූතියි..
ReplyDeleteමම හිතන්නේ මේක යම් උපැස් යුවලකට සවි කරල එවන්නේ. හැබැයි වෙනමම සවිකරන එකකුත් බොහෝවිට මෙම නිපදවන්නන් ලබා දේවි...
ReplyDeleteමුලින්ම තියෙන පින්තූරයේ එය වෙනමම නේද තියෙන්නේ. ඒ කියන්නේ මෙය ඕනෑම උපැස් යුවලකට සවි කරන්න පුළුවන් ඇති...
ReplyDeleteඅම්මෝ .. මන් නම් ඇහිපිය ගහනවා සල්ලි ඉතිරිකරගන්න
ReplyDeleteඇසිපිය ගහනවා මාත් :)
ReplyDelete@සරත් ලංකාප්‍රිය & මලිති - ගාන දැක්කම දෙන්නම බයවුනාද?
ReplyDelete