Monday, November 28, 2016

Heat Gun නැතහොත් Hot Gun එකක් ගෙදරදීම ඉතා අඩුමිලකට සාදා ගන්න ඔබත් කැමතිද?

Heat Gun නැතහොත් Hot Gun එකක් කියන්නේ මොකක්ද?

මේ උපකරණයෙන් ගැන කෙටියෙන් කියතොත් 100 °C සිට 550 °C (200-1000 °F) තාපය නිකුත්කරන උපකරණයක්. විවිද කර්මාන්තමය කාර්යයන් වගේම විවිද කලාත්මක නිර්මාණ තැනීමටත් මෙය භාවිතා කරන්නවා. 

මේ තිබෙන්නේ එලෙස කලාත්මක කටයුත්තක් කිරීමට අප මේ කතා කරන උපකරණය භාවිතා කරන අවස්ථාවකට උදාහරනයක්.

එසේම විවිද කාර්යයන් සදහා භාවිතා කරන අවස්ථා කිහිපයක් තමයි මේ සටහන් කර තිබෙන්නේ.

1. Shrink Wrapping – from videos to gift baskets and beyond, when it comes to shrink wrapping the heat gun is the only way to go. Here’s a video that compares shrink wrapping with a heat gun vs. a hair dryer. Who do you think will win?

2. Desoldering – one of our specialties is in the electronics department and desoldering is one of the more common uses among our customers. There are many attachments that make it easy to direct the heat to just one component.

3. Paint Drying – probably a more obvious use is to dry paint once it has been applied. If there’s work that needs to be done to a freshly painted wall but can risk messing up the paint, this can decrease your wait time dramatically.

4. Heat Shrink Tubing – another customer favorite is using a heat gun to shrink tubing and around wires for wire harnesses and connections.

5. Paint Stripping – when stripping old paint from furniture or other woodwork, use a heat gun as an alternative to paint solvents or other harsh chemicals. It’s safer and more environmentally friendly! This article from eHow shows us how easy it really is.

6. Weld Plastics – the process is very similar to stick welding. Using a special nozzle for the heat gun and strips of plastic called welding rods, you can weld anything from PVC pipe to floor tiles.

7. Join Tarps – another plastic welding use but deserves its own number is tarp welding. Using a slit nozzle for the heat gun, overlap the two tarps heat the sides then immediately press together the two sides using a roller. This is great for large tents, awnings, trucking or even tarps for pond liners – anything you need a very large tarp.

8. Soften adhesives – Have you ever tried to get a bumper stick off of your car? If you have, you know how difficult that task is to tackle. Just heat the area with a heat gun and peel off. Any remaining residue can be removed using bug & tar remover or WD-40.

9. Restore Trim – You’ve seen older cars that used to have black trim but now look more like a dull gray. Using a heat gun you can restore that trim to its original shine! Video demo.

10. Thaw Frozen Pipes – It’s the dead of winter and you turn on the faucet to make some hot tea or coffee. One problem, no water comes out! Time to break out the heat gun. If you have pinpointed where the frozen pipe is you can apply heat to thaw it out. Be sure your pipes can handle it otherwise if you heat the pipe too rapidly or the pipe just can’t handle the heat, it may burst.

11. Embossing – This one is for all our crafts people out there. Used in conjunction with rubber stamping, embossing powder and special ink, the heat raises the embossing powder creating a nice embossed design. Step by step embossing instructions.

12. Wax The Snowboard – For a quick way to get the perfect coat of wax on your snowboard or skis use a heat gun. This guy shows us how to do it in minutes.

13. Make Candles – You just created the perfect candle when you notice a nick or it’s not level on top. A heat gun makes an easy fix of any defects along with a few other neat tips we picked up reading this article.

14. Roasting Coffee – Who’d a thought getting the perfect roast could be is easy as using a heat gun. An article by Jim Liedeka says he uses temperatures up to 750 F. We can definitely accommodate that!

15. PVC Pipe Bending – Plumbers love heat guns for this reason. Using a heat gun and a special wire coil you can bend a piece of PVC pipe at just about any angle without using any adhesives or elbow joints. Not only convenient but also dramatically speeds up the job because you don’t have to wait for any glue to dry before testing if the seal around the joint is ok.

16. Upholstering Furniture – This is mostly used when upholstering with vinyl. The heat makes it much easier to stretch the vinyl around the piece of furniture you are upholstering. When it cools it will be a perfectly fitted upholstery job.

17. Window Tinting – What you’re actually doing here is heat shrinking the tint film to the window. All you need is tint, a smoothing tool and, of course, a heat gun.

18. Molding Skates – You can mold ice skate or roller blades for a custom form fitted boot. The types of skates that can be molded are usually constructed of a type of carbon fiber composite. Check with the manufacturer to be sure your skate is heat moldable.

19. Dent Removal – For small shallow dents that don’t have creases in it may be able to be removed yourself. Using a heat gun, gently warm the area then apply dry ice to quickly cool the metal contracting it and popping out the dent. Be careful not to over heat the metal or you’ll be doing #5 to your paint.

20. Vinyl and Leather Repair – Trimming stray fibers, applying adhesive and filler compound, press a special textured cloth over the tear, heat with heat gun. That’s all there is to a do-it-yourself vinyl and leather repair.
මේ තිබෙන්නේත් මෙම ලැයිස්තුවේම තිබුන කාර්යයක් එනම් සටිකරයක් වැනි දෙයක් ඉවත් කිරීමට මෙම උපකරණය යොදා ගන්නා ආකාරයයි.


සාමන්‍යයෙන් වෙළඳපොලේ මෙම උපකරණයක් රු.3000/= ක පමණ සිට ඉහළට තිබුනත් ඊට වඩා අඩු මුදලකට ඇතැම් විට ඉවත ලද උපකරණ කිහිපයකින් මෙය සාදා ගන්නට පුළුවන්. මේ එලෙස නිවසේදීම Hot Gun එකක් සාදා ගන්නා ආකාරයයි.

අවසාන වශයෙන් මෙය කියන්න ඕන. මෙම උපකරණය කලින් පැවසුවා සේම අධික තාපයක් නිකුත් කරන උපකරණයක් ඒ නිසා ඉතාම කල්පනාවෙන් වගේම ප්‍රවේශමෙන් භාවිතා නොකළොත් ඔබට පිළිස්සුම තුවාල වගේම මෙය භාවිතා කර යම් කාර්යයක් කිරීමට යොදා ගන්නා උපකරණ වලටත් දැඩි අලාභහානි සිදුවිය හැකි බව හොදින් මතක තබා ගන්න.

Sunday, November 27, 2016

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්...

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී මෙලොව හැර යන තුරු කරන්නට සිදු නොවීම පිළිබදව කණගාටුවක් ඇතත් කියුබානු මිසයිල අර්බුදය ගැන ලියූ ලිපි පෙලේදී යම්තාක් දුරට සුළුවෙන් ඔහුගේ දේශපාලනික නොනැමෙන සුළු භාවය පිළිබදව කතා කරන්නට ලැබූ බවද මතක් කරන්නට කැමැත්තෙමි. 

1926 අගෝ. 13 වනදා ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ ෆිඩෙල් කස්ට්‍රෝට විප්ලවයකින් දක්‍ෂිනාංෂික පාලන තන්ත්‍රය හෙබවූ, ඒකාධිපති පාලක ෆුල්ගැන්සියෝ බැටිස්ටාගේ පාලනය බිද දමනවාට වඩා සැප විදිමින් ඉහළ මධ්‍යම පාන්තිකයෙකු ලෙස දිවි ගෙවන්නට තිබුනි. එසේ වුනි නම් අද පමණක් නොව දශක ගණනක් පුරා ලෝකය කතා කල ඒ සුවිශේෂ පුද්ගලයා පිළිබදව කතා කරන්නට තබා අඩුම තරමින් කියුබාවේ වුවත් වැඩිමනත් පිරිසක් නොදන්නා පුද්ගලයෙකු වීමට තිබුනත් ඔහුගේ එම කැපකිරීම ඔහුටද යම් වරප්‍රසාද, ජනප්‍රියත්වය පිළිගැනීම ගෙන දුන්නා සේම ඇමරිකාවේ සූදු තිප්පොලක්, ගණිකා ව්‍යාපාරයේ සුවිශේෂ තැනක්, මත්ද්‍රව්‍ය ව්‍යාපායේ තෝතැන්නක් හා ඇමරිකානු CIA සහ මාෆියා ව්‍යාපාර වල මධ්‍යස්ථානයක් ලෙස පැවති කියුබාව එයින් මුදවා ගැනීමේ සුවිශේෂ ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනීය මෙන්ම මානව ඉතිහාසයේ අද්විතීය සැතපුම් කනුවකි.

ලෝකයේ සුපිරිතම බලවතාගේ එලිපත්තේ සිට එනම් මියාමි සිට සැතපුම් 90 ක් තරම් අඩු දුරකින් සිට දශක ගණනාවක බලය බිද දැමීමේ කුමන්ත්‍රණ, ෆිඩෙල් කස්ට්‍රෝ ඝාතන තැත්කිරීම් මෙන්ම ඊයේ පෙරේදා වන තුරු පවත්වා ගෙන ගිය දහසක් ආර්ථික, දේශපාලනික, සාමාජීය සම්බාධක වලටද මුහුණ දෙමින් වියපත්ව, රෝගාතුරුව සිය සොහොයුරු මෙන්ම විප්ලවයේ ප්‍රධානතම හවුල්කරුවෙකු වූ රාවුල් කස්ත්‍රෝට බලය සංක්‍රමණය වන තුරු නොවැටී, නොසැලී සිටි අයුරුද ලෝක දේශපාලනය පිළිබදව තතු දත්තන්ට අමුතුවෙන් කිව යුතු නොවේ. 

පසුව යම් යම් මතගැටුම් පැන නැගුනද, ලෝකයේ විප්ලවවාදීන්ගේ සදා අනුස්මරණීය සංකේතය වන මානව හිතවාදියෙකු ලෙස මෙන්ම විප්ලවයේ අසහාය සෙන්පතියෙකු වූ චේ ගුවේරාගේ සහයද කියුබානු විප්ලවය සාර්ථක කර ගැනීමට, මුවහත් කර ගැනීමට මෙන්ම වර්ණවත් කර ගැනීමට ලැබීම ෆිඩෙල් කස්ත්‍රෝ හට සිය මාතෘ භූමියේ විප්ලවය සාක්‍ෂාත්කර ගැනීමට ලැබූ භාග්‍යයකි. 

වාමාංශිකයෙකු වුවත් විප්ලවයේදී හා රාජ්‍ය බලය හෙබවීමේදී සමාජවාදී කොමියුනිස්ට් මතයක නොසිටි ෆිඩෙල් කස්ත්‍රෝ ප්‍රමුඛ නව පාලනය එම තැනට ඇද දැම්මේද ඇමරිකානු පාලනය විසින්ම බවද මතක් කරනු කැමැත්තෙමි. 

1959 ජන. 01 දා ඒකාධිපති පාලනය ඉබිද දැමීමෙන් අනතරුව මාස 4 ක් ඉක්ම ගි තැන එනම් එම වසරේ අප්‍රේල මාසයේ ඇමරිකානු සංචාරයක නිරත වූ කස්ත්‍රෝ ඇමරිකාව සමග පෙර පැවති පාතාල ලෝක සම්බන්ධතා හෝ දුරාචාරමය සබැඳියාවකට නොව වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හා කියුබාව යනු ඇමරිකාවේ අතකොළුවක් නොවන රටක් නොවන බවද තේරුම් ගෙන ඇයිහොදයි පැවැත්විය යුතු බව ඉඟකෙරෙන කතාබස් ඇති සංචාරයක් වුවත් ඇමරිකාවේ ජනාධිපති අයිසන්හවර් හට එවැනි සම්බන්ධතාවයක් සිය මිතුරු ෆුල්ගැන්සියෝ බැටිස්ටාගේ පාලනයද නොමැති කියුබාව හා අවශ්‍ය නොවීය. ඔහු කස්ත්‍රෝව හමුවීම පවා හිතාමතා මඟහැර සිටි අතර එවකට උප ජනාධිපති රිචඩ් නික්සන් පමණක් කස්ත්‍රෝ සමග සාකච්ඡා පැවැත්වීය. තවද අයිසන්හවර්,  CIA සංවිධානය වැඩිදුරටත් උපදෙස් දුන්නේ කියුබාවේ සිට ඇමරිකාවට පැමිණි කියුබානු සරණාගතයන් යොදා ගෙන කස්ත්‍රෝ පාලනය බිද දැමීමට හැකි සියළු දේ කරන ලෙසයි. 

කෙසේවෙතත් අයිසන්හවර් පාලනය අවසන්ව තිබූ නිසා එම කාර්යය කෙනඩි පාලනය යටතේ කරන්නට CIA සංවිධානය කටයුතු යෙදුවත් කෙනඩි එම කටයුත්තට නිසි සහය නොදුන් නිසා අසාර්ථකත්වයට මෙන්ම CIA සංවිධානය හා කෙනඩි ජනපතිවරයා අතර නොහදනෝක්කඩු මෝරා යෑමටද එය හේතුවක් විය.

ලෝකයේ විසිවන සියවසේ සිදුවූ ප්‍රධානම විප්ලව අතර තෙවන ස්ථානයේ ලෙස සැලකෙන එනම් රුසියන්, චීන විප්ලව වලට පමණක් යටපත්වන විප්ලවයක් වන කියුබානු විප්ලවයෙන් කියුබාවට සෙතක් වූවාසේම එම දැඩි පාලනය නිසා පීඩා පත්වූවන් දහස් ගණනක් මෑතක් වනතුරුම බෝට්ටු මගින් ඇමරිකාවට පැමිණීමද සැඟවිය යුතු නොවන බවද පවසමි. කෙසේවෙතත් ඇමරිකාවේ මිත්‍රත්වය නොලැබූ තැන සෝවියට් දේශයේ උණුසුම් මිත්‍රත්වය හා පිළිගැනීමත් නිසා සෝවියට් දේශය බිද වැටෙන තුරු කියුබාවට සැම අතකින් ආධාර උපකාර හා පසුව කොමියුනිස්ට් පාලන ක්‍රමයකට කියුබාව තල්ලු වීමටද රුකුලක් විය.

1959 සිට 1976 දක්වා එරට අගමැතිධුරයද, එතැන් සිට එනම් 1976 සිට 2008 දක්වා වියපත්ව, රෝගාතුරුව සිය සහෝදරයාට බලය පවරන තෙක් ජනපතිධුරයද හෙබවූ ෆිඩෙල් කස්ත්‍රෝ ඝාතනය ඇමරිකානු රජයේ අනුදැනුම හා අනුග්‍රාහකත්වයද ඇතිව 630 වතාවත් උත්සහා දැරූ බවද පැවසේ. එසේම 1961 සිට 2011 දක්වා එරට කොමියුනිස්ට් පක්‍ෂ ප්‍රථම ලේකම්වරයා ලෙසද මෙතුමා කටයුතු කළේ්‍ය.

වසර 50 කට වඩා පැවති ඇමරිකානු - කියුබා කෝන්තරය ඔබමා - රාවුල් පාලන සමයේදී නැවත හොද අතකට පෙරලීම ලෝක සාමයේ තවත් එක් සංධිස්ථානයක් පසු කිරීමට හෝ හේතුවූ බවද අවසාන වශයෙන් මතක් කරමින් මෙම අසහාය නායකයාගේ ජීවිතයේ සුවිශේෂ මතක සටහන් කිහිපයක් ඔබ වෙත ගෙන එමි.
https://steemit.com/politics/@konstantin/today-legendary-komandante-fidel-castro-turned-90-years-old-a-few-more-memories

විප්ලවයේ සඟයන් සමග

 විප්ලවීය මිතුරු චේ සමග


සිය තරුණ විය කළු ජාතීකයන්ගේ විමුක්තිය උදෙසා කැප කළ
නෙල්සන් මැන්ඩලා නම් වූ සුවිශේෂ මිනිසා සමග


කුඩා වියේදී

සොයුරු රාවුල් සමග


1960 එක්සත්ජාතීන්ගේ සැසිය අතරතුර


හවානා සුරුට්ටුවක් උරමින්


අපේ කාලයේ තවත් එක් පෙරලිකාර විප්ලවවාදියෙකු වූ නැසීගිය
වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් සමග

දෙවන ජුවාම් පාවළු පාප් වහන්සේ සමග


සෝවියට් දේශයේ හිටපු නායක ලියනෝඩ් බෲෂ්නේව් සමග

සෝවියට් දේශයේ හිටපු නායක නිකිතා කෲෂේව් සමග විනෝද වෙමින්

උත්තුංග දේහදාරී කඩවසම් ෆිඩෙල් කස්ත්‍රෝ කාන්තාවන් අතරත්
ඉතා ජනප්‍රිය චරිතයක් වූ බවට සාක්‍ෂි

අැමරිකාවේ හිටපු ජනපති ජිමී කාටර් සමග

Friday, November 25, 2016

අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම...

මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි.

1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය රාජ්‍යයන්වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඥය, ඉතාලිය, පෘතුගාලය, බෙල්ජියම හා ජර්මනියට නතුව පැවතුනි.

යටත් විජිත තරඟ‍යේ අවසාන තරඟකරුවා වූ ජර්මනිය සතුව 1880 වන විට  අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම අයත්ව පැවතුනි. ඒ අතුරින් වර්ථමානයේ ටැන්සානියාව, බුරුන්ඩි හා රුවන්ඩා ලෙස හැදින්වුන රටවල් German East Africa ලෙසද, වරථමානයේ නැම්බියාව ලෙස හදුන්වන ප්‍රදේශය German West Africa යනුවෙන්ද එදා හැදින්වුන අතර වර්ථාමානයේ ටෝගෝ හා කැමරුන් ලෙස හදුන්වන රාජ්‍යයේ කොටසක්ද ජර්මනිය අයිති කරගෙන තිබුනි. එදා අප්‍රිකාවේ තිබූ අධික වන ගණත්වය, පිවිසුම් මාර්ග වල ඇති දුෂ්කරතා වැනි හේතු කොටගෙන බ්‍රිතාන්‍ය හමුදා, ජරමනිය සතුව තිබූ අප්‍රිකානු කලාප යටත් කරගැනීමේදී වඩාත් අවධානය යොමුකළේ වෙරළ බඩ ප්‍රදේශ පිළිබදවයි.

ආසියාව ගත් විට ඉන්දියාව ප්‍රමුඛ රටවල් ගණනාවක් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි යුරෝපීය අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යයට නතුව පැවතුනි. දැවැන්ත මිනිස් ජීවිත විනාශය නිසා තම රටවලින් පමණක් සොල්දාදුවන් බදවා ගැනීම ප්‍රමාණවත් නොවන බව වටහා ගත් මෙම රටවල පාලකයන් හා හමුදා නායකයන් සිය ඈත යටත් විජිත වලින්ද ඒ ඒ ගෝත්‍රවලට අයත් ජනයා බදවා ගැනීම ආරම්භ කළහ. බ්‍රිතාන්‍ය ගත්විට ඉන්දියාවේ සීක්,ගුර්කා, නේපාල සහ පන්ජාබ් වැනි ගෝත්‍ර වල සාමප්‍රධායික යුද වීරත්වයද ඉස්මතුවන පරිදි ඔවුන්ගේ සිතුම්පැතුම් මුවහත් කරමින් සිය යටත්විජිත හමුදාමය ශක්තිය වර්ධනය කර ගැනීම ආරම්භ කර සිටියෝය.

ප්‍රංශය සිය හමුදාවේ ශක්තිය වැඩිදියුණු කර ගැනීමට යොදා ගත්තේ උතුරු අප්‍රිකානු යුදකාමී ගෝත්‍ර වූ Berbers, අරාබින් වැනි ගෝත්‍ර ඇල්ජීරියාවෙන්ද Tirailleurs වැනි ගෝත්‍ර මොරොක්කෝව හා ටියුනීසියාව වැනි රටවලින්ද එක් කර ගත්හ. මීට අමතරව French West Africa කොටසින්ද, මැඩගස්කරය, ප්‍රංශ ඉන්දු-චීන කලාපයෙන්ද සොල්දාදුවන් බඳවා ගත්හ. කෙසේවෙතත් මෙලෙස හම කළු සොල්දාදුවන් සිය හමුදා ශක්තිය වැඩකර ගැනීමට යොදා ගත්තත්, General Charles Mangin වැනි ප්‍රංශ යුද නායකයන් මෙයට වැඩි මනාපයක් නොදක්වා කියා සිටියේ මතුයම් දිනයක අනාගතයේ මෙයද යුරෝපයට තවත් ගැටළු ඇති කිරීමට හේතුවිය හැකි බවයි. කෙසේනමුදු යුද්ධයේ ආරම්භක අවධියේම ප්‍රංශයේ ඒ වනවිටත් වාසය කළ ඉහත පැවසූ ගෝත්‍ර වලට අයත් ජනයා හමුදාවට බඳවා ගැනීම සිදු කර තිබූ බවද පැවසේ.

මෙලෙස අප්‍රිකානුවන් හා අසියානුවන් ලක්‍ෂ ගණනින් යුද්ධයට බදවා ගෙන සිටි අතර යුද පෙරමුණට අමතරව යුද්ධය සම්බන්ධ නිපැයුම් සිදු කරණ කර්මාන්ත ශාලා ගණනාවකද යටත්විජිත වාසීන්, විශේෂයෙන් ඉන්දු-චීන කලාපයට අයත්වූ වියට්නාම් වැසියන්, චීන ජාතිකයන් දසදහස් ගණනින් එසේ කම්කරුවන් ලෙස යොදවා ගෙන තිබුනහ.

ඉන්දියාව, මෙම යුද්ධය වෙනුවෙන් සොල්දාදුවන් සැපයූ ප්‍රධාන බලාගාරයක් වැනිය. එහෙත් යුරෝපයට සාපේක්‍ෂව ඉන්දියානු විවිද ගෝත්‍රික ජනයාගේ යුද නිපුනත්වය හා නව තාක්‍ෂනික යුද උපාංග හැසිරවීම පිළිබදව වූ නිපුනත්වයද මද තත්ත්වයක පැවතුනි. එය පිළිබදව එක් අතකින් කණගාටුවීමටද හේතුවක් නොමැත්තේ ඔවුන්ව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් එ් වන විටත් ඉන්දියාවේ ස්වදේශික හමුදාවක් ගොඩනගා තිබුනත්, තමන්ට යම් දිනයක ඔවුන් තර්ජනයක වේදෝ යන සැකය නිසා ඇතැම්විට බ්‍රිතාන්‍ය යුද ශිල්පය හෝ නවීන තාක්‍ෂනික මෙවලම් භාවිතය පිළිබදව හුරුවක් ඉන්දියානුවන්ට ලබා නොදෙන්නටද ඇති නිසාය. කෙසේවෙතත් යුද්ධය හා මුසුවත්ම යුදබිමේ සටන් වැදුන ඉන්දියානු සොල්දාදුවන්ද "රෝමයට ගියා නම් රෝමයේ මිනිසෙකු විය යුතුය" යන නඥාය හා අවස්ථාවට ගැලපීම අත්‍යාවශ්‍ය භාවය නිසාම යුරෝපීයන් හා සම සමව යුද්ධයට ගැලපී තිබුනි. නවීන තාක්‍ෂනය සමග මුලින් නොගැලපීමක් තිබුනද සාම්ප්‍රධායිකව ඔවුන් හැදෑරූ යුද ශිල්පයන් හා කැපවීම, ජීවිත පරිත්‍යාගයද අවතක්සේරුවට ලක් නොකළ යුතුය. විශේෂයෙන් නේපාලයේ ගුර්කා වැනි ගෝත්‍රවල යුද නිපුණත්වය හා වීරත්වය අදටත් නොනැසී පවතින්නකි.
https://en.wikipedia.org/wiki/Gurkha


සංඛ්‍යාත්මකව ගත්විට ඉන්දියානුවන් මිලියන 1.25 ක් යුද්ධයට සම්බන්ධව තිබූ අතර ඒ අතුරින් 70,000 ක පිරිසකට නැවත සිය රටට නිරුපද්‍රිතව පැමිණීමේ වරම අහිමිව තිබුනහ.

මෙලෙස තමන්ගේ වාසියට යටත්විජිත වල විවිද ජාතිකයන්, විවිද ආගමිකයන් බදවා ගත්තද පක්‍ෂපාතීත්වය පිළිබදව කුකුසක් පැවතුනි. විශේෂිතම කරුණක් වන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත්විජිත හමුදා බලයේ වැඩි පිරිසක් මුස්ලිම් මිනිසුන්ය. 1914 ඔක්තෝබරයේ තුර්කියද පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමග මෙම මුස්ලිම් ජාතිකයන්සේම මුස්ලිම් ජාතිකයන් වූ තුර්කින් හා යුද වැදීම පිළිබදව විවිද මතභේදයන් ගොඩනැගෙමින් පැවතුනි. එසේම තුර්කියද යුරෝපීයන්ට එරෙහි ජිහාඩ් යුද්ධයකට එක්වන ලෙස විවිද රටරටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියද එහි ප්‍රතිඵල අල්ප විය.

මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පසුව ලෝක සිතියමේ වෙනස්කම් සිදුවූ මැදපෙරදිග ගැනද යමක් කිව යුතුය. සියවස් ගණනකට පෙර අරාබි ගෝත්‍ර මෙම කලාපයේ බලය පතුරුවා ගෙන සිටියත් පසුව මෙම කලාපයේ බලය අධිරාජ්‍යයක් ලෙස ලබා ගෙන සිටියේ තුර්කි ඔටෝමන්වරුය. තුර්කිය යුරෝපීය රටක් වුවද ඉස්ලාමීය රටක් ලෙස පැවතීම. ජෙරුසලම වැනි කතෝලිකයන්ට ඉතා වැදගත් ස්ථාන අත්පත්කර සිටීම, යුරෝපයට ඉස්ලාමීය බලපෑම සියවස් ගණනක් පුරා දැඩි ලෙස එල්ල කිරීම මෙන්ම යුද්ධයේදී ජර්මන් පාර්ශවය ගැනීම වැනි කාරණා රැසක් නිසා තුර්කි අධිරාජ්‍යය දියකර, එය කැබල කර තමන්ට හිතවාදී ලෙස මැදපෙරදිග පාලනයක් ඇති කිරීම යුරෝපීය රටවල අභිලාශය විය. ඒ සදහා සාමප්‍රධායික ගොඩබිම්, මුහුදු ආක්‍රමණය මෙන්ම ගරිල්ලා යුද මෙහෙයුම් සහ විවිද කැරලි මගින් තුර්කි පාලනය අසමතුලිත කිරීමේ ව්‍යාපාරයක්ද මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපීය රාජ්‍යයන් මෙම අවස්ථාවේ දියත් කර තිබුනෝය.

“Lawrence of Arabia” මේ නාමය ඉතිහාසය පිළිබදව තතු දත්තන්ට අමුත්තක් නොවන අතර විවිද චිත්‍රපටි පවා මෙම චරිතය පදනම් කරගෙන ගොඩනැගුනි. මෙලෙස හැදින්වූවද මෙම නිලධාරියාගේ සත්‍ය නාමය Thomas Edward Lawrence වන අතර ඔහු යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට මැදපෙරදිග පුරාවිද්‍යාඥයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ප්‍රදේශය පිළිබදව තිබූ දැනුම නිසා යුද්ධය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කයිරෝවේ සේවය කරන ලදි.  1916 දී ඔහුව අරාබියට පිටත් කර යවන ලද අතර තුර්කින්ට එරෙහිව කැරලි ගැසූ එමීර් ෆයිසාල් හට අවශ්‍ය සහය ලබාදීම සහ එමීර්වරයා හා බටහිර සමග සම්බන්ධීකරන කටයුතු මෙහෙයවනු ලැබුවේද Lawrence  විසිනි.




ප්‍රංශයේ යුද අගල් වල මඩගොහොරු සේම කාන්තාරයේ යුද ගැටුම්ද යුරෝපීය හමුදාවන්ට පීඩා රැසක් ගෙනදුන්නෝය. විශේෂයෙන් අධික උනුසුම සේම ජල හිඟතාවයත්, මැසිමදුරු ආදී සතුන්ගෙන් වන පීඩාද දරා ගැනීමට සිදුව තිබුනි. කෙසේවෙතත් මේ පීඩා හා කැපකිරීම් යනාදියද සමග යුද්ධයේ අවසානය වන විට තුර්කිය යටත්කර ගැනීමට බටහිර යුරෝපීය ජාතීන් සියවස් කිහිපයකට පසු සමත්ව සිටියෝය.


Monday, November 21, 2016

සියළු හමුදාවන්ගේ ජනරාල් ජෝන් පර්ෂින්ග් (ඇමරිකාවේ හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම ගරු සම්මාන නිලය වන මෙය ලැබී ඇත්තේ එරට පුරවැසියන් දෙදෙනෙකුට පමණි) -General of the Armies John J. Pershing

පාබල සොල්දාදුවාගේ සුපිරිම අවි නම් රයිෆලය සහ බයිනේත්තුවයි. මෙලෙස පැවසුවේ එසේත් නැත්නම් එම අවි යුගලය සෙබලාගේ හොදම අවි ලෙස සැලකුවේ ඇමරිකානු ඉතිහායේ ඉහළම ගරුසම්මානයට ජීවත්ව සිටින විටදීම පාත්‍ර වූ ජනරාල් ජෝන් පර්ෂින්ග් නම් සෙනවියයායි. https://en.wikipedia.org/wiki/John_J._Pershing

මෙම ජනරාල්වරයා දක්‍ෂ, නොනැමනසුළු හා උත්සහාවන්ත හමුදා නිලදාරියෙකු ලෙස ප්‍රචලිතව සිටි අතර ඔහුගේ දක්‍ෂතාවය සේම ඔහුගේ පවුල් පසුබිම හා ඥාති සබඳතාද ඔහුගේ හමුදා නිලයන් ඉක්මනින් ලැබීමට  හේතුවක් ලෙස සලකනු ලැබේ. ජනරාල් පර්ෂින්ග්, එවකට ඇමරිකානු ජනපතිවරයෙකු වූ තියඩෝර් රූස්වෙල්ට්ගේ මිතුරෙකි. එසේම ජනරාල්වරයා විවාහ වී සිටියේ එරට හමුදා කටයුතු පි‍ළිබද කමිටුවේද සාමජිකයෙකු වූ සෙනෙට් සභිකයෙකුගේ දියණියක සමගය. මේ ආකාරයේ ප්‍රභල මිතුරු- ඥාති සබඳතා නොවූයේ නම් කපිතාන් තනතුරේ සිට ඉන්පසු පසුකළ යුතු නිලයන් කිහිපයක්ම අතහැරදමමින් එකවර බ්‍රිගේඩියර් නිලයකට නොඑසේ නම් පළමු තරුවේ ජනරාල් නිලයකට පත්වීමේ හැකියාවක් නොලබන බවද පැවසේ.

එසේ කෙටි මඟකින් හමුදාවේ ඉහළ නිලයන්ට පත්වූවද සැබැවින්ම මොහු යුද පිටි ගණනාවකම අත්දැකීම් 1906 දී ඉහත කී ජනරාල් තනතුරට පත්වන විට ලබා තිබුනි. එවැනි තත්ත්වයක් අඩුම තරමින් පළමු ලෝක යුද්ධයේ ජනරාල් පර්ෂින්ග්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි ප්‍රංශ ඒකාබද්ධ උත්තරීතර අණදෙන නිලධාරී Ferdinand Foch හෝ ප්‍රතිවාදී හමුදා ප්‍රධානියෙකු වූ Erich Ludendorff වත් ලබා නොතිබූ බවද කිවයුතුය. අප කතා නායකයා එලෙස සම්බන්ධ වූ යුද කටයුතු අතර ආදිවාසි රතු ඉන්දියානු ජනයා පළවා හැරීමේ යුද කටයුතු, කියුබාවේ ස්පාඥය පාළනයට එරෙහිව පැවති යුද්ධයේදී, මෙන්ම මිතුරු හමුදා 1916 දි වර්ඩන්, සෝම් වැනි යුද පිටි වල නිමක් නොපෙනෙන යුද්ධයක නිරත වෙද්දී ජනරාල් පර්ෂින්ග් හමුදාවේ 12,000 ත භට පිරිසක් සමග මැක්සිකෝවේ කැරලිනායකයෙකු වූ Pancho Villa සමග යුද වැදෙමින් සිටියහ.

පළමු ලෝක යුද්ධය යුරෝපයේ ගිනියම්ව පැවති එම සමයේ මැක්සිකෝවේ සිදුකළ මෙම සාර්ථක මෙහෙයුම් ජනරාල් ජෝන් පර්ෂින්ග් ගේ ජනප්‍රියත්වය ඇමරිකාව තුල වර්ධනය විමට හේතුවක්ව තිබූ නමුත් ඉදිරිකාලයක යුරෝපයේ යුද පිටියට වන ඇමරිකානු සෙබළු මුළු වලට නායකත්වය දෙන්නේ ඔහු බවට ඉඟියක්වත් ලැබි නොතිබුනි.

වෙනෙකක් තබා ජනරාල්වරයාටවත් එවැනි ඉහළ බලාපොරොත්තුවක් නොතිබූ අතර ඔහු තුළ තිබූ ඉහලම බලාපොරොත්තුව හමුදා සේනාංකයක, සේනාකාධිපතිවරයෙකු ලෙස සේවය කිරීම පමණකි.

එහෙත් වුඩ්රෝ විල්සන් ජනපතිවරයාට හා ඔහුගේ යුද ලේකම් වරයා වූ නිව්ටන් බේකර් හට ජනරාල් ජෝන් පර්ෂින්ග් පිළිබදව ඊට වඩා වෙනස් අදහක්වූහ. ඔවුන්ට පක්‍ෂපාතී සහ දේශපාලනික ඉදිරි ගමණක් නොමැති හමුදා නිලධාරියෙකු යුරෝපය බලා යන ඇමරිකානු සොල්දාදුවන්ගේ අණදෙන්නා ලෙස යැවීමට ඔවුන්ට අවශ්‍ය විය. තවද ඉහළින් ලැබෙන අණ අකුරටම ඉටුකර සංග්‍රාම පිටියේදී පැන නගින් ගැටළු සාර්ථකව විසදිය හැකි සෙන්පතියෙකු ඔවුන්ට අවශ්‍ය වූ අතර එයට හොදටම ගැලපෙන තැනැත්තා වෙනකෙකු නොව ජනරාල් ජෝන් පර්ෂින්ග්ම විය.

ජනරාල්වරයා යුරෝපය බලා යන ඇමරිකානු හමුදා බලමුළුව ශක්තියකින් හා අධිෂ්ඨානයකින් යුක්තව ගොඩනගන්නට විය. ඔහුට සිය හමුදාවේ සාමජිකයන් පිළිබදව විනිශ්චයකට එළඹීමේ හොද හැකියාවක් තිබූ බවද පැවසේ. දක්‍ෂයන්ට උසස්වීම්ද, අදක්‍ෂයන් තනතුරෙන් නෙරපා දමන්නටද ඔහු පසුබට නොවීය. එයට ජෙයෂ්ඨත්වය හෝ දැනහැදුනුම්කම් හෝ හැගීම් ඔහු නොතකා හැරියහ.

ඔහුගේ ලුතිනන් ජනරාල් රොබට් බුලර්ඩ් වැනි සමකාලීනයන්ට අනුව ජනරාල් පර්ශින්ග් සෑම විටකම තමන්ගේ කාර්යයේ සාර්ථකත්වය අපේක්‍ෂා කළ නිලධාරියෙකි. ඔහුගේ ක්‍රියාදාමයන්ට විරුද්ධ වන්නන් හෝ අපේත්‍ෂා බංගත්වයට පත්කරන්නන් ඉවත්කර දැමීමට හෝ තවදුරටත් එම කාර්යයන්ගෙන් ඉවතටම ඇද දැමීමට කිසිවිටකත් පසුබට නොවූවෙකි. වෙනකක් තබා සිය සොල්දාදුවන්ට පමණක් නොව යුරෝපයේ සිට මිතුරු පාර්ශවයේ හමුදාවන්ගෙන් සිදුවන අඩුපාඩුකම්, දුර්වලතාවයන්ටද දැඩි ස්ථාවරයක සිට ක්‍රියාකිරීමට ඔහු පෙළඹී තිබේ.

සමස්ථයක් ලෙස ඇමරිකානු ජනපති, එරට ජනයා මෙන්ම ජනරාල්වරායද යුරෝපය පිළිබදව දර්ශනය වූයේ “යුරෝපය යනු දූෂනයට ලක්වූ“ ස්ථානයක් ලෙසයි. ඔවුන් සමග එක්ව ක්‍රියාකිරීමෙන් ඇමරිකානු අභිමතයන් පවා දෝශයට, දුෂනයට ලක්වේය යනමතයක් විශේෂයෙන් ජනරාලවරයා සතුවූයේය. ඔහු යුරෝපයේ මිතුරු හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම් කිරීමට අකමැතිවූ අතර ඔහු සිය ජනපතිවරයා දෙන නියෝග පමණක් ක්‍රියාත්මක කිරීමට සැදීපැහැදී සිටියේය. යුරෝපයේ හමුදා සමග වෙන්ව සහ දුරින් සිට මෙහෙයුම් සිදුකිරීම ඔහුගේ අභිමතාර්ථය විය.

යුරෝපයේ හමුදා නායකයන්, ඇමරිකානු හමුදා ශක්තියේ දායකත්වය පිළිබදව බලාපොරොත්තු සුන් තත්ත්වයට මේ නිසා පත්ව සිටියෝය. එහෙත් මොන තත්ත්වයක් යටතේ වුවත් ඇමරිකානු හමුදා ටිකෙන් ටික මෙම අනාගත් යුද්ධයේ බිල්ලක් ලෙස ලබාදීමට එකඟනොවූ අතර ඔහුට අවශ්‍ය වූයේ මන්දගාමී ලෙස වුවත් විශාල ස්වාධීන හමුදාවක් මෙම යුද්ධය සදහා යෙදවීම සදහා ගොඩනැගීමටයි.

යන්තමින් හෝ නම්‍යශීලීව යුරෝපයේ හමුදා නායකයන්ට සහය දෙන මෙන් ඉහළින්ද නියෝග ලැබුනමුත් ඔහුගේ මූලික අරමුණ එයින් වෙනස් කරන්නට ජනරාල්වරයා ඉක්මන් නොවීය.

ජනරාල්වරයා යුරෝපයේ හමුදාවන්ගේ යුද ශිල්පය පිළිබදව විශ්වාසයක් නොවීය. පරාජයන් සේම යම් යම් අවස්ථාවල මිතුරු පාර්ශවය ජය ලැබූවද ජනරාල් පර්ෂින්ග් වඩාත් දුටුවේ මිතුරු හමුදා යුද අගල් වල දීර්ඝකාලයක් හිරවෙමින් කළ යුද්ධයන්හි අසාර්ථක පැත්ත පමණි. එයින් ඔහු අදහස් කළේ යුද නායකත්වයේ ඇති දුර්වලතාවය පිළිබදවයි. ඔහුට එකාබද්ධ හමුදා 1918 දී ලබා ගත් ජයග්‍රහණ පිළිබදව අවධානයක් නොවීය. 20 වන සියවස මුල හෝ පළමු ලෝක යුද්ධයේ මුල් අවධියට  වඩා යුද තාක්‍ෂනය අතින් බොහෝ ඉදිරියට ගොස් ඇතිබව ඔහුට තේරුම් නොගිය කාරණයක් විය. ඔහු සැහැල්ලු මැශින් තුවක්කු, මෝටාර්, ග්‍රෙනේඩ් අත් බෝම්බ යනාදිය පාබල හමුදාවන්ට ඒ වනවිට වැදගත්ම අවි අතර වන බව මඟහැර දෑමූ කාරණයක් වූ අතර තවදුරටත් ඔහු වන්දනාමාන කළේ රයිෆලය හා බයිනේත්තුවටය. එම අවි පාබල සෙබලාගේ සුපිරිතම අවි ලෙස සැලකූහ.

කෙතරම් හෑල්ලුවට ලක්කළද ඇමරිකානු හමුදා ගොඩනැගුනේද, පුහුණුව ලැබුවේද බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා උපදේශකයන්ගේ උපදේශකත්වයෙනි. එහෙත් එයට ජනරාල්වරයාගේ අගය කිරීමක් නොවිය. තවද පාබල හමුදාවන්ට, කාලතුවක්කු බලඇණි වල සහය යුද බිමේදී ලබාගැනීම පිළිබදවද ජනරාල්වරායාට අවබෝදයක් නොතිබුනා හෝ සිතාමතාම පැහැරහැරියා විය. සටන් පුහුණු පාසලෙන් සේම යුද බිමෙන්ද යුද අත්දැකීම්, ගුරුහරුකම් ලබාගැනීම සාර්ථක හමුදාවක ලක්‍ෂනයක් බවද ඔහුට අමතකවූ කරුණක් බව ඉතිහාසඥයන් පවසති.

යුද බිමේ සාමන්‍ය සෙබලාගේ සිට ඉහළ නිලධාරියා දක්වා දක්වන දස්කමේ වැඩි ගරුත්වය කොතනදීත් හිමිවන්නේ ඉහළම අණදෙන නිලධාරියාට බව මනුෂ්‍ය ඉතිහාසය පුරා සිදුවූ යුද්ධ වලදී මූලධර්මයක් වැනිය. ජනරාල් පර්ෂින්ග්ටද එය පොදු කාරණයක් විය. ඇමරිකානු හමුදා පළමු ලෝක සංග්‍රමයේ මෙහෙයුම් වලට එක්වූ මුල් අවධියේ Meuse-Argonne වැනි සටන් වලදී සාර්ථකත්වයක් නොපෙන්වූ අතර ජනරාල්වරයාට ලැබුන ගරුත්වයද අල්පවිය. යම් හෙයකින් එකාබද්ධ අණදෙන නිලධාරී ජනරාල් Ferdinand Foch යටතේ ජනරාල් පර්ෂින්ග් සටන් වැදුනේ නම් ඔහු තනතුරෙන් පහකර දමන බව ඒකාන්තයෙන්ම සිදුවන බවද පැවසේ. එහෙත් එවැන්නක් කිරීමට ජනරාල් Ferdinand Foch හට හැකියාවක් නොවීය. කෙසේවෙතත් ජනරාල් පර්ෂින්ග් යටතේ සේවය කළ පසු කළෙක ඇමරිකානු හමුදාවේ ඉහළම තානාන්තරද දැරූ ජනරාල් ජොර්ජ් මාර්ශල් පසුව පැවසුවේ ජනරාල් පර්ෂින්ග් යනු මොනම තත්ත්වයක් යටතේවත් නොසැලෙන පුද්ගලයෙකු බවයි.

දෙපාර්ශවය (මිතුරු හා අක්‍ෂ බලවතුන්) අතර සටන් විරාමයක් ගැන 1918 ඔක්තෝබරයේ මුලින්ම කතාබහ කෙරන අවස්ථවේදී ජනරාල් පර්ෂින්ගේ සිටි ස්ථාවරය වූයේ ජර්මනිය ප්‍රමුඛ අක්‍ෂ බලවතුන් කොන්දේසි විරහිතව යටත්විය යුතු බවයි. මෙය ඔහු තම ප්‍රධානියාගේ එනම් ජනපති විල්සන් ගේ අණට එරෙහිව ගිය එකම අවස්ථාවද විය.

1919   දී එතෙක් මෙතෙක් ඇමරිකානු හමුදා නිලධාරියෙකු ලබන ඉහළම නිලයවන General of the Armies තනතුරෙන් ජීවතුන් අතර සිටියදීම පිදුම් ලැබීය. (The General of the Armies of the United States, or more commonly referred to as General of the Armies (abbreviated as GAS), is the highest possible rank in the United States Armed Forces.[1] The rank is informally equated to that of a six star general and is the highest possible operational rank of the United States Army.

The rank has only been held twice in history - once by an active duty officer (John J. Pershing) with a further posthumous promotion to George Washington in 1976. The rank of General of the Armies is senior to General of the Army, General of the Air Force and Fleet Admiral.)

කෙසේවෙතත් ජනරාල් ජෝන් පර්ෂින්ග් යනු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් නොවීය. මේ නිසා ඔහු 1920 ඇමරිකානු ජනපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වූ අවස්ථාවේද ලැබුනේ අඩු සහයෝගයකි. මෙම සෙන්පතියා දෙවන ලෝක යුද්ධයේ අග සිට මුල දක්වාම බලාගැනීමටද අවස්ථාව ලැබූවෙකි. මෙලෙස දෙවන ලෝක යුද්ධයක් ඇතිවීමට හේතුව ලෙසද ඔහු නිරතුරු දුටුවේ මිතුරු පාර්ශවය පැහැදිලිම ජයක් පළමු ලෝක යුද්ධයේදී නොලබා අවස්ථවෙන් ගැලවීමට අත්සන් කළ සටන් විරාමය නැවත යුද්ධයකට මඟපෑදු බවයි.

සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයද මුසුව ලැබූ කෙසේවෙතත් සමස්ථයක් ලෙස සාර්ථක සෙන්පතියෙකු ලෙසද ඇමරිකානු ඉතිහාසයේ හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන සියළු හමුදාවන්ගේ ජනරාල් යන නිලය සිය ජීවිත කාලය තුලදීම ලැබීමටද භාග්‍යවත් වූ මෙම නිර්භීත සෙනවියා 1948 ජූලි 15 වනදා දෙනෙත් සදහටම පියාගත් අතර ඔහුගේ දේහය ඇමරිකානු යුදවිරුවන් භූමදානය කෙරනා වර්ජිනියාවේ  ආලින්ග්ටන් සුසාන භූමියේ භූමදානය දරන ලදි.


Wednesday, November 9, 2016

මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"...

මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ. 

දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙන පෝස්ටර් ව්‍යාපාරයක් දියත්වුනා. මෙන්න අමතක නම් එය.

මේ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් ඇමරිකාවෙත් ක්‍රියාත්මක වුනා. එම රුව ඊට අමතරව අද දක්වා විවිද අවස්ථාවල විවිදාකාරයෙන් දක්නට ලැබෙනවා. ඒ තමයි ඔබ හොදින් හඳුනන Uncle Sam නම් රූපය. මේ රූපය ඇත්තටම සැබෑ පුද්ගලයෙකුගේ රූපයක්. වෙනත් විදියට කියනවා නම් මෙය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා තමන්ගේම රූපය තමයි මේ දක්වා තිබෙන්නේ. චිත්‍ර ශිල්පියාගේ නම Montgomery Flagg. මෙම පෝස්ටර් ව්‍යාපාරයේ ඔවුන් යොදා ගත් යෙදුම තමයි "මට ඔබව ඇමරිකානු හමුදාව සදහා අවශ්‍යයයි".  

ඒ වගේම ඇමරිකානු කොල්ලන් එරට නාවික හමුදාවට බදවා ගැනීමට දියත් වුන ප්‍රචාරක ව්‍යාපාරයේදී මේ වගේ පෝස්ටරයකුත් දකින්නට තිබුනාළු.

වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා ගැනත් සදහන් කළා. තවදුරටත් පවසනවානම් මෙතුවට එම නිලයට පැමිණි පුද්ගලයන්ගෙන් උගත් හා බුද්ධිමත් කමෙන් වැඩිම පුද්ගලයා ලෙසටත් හදුන්වන්නට පුළුවන්. එයට හේතුව තමයි ඔහු තමයි මෙතෙක් ජනාධිපතිකමට පත්වූ එකම ආචාර්යය උපාධිය හිමි තැනැත්තාවීම. සැබැවින්ම ඥානාන්විත විදියට යුද්ධයට අනවශ්‍ය ආකාරයට මැදිහත්වීමකින් තොරව තවත් කරන්නට දෙයක් නොමැතිම කළ එයට මැදිහත්වූ ආකාරය පෙර ලිපියකදීත් සදහන් කළා. තවෙකක් තබා තවදුරටත් මෙවන් යුද්ධයක් ඇති නොවීමට ජාතීන්ගේ සංවිධානය නම සංවිධානයක් බිහි කිරීමට පුරෝගාමී වී එයට වැඩි ඇමරිකානු දායකත්වයක් ලබා දීමට රට අභ්‍යන්තරයේ පුද්ගලයන්, ආයතනික ව්‍යුවහය සම්බන්ධ කිරීමට දැඩි උත්සාහයක් ගත්තත් ඇමරිකාව තුලින් ඔහුුට එතරම් සහයක් නොලැබීම දෙවන ලෝක යුද්ධය හා එයට පෙර ඇතිවූ විවිද ව්‍යාකූල තත්ත්වයන් ඇතිවීම වලක්වාගැනීමට තිබූ ඉඩකඩ අහුරන්නට හේතුවුනා. කෙසේනමුත් යුරෝපයට හා සමස්ථ ලෝකයට යම් කිසි සාමයක් ගෙන එන්නට ඔහු කළ දායකත්වය අගයන්නට 1919 දී ඔහුට නොබෙල් ත්‍යාගය ලබා දීමෙන් අගය කළ බවත් පැවසිය යුතුයි.





වුඩ්රෝ විල්සන් ජනපතිවරයාගේ ජීවිත ගමන් මග මෙසේය.




මෙන්න මේ වගේ මෙවලම් තමයි ඇමරිකානු පාබල හමුදා සෙබලෙකු සතුව තිබී තිබෙන්නේ.

මේ යුද්ධයේ උච්චතම අවස්ථාවක කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවක් වගේම යුද්ධයේ දක්‍ෂකම් පෙන්වූවන්ට ලබා දුන් සම්මානයක්.

එවකට යුරෝපයේ රටවල් බොහොමයකට යටත් විජිත තිබුනා වගේම දහනම වන සියවසේ හා විසිවන සියවසේ මුල්ම අවධියේ යුරෝපාකරයේ රටවල් අසල්වැසි රටවල් සමග විවිද අවස්ථාවල යුද වැදී තිබුන නිසා එම හමුදාවල සෙබළුන් තමන් උපන් ප්‍රදේශයෙන් වගේම උපන් රටෙනුත් විවිද අවස්ථාවල බැහැරව ගොස් තිබුනා. එත් ඇමරිකානු සෙබළුන් බහුතරයකට එවැනි අත්දැකීමක් ලැබී තිබුනේ නැහැ. ඔවුන් බොහෝමයක් තමන් උපන් නගරයෙන්වත් පිටතට ගොස් නොතිබුන නිසා ඔවුන්ට සිය සමීපමතයන්ගෙන් දුරස්වීම සෑහෙන්න දැනෙන දෙයක් වුනා. 

තවත් අතකින් ඇමරිකානු සොල්දාදුවන් සේවයේ යෙදෙව්වේ ප්‍රංශයේ නිසා, තමන් කතා කළ ඉංග්‍රීසි බස නොව ප්‍රංශ බස කතාකරන මිත්‍රපාර්ශවික සෙබළුන් සමග ගැවසෙන්නට වීම නිසා අදහස් හුවමාරුවටත් බාධාවක්ව තිබුනා. මේ නිසා තමන්ගේ ගෙවල්වලට නිරතුරු ලියුම් ලිවුවා වගේම, තම හිතවතුන්ගෙන්, ගෙදරින් එන ලියුම්,  පින්තූර සහිත තැපැල්පත් මෙන්ම එවන කෑමබීම වලටත් ඔවුන් දැඩි ලෙස ඇළුම් කළා.

ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වීමට මුල්වූ ප්‍රධානතම හේතුව වූයේ ලුසිතානියා නෞකාව විනාශ කිරීමට ජර්මනිය ක්‍රියාකිරීමයි. මේ එදා අවසාන වතාවට නිව්යෝර්ක් වරායෙන් එම නෞකාව ගමන් ආරම්භ කරන මොහොතයි.

මේ එම නෞකාවේ තිබූ ජීවිතාරක්‍ෂක මෙවලමක්.

1914 වන විට ඇමරිකාවේ මුළු ජනගහනය මිලියන 100 ක් ලෙස යයි පවසන අතර තවත් විදියකට කියනවා නම් කෝටි 10 ක්. ඒත් මෙතරම් ජනගහනයකට සිටි නිත්‍ය යුද හමුදාව 100,000 කට යන්තම් වැඩියයි කියුවොත් සමහරවිට ඔබ විශ්වාස කරන එකක් නැතුව වෙන්න පුළුවන්. එවකට දුර්වල හමුදාවක් ලෙස සැලකුන බෙල්ජියම් හමුදාව පවා මෙම හමුදාව මෙන් තුන්ගුණයක් වුනා. එත් ඇමරිකාව සතුව කාලයට ඔබින නවීන අංගෝපාගයන්ගෙන්ද යුතු උපකරණද ඇති ශක්තිමත් නාවික හමුදාවක් තිබූ බව පැවසිය යුතුයි. එවන් ශක්තිමත් නාවික හමුදාවක් පවත්වාගැනීමටත් හේතු තිබුනා. තමන්ගේ මුහුදුබඩ දේශසීමාව රැකගැනිම, නාවික වෙළඳ මාර්ගය ආරක්‍ෂා කරගැනීම මෙන්ම ශක්තිමත් නාවිත හමුදාවක් ඇත යන අන්තර්ජාතිකව ඇති පිළිගැනීම තබා ගැනීමටත් මෙම ප්‍රභල නාවික හමුදාවක් පැවතීම උපකාරීවූවා.

යුද්ධයට සම්බන්ධ නොවී මැදහත් ස්ථාවරයක සිටින්නට ඇමරිකාවේ ජනගහනය විවිද ජාතීන්ගේ සමන්විත වීමද බලපෑවා. ඇමරිකාවේ පාලන තන්ත්‍රය බ්‍රිතාන්‍ය සම්භවයකට උරුමකම් කියූ ප්‍රභූවරුන්ට හිමිවූවත් ජනගහනයෙන් 10% ක් පමණ වූයේ ජර්මානු සම්භවයක් යුතු ජනතාවයි. තවෙකක් තබා ස්කැන්ඩිනේවියානු රටවලින් පැමිණි බොහෝ ජනයාද ජර්මානු සම්භවයක් යුතුවූ බව තහවුරුව තිබුනා. යුද්ධයට ඇමරිකාව සම්බන්ධ විය යුතු යයි ප්‍රභල හඩක් නැගුවේ අයර්ලන්ත සම්භවයක් තිබූ ජන කොටස බවද පැවසෙනවා.

පළමු ලෝක යුද්ධය අවධිය වන විට විට ඉතා ශක්තිමත් ආර්ථිකයක් ඇමරිකාවට හිමිව තිබූ අතර ලෝකයේ කාර්මික අංශයේ 1/3 ක් ඔවුන් සතුවූවා. එසේම ආහාර හා අනෙකුත් විවිද මූල ද්‍රව්‍ය වල විශාල නිෂ්පාදන හිමිකාරීත්වයක් ඔවුන් සතුවූවා. මේ විශාල සම්පත් ප්‍රමාණය යුද්ධය කරගෙන යාමට මිතුරු පාර්ශවයට මෙන්ම අක්‍ෂ බලවතුන්ට අවශ්‍යව තිබුනා. බ්‍රිතාන්‍ය විසින් ජර්මනියට නාවුක සැපයුම අවහිර කර තිබූ නිසා ජර්මනියෙ ඒජන්තවරු වෙනත් මැදිහත් රටවල් ඔස්සේ භාණ්ඩ ඇමරිකාවෙන් මිලදී ගෙන වක්‍රාකාරව ජර්මනියට ලැබීමට සලස්වාතිබූ බවද පැවසිය යුතුයි. එහෙත් එයින් එතරම් වැඩි වාසියක් ජර්මනියට අත්වූයේ නැහැ. ජර්මනියට ඇමරිකාවෙන් ඍජුව වෙළදාම කරගෙන යාමට නොහැකිවූවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද්ධයට මෙන්ම රටට අවශ්‍ය විවිද දේ ඇමරිකාවෙන් මිලදී ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. එයටත් වඩා වැදගත් කාරණයක් වූයේ මිතුරු-සතුරු දෙපාර්ශවයටම ඇමරිකානු බැංකු ණය ලබාදී තිබූ අතර එයින් වැඩි ණය ප්‍රමාණයක් ලබා දී තිබුනේ මිත්‍ර පාර්ශවයටයි. මේ නිසා මිතුරු පාර්ශවය ජය නොගතහොත් එයින් ඇමරිකානු ආර්ථිකයට වන බලපෑම ඉතා හානිකර වීමට ඉඩ තිබු බවද පැවසිය යුතුය.

යුද්ධයත් සමග 1915 වන විට ඇමරිකානු අපනයනය කිහිපගුණයකින් වැඩිවූ අතර මේ වැඩිවීමට හේතුව මිතුරු පාර්ශවයේ රටවලට අවශ්‍ය ද්‍රව්‍ය නැව් මගින් යුරෝපයට යැවීම නිසා බව ඇමරිකාවේ සිට ජර්මන් ඔත්තුකරුවන්ට රහසක් නොවීය. මේ නිසා මෙලෙස යුරෝපයට බලා යෑමට නියමිත තොග ගබඩා කර තිබූ ගබඩා, නැව් යනාදිය ගිනිබත් කළ අවස්ථා බොහෝය. මේ තත්ත්වය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින්ද කිහිපවිටකම ඇමරිකාවට දැනුම් දෙන ලදි.

සීමාවන්ගෙන් තොර නාවික පහරදීම් ජර්මනිය නිවේදනය කළ අවස්ථවේද එය ඇමරිකානු නෞකාවන්ට බලනොපාන නීතියක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජර්මනිය හා සමථයකට පත්වීමට උත්සහ දැරූවද එය ජර්මනිය විසින් ඉවත ලන ලදි. වුඩ්රෝ විල්සන් ජනපතිවරයාට පළමු ලෝක යුද්ධයට මහ පරිමාණයෙන් සම්බන්ධ නොවී සිටීමට වැඩි උවමණාවක් තිබූ අතර ජර්මනියේ තර්ජනයට විසදුමක් ලෙස මුල් අවස්ථාවලදී ඇමරිකානු වෙළඳ නැව් වලට අවි සවි කොට අවශ්‍ය වෙතොත් පමණක් භාවිතා කිරීමට කටයුතු යෙදීම යෝග්‍ය යැයි ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයටද යෝජනා කළේය.

1917 ජනවාරි 16 වනදා ජර්මන් විදේශ ලේකම් Arthur Zimmermann විසින් මෙක්සිකෝවේ ජර්මන් තානාපතිවරයා වෙත යවන ලද විදුලි පණිවිඩයකින් කියවුනේ මෙක්සිකෝවට යුද ආධාර ලබා දීමට සූදානම් බවට යෝජනා කරන ලෙසත් එමගින් තමන්ට පක්‍ෂව හා ඇමරිකාවට එරෙහිව ක්‍රියාකරන ලෙස සහ එයට තුටු පඬුරු ලෙස ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්, එනම් ටෙක්සාස්, නිව් මැක්සිකෝ සහ ඇරිසෝනා යන ප්‍රාන්ත මෙක්සිකෝවට ලබා දෙන බවත්ය. මේ රහස් පණිවිඩය බ්‍රිතාන්‍ය නාවික ඔත්තු සේවා විසින් decrypted කරගන්නා ලද අතර පෙබරවාරිය වන විට ඔවුන් විසින් ඇමරිකානු බලධාරීන්ට මේ බව දැනුම් දෙන ලදි. එහෙත් මුලින් ඇමරිකානු ආරක්‍ෂක අංශ සහ ඉහල දේශපාලන අධිකාරිය මෙය බොරුවක් ලෙස විශ්වාස කරන ලදි. එහෙත් අවසානයේ මෙම පණිවිඩයේ හිමිකාරිත්වය එනම් පණිවිඩය එවූ Arthur Zimmermann විසින්ම මෙය පිළිගත් පසුව ඇමරිකාවට මෙම පණිවිඩයේ බැරෑරුම්කම වැටහෙන්නට විය. මෙය සත්‍යක් බව දැනගත් විට ඇමරිකානු ජනමාධ්‍ය හරහා රටපුරා ක්‍ෂනයකින් මහජනතාව දැනුවත් වූ අතර ඒ වනතෙක් ජර්මනියේ පාර්ශයවය වෙනුවෙන් හිතවාදීව සිටි ජර්මානු සහ ස්වීඩන් සංක්‍රමණිකයන්, බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කර ඇමරිකාවේ විසූ බ්‍රිතාන්‍ය විරෝධී අයර්ලන්ත වැසියන් පවා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයට විරෝධය පෑම ආරම්භ කළ අතර මිතුරු පාර්ශවය වෙනුවෙන් යුද්ධයට එළඹිය යුතු බවද ඇදහූහ.

එසේම ඇමරිකාව යුරෝපයේ සිදුකෙරුණ මෙම විනාශකාරී යුද්ධයට සම්බන්ධවීමට තවත් හේතුවක් විය එනම් 1917 මුල් කාලය  විට රුසියාවේ සාර් පාලනය බිදවැටීමත් සමග යුද්ධයට රුසියානු දායකත්වය තවතවත් දුර්වල වීම සහ දේශපාලනික මතිමතාන්තරවල සිදුවෙමින් පැවති වෙනස්කම් මිතුරු පාර්ශවයන්ට හිතකර නොවන ලෙස නිර්මාණය වීමද තවදුරටත් අහකබලාගෙන සිටීමේ ප්‍රතිපත්තියෙන් ඇමරිකාව ඉවත්වීමට තවත් කාරණයක් විය.

යුද්ධයට ඇමරිකාව සම්බන්ධව තිබීම තමන්ගේ යුද ක්‍රියාකාරීත්වයට හිතකර නොවන බව වටහා ගත් ජර්මනිය 1917 ඔක්තෝබරයේදී සටන් විරාමයකට එකඟත්වයක් පළ කළත් ඒ වන විට ඔවුන් ප්‍රමාද වැඩි වී තිබුනි.

1917 අප්‍රේල් 06 වන දා පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූවත් මෙවන් විශාල පරිමාණයේ යුද වාතාවරණයට මුහුණ දීමට තරම් සූදානමක් ඇමරිකාව සතුව නොවීය. විශාල ප්‍රමාණයේ හමුදාවක් මෙන්ම විශාල සම්පත් ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුලත ගොඩනංවා ගැනීම හා කළමනාකරණය කර ගැනීම අත්‍යාවශ්‍ය විය.

120,000 ක් පමණ වූ කුඩා හමුදාව විශාල කරගත යුතුව තිබූ අතර අනිවාර්යය යුද සේවාවක් සදහා ඇමරිකානු පුරවැසියන් කැඳවීම ඒ වන විට තිබූ ව්‍යවස්ථාව අනුව පුද්ගල නිදහසට එරෙහිව යාමක් විය. අනෙක් අතින් මහා පරිමාණ යුද්ධයකට බැහැරව යන හමුදාවට අවශ්‍ය අවි ආයුද, රථ වාහන, අනෙකුත් යුද මෙවලම් සහ විවිද කාර්යයන්ට අවශ්‍ය මෙවලම්ද කෙටිකලකින් හා විශාල පරිමණයෙන් නිෂ්පාදනය සදහා කර්මාන්ත ශාලා සදහා පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයද අධික විය.

මේ නිසා හමුදාවට අවශ්‍ය පිරිස ස්වේඡාවෙන් බඳවා ගැනීමට උත්සහ දැරුවත් 1917 අප්‍රේල් අග වන විට බැදුන සංඛ්‍යාව 97,000 ක් තරම්විය. මෙය ප්‍රමාණවත් නොවන බව හා තවදුරටත් ස්වේච්ඡාවෙන් බදවා ගැනීම සාර්ථක නොවන බව වටහා ගත් පාලනාධිකාරිය 1917 මැයි 18 වනදා සම්මත කර ගත් The Selective Service Act නම් නීති ප්‍රතිපාදනය ඔස්සේ මෙම බදවා ගැනීම් නීත්‍යානුකූලවම අනිවාර්යය සේවාවක් නියම කරගැනීම තුලින් අපේ්‍ක්‍ෂා කළේය.  මේ අනුව අවු.21 සිට 31 දක්වා වූ සියළු ඇමරිකානු පිරිමි ලියාපදිංචි වීම අනිවාර්යය වු අතර ඒ අතරින් සුදුස්සන් හමුදාවට හෝ කර්මාන්ත ක්‍ෂෙත්‍රය සදහා බදවා ගැනීම අරමුණ විය. පසුව මෙම වයස් සීමාව අවු. 18 සිට 45 දක්වා පරාසයකින් වැඩි කළහ. මෙම බදවා ගන්නා හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමට රටපුරා හමුදා කඳවුරුද ස්ථාපිත කරන ලදහ.

සුදු කළු භේදය නිසා හමුදාවට කළු ජාතිකයන් බදවා ගැනීමට සීමා පැවතින. කළු ජාතිකයන් වැඩිපුර යොදා ගත්තේ හමුදාවේ සේවා සැපයිම් වැනි අංශ වලට වූ අතර සන්නද්ධ අංශ සදහා බදවා ගැනීම සාපේක්‍ෂව ඉතා අඩු අගයක් ගත්තේය. සන්නද්ධ කළු ජාතික හමුදා සෙබළුන් ප්‍රචණ්ඩව සුදු ජාතිකයන්ට පහර දීමට හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට නැඹුරුවේය යන බියද විය. එහෙත් ඒ වන විටත් ප්‍රංශයේ, ප්‍රංශ හමුදාවත් සමග එක්ව ස්වේච්ඡාවෙන් සටන් වදින කළුජාතික සේනාංකයන් කිහිපයක්ද විය. එසේම මෙම ස්වේච්ඡා භටයන් අතර ගුවන් යානා පැදවීමේ හැකියාව සහ දක්‍ෂකම් පෙන්වූ කළුජාතිකයන්ද විය. එහෙත් යුද්ධයෙන් පසුව ඇමරිකාවේ නිත්‍ය ගුවන් හමුදා භටයෙකු වීමට ඔවුන්ගේ හමේ පැහැය තවදුරටත් බාධකයකව පැවතුනි.

තවද සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත් සේනාංක වලින් වෙන්කොට වෙනම සේනාංක ලෙස කළු ජාතිකයන් සිටි සේනාංක පවත්වාගෙන යාමද ප්‍රතිපත්තිය විය.

මුලින්ම කාන්තාවන් යුද හමුදාවට සම්බන්ධ වූයේ හෙදියන් ලෙස වුවත් පසුව සේවා සැපයීම අංශ සදහා දකාන්තාවන්ද හමුදාවට බදවා ගත්හ.


ඇමරිකානු පුරවැසියන් බහුතරයක් මේ වන විට යුද්ධයට පක්‍ෂපාතීව සහය දෙමින් සිටියත් අතලොස්සක් විරුද්ධව සිටිහය. යුද්ධයට ඇමරිකාව මැදිහත් වීම විවේචනය කරමින් සහ ආණ්ඩුව විසින් නියම කළ ලියාපදිංචි වීමෙන්ද බැහැරව සිටි පිරිසක්ද වූහ. මෙම පිරිස කෙරේ ආණ්ඩුවේද අනුකම්පාවක් නොවූ අතර ඔවුන් කෙරේ අනුගමනය කරන ප්‍රතිපත්තිය දැඩි කරමින් 1917 ජුනි මාසයේදී සම්මත කරගත් Espionage Act නම් වූ නීතියක් ඔස්සේ ආණ්ඩුවේ යුද මැදිහත්වීමට එරෙහිව ක්‍රියාකරන්නන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු යොදන්නට වූහ.

යුද්ධයක් සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යාමට ආර්ථිකයද ශක්තිමත්ව පැවතීම අනිවාර්යය කරුණකි. තවද යුද්ධයක් සමග ඇතැම් නිෂ්පාදන ව්‍යාපාරයන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වීමද ස්වභාවිකය. උදාහරණයක් ලෙස යුද බිමේද නිරතුරුව භාවිතා කරන වෙඩි උණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍ර ලෙස වැඩි දියුණු විය. එසේම රටපුරා විහිදුන දුම්රිය මාර්ග හා වරාය, නෞකාංගන රජයේ පාළනයට නතුකර ගත්හ. විදේශයන්ගෙන් සිදුකරන ආනයන කටයුතුද වැඩි වූ අතර ඉන්ධන සහ ආහාර නිෂ්පාදනය හා ගබඩා කිරීමද කිහිප ගුණයකින්ම වැඩිවිය. ගුවන් සටන්වල ආරම්භක අවධියක් වූ එම කාලයේ ගුවන් යානා නිෂ්පාදනය විශාල වශයෙන් දියුණුවට පත්නොවූවත් යම් වර්ධනයක් පෙන්නුම් කළේය. රජය සතුව තිබූ මුදල් යුද්ධය සදහා ප්‍රමාණවත් නොවූ නිසා නව බදු පැනවීමෙන් රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු යෙදුන අතර දේශප්‍රේමී ජනතාව විසින් ප්‍රධානය කරන මුදල් "liberty bonds" නම් වූ පදනමකට බැර කිරීමට අවස්ථාව සලසා දුන් අතර එමගින් බිලියන 21 තරම් මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට රජය සමත්විය.

තවත් කාරණා ඉදිරි ලිපියකදී සොයා බලමු...