Friday, December 30, 2011

මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4

තෙවන ලිපිය ටිකක් වෙනස් ආකාරයක් ගත්තත් එම ලිපියෙනුත් මෙම ලිපි මාලාවට අනගි මෙහෙයක් ඉටුකරන බව මගේ හැගීමයි. එසේනම් අද ලිපියෙන් මධ්‍යතන යුගයේ ප්‍රභලම කණ්ඩායමක් හා විටෙක රාජ්‍ය පාලනය පවා යම් බලපෑමක් කරන ලද පූජක පැලැන්තියේ වගතුග විමසා බලමු.

මේ වන විට මේ ලිපි මාලාවට අදාලව පලකර ඇති අනෙක් ලිපි -
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3

මෙහිදී පූජක පැලැන්තිය ලෙස ප්‍රධාන වශයෙන් හැදින්වෙන්නේ එදා ගමේගොඩේ පල්ලිවල සිටි පූජකයන් ගැන නොව ප්‍රධාන පෙලේ භූමිකාවකට පණදුන් බිෂොප්වරුන් පිළිබදවයි. ඔවුන් බැරන්වරුන් හා සමමට්මටක සිටි බව කියන අතරම ඔවුන්ගේ පාලනයට නතුවූ බලාධිකාරය Dioceses ලෙස හැදින්වූහ. මෙයින් ආවරණය කෙරුනේ ඒ ඒ ප්‍රදේශවල පල්ලි හෝ ආරාමයයි පැවසුවත් වරදක් නැහැ. එසේම ඔවුන්ට පහලින් සිටි සියළුම පූජකයන් සහ සියළුම පල්ලි ආරාම ආදියේ ප්‍රධාන පාලකයන් වූයේද ඔවුන්මය (Dioceses  - The district or churches under the jurisdiction of a bishop). තවද රටේ පහලම ස්ථරය වන ප්‍රවේණි දාසයන් වගා කල බෝගයන්ගෙන් වාර්ශිකව බද්දක් ලෙස දහයෙන් එකක් ලබාගත් අතර මේ නිසා බිෂොප්වරු හොද ධනවතුන්වූ බවද පැවසේ. මෙම දහයෙන් එකේ බද්ද Tithes ලෙස හදුන්වන ලදි (Tithes - A tenth part of one's annual income contributed voluntarily or due as a tax, especially for the support of the clergy or church).

මෙම බිෂොප්වරුන් අතරින්ද ප්‍රධානියා ආර්ච්බිෂොප් වූ අතර එතුමා රාජසභාවේද අසුන් ගත් අතිප්‍රභලයකු වූ අතර රාජ්‍ය පාලනයේදීද බලපෑමක් සිදුකල හැකි හා සිදුකල අයෙක් බව මේ යුගය ගැන කියවෙන බොහෝ විස්තරවලද පැවසේ. බිෂොප්වරුන් ලෙස පත්වූයේ එකල එම රටවල සිටි ප්‍රභූපැලැන්තියේ පවුල්වලින් පැවත ආ අය බවද කිවයුතුය.

විවිද මට්ටම වල පූජකයන්

14වන සියවසේ බිෂොප්වරයෙකුගේ Mitter ලෙස හැදින්වූ හිස්වැස්ම

ක්‍රිස්තියානි පල්ලිය එදා මධ්‍යතන යුගයේ විසූවන්ගේ ප්‍රධාන කේන්‍ද්‍රස්ථානයක් වූ අතර යුරෝපයේ එය කොටස් දෙකකට බෙදී තිබුන බවද පැවසේ. එනම් රෝමය කේන්‍ද්‍රගත කරගත් කතෝලික පල්ලි සහ එදා කොන්ස්තන්තිනෝපලය හෙවත් අද ඉස්තාන්බුල් මධ්‍ය ලක්‍ෂය කොටගත් ඔර්තර්ඩොක්ස් පල්ලියයි. මේ අතරින් වඩාත් බලවත් වූයේ කතෝලික පල්ලිය බව කිවයුතු අතර එහි ප්‍රධානියා පාප්වහන්සේවිය. සේම එයටම අවේණිකවූ නීති, ඉඩකඩම් සහ බදු ක්‍රමයක්ද නඩත්තුකරගෙන ගිය බව පැවසේ. මෙම කතෝලික පල්ලි එදා වාසය කල දුප්පත් පෝසත් භේදයක් නොමැතිව සියළු දෙනාගේම ජීවිත වලට අධ්‍යාත්මිකව ප්‍රභල ලෙස බලපෑ අතර කුඩා දරුවන් භෞතීස්ම කිරීම, විවාහ චාරිත්‍ර පල්ලියේ ඉටුකිරීම මෙන්ම ඉරිදා පැවැත්වෙන දේවමෙහෙයට සියළු දෙනාගේ සහභාගීත්වය සිදුවිය යුතුවිය. එපමණක් නොව කෙනෙකු මිය ගිය පසු පල්ලියේ පූජකතැන විසින් ඔහුගේ අවසන් කැමති පත්‍රය ප්‍රකාශකරනු ලැබූ අතර දේහය මිහිදන් කරනු ලැබූවේද පල්ලියේ භූමිය තුලයි.

එදා පෘතු‍වියේ විසූවන් බොහෝ සත්වයන්ගේ (මනුෂ්‍යන්ගේද ඇතුළුව) බොහෝ කෙටිවූවත් එම සියළු ධර්මතාවන්ට යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව අර්ථකතනයන් ලබාදී මරණින් මතු දිව්‍යාත්මභාවයන් ලැබීම පිළිබදව දිරිමත් කල අතර මිනිසුන්ගේ හදවතේ සහ සිතුවිලිවලට එයින් ඇතිකලේ දැවැන්ත බලපෑමකි. පූ‍ජකයන් මෙම කාර්යය ඉතා සාර්ථකව ඉටුකල අතර මිනිසුන්ගේ ජීවිතය කෙලවර වු පසු ඔහුගේ ජීවිතයේ හොද සහ නරක යන දෙඅංශයම දෙවියන් විසින් තුලනාත්මකව විමසා බලා ඔහුව ‍දිව්‍ය ලෝකයට රැගෙන යාමට සුරදූතයන්ට භාරකරනවාද, නැතහොත් ඔහුගේ නරක පැත්ත වැඩිනම් ඔහුව අපායට රැගෙන යාමට යමපල්ලන්ට භාරකරවාද නැත්ද යන්න තීරණය කරනු ලබන බව පූජකයන් දේශනාකලේය. එපමණක් නොව පල්ලිවල එම සිදුවීම දැක්වෙන සිතුවම් සිත්තම් කිරීමට හෝ කැටයම් මූර්ති ආදියෙන් නිරූපණය කරවීමටද වගබලාගත්තේ එදා විසූ බොහෝ ජනතාවට සාක්‍ෂරතා හැකියාවක් නොතිබූ නිසා ඔවුන්ට මෙම ධර්ම කරුණු හොදින් තේරුම් ගැනීමටයි.



පල්ලියේ ඉගැන්වීම් වලට අභියෝගකරන ලද නිර්භිත අයද එදා සිටියහ. ගිහි පාර්ශවයෙන් මෙන්ම පල්ලියේ පූජකවරය ලබා පූජකයන් ලෙස කටයුතු කල අයද, පල්ලියේ ඉගැන්වීම් වලින් මිනිසුන් ආධ්‍යාත්මකිව මෝහනයකට ලක්කරත් අතිශයින් ධනස්කන්දය එක්රැස්කරගෙන පූජකයන් සැපවිදීම ගැන කලකිරීමට පත්ව සත්‍යතතු ලෝකය හමුවේ පැවසීමට සිටියවුන් සිටියහ. පල්ලිය විසින් මෙවැනි අය හැදින්වූයේ Heretics නැතහොත් මිත්‍යාදෘෂ්ඨිකයන් ලෙසයි. (Heretics - A person who holds controversial opinions, especially one who publicly dissents from the officially accepted dogma of the Roman Catholic Church). එහෙත් ඔවුන්ට මෙවැනි අභියෝග කිරීම නිසා විදින්නට සිදුවූ ගැහැට නම් අපමන විය. පල්ලියට මෙවැනි පුද්ගලයන් හෝ කණ්ඩායම් කිසිදු අනුකම්පාවකින් තොරව ඉවත්කරදැමීම අතිශයින් වැදගත් වූයේ මෙවැනි මත සමාජය තුල ස්ථාපිතවීම ඔවුන්ගේ බලපරාක්‍රමයට කරන බලපෑම සුළුපටු නොවන බව හොදින් වටහා ගැනීම නිසයි. ඔවුන් සදහා විශේෂිතම නීතිමාලාවක් ක්‍රියාත්මක කල අතර ඔවුන‍්ව සහමුලින්ම ඉවත් කිරීම සදහා ප්‍රසිද්ධියේ පුලුස්සා මරන ලද්දේ ඔවුන් මිත්‍යාදෘෂ්ඨිකයන්/මිසදිටුවන්, මන්ත්‍රකරුවන්, මායාකරුවන් ආදී විවිද අර්ථකථනද ලබාදෙමිනුයි.

උදාහරණයක් ලෙස 11 වන ශතවර්ශයේ දකුණු ප්‍රංශයේ සහ උතුරු ඉතාලියේ විසූ Cathar නම් ආගමික කණ්ඩායම කතෝලික පල්ලියේ ප්‍රධානතම ඉගැන්වීමක් වන දෙවියන් වහන්සේ සියළු සේ මැව්වාය යන සංකල්පය ප්‍රතික්‍ෂේපකල අතර ඔවුන්ගේ අදහසවූයේ සියළු දේ මවන ලද්දේ සාතන් විසින් බවයි. තවද‍ භෞතීස්ම යනාදී කතෝලික මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ ප්‍රධානම අංගයන්ට දෙවියන් නොව සාතන් මැදිහත්වන බව ඔවුන් විශ්වාසකලහ
(Beliefs Common to All Cathars- All Cathars believe that the devil made the world and everything in it, and that all the sacraments of the Church, both that of baptism by water, which is material, and the others, do not help us to salvation, and are not true sacraments of Christ and his Church but devilish frauds of a church of the wicked. http://courseweb.stthomas.edu/medieval/francis/catharism.htm)


කෙසේවෙතත් කතෝලික පල්ලිය හා Cathar පාර්ශවය අතර ගැ‍ටුම උග්‍රවූ අතර කතෝලික පල්ලියේ ප්‍රධානියා වන පාප්තුමා 1208 මාර්තු 10 වනදා සියළු මිසදිටුවන් මුලිනුපුටා දැමීමට ශුද්ධවූ යුද්ධයක් ප්‍රකාශයට පත්කලේය. මෙයින් පසුව මෙම Cathar විශ්වාසය තිබූ ජනයාට වදබන්ධන වලට ලක්වීමට හා පුළුස්සා ඝාතනයට ලක්වීමට සිදුවූ අතර 200,000 සිට  මිලියනයක අතර පිරිසක් ගතවු වසර 26 දි පමණක් කතෝලික පල්ලියේ පාර්ශවය විසින් මරණයට පත්කරනලද ලද බවද අතීතාවලෝකණයේදී දැනගන්නට ලැබේ.


කෙසේවෙතත් මෙම ජන සංහාරයේදී ඉතිරිවූ Cathar වණගතව සිට රහසිගතව හෝ ඔවුන්ගේ බලය නොනැසී තිබූ ප්‍රදේශවල බලකොටු සහ ආරාම ආදියට රැස්ව තර්ජනයන්ට මුහුණ දුන්නත් ඔවුන් රැස්ව සිටි ස්ථාන විනාශයට ලක්වීම හා සැගවී සිටියවුන් අසුවුවිට දරුණු වදයන්ට ලක්කර මරාදැමීමද සිදුකරත් අද දක්වා මෙම විශ්වාසය ඇති අය ලෝකයේ විවිද ප්‍රදේශවල වාසය කරයි.
(http://www.philipcoppens.com/catharism.html)

සමස්ථයක් වශයෙන් ගත්කල පූජකයන් බහුතරය සාක්‍ෂරතාවය ඇති අයවූහ. ඇතැම්විට එම හැකියාව නැති අයද නොසිටියා නොවේ. කෙසේවෙතත් ඇතැම් මූලාශ්‍රවල සදහන් පරිදි ඉහලපෙලේ පූජකයන් වන බිෂොප්වරු වැනි පූජ්‍ය පක්‍ෂය හැරුනකොට ගම්බදව තිබූ කුඩා පල්ලිවල පූජක ජීවිතය නම් රළු වූ බව පැවසේ.  යම් අධ්‍යාපනයක් ලැබූ අයවූ මේ පූජකයන් ලතින් භාෂාව පිළිබදව දැනුම තිබූ අතර බයිබලයේ එන කතාප්‍රවෘත්තීන් ආදිය තුලින් දෙවියන් කෙරේ වූ භක්තිය ගැමියන් තුල ඇති කිරීමට මෙම පූජකයන් සමත්ව ඇත.

එ‍සේ ධර්ම කටයුතු වල යෙදුන ‍මේ අය මුලින් කී ප්‍රධාන පෙලේ පූජකයන්‍ මෙන් ධනවතුන් නොවූහ. ගම්බදව විසූ ගොවියන් මෙන් දිළින්දන් වූ මෙම පූජකයන්ට තිබූ සහනය වූයේ තමන්ටම කියා භූමියක් තිබීම හා රදල පැලැන්තියේ පීඩාවට ප්‍රවේණි දාසයන් මෙන් ලක් නොවීමයි. තවද තම භූමිය තුලම තමන්ගේ ආහාර බෝගවගා කිරීමද ඔවුන් සිදුකලහ. මෙම පූජකයන්ට අයත්ව තිබූ භුමිය Glebe (දේවස්ථානයට වෙන් කරන ලද බිම -A plot of land belonging or yielding profit to an English parish church or an ecclesiastical office) ලෙස හදුන්වා ඇත.  එසේම ඔවුන්ට වෙනත් කටයුතු වලට අවශ්‍ය මුදල් උපයාගැනීම සිදුකර ඇත්තේ දරුවන් භෞතීස්ම කිරීම, විවාහ කටයුතු සහ අවමංගල්‍ය උත්සව ආදියෙනි.

එහෙත් ඇතැම් මූලාංශ්‍ර වලදී නම් මෙයට පරස්පර කාරණයක්ද පැවසෙන අතර ප්‍රධාන පෙලේ පල්ලිවලට වාර්ශිකව අයවිය යුතු බදු මුදල වන අස්වැන්නෙන් 1/10 ක කොටස එකතු කිරීමේ කාර්යය සිදුකරනු ලැබුවේ නාගරිකව හෝ ගම්බදව තිබූ කුඩා පල්ලිවලින් බවටද සදහන් කර ඇත.
මෙය ගම්බද පල්ලි වල නොව විශාල ප්‍රමාණයේ පල්ලිවල හමුවන ගබඩාවකි. මෙය යොදාගත්තේ පල්ලියට ලැබෙන අස්වැන්නෙන් 1/10 කොටස ගබඩා කිරීමටයි


එසේනම් මෙම ලිපිය දැන් අවසන් කරන අතර මෙහි අඩංගු කරුණු වලින් කිසිදුවිටක කිතුදහමට අගෞරවයක් හෝ පහත් කිරීමක් සිදුකිරීමට අදහස් නොකළ බවද දන්වන අතර එම කාලවකවානුවේ ඒ ඒ සමාජ මට්ටම් පිළිබදව කතාකිරීමේදී කතානොකරම බැරි හා ඇත්ත තතු නොසගවා සිටිය නොහැකි නිසා මෙවැනි සංවේදී ආගමික කරුණුද සාකච්ඡා කිරීමටද සිදුවිය. ඒවගේම මා කිතුනු භක්තිකයෙක් නොවන නිසා මෙහි කරුණු වල යම් සාවද්‍ය බවක් ඇත්නම් තර්කානුකූලව ඒවා නිවැරදි කිරීමේ අවස්ථාවද ඔබලාට හිමිය.

නැවත පස්වන ලිපියෙන් හමුවෙමු...

22 comments:

  1. එලට ලියල තියනවා

    ReplyDelete
  2. niyamayi.... Good Post

    ReplyDelete
  3. පල්ලියේ බලපෑම එදා පමනක් නොව අදද කතෝලික බැතිමතුන් විවිධාකාරව අත්විදිමින් සිටී...

    කතෝලිකයකු අන්‍යාගමිකයකු හා විවාහ වන්නේ නම් ඔහුට හො ඇයට ලබෙන්නේ අදාල පූජාවෙන් බාගයක් පමණී.. සම්පූර්ණ පූජාවම පවත්වා විවාහය සිදුකල යුතුනම් අන්‍යාගමිකයා කතෝලික ආගම වැලඳ ගත යුතුය..

    කතෝලියකයන් සඳහා වෙන්වූ වෙනම සුසාන භූමි ඇති අතර, කතෝලික උවද, පල්ලිය සමඟ නිසි සම්බන්දතාවයක් හෝ අදාල ගෙවීම් නිසි කලට ගෙවා නැත්නම්.. ඔහුගේ මිනිය එම සුසාන භූමියේ වල දැමීමට අවසර නොලැබේ.

    කතෝලික පාසලකට ළමයකු දමා ගැනීමට අනිවාර්යයෙන්ම, පල්ලියේ පූජාප්‍රසාදීන් වහන්සේ විසින් සහතික කොට නිකුත් කරනු ලබන සහතිකයක් තිබිය යුතුමය..

    එකී, නොකී විවිදාකාර නීතිමාලවක් යටතේ කතෝලිකයන්ව පල්ලිය විසින් එදා මෙන්ම, අදද පාලනය කරන බව පෙනෙන්න්ට තියන කරුණකි..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඉතාම වටිනා ලිපියක්. හොඳ විස්තරයක් ඉතා අසාවෙන් කියෙව්වෙ.

    මම දන්න ටිකකුත් මෙතන කිව්වාට වරදක් නෑනෙ.

    Dioceses යන්නට සිංහල වචනය "පදවිය" යි.එවැනි පදවි 11ක් ලංකාව තුල පවතී.

    මුල් කාලීන කිතුණුවන්(ජේසු තුමාගේ අනුගාමිකයන්) ඒකක වශයෙන් තමයි විසිරිලා හිටියෙ. ඒ කියන්නෙ මධ්‍යගත පාලනයක් තිබුනේ නෑ. ඒකක ප්‍රධානියා යටතේ තමයි හිටියෙ. හොඳම උදාහරණයක් කියනවා නම් ගමේ පන්සල ලොකු හාමුදුරුවෝ පාලනය කරනවා වගේ. ඔය අතරේ යෝජනාවක් ආවා විසිරුනු සභා එකතු කරලා මධ්‍යගත පාලනයකට යන්න. රෝමය අවට සභා ඊට මනාපය පළ කලත් ග්‍රීසිය අවට සභා විරුද්ධ වුනා. ඉන්පසු රෝමය මුල්කරගෙන රෝමානු කතෝලික සභාව බිහිවුනා. ග්‍රීසිය අවට පිරිස ඕතොඩොx සභාව ලෙස ප්‍රසිද්ධ වුනා.

    අනික තමයි යේසුස් හා ජේසුස් ප්‍රශ්නය
    මුලු ලෝකෙම ඉංග්‍රීසි භාෂාවෙන් Jesus කියලා හැඳින්වෙන ජේසුතුමා ශ්‍රී ලංකාවේදී කතෝලිකයන්ට ජේසුස් වන අතර අනික් කිතුනුවන්ට යේසුස් වනවා...කතෝලික හැරුනාම අනික් සභා 'ජ' යන්න පාවිච්චි නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ. කතෝලිකයන් භාවිතා කරන ජොහාන්,ජෙරුසලම,ජාකොබ් වැනි වචන් ඔවුන් උච්චාරණය කරන්නේ යොහාන්,යෙරුසලම,යාකොබ් ලෙසයි...

    එක එක කාලවල ඇතිවුන යුද්ධ සහ අන්‍ය මත නොඉවසීමේ ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න කතෝලික සභාවේ ඇතිවෙලා තියෙනවා..විශේෂයෙන් විද්‍යාවත් එක්ක ඇතිවූ ගැටුම්...ඒකට මූලික හේතුව ලෙස මම දකින්නෙ එක එක කාලවල පත්වූ සභාපාලකයින්ගේ වැරදි මිසක් කිතුදහමේ වැරදි නොවෙයි...ඒක නිසා ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීම ගැන කවුරුත් තරහා වියයුතු නෑ..කතෝලික සභාවෙන් සිදුවූ වැරදි වලට 2000 වසර උදාවෙද්දී පාප්තුමා විසින් සමාව ඉල්ලීමක්ද සිදු කලා...

    @Senna :

    "කතෝලියකයන් සඳහා වෙන්වූ වෙනම සුසාන භූමි ඇති අතර, කතෝලික උවද, පල්ලිය සමඟ නිසි සම්බන්දතාවයක් හෝ අදාල ගෙවීම් නිසි කලට ගෙවා නැත්නම්.. ඔහුගේ මිනිය එම සුසාන භූමියේ වල දැමීමට අවසර නොලැබේ."

    කතෝලිකයන් සඳහා සුසානභූමි වෙන්කර ඇත්තේ මළවුන් සඳහා සිදුකරන චාරිත්‍ර වලදී බාධා ඇතිවිය හැකි බැවිනි. එම නිසා පොදු සුසාන භූමි වලද කතෝලිකයන්ට වෙන්වූ කොටසක් පවතී.
    සෑම කතෝලිකයෙකුම යම්කිසි මීසමකට( පාලන ප්‍රදේශයකට ) ලියාපදිංචි වී සිටිය යුතුය. මෙය ඔවුන්ගේ කතෝලික බව හඳුනාගැනීමට ඉවහල් වේ. එමනිසා නිසිලෙස ලියාපදිංචි නොවූවෙකු භූමදාන කිරීමේ කටයුත්ත භාරගැනීමට මීසමභාර පියතුමන්ලා මැලිකමක් දක්වයි. මින් පෙර ලියාපදිංචි වූ මීසමෙන් ලිපියක් රැගෙන ඒමෙන් හෝ කතෝලික බවට විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් භූමදාන කටයුතු කලහැක.
    කතෝලිකයන් සඳහා සුසානභූමි වෙන්කර ඇත්තේ මළවුන් සඳහා සිදුකරන චාරිත්‍ර වලදී බාධා ඇතිවිය හැකි බැවිනි. එම නිසා පොදු සුසාන භූමි වලද කතෝලිකයන්ට වෙන්වූ කොටසක් පවතී.

    කතෝලික සභාව නීතිමාලාවක් මත පදනම් වූ සභාවකි.

    ReplyDelete
  6. හරී,

    ඔබ සමඟ එකඟ විය හැකිය.. ඒත් මා අසා දැක ඇති සමහර කරුණුනම් ඊට මදක් පරස්පරවේ.. එය සමහර විට අදාල පියතුමාගේ පුද්ගලික, තීරණ ගැනීමේ ස්වභාවය මත වෙනස් වුවා වන්නටද හැකිය..

    කෙසේ වෙතත් කතෝලික සභාව යනු, නීති මාලාවක් මගින් පාලනය වන, වර්තමාන ලෝකයේ පවත්නා දැවන්තම සංවිධාන ව්‍යවහයක් බවනම් පිළිගත හැකිය..

    ReplyDelete
  7. @Senna :ඔබ කියන දේ හරි...කිතුදහමේ හරය කුමක් වුවත් පුද්ගල මතය අනුව යම් යම් කාරණා වෙනස් විය හැකියි...
    වැඩිදුර කරුණු පියතුමෙක්ගෙන් නිවැරදිව අසා පළකරන්නම්...එතනදීත් ඉතින් පුද්ගල මතය ඉස්මතුවීම වලක්වන්න බෑ.. :)

    ReplyDelete
  8. මතුපිටින් විතරක් දැනගෙන තිබුණු කරුණක් සම්බන්ධයෙන් ලොකු විස්තරයක් දැනගන්න ලැබුණා...
    බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  9. Watch the film "Goya's Ghosts"
    http://www.imdb.com/title/tt0455957/

    It talks about how church behaves in this time

    ReplyDelete
  10. දිනේෂ් අයියා ඔය බ්ලොග් එක නම් බොහොම හොදට කරගෙන යනවා. ඉතින් මම මේකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා. ඉතින් ඔයාට බොහොම ස්තුති ඒවගේම මේක හොදට කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ඒවගේම කියන්න ඕනේ අර පටුන තියන තැන හොයා ගන්න හරි අමාරුයි නේ. ඉතින් එක අර බලන තැන කියන තැනට දැම්මා නම් ගොඩක් හොදයි නේද? .එහෙනම් ජය වේවා

    ReplyDelete
  11. අපි කියවමින්. ලබාදෙන දැනුමට ස්තුතියි! වැඩි විස්තර සැපයු Senna, හරි දෙන්නටත් ස්තුතියි !

    ReplyDelete
  12. morphvox-pro-crack
    can be just really a robust Voice changer program. It's a complex and renowned voice switching application. It's a tool that may transform your music online.
    new crack

    ReplyDelete

  13. Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. tunepat-inc-amazon-video-downloader

    ReplyDelete
  14. https://sathsamudura.blogspot.com/2011/09/blog-post_22.html?showComment=1623556896195#c6543898501912411242

    ReplyDelete
  15. Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. Kaspersky Internet Security Crack

    ReplyDelete
  16. I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to
    morphvox pro crack
    cyberlink powerdirector crack
    typing master pro crack
    imyfone umate pro crack
    tenorshare 4ukey crack

    ReplyDelete
  17. MyDraw 5.0.2 Crack is a program that assists individuals with further developing their composing abilities. It has been generally welcomed by PC clients who have viewed it as a compelling instrument in further developing exactness and speed.

    ReplyDelete
  18. සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download Now

    >>>>> Download Full

    සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download LINK

    >>>>> Download Now

    සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  19. සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download Now

    >>>>> Download Full

    සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download LINK

    >>>>> Download Now

    සත් සමුදුර: මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 >>>>> Download Full

    >>>>> Download LINK 0F

    ReplyDelete
  20. I guess I am the only one who comes here to share my very own experience guess what? I am using my laptop for almost the past 2 years.


    rhinoceros-crack-license-key



    redshift-render Crack



    xmind Crack



    imagenomic-portraiture Crack

    ReplyDelete