Thursday, September 22, 2011

මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්...

මේ පොත් දෙක නම් ඔබලා බොහෝ දෙනෙක් කියවා ඇති. මොකද මීට පෙර මේ විශය ගැනම ලියා ඇති  සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු පොත ගැන කියන අවස්ථාවේ‍ බොහෝදෙනෙක් මෙම පොත් දෙක පිළිබදවද සටහන් කර තිබෙනු දක්නට ලැබුනා. කොහොමවුනත් ලංකාවේ ප්‍රධානම පොත් ප්‍රදර්ශනය පවතිමින් තිබියදී මෙම පොත් දෙක ගැනත් සටහන් කිරීම මේ වෙන විටත් මේ පොත් පරිශීලනය නොකල අයෙක් වේ නම් යම් පිටුවහලක් වේ යයි සිතෙනවා. මෙම පොත් දෙකම කතෘ ප්‍රකාශන වන අතර බෙදාහැරිම සිදුකර ඇත්තේ සූරිය ප්‍රකාශකයෝ විසින්.

ඉන් පළමු ‍පොත තමයි ලෝකයේ බිහිවූ කීර්තිමත්ම අධිකරණ වෛද්‍යවරයෙකු වන ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතා විසින් රචිත Mostly Murdered කෘතිය ඇසුරෙන් අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරන ලද ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබද අධිකරණ වෛද්‍ය පරීක්‍ෂන කියන පොත.


මෙහිදී ප්‍රධාන තේමාවට අමතරව වෛද්‍ය ස්මිත් මහතාගේ වෛද්‍ය ජීවිතය හා ඒ හා සබැදුන විවිද අතිරේඛ සිදුවීම් පිළිබදවත් සටහන්කර තිබෙනු දක්නට පුළුවන්. ඒ මහතා එංගලන්තයේ සහ ඊජිප්තුවේ සේවය කරමින් සිටියදී විසදන්නට සිදුවූ විවිදාකාරයේ අපරාධ පිළිබදව මෙන්ම ලංකාවේ මීට දශක කිහිපයකට පෙර සිදුවූ සතාසිවම් මිනීමැරුම් පිළිබදව නඩුව සම්බන්ධයෙනුත් මෙම පොතේ සදහන්. එම සිද්ධියේදී අධිකරන වෛද්‍යවරයා ලෙසද කටයුතු කලේ මෙතුමායි.

එසේම අප අතර ඉමහත් ජනප්‍රිය ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්‍ෂකයා සජීවි චරිතයක්ද, එසේත් නැත‍හොත් ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ සිතේ මැවුන චරිතයක්ද යන ගැටළුවටත් විසදුම මෙම‍ පොතෙන් යම්තාක් දුරකට දැනගත හැකියි.

මුලදී මෙම සිංහල පරිවර්ථනය කොටස් දෙකක් ලෙස තිබුනත් දැන් එය කොටස් දෙකම ඇති එක් පොතක් ලෙස ලබා ගැනීමට හැකියි.

2002 දෙවන මුද්‍රණය අනුව පොතේ මිල- රු.470/= කි. ISBN අංකය : ISBN 955-9348-59-0

දෙවනියට කියන්න යන පොත අපේ රටේ බිහිවූ කීර්තිමත්ම අධිකරන වෛද්‍යවරයෙකු වන නැසීගිය මහාචාර්ය චන්‍ද්‍රසිරි නිරිඇල්ල මහතා විසින් රචිත නිහඬ සාක්‍ෂි (Silent Evidence) නම් පොතයි.


මෙහි අපේ රටේ සිදුවූ විවිද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මෙන්ම විදේශීය රටවල සිදුවු සිදුවීම් පිළිබදවද ඇතුලත්. ඒ වගේම මෙහි 14 වන පරිච්ඡේදය වන කුඩ මිටෙහි රැදි විශ නම් කතාවේ අදාල කුඩය මීට පෙර සත් සමුදුරේ පල කල රහස් පරීක්‍ෂකයෝ පාවිච්චිකරපු Gadget - The Most Interesting Spy Gadgets ලිපියේ තිබෙනු දැකගත හැකියි.

ඒ වගේම පොතේ අවසාන පරිච්ඡේදය බොස්නියාවේ සිදුවූ සමූහ මිනිස් ඝාතන පිළිබදවයි. පසුකාලයක මේ පිළිබදව පරීක්‍ෂා කිරීමට පත් කල කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය නිරිඇල්ල මහතාද සිටි අතර එහිදී සිදුකල පරීක්‍ෂන හා සිදුවීම් පිළිබදව මෙහි දක්වා ඇත. 

2010 දෙවන මුද්‍රණයට අනුව පොතේ මිල රු.450/= ක් වන අතර ISBN අංකය : ISBN 978.955-656-133-3.

ඔබත් අධිකරණ වෛද්‍ය ක්‍ෂෙත්‍රය පිළිබදව උනන්දුවන්නෙකු නම් අනිවාර්යයෙන්ම මෙම පොත් දෙක ඔබේ පොත් ගුලේ තිබිය යුතුමයි. නැත්නම් එය ඉතා අඩුවක් බවද පැවසිය යුතුමයි...

මීට පෙර පල කර ඇති අධිකරන වෛද්‍ය විද්‍යාව පිළිබදව තවත් ලිපියක් - 

අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - 

CSI Miami & CSI New York (Crime Scene Investigation)


17 comments:

  1. 2වෙනියට දාලතියෙන පොතනම් මේපාර බූක්ෆෙයාරෙකෙන් ගත්තා. පලවෙනිපොතත් හොයගන්නඔනෙ :D

    බොහොම ස්තූතියි:D

    ReplyDelete
  2. ස්මිත් මහත්මයාගේ පොත නම් සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. ඒත් නිහඬ සාක්ෂි නම් සම්පූර්ණයෙන්ම කියවන්න ලැබුණේ නැහැ. මං ඒකේ කියවලා තියෙන්නේ කොටසයි. කොහොම වුණත් මේ ක්ෂේත්‍රයට අදාළ පොත් අතරින් ඉහළින්ම තියෙන පොත විදිහට මම හිතන්නේ ස්මිත් මහත්මයාගේ පොතයි. ලිපියට ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  3. මා කුඩා කාලයේදී කියෙව්වා මතකයි "මළ මිනිස්සු බොරු නොකියති" යනුවෙන් පළ වූ ලිපි පෙළක්. විදුසරෙහි විය යුතුයි. එය අධිකරණ වයිද්‍ය විද්‍යා විමර්ශන පැහැදිලි කරමින් ලියු ලිපි පෙළක්.

    ReplyDelete
    Replies
    1. මටත් මේක කියවන්න ඕන, හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ! අසංග මේක හම්බ උනොත් මටත් කියනවද? ප්ලීස් 🙏
      0771166944

      Delete
  4. ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතා විසින් රචිත Mostly Murder යන පොතේ සඳහන් සතාසිවම් මිනීමැරුම පිලිබඳ අතිරේක සාක්ෂියකි මේ. සතාසිවම් මහත්මිය මරා දැමූ බවට චෝදනා ලැබුවේ සතාසිවම් මහත්මයායි. මම මේ මිනීමැරුම සිදුවන කාලයේ 1952 ආනන්ද විද්‍යාලයේ හයවන පන්තියේ ශිෂ්‍යයෙක්. පොලිසියේ වාර්තා අනුව ගෙදර වැඩට හිටි විලියම් නමැති කඹුරුපිටියේ ලමයෙක් (ගැටවරයෙක්) ප්‍රධාන සාක්ෂිකරු වුනා. නීතියේ හැටියට ඔහුට විරුද්ධව යලිත් ඒ නඩුවටම චෝදනාවක් එල්ල කරන්න බැහැ. පත්තර වල තිබුනු අන්දමට සතාසිවම් මහත්මයා තමයි මරලා තියෙන්නේ. විලියම්ගේ සාක්ෂිය මෙසේ ලියවුනා....මහත්මයා පහරදීලා නෝනා සිහිනැති වුනා. එතකොට මහත්මයා මටත් ගහලා නෝනාගේ හිස පැත්තෙන් අල්ලගෙන මට කකුල් වලින් අල්ලගෙන කුස්සියට ගෙනාවා. මහත්මයා නෝනාගේ බෙල්ල සපත්තු පිටින්ම පෑගුවා. චටස් ගාලා සද්දයකුත් එතකොට ඇහුනා. මහත්මයා මට සල්ලිත් රත්තරන් බඩුත් දීලා කාටවත් කිව්වොත් මරනවා යයි තර්ජනය කරලා මට ඝින් හැංගිලා ඉන්න කිව්වා. ..."පස්සෙ විලියම්ව පොලිසියෙන් අල්ල ගත්තා. අල්ලගෙන නඩුව කිසිම වග විභාගයක් නැතිව ඉදිරිපත් කලා. සතාසිවම් මහත්මයා කොල්වින් ආර් ද සිල්වා මහත්මයා අල්ලගෙන ඒ මහත්මයා ලවා මේ නඩුවට පෙනී සිටින්න කිව්වා. එතකොට වෙච්ච දේවල් මට තේරුනේ නැහැ. මටත් වයස එකොලහක් විතර ඇති. ශ්‍රීමත් සිඩ්නි ස්මිත් ලංකාවට ඇවිත් තර්ක කරලා සතාසිවම් බේරුනා. ඊට අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ මම වෛද්‍ය විද්‍යාලෙ ඉන්න කොට අධිකරණ වෛද්‍ය දේශනයකට ගැටවරයෙක් එක්ක ගෙන ආවෙ එතකොට මහාචාර්‍ය එච් වී ජේ ප්‍රනාන්දු මහත්මයා තීරනයක් මත. එතකොට නන්දදාස කෝදාගොඩ මහත්මයා අධිකරණ පීඨයෙ ජ්‍යේෂ්ට දේශකයෙක්. එදා තිබුන මාතෘකාවට අදාලව අපිට කිව්ව ඒ එක්කගෙන ආව තරුණයාගෙන් ප්‍රශ්න අහන්න කිව්වා. ඒ ප්‍රශ්න වෙන දෙයකට සම්බන්ධ දේවල්. ඊට පස්සෙ ඒ තරුනයා බන්ධනාගාර නිලධාරීන් එක්ක ගෙන ගියා. ඊට පස්සෙ කෝදාගොඩ මහත්මයා කථා කරන්න පටන් ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, සතාසිවම් නඩුවෙ රජයේ සාක්ෂි දුන්න විලියම් මයි. දැන් අහුවෙලා ඉන්නෙත් දූෂන නඩුවකට. සතාසිවම් නඩුව ආපහු කෝදාගොඩ මහත්මයා දිගහැරිය. සතසිවම් නෝනගෙ මලකඳ තිබුනෙ කුස්සියෙ. නෝන ඇඳගෙන හිටියෙ දුහුල් ගෙදරට අඳින ඇඳුමක්. ඒ වෙලාවෙ හැටියට ඉර එලිය නෝනගෙ පිටිපස්සෙන් වැටෙන්න්. ඒ කියන්නෙ ඒ ඇඳගෙන හිටිය දුහුල් ඇඳුමෙන් ශරීරය පේනව. එකෙන් මේ විලියම් රාගයෙන් මත් වුනා. ගිහින් සතාසිවම් නෝන අල්ලගෙන දූශනය කලා. ශුක්‍රානු ඒ ඇඳුමෙ තිබුන, පහලට බේරිලා ගුරුත්වා කර්ශනයට. තව බිත්තියෙ තිබුන ඇනයකට නෝනගෙ පිටේ සීරීම් තුවාලයකුත් තිබුන. මේ ඔක්කොම සිඩ්නි ස්මිත් මහත්මයා එංගලන්තෙ ඉඳගෙනම විස්තර කලා මෙහෙමයි වුනේ කියල. එතකොට ප්‍රමාද වැඩියි. නඩුව අවනඩුව වෙලා පොලිසියෙ මෝඩකමෙනි. සතාසිවම් නෝන ඇවිදගෙන කුස්සියට ගුයබවටත් සාක්ෂි තිබුන්ස්. යටි පතුල් වල දූවිලි කුස්සියෙ දූවිලි වලට සමාන වුනා. සිඩ්නි ස්මිත් මහත්මයා තවත් ඔප්පු කලා මෘත්දේහයෙ උෂ්නත්වය අනුව, මියගිය අවස්ථාවෙ සතාසිවම් මහත්මය ගෙදර හිටියෙ නැහැ කියලත්. ඉතින් මිනී මැරුමට වගකිවයුත්තෙක් නැතිවුනා. ඒ වුනත් විලියම්ට පුරුද්ද අත් අරින්න බැරිවුනා. මට මතක හැටියට විලියම් ඊට පස්සෙ අපරාධයකටම අහුවෙලා මලා. මට හිතුන මම දන්න දේවල් ලිව්වොත් කාටහරි ප්‍රයෝජන්වත් වෙයි කියල. අද විලියමුත් නැහැ. සතාසිවම් මහත්මයත් නැහැ, එච් වී ජේ ප්‍රනාන්දු මහත්මයත් නැහැ, කෝදාගොඩ මහත්මයත් නැහැ. මේ නඩුව ලෝක ප්‍රසිද්ධ වුන නඩුවක් ඒකයි මේ පොතට ආවෙ.

    ReplyDelete
  5. මට අන්තිමට හිතුනෙ මොන තරම් අපරාධ කරල වහන්න හැදුවත් නීතිය කෙසේ වෙතත් ලෝකයේ යුක්තිය කියල දෙයක් තියෙනව. ඒක වහන්න බැහැ. ප්‍රේත් භව ආදී භව වල ඉපදිල අවුරුදු දහස් ගනන් ලක්ෂ ගනන් දුක් විඳිනව. ඒව අපරාධ කරන කොට පේන්නෙ නැහැ.දැක්ක නේද කලැත්තෑවෙ රජ්ජුරුවො වගේ හිටපු සොයිසා මහත්තයට පොලිසියෙන් එනකොට සරමෙ චූ ගියා. වෛද්‍ය කුලරත්න මියගියේ බල්ලෙක් වගේ. මේව ලංකාවෙ ප්‍රසිද්ධ වුන නඩු. අලස් මහත්මය මේව පොත් පහකට පමණ ලියල තියෙනව. ප්‍රසිද්ධ අපරාධ නඩු වශයෙන්. අපරාධය හංගන්න බැහැ.

    ReplyDelete
  6. @සරත් ගුණතුංග මහතා - බොහොම ස්තුතියි මහත්මයා, මෙම සිද්ධිදාමයට සම්බන්ධ කොතරම් දේවල් තව සැඟවිලා ඇතිද කියලා හිතෙනවා ඔබ කියූ වටිනා කරුණු ගැන අවධානය යොමුකලාම. මේ වගේ දරුණු අපරාධ පිළිබදව නිසිලෙස පරීක්‍ෂනය නොකිරීමෙන් නියම අපරාධකාරයෝ කීදෙනෙක් නිරුපද්‍රිතව තමන් කල වරදට දඩුවම් නොලබා මිය පරලොව යන්නට ඇත්ද. ඒවුනත් ඔවුන් මැරෙනාතුරාවට තමන්ගේ හෘදය සාක්‍ෂිය ජීවිතේ එක් වතාවක‍දී හෝ වද දෙන්නට ඇති මේ ගැන. ඒ ව‍ගේම මම ආරාධනා කරනවා ඔබතුමාට ඉදිරියේදිත් සත් සමුදුරට පිවිසිලා වටිනා අදහස් වලින් අපව පෝශනය කරන්නට කියා...

    ReplyDelete
  7. මේ නිහඬ සාක්ෂි කියන පොතටනම් මම හරි ආසයි...මේකේ පොත් දෙකක්(කොටස් 1 සහ 2) තිබුණා මම ගාව..ගොඩක් පරණ මුද්‍රණයක්.

    ReplyDelete
  8. මල මිනිස්සු බොරු නොකියති පොත හොයාගන්න පුළුවන් ද???

    ReplyDelete
    Replies
    1. මේක හම්බ උනාද? හම්බ උනා නම් මට පොඩ්ඩක් කියන්න, ප්ලීස්! 0771166944

      Delete
  9. microsoft-office-crack-2 is a full Activate Microsoft Office 365 item essential commonly called office 365. It encourages accessibility. Other offers that might be released utilizing this web on Micro Soft Office are allowed to get convenience.
    new crack

    ReplyDelete
  10. https://sasjasdnevnik.blogspot.com/2010/08/blog-post.html?showComment=1623556854826#c5735191317428105780

    ReplyDelete
  11. I have seen your writing skills. Your writing skills are very amazing. I also like and really very impressed by your writing skills very much. I think you are a heavy and an old blogger. Keep hard working inshallah one day you will get succeed.
    avast premium security crack
    unity pro crack
    golden software grapher crack
    wondershare recoverit crack
    clean master pro crack
    Crack Like

    ReplyDelete
  12. සත් සමුදුර: මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්... >>>>> Download Now

    >>>>> Download Full

    සත් සමුදුර: මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්... >>>>> Download LINK

    >>>>> Download Now

    සත් සමුදුර: මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete