-->

Thursday, October 27, 2016

20 - පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු

ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි පොතක් හෝ අළුත් පොතක් තද කවරයකින් යුතුව තවත් කාලයක් පුරා හානිය අවම වන සේ භාවිතයට ගන්නා නිර්මාණය කිරීම මෙම පොත් බැඳීමේදී සිදුකරන අතර එය සංරක්‍ෂන කටයුත්තක් වගේම එක්තරා ආකාරයක කලාවක් කියලත් කියන්නට පුළුවන්. බලමු එය කරන්නේ කොහොමද කියන එක.


ඒ වගේම විවිද කටයුතු වලදී නිල තත්ත්වය ලබාදීමට භාවිතා කරන රබර් මුද්‍රා ඔබ දැක ඇති. සමහරවිට ඔබ සතුවත් එවැනි ඒවා ඇති. ඉස්සර නම් තීන්ත වලින් පොඟවන ලද Ink Pad එකක් මත රබර් මුද්‍රාව තද කිරීමෙන් අනතුරුව තමයි මුද්‍රාව අදාල ලේඛණය මත තැබීම සිදුකරන්නේ. ඒත් දැන් එවැනි Ink Pad එකක් නොමැතිව රබර් මුද්‍රාව තනන අවස්ථාවේම එයට තීන්ත ගැල්වීම සිදුකර තිබෙන නිසා කරදරයකින් තොරවම භාවිතයට ගන්න පුළුවන්. ඒත් අපි දැනගෙන හිටියේ නැහැනේ මේ ආකාරයට රබර් මුද්‍රාව හදන්නේ කොහොමද කියන එක. මෙන්න ඒ ගැනත් දැන් බලාකියාගන්න පුළුවන්.


රෙජිෆෝම් එහෙමත් නැත්නම් පොලිස්ටයිරීන් යොදා ගන්නවා විවිද කාර්යයන්ට. එහෙත් එය වඩාත් පොදුවේ යොදාගන්නේ ඇසුරම්කරණයේදී කම්පන අවශෝෂනය කර ගැනීමට වගේම අදාල උපකරණයට හීරීම් වගේ දේවල් ඍජුවම වීම වලක්වා ගැනීමටත්. ඉතින් මේ රෙජිෆෝම් හදන විදිය තමයි මේ.

වෙළෙද සැල්, විවිද ආයතන වල සිය නාමය හෝ එම ආයතනය විසින් සපයන සේවා හෝ භාණ්ඩ පිළිබදව විචිත්‍රවත් ලෙස දැනුවත් කිරීමට නියෝන් නාම පුවරු යොදා ගන්නවා. අද LED බල්බ් යෙදූ පුවරු බහුලව යොදා ගත්තත් මීට වසර කිහිපයකට පෙර නියෝන් නාමපුවරු තමයි ඒ කාර්යය සිදුකළේ. මෙයත් එක්තරා ආකාරයක කලාවක්.


Monday, October 24, 2016

පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්...

අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය පිළිබදව කතාකරන්නේ අඩුවෙන්දැයි එක් වෙලාවකට සිතේ. 

පළමු ලෝක යුද්ධයදී රුසියාව හා පසුව 1916 අගෝස්තුවේදී රුමේනියාවද නැගෙනහිර යුද පෙරමුණෙන් රුසියාවට සහයට එක්වූ අතර පළමු ලෝක යුද්ධයේදී රුසියාවේ පමණක් මිලියනයක පමණ මිනිසුන් ප්‍රමාණයක් මරුමුවටත්, මිලියනයක පමණ ජනතාවක්, සිරභාරයටත් පත්වූහ. රුසියානුවන්ට මෙය වෙනමම යුද්ධයක් වූයේය. ඔවුන් මෙය පීතෘ භූමියේ දෙවන යුද්ධය ("Second Fatherland War")ලෙසටත්, තවත් වරෙක දෙවන දේශමාමක යුද්ධය ("Second Patriotic War")ලෙසටත් හැදින්වූහ. (මෙම සංඛ්‍යා දත්තයන් එක් ඒක් මූලාශ්‍රවල පරස්පරයන් තිබෙන අතර නැගෙනහිර යුද පෙරමුණේ නිශ්චිතවම කොපමණ සංඛ්‍යාවක් මියගියාදැයි නිවැරදි දත්ත නොමැති බවක්ද පැවසේ),



මිතුරු පාර්ශවයේ ප්‍රධාන යුද වදින්නන් වූ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයට අමතරව ඔවුන්ගේ යටත්විජිතවලින්ද පැමිණි හමුදාවන් වූයේය. තවද යුද්ධයේ අවසාන භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයද ඔවුන්ගේ සහයට පැමිණි අතර රුසියාවත් දෙවනුව ඔවුන්ගේ සහයට පැමිණි රුමේනියාවත් පමණක් ඔස්ට්‍රෝ-හංගේරියන් අධිරාජ්‍යය, ජර්මන් අධිරාජ්‍යය, බල්ගේරියාව හා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය යන සියල්ල සමග උතුරින් බෝල්ටික් මුහුදත්, දකුනින් කළු මුහුදත්, නැගෙනහිර යුරෝපයේ වැඩි භූමි ප්‍රමාණයක් සහ මධ්‍යම යුරෝපයේදීද බොහෝදුරකට වන්නට යුද වැදුනහ. ඒ අතින් ගත්කල වැඩියෙන්ම කතා කරනා බටහිර යුද පෙරමුණට ඇතුලත් වූයේ ප්‍රංශයේ සහ බෙල්ජියම යන භූමියන්ගේ යුද වැදීම පමණකි. 

යුද්ධය ආරම්භ වූ මුල් මාස කිහිපයේදී එවකට රුසියන් අධිරාජ්‍ය හමුදාව ලෙස හැදින්වූ රුසියානුව හමුදාව ජර්මනියේ එක් ප්‍රාන්ත රාජ්‍යයක් වූ ප්‍රසියාවේ නැගෙනහි ප්‍රසියාව ආක්‍රමණයට කිහිපවිටකම උත්සහ දැරූ අතර ඔස්ට්‍රියාවේ නගරයක් වන ගැලිසියාව යටත් කර ගැනීමට සමත්විය. එහෙත් ජර්මන් හමුදාවේ නැගෙනහිර යුද පෙරමුණ භාරව සිටි සුප්‍රකට ජර්මන් ෆීල්ඩ්මාර්ෂල්වරයා වූ පෝල් වොන් හින්ඩන්බර්ග් සහ ඔහුගේ කණිටු නිලධාරී ජනරාල් එරික් ලුඩෙන්ඩෝර්ෆ් ගේ යුද සැලසුම් සහ උපක්‍රම නිසා අවසාන වශයෙන් සිදුකළ ටැනන්බර්ග් යුද්ධයේදී රුසියාවට අතිදැවැන්ත හානියක් සිදුවිය.



මෙහිදී 13,873 ක ජර්මානු සොල්දාදුවන් පිරිසක් මරුමුවට පත්ව හෝ තුවාල ලබද්දී, 78,000 ත පමණ රුසියානු සොල්දාදුවන් මරුමුවට පත්ව හෝ තුවාල ලැබූහ. එපමණක් නොව 92,000 ක පමණ රුසියානු සොල්දාදුවන් පිරිසක් යුද සිරකරුවන් ලෙස සිරභාරයට ගැනීමටද ජර්මන් හමුදා සමත්වූහ. තවද රුසියානු පළමු හමුදාවේ විශාල ප්‍රමාණයක් හානියට පත්වූ අතර දෙවන හමුදාව සහමුලින්ම වාගේ මෙම යුද්ධයේදී (ටෙනන්බර්ග් යුද්ධය - https://en.wikipedia.org/wiki/Battle_of_Tannenberg) විනාශ වූ බව පැවසේ. එම රුසියානු දෙවන හමුදාව භාරව සිටි ජනරාල් Aleksandr Vassilievich Samsonov  තම හමුදාව ලැබූ විනාශය හමුවේ සියදිවි නසාගත් බවද පැවසිය යුතුය.


තවද මෙම පරාජයන් හමුවේ රුසියානු හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ Grand Duke Nicholas සේවයෙන් ඉවත් කර තමන්ම රුසියානු හමුදාවන්ට අණදීමේ රාජකාරිය එදා රුසියානු රජු වූ දෙවන නිකලස් සාර් රජු විසින් භාරගත්හ. මෙම සේවයෙන් ඉවත් කළ Grand Duke Nicholas, රජුගේ මාමා කෙනෙකුද විය.

ජර්මන් සහයද සහිතව ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාව, රුසියානු හමුදා කාපෙන්තියන් කඳුවැටි ප්‍රදේශයෙන්ද පළවා හැරීමට ඉමහත් වෑයමක් දරමින් සිටියහ. ජර්මන් සහය හැරුන කොට ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාවට රුසියානු හමුදා සමග තනිව ගැටීමට තරම් ශක්තියක් නොවීය. ශීතල දේශගුණය ඇති අවස්ථාවේ යුද ගැටුමකට අවශ්‍ය මෙවලම් වල හිඟය, නොපුහුණු හමුදා පිරිස් යනාදිය නිසා ඔස්ට්‍රෝ-හන්ගේරියන් භූමියේ සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව අත්පත් කරගෙන සිටියේය. 1915 මාර්තු 22 දා අවසාන ප්‍රභලම බලකොටුව වූ Przemsyl ද තමන් සතු කරගන්නට රුසියාව සමත්ව සිටියේය. ඔස්ට්‍රෝ-හන්ගේරියන් සොල්දාදුවන් 800,000 ක් පමණ මෙම යුද්ධ වලදී ඔවුනට අහිමිව සිටියෝය.


කෙසේවෙතත් රුසියාවේ මේ ප්‍රහාර මාලාව පාලනය කරගැනීමට ජර්මනිය, ඔස්ට්‍රෝ-හන්ගේරියාව ආරක්‍ෂා කිරීමට යුද බිමට පිවිසීමත් සමග හැකියාව ලැබී තිබුනි. 1915 මැයි 10 වන විට මෙම යුද බිමේ වාසිය ජර්මනිය වෙත නතුකරගනිමින් රුසියානුවන් පසුබස්සනටත්, රුසියානු හමුදා සොල්දාදුවන් 140,000 ක පමණ පිරිසක් යුද සිරකරුවන් ලෙස අල්ලා ගැනීමටත් සමත්ව තිබුනි. තවද ජුනි මාසයේ අගහරිය වන විට අත්පත්කරගෙන සිට ගලිසියාවෙන් පවා ඉවත්වීමට රුසියානුවන්ට සිදුව තිබුනි. 

ජර්මනිය හා ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුද වැදීම මෙන්ම රුසියන් හමුදා ඔටෝමන් තුර්කින්ට එරෙහිවද යුද වැදුනහ. තුර්කිය කාලයක පුරා "යුරෝපයේ රෝගියා" යන අන්වර්ථ නාමයෙන්ද හැදින්වූ අතර සියවස් ගණනක් පුරා ඔවුන් සාම්ප්‍රදායික සතුරන් වූ අතර මේ අවස්ථාවේ එම පැරණි එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මේ දෙපාර්ශවයම කටයුතු යොදමින් සිටියෝය. තුර්කින් පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වූයේ 1914 නොවැම්බරයේ සිට වූ අතර තුර්කි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය සිය ග්‍රහණයට නතුකර ගැනීම රුසියාවේ එක් අරමුණක් විය. එමගින් සිය නෞකාවන්ට කළු මුහුදේ සිට මධ්‍යධරනී මුහුද දක්වා නිරුපද්‍රිතව ගමණාගමනයේ යෙදීමේ අවස්ථාව ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවිය. තවත් අතකින් බ්‍රිතාන්‍යයට හා ප්‍රංශයටද, තුර්කිය මට්ටු කර මැදපෙරදිග ආධිපත්‍ය වැඩිකරගැනීම එක් අරමුණක් විය.

කෙසේවෙතත් කාලයක් පුරා විවිද පරිවර්ථන, කාර්මික විප්ලවය, ආකල්පය වෙනස්කම් ආදී නොයෙකුත් විපර්යාසයන්ට බදුන්වූ යුරෝපයේ අනෙකුත් හමුදාවන් සමග පෑහීමට ඒ වකවානුව වනවිට තුර්කි හමුදාව අසමත්ව සිටියෝය. ලෝක යුද්ධයට පෙර 1912-1913 අතර සිදුවූ බෝල්කන් යුද්ධයේදී තුර්කි හමුදාවන්ගේ දුර්වලකම් ප්‍රදර්ශනයවන්නට විය. කාර්මික විප්ලවයේ “සුලඟට” වත් හසුනොවී තිබූ දැවැන්ත තුර්කි අධිරාජ්‍යය මහාමාර්ග, දුම්රිය මාර්ගවල හිඟකමින්ද පෙළෙන්නට වූහ. ඒ මොනවා නැතත් තුර්කි හමුදා දැඩි බවකින් හා නොපසුබට වීර්යයෙන් යුතු වූ බවද පැවසිය යුතුය. ඔවුන්ට ජර්මනියේ සහයද ලැබී තිබීම නිසා මෙම යුගයට නොගැලපෙන හමුදාව ශක්තිමත් වීමට හේතුවක් විය. 

ශීතල Caucasus ප්‍රදේශයේදී, 1914 දෙසැ. 21 වෙනිදා තුර්කි හමුදා විසින්, රුසියන් හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි. මෙම ප්‍රහාරය තුර්කි තුන්වන හමුදාව විසින් සිදු කරන ලද අතර පිරිස් බලයෙන් 66,000 ක් පමණ වුවද විවිද කාරණා ඔස්සේ දුර්වල බවෙන් යුතු හමුදා කණ්ඩායමක් වූහ. කඳුකර, හිම සහිත රළු වාතාවරණය මෙම හමුදාවන්ට අභියෝගයක් වූහ. ඔවුන්ගේ අවිආයුදද මෙම පරිසර තත්ත්වයට නොගැලපෙනවා පමණක් නොව ශීතලට ඔරොත්තු දිය හැකි උණුසුමු ඇඳුම් ආදියද හිඟවිය.

රුසියන් හමුදාව 77,000 ක පමණ වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා පිරිස් බලයෙන් හා ශීතල පරිසර තත්ත්ව වලට තුර්කින්ට වඩා හුරු සහ හැඩගැසිය හැකිවූවත් ඔවුන්ටද මෙය පහසු යුද්ධයක් නොවූහ. තම සහයට මිතුරු පාර්ශවයේ බලවතුන් වූ බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශයෙන් සහය ඉල්ලා සිටියත් ගලිපොලී යුද්ධය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූ නිසා රුසියන් සහයට පැමිණීමේ හැකියාවක්ද නොවූයෝය. 

(රුසියාවත් කෙරෙන මේ යුද්ධයට අමතරව, සූවස් ඇල සිය ග්‍රහණයට නතුකරගන්නටද තුර්කිය විසින් 1915 පෙබරවාරි වනවිට යුදවැදීම ආරම්භකර සිටිහය).

කෙසේවෙතත් දෙපාර්ශවයටම දැඩි අභියෝගිකාරී වාතාවරණයක් ඔස්සේ යුද්ධය ඇදී යද්දී තුර්කි හමුදාවන්ට දැඩි හානි ගෙන දෙමින් ඉදිරියට යාමට රුසියන් හමුදා එම වසරේ දෙසැම්බර්වන විට සමත්ව සිටියහ. 1916 ජනවාරි වන විට රුසියන්-තුර්කි සටන් දැඩි බව වැඩිවී තිබුන අතර රුසියන් හමුදාවන්ට මෙම සටන් වලදී අණදීමේ වගකීම පැවරී තිබුනේ ජනරාල් නිකොලායි යුඩෙනිච් හටය. ඔහුගේ නායකත්වය යටතේ රුසියන් හමුදා තුර්කි භූමිය පවා අත්පත් කරගනීමින් සිටි අතර එම වසරේ අගෝස්තු දක්වා රුසියන් හමුදා සාර්ථකව තුර්කි මර්මස්ථාන අත්පත් කරගනිමින් ඉදිරියට ඇදුනහ. එහෙත් අගෝ-සැප්. වන විට රුසියන් හමුදාවන්ට තවදුරටත් ඉදිරියට ගමන්කිරීමේ බාධා ඇතිවෙමින් තිබූ අතර සතුරු ප්‍රතිරෝදයට වඩා තුර්කි භූමියේ ගැඹුරට විහිදී ගිය හමුදාවන්ට සැපයුම් ලබාදීමේ දුශ්කරතාව රුසියන් පාර්ශවයට තිබූ අභියෝගයක් විය.

දේශපාලනික වශයෙන් රුසියාවේ ගොඩනැගෙමින් පැවති විවිද පරිවර්ථනයන්, සැපයුම් මාර්ග වල දුර්වලතා, උපක්‍රමික දුර්වලතා මෙන්ම නායකත්වයේ තිබූ අඩුපාඩුකම් මෙන්ම යුද මෙවලම් වල හිඟකම, තිබෙනා මෙවලම් අක්‍රීය හෝ බලාපොරොත්තු සහගත ප්‍රතිඵල වලින් තොරවීම සහ  අාහාර හිඟකමින් සාගතයටද ලක්ව, ධෛර්යය හීන වූ රුසියානු හමුදාව ජයග්‍රහණයට වඩා පරාජය දිශාවට වේගයෙන් ඇදෙමින් සිටියහ. 1916 වන විට රුසියානු හමුදාවේ බොහෝමයක් සොල්දාදුවන් තවදුරටත් යුද්ධ කිරීමට අකමැත්තෙන් පසුවූහ. යුද්ධයේ ජයග්‍රහණයක් පේනතෙක් මානයකවත් නොතිබූ එම අවධියේ තම ජීවිතය නිශ්ඵල යුද්ධයකට දියකර හැරීමට තවදුරටත් ඔවුන්ගේ මනාපයක් නොවූහ. මේනිසා ඉහළ නිලධාරීන්ට තම සොල්දාදුවන් යුදබිමට ඇදගෙන යාමට වූයේ තර්ජනයෙන්, බලහත්කාරකමින්ය. තවද හමුදාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිව නිරතුරු කැරලිගැසීම්ද සුලභවිය.

1917 වන විට රුසියාවේ රාජ්‍ය පාළනය වෙනස් වීම උච්ඡතම අවස්ථාවට එළඹ තිබූ අතර මාර්තුවේ රුසියාවේ පළමු විප්ලවය තුලින් සාර් රජු රාජ්‍ය පාළනයෙන් ඉවත් කිරීම සිදුවිය. එහෙත් ලෝක යුද්ධයට රුසියාවේ හවුල්කාරකම ඒ මොහොතේ ඉවත්වීමක් සිදුනොවූ අතර ඔක්තෝබරයේ සිදුවූ දෙවන විප්ලවයේදී එනම් අප දන්නා බෝල්ෂෙවික් පක්‍ෂය පාලනය ලබාගත් විප්ලවයෙන් පසු රුසියානු හමුදා මහා යුද්ධයෙන් ඉවත්වීම සිදුවිය. තිරයෙන් පසුපස සිදුවූ දෙයක් ලෙස සැලකෙන්නේ මෙම විප්ලවයට පෙර සිටම ව්ලැඩ්මීර් ලෙනින් හා ජර්මන් බලධාරීන් අතර තිබූ විප්ලවයට පෙර සිටම තිබූ රහස් එකඟතාවයක් මත මෙය සිදුවූ බවයි. වෙනකක් තබා ස්විට්සර්ලන්තයෙන් ලෙනින් පිටුවහල් කළ පසු රුසියාවට යාමට අවස්ථාව සලසා දුන්නේ ජර්මනිය හරහා දුම්රිය මගින් බවත් පැවසේ. 1918 මාර්තු 3 වන දින මෙම එකඟතාවය නිලවශයෙන් ගිවිසුම් ප්‍රාකාරව දෙරට අත්සන් කිරීමෙන් සිදුවු අතර මෙම ගිවිසුම The Treaty of Brest-Litovsk ලෙස හැදින්වේ.
https://en.wikipedia.org/wiki/Treaty_of_Brest-Litovsk

තමන්ට තවදුරටත් හානිගෙන දෙන අනර්ථකාරී යුද්ධයකින් ඈත්වීම රුසියානු බලධාරීන්ට සේම සොල්දාදුවන්ටද ඉමහත් අස්වැසිල්ලක් වූවා සේම එය ජර්මන් පාර්ශවයටද "ඉබ්බා දියේ දැම්මා" සේ විය. මන්ද ඔවුන්ට තවදුරටත් බටහිර- නැගෙනහිර යුද පෙරමුණු දෙකක් ගැන අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවූ අතර සමස්ථ යුද ශක්තිය බටහිර යුද පෙරමුණට යොදවා එය ජයග්‍රහණය කර ගැනීම ජර්මනියේ අභිලාශය විය.

Friday, October 21, 2016

ඔබගේ හදවත නීරෝගිව තබා ගන්න ඕන නම් මුලින්ම දත් ටික නීරෝගීව තබා ගන්නට ඕන බව දන්නවාද?

ගොඩක් කාලයකට පස්සේ අද මේ ලියන්නට යන්නේ කියවපු පොතක් ගැනයි. පොත ලියලා තිබෙන්නේ දන්ත සෞඛ්‍යය පිළිබදවයි. වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම පොත දන්ත සෞඛ්‍යය, පොශනය, දන්ත සෞඛයය නිසියාකාරව පවත්වා නොගැනීමෙන් සිදුවන උපද්‍රව පිළිබදවත් ලියා තිබෙනවා.

මෙන්න වැඩි විස්තර තවත් දැන ගන්න පොතේ මුල් කවරය සහ පසු කවරය.

පොතේ පටුන


පොතේ හැදින්වීම


ඔබ ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ වීදි දන්ත වෛද්‍යවරුන් පිළිබදව මේ වීඩියෝව නැරඹුවේ නම්, ලංකාවේ ඔබ හිටියත් දත් ටික හොදින් තියාගන්න සෑමවිටකම සිතාවි.
https://www.youtube.com/watch?v=qoBYttpiqg8


Thursday, October 20, 2016

Wagah දේශසීමාව වසා දැමීමේ උත්සවය (Wagah border ceremony)...

ඊයේ අපි ඉන්දියානු දේශසීමා ආරක්‍ෂක බලකාය ගැන කතා කළා වගේම, අද  ඉන්දියා පාකිස්ථාන Wagah දේශසීමාව හවසට ඉර බැස යන විට දෙරටේ ධජ උත්සවාකාරයෙන් බිමට ගෙන අදාල දේශසීමාවේ ගේට්ටු දෙරට විසින් වසා දැමීමේ උත්සවය ගැන සොයා බලමු. මෙම උත්සවය 1959 සිට ඉන්දියාවේ BSF සේනාංකය හා පාකිස්ථානයේ දේශසීමා ආරක්‍ෂක බලකාය වන Pakistan Rangers හමුදා බලකාය විසින් උත්සවාකාරයෙන් දෙරටේම අභිමානය විදහා දක්වමින් කරනු ලබයි. මෙහිදී දෙරටම සංකේතාත්මකව සිය සතුරුබව මෙන්ම තමන් කලකට ඉහත එකම රටක වාසය කළ බව හැඟවෙන සහෝදරත්වයද පෙන්නුම් කරමින් සිදුකරති. ඇතමෙකු මෙහි විචිත්‍රත්වයත්, තවකෙකු මෙය නොහොබිනා උත්සවයක් ලෙසත් සලකති. අප මෙය ඉන්දියානු සීමාවේ සිට මෙන්ම පාකිස්ථාන් සීමාවේ සිටද එය කෙලෙස සිදුවෙන්නේදැයි නරඹමු.



මේ ඉන්දියාව පැත්තේ සිට
මේ පාකිස්ථානය පැත්තේ සිට

Wednesday, October 19, 2016

ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F)

ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්‍ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම සේනාවේ ගැහැණු පිරිමි භේදයක් නොමැතිව දෙගොල්ලාම සේවය කරන අතර සම්පූර්ණ පිරිස 250,000 කි. රකින්නට ඇති දේශසීමාවේ විශාලත්වය කිලෝ මීටර් 6,500 කටත් වඩා වැඩිය. ඔවුන් ඉන්දියාවේ ඉදිරි ආරක්‍ෂක වලල්ල රකිනා ආරක්‍ෂකයෝය. එසේත් නැතහොත් දේශසීමා ආරක්‍ෂකයෝය. නිල වශයෙන් මෙම සන්නද්ධ සේනාව හදුන්වන්නේ Border Security Force (B.S.F) ලෙසයි. මේ එම සුවිශේෂතම හමුදා කණ්ඩායම පිළිබදව National Geographic ආයතනය විසින් තැනූ වාර්තාමය චිත්‍රපටියකි.

19 - Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි...

වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන පූල් සහ බිලියඩ් ක්‍රීඩාවට යොදා ගන්නා මේස හදන්නේ කොහොමදැයි සියැසින්ම දැකගනිමු.


මේ ක්‍රිකට් බෝලය හදන විදිය තවත් වීඩියෝවකින්


Pool Tables සහ Billiard Tables

Thursday, October 13, 2016

18 - දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්...

මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන හැටිත් දැන සිටිමු...










Tuesday, October 11, 2016

පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්...

කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින් පැවතුනා. බ්‍රිතාන්‍ය සිය පළමු Dreadnought කාණ්ඩයේ පළමු යුද නෞකාව වු HMS Dreadnought නෞකාව 1906 දී දියත් කළ කාලයේ පටන් ජර්මනියද නාවුක යුද බලය වර්ධනය කර ගනිමින් පැවතුනා. කෙසේවෙතත් යුද්ධයේ මුල් කාලයේ ගොඩබිම මිස මුහුදේ යුද ගැටුම් සිදු නොවූ අතර බ්‍රිතාන්‍යයට උවමණා වූයේ මුහුද මාර්ගයන් නිදහසේ තබා ගනිමින් සිය රටට උපද්‍රවයකින් තොරව භාණ්ඩ සැපයුම් ලබාගැනීමත් ජර්මනියට භාණ්ඩ හා සැපයුම් ලැබීම අවහිර කිරීමත්ය. එහෙත් ජර්මනියද එයින් යටපත් කිරීමකට ලක් කළ නොහැකි වූ අතර U-Boat නම් සබ්මැරීන, ජර්මනියේ ප්‍රධානතම නාවික ප්‍රහාරකයා විය. (මෙම රූප මත Click කර විශාලනය කර ගන්න)


ජර්මනිය යුද්ධය පිළිබදව ධෛර්යය වැඩවීමට මෙන්ම ප්‍රචාරයටච සිය U-Boat පිළිබදව තොරතුරු මහජනතාව අතරට පත්වීමට කටයුතු කළ අතර U-Boat සබ්මැරීන හි සේවය කිරීම හිතෙන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. නිසිලෙස වාතාශ්‍රය හුවමාරුවට හැකියාවක් නොවීම, එන්ජින් වලින් නිකුත් වූ තාපය මෙන්ම ශ්වනයට අපහසු දුර්ගන්ධයන් සේම ඉතා සීමිත කාලයකට පමණක් මුහුදු මතුපිටට පැමිණීමට අවස්ථාව ලැබී තිබීම නාවිකයන් විදි අපහසුතාවයන්ය. මුහුද මතුපිටට පැමිණිම සීමා කර තිබුනේ අහසේ පියාසර කරණ ගුවන් යානයකට ඇස ගැටුනොත් එයින්ද ප්‍රහාර එල්ලවීමට හෝ අසල යුද නෞකාවකට සතුරු සබ්මැරීනය පිළිබදව ඔත්තු සැපයීම සිදුවිය හැකි නිසාය.

මුහුදේ ගිලී පමණක් නොව මුහුද මතුපිට සිටද සතුරු නෞකාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් මෙම U-Boat සතුවිය. ඒ විතරක් නොව ඔවුන් මිතුරු පාර්ශවයේ හෝ කිසිදු පාර්ශවයක් නොගත් රටවල වෙළඳ හෝ යුද නැව් 5,554 ක් ගිල්වා තිබෙනවා. කෙසේවෙතත් ජර්මානු  U-Boat 372 ක් පළමු ලෝක යුද්ධයේදී මුහුද යටින් ගොස් සතුරන් වෙත ප්‍රහාර එල්ල කර තිබෙන අතර එයින් 178 ක් පමණක් විනාශ කිරීමට මිතුරු හමුදා බෝම්බ හෙලීමෙන් හෝ ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීමෙන් සමත්ව තිබේ.

ලෝකයේ පළමුවරට Aircraft Carriers නැව් කරලියට පැමිණියේද මහා යුද්ධයේදීය. HMS Furious එම පළමු නෞකාව ලෙස සැලකේ.


එවකට ලෝකයේ බල සම්පන්නම හා විශාලතම නෞකා බලඇණිය හිමිවී තිබුනේ මහ බ්‍රිතාන්‍යයටයි. එය කොතරම් විශාලද කිවහොත් ඊලඟට විශාලතම නාවිකා හමුදා හිමි රාජ්‍ය දෙකේම නාවික බලයේ එකතුවට සමාන වන තරම් විය. එහෙත් පළමු ලෝක යුද්ධයේදී ගොඩබිම හමුදා කළ මෙහෙයතරම් මෙහෙයක් මෙම දැවැන්ත නාවික හමුදාවෙන් ඉටුනොවූ බව යුද් විශ්ලේෂකයන්ගේ මතයයි. බොහෝවිට මෙම නාවික හමුදා ජර්මානු නාවික හමුදා සමග සොය සොයා සටන් කොට මුහුදේ බලය අත්පත් කරගන්නවාට වඩා තම වෙළඳ නෞකාවලට නිදහසේ එමේ අත යාමේ පහසුකම පමණක් සැලසූ බවටද මතයක් තිබේ.

ගලිපොලී යුද්ධය, පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් අතර ප්‍රමුඛයි. මේ පිළිබදව මෙම ලිපි පෙලේ පළමුවැන්නේදී පැවසූ නිසා මෙහිදී සුළු විස්තරයක් සමග එයට අදාල සේයාරූ කිහිපයක්ම පළ කරමි. මෙහිදී මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිතුරු හමුදා මෙම යුද මෙහෙයුමේදී දුර්වල තුර්කි ප්‍රහාරයක් බලාපොරොත්තු වුවද ජර්මනිය විසින් කල්තියාම තුර්කි හමුදා හොදින් සන්නද්ධ කර යුද උපක්‍රමද උගන්වා තිබුනි. තවද ජර්මානු සොල්දාදු සහයද ලැබී තිබුනහ.
(පළමු ලිපිය - https://sathsamudura.blogspot.com/2015/08/blog-post.html)

සතුරු මිතුරු දෙපාර්ශවයටම ප්‍රතිවිරුද්ධ වෙඩි උණ්ඩයට අමතරව මැස්සන් ආදී සතුන් මගින් ව්‍යාප්තවන රෝග සහ තවත් බොහෝ බොවන රෝගාධියන් සිදුවූ පීඩාද අධිකය. මල සිරුරු කඩිනමින් ඉවත් කිරීමට නොහැකිවීමද ලෙඩරෝග ව්‍යාප්තවීමට හේතුවක් විය.

ගලිපොලී යුද්ධයේදී තුර්කියේ ප්‍රභලතම අණදෙන නිලධාරියෙකු වූවේ Mustafa Kemal Atatürk වූ අතර මීට පෙර ලිපියකදීද ඔහු පිළිබදව පවසන ලදි. 1923 දී තුර්කියේ ජනාධිපතිධූරයටද පත් වූ ඔහු පසුව තුර්කියේ පියා ලෙස පවා සැලකීමට තරම් ඉහළ ගෞරවයට ලක්වූ තැනැත්තෙකි.

පළමු ලෝක යුද්ධයේදී හා ඒ සමගම සිදුවූ ගලිපොලි යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යට ලොකු සහයක් දැක්වූ හමුදා කණ්ඩායම් දෙකකි. ඒ ඔස්ට්‍රේලියානු හා නවසිලන්ත හමුදා. මෙම රටවල් දෙකම විශාල සොල්දාදුවන් පිරිසක් ඔවුන්ගේ රටවල ජනගහනයට සාපේක‍‍්ෂව අහිමිකර ගත්හ. එවකට ඕසට්‍රේලියාවේ ජනගහනය මිලියන පහකි. ඔවුන්ට 60,000 ක සොල්දාදුවන් පිරිසක්ද, නවසීලන්තයේ මිලියනයක ජනගහනයෙන් 17,000 ක් අහිමිවූහ. 

මෙම 77,000 ක සොල්දුදුවන් අතරින් 11,100 ක ඔස්ට්‍රේලියා-නවසීලන්ත සොල්දාදුවන් මියගියේ ගලිපොලි යුද්ධයේදීය. ඒ අතරින් පටු වෙරළ තීරයක් වූ ANZAC හිදී මෙම හමුදා ද්විත්වයට අපේක්‍ෂා නොකළ පරාජයකටද මුහුනදී විශාල පිරිසක් අහිමිකර ගැනීමටද සිදුවිය.




මෙම ගලිපොලී යුද්ධය තමන් දිනන යුද්ධයකට වඩා විදවන, පරදින යුද්ධයක් බව වටහා ගත් මිතුරු පාර්ශවය සිය කැමැත්තෙන්ම හමුදා ඉවත්කර ගැනීමට 1915 දෙසැ. 7 වෙනිදා තීරණය කළහ.

වර්ඩන් යුද ගැටුම පිළිබදවත් මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වන්නෙමි.

වර්ඩන් යනු ප්‍රංශයේ නගරයක් වන අතර එය හොදින් ආරක්‍ෂිත, ජර්මන් දේශසීමාවට ආසන්නයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැගිලි ආදියෙන්ද සමන්විත වූ නගරයකි. 1916 පෙබ. 21 වෙනිදා ජර්මනියෙන් එල්ල වූ දැවැන්ත ප්‍රහාරයකින් නගරය ජර්මන් හමුදා අතට පත්වූයේ ප්‍රංශ බලකොටු රැසක්ද ප්‍රංශ හමුදාවටන් අහිමිකරමිනි. ඒ අතරින් ආරක්‍ෂිත විධිවිධාන රැසකින් සමන්විත ප්‍රමුඛතම බලකොටුවක් වූ Douaumont ද අහිමි වූ දේපළ අතරවිය.

මෙහිදි පැය අටක් පුරා එකදිගට එල්ල වූ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර ප්‍රංශ ප්‍රතිරෝදය අභිබවමින් ජර්මන් හමුදාවන්ට මෙම නගරය ප්‍රමඛ මර්මස්ථාන අත්පත් කරගැනීමට සහයක් විය.

එහෙත් ග්‍රීස්ම ඍතුව වන විට නැවතත් ප්‍රංශ හමුදා, ජර්මන්  හමුදාවන් පසුපසට තල්ලු කරලීමට සමත්ව සිටි අතර එම වසරේ දෙසැම්බර් වනවිට ජර්මානු හමුදා ආක්‍රමණයට පෙර සිටි ස්ථානයටම එලවා දැමීමට ප්‍රංශ හමුදා සමත්ව සිටියහ. මෙම ගැටුම් දෙපාර්ශවයටම රිදෙන්නම ප්‍රතිඵල ගෙන දී තිබු අතර ප්‍රංශ හමුදා අතරින්, මියගොස් හෝ තුවාල ලබා හෝ අතුරුදන්ව සිටි සංඛ්‍යාව 400, 000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබූ අතර ජර්මන් හමුදාවන්ගේද මියගොස් හෝ තුවාල ලබා හෝ අතුරුදන්ව සිටි සංඛ්‍යාව 336, 831 ක් පමණ වෙතැයි සැලකුනි.

හමුදා සහ අනෙකුත් ජීවිත අහිමි වීම් වලට අමතරව ඉතිහාසමය අතින් වැදගත්වූ මෙම නගරයේ පෞරානික ගොඩනැගිලි බොහෝමයක් ප්‍රහාර වලට නතු වීමෙන් හෝ ගිනි ගැනීමෙන් විනාශයට ලක්වීම අපරාධයකි.

කඳුකර පෙදෙසක්ද වූ Verdun කාලතුවක්කු ප්‍රහාර, ඇදැ වැටෙන වැස්ස නිසා ඇතැම් විට බොහෝ ප්‍රදේශ මඩගොහොරුවක්ව පැවතුනි. තැන්තැන්වල කුණුවන මලසිරුරු, බාගෙට වැලලුන මලසිරුරුද සුලභ දසුනක් විය.

තවත් මෙම යුද්ධයට සම්බන්ධ ලිපියක් කඩිනමින්ම...

(අද පළ කළ අනෙක් ලිපිය -

සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්...

17 - සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්...

පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපිය ලියන අතරතුර කුඩා ලිපියක් ගෙන එන්නට සිතුනා නිපැයුම් කිහිපයක් පිළිබදව. මේ නිපයුම් එදිනෙදා ජීවිතයේදී අපට නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන දේවල්. අපි කවදාවත් හිතුවද සුද්දෝ කොහු ලණු වලින් පාපිසි හදාවි කියලා. ඔව් සුද්දෝ නිකම්ම නොවෙයි මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන පාපිසි හදනවා. ඒ විතරක්ද ගිනි දල්වන්න ඕන ගිනිකූරු යන්ත්‍ර සූත්‍ර ආධාර කරගෙන නිපදවූවත් ටිකක් හිතලා බැළුවොත් ගෙදරදීම වුනත් යම් කාර්මික දැනුමක් යොදා ගෙන ගිනිකූරු නිපදවීමේ ව්‍යාපාරයක් කරගෙන යන්න හැකියි කියලා හිතුනා. හැබැයි මෙහි පෙන්වනවා වගේ විශාල ප්‍රමාණයට නොහැකි වුනත් යම් මට්ටමකින් ආරම්භකරලා වැඩිදියුණු කර ගැනීමට හැකිවේවි. 

සෙලෝටේප් ඇතුළු ටේප් වර්ග කොතරම් භාවිතා කළත් මටනම් නිකමටවත් හිතුනේ නැහැ මේවා කොහොම හදනවා ඇතිද කියා. නමුත් මේ වීඩියෝව බැළුවට පස්සේ ඒ ගැනත් දැනගත්තා.

පාපිසි


ගිනිකූරු



ගිනිකූරු වල රසායණික ක්‍රියාකාරීත්වය මෙසේළු.

ගිනිකූරු හදන හැටි දැන ගත්ත එකේ, ඉටිපන්දම් හදන විදියත් දැන සිටින එකත් හොදයි කියලා හිතුනා.

බැට්රි කෑලිත් අපේ එදිනෙදා ජීවිතයේ බොහෝ මෙවලම්වලට පණ දෙන්නට අත්‍යාවශ්‍යයයි.

මේ ආකාරයේ "වියලි" බැට්රි කෑලි වැඩකරන හැටි.

බැට්රි කෑලි තිබුනට මදි ඒවගේ ශක්තිය ගෙන යන්නට වයර් අත්‍යාවශ්‍යයි. 


වයර් වල වැඩ කරන්න සමහර වෙලාවට තවත් මෙවලම් අවශ්‍යය. ඉස්කුරුප්පු නියන්, අඩු වගේ දෙවල් උදහරණයක් විදියට.


Monday, October 10, 2016

16 - හවසට සූර් වෙන්න ඕන කරන අරක්කු, බියර්, විස්කි. රම්. චැම්පේන්, ටැකීලා, වයින් සහ සකේ යනාදී ඔක්කොම ගැන උදෙන්ම සංඛ්‍යාලේඛණද සමග...

මේ ඔක්කොම මධ්‍යසාර ලෙස සැලකෙන පානයන්. අමද්‍යප සංවිධානවල කටයුතු කරන අයනම් සමහර විට විරුද්ධ වේවිද කියලත් හිතෙනවා මේ වගේ ලිපියක් දැම්මටත්. කමක් නැහැ නොබොන කෙනෙක් වුනත් මේ "ගිනි වතුර" හදන විදිය ගැන දැන ගන්න අකමැති නැතුව ඇතියි කියා හිතෙනවා. අපි කොච්චර ආගමික වශයෙන් හෝ ආකල්පය වශයෙන් මත්පැන් ගැන අකමැත්ත පළ කළත් රෝම කාලය තරම් ඈත, සමහර විට ඊටත් කලින් ඉදන් විවිද ක්‍රමෝපායන් ඔස්සේ මත්විය හැකි පානයන් තනා පානය කර තිබෙනවා. එය මිනිස් ප්‍රජාව ලෝකය තුල වසන තාක්කල් එලෙසම පැවතේවි අපි කැමතිවුනත් අකමැතිවුනත්. 

මුලින්ම බලමු සැර පානයන්ට අකමැති අය බොන බියර් ගැන. මම මුලින් හිතාගෙන හිටියේ මහා බ්‍රිතාන්‍යයේ අය තමයි වැඩියෙන්ම බියර් බොන්නේ කියලා. බලන කොට වැඩියෙන්ම බොන රටවල් 25 අතරටවත් ඔවුන් නැහැ.


ඒ වුනාට අපි කණගාටුවිය යුතු නැහැ. ඉන්දියාවද පරදමින් ලෝකයේ 57 වැනියට වැඩිම බියර් පරිභෝජනය කරන රට හැටියට අපි තේරිලා තිබෙනවා.

මෙන්න බියර් හදන හැටි
අරක්කු ගැන කතා නොකර මේ සැර බීම අනිත් ඒවා ගැන කතා කරන්න ගියොත් ලොකු අඩුපාඩුවක්. ගල් පොල් පරණ අරක්කු වලටත් හොද ඉල්ලුමක් ලංකාවේත් තිබෙන නිසා ඒ අරක්කු හදන හැටිත් බලමු.

සමස්ථයක් විදියට ගත්තාම මධ්‍යසාර පානයේ පළමු හපන්නු 10 දෙනා තමයි මේ. ලංකාව නම් ඉන්නේ ගොඩක් පල්ලෙහායින්.

චැම්පේන් කියන බීම වර්ගයත් ජනප්‍රියතම පානයක් ඇති හැකි අය අතර. පිටරටවල නම් මොකක් හෝ ක්‍රීඩා තරඟයක් ජයගත්තාමත් ජයග්‍රාහකයාට මේ ජාතියේ බීම බෝතලයක් ලැබෙනවා අපි සුලභව දැක තිබෙනවා. කොහොමනමුත් "කුලයෙන් උසස්" මේ බීම වර්ගය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ප්‍රංශය, දෙවැනුව මහා බ්‍රිතාන්‍ය.

සීනි නිෂ්පාදනයේ තවත් අතුරු ප්‍රතිඵලයක් වන රම්, Pirates of Caribbean චිත්‍රපටි මාලාව බලපු කෙනෙක් නම් කැප්ටන් ස්පැරෝගේ අතේ නිතරම තිබුන බවත් මතක තිබෙනවා ඇති. චිත්‍රපටියේ නම වගේම ලෝකයේ වැඩියෙන්ම රම් නිෂ්පාදනය වන්නේ කැරබියානු කලාපයේ තමයි. කොටින්ම ඒ කලාපයේ ජනප්‍රියතම මත්පැන් වර්ගයත් මෙයම තමයි. 


වයින් ගැන ගත්තාම, රතු වයින් සුළු ප්‍රමාණයක් ගැනීම සෞඛයට යම් හිතකර බවත් තියෙනවා කියලා මතයක් තිබෙනවානේ. මෙන්න රතු වගේම සුදු වයින් හදන විදියත්. ඒ වගේම තමයි වයින් බෝතල් අව්වට නිරාවරණය වෙන එක ඒකේ ගුණාත්මක තත්ත්වය අඩුවෙන්න හේතුවෙනවා කියලත් කියනවා. ඒකළු පාට පාට බෝතල් වල වයින් දාන්නේ. ලෝකයේ පරිභෝජනය ගත්තාම, ඇමරිකාව, ප්‍රංශය, ඉක්බිතිව ජර්මනියත්, ඇතැම් විටක තෙවන ස්ථානය ඉතාලියටත් හිමිවන බව පැවසෙනවා.


විස්කි කියුවාම ඉතින් හිතෙන්නේ සල්ලි තියෙන අය සූර් වෙන්න බොන බීමක් විදියටනේ. ඒත් දන්නවාද ලෝකයේ වැඩියෙන්ම විස්කි බීලා තිබෙන්නේ අපේ අසල්වැසියා වූ ඉන්දියාව බව, ඇමරිකාවත් දෙවන ස්ථානයේ තමයි පසුවෙන්නේ. ලෝකයේ හොදට කාලබිලා ඉන්න ප්‍රංශයත් ලිස්ට් එකේ තෙවන ස්ථානය දිනා ගන්නට සමත් වෙලා තියෙන අතරේ සකේ කියන මත්පැන් නිපදවන ජපානය පවා විස්කි පානයෙන් සිව්වෙනි තැනටත්, මහා බ්‍රිතාන්‍ය පස්වන ස්ථානයටත් පත්වෙලා තිබෙනවා.
(මූලාශ්‍රය - http://www.businessinsider.com/)
මෙන්න මෙහෙමළු බාර්ලි වලින් විස්කි හදා ගන්නේ.

ඇමරිකාවේ මීට කාල‍යකට කලින් නීති විරෝධීව තිරිඟු වලින් හදපු විස්කි වර්ගයක් තිබනා Moonshine කියලා. හැබැයි එදා නීති විරෝධීව මේවා හැදුවට දැන්නම් නීතියෙන්ම ඉඩදීලා තිබෙනවා.

ජපන්නු කොයිදේත් කලාවට පිළිවෙලට වගේම ඉතා හුරුබුහුටියට කරන මිනිස්සු. ඔවුන් හදනවා බීමක්. සකේ කියලා හදුන්වන මෙම බීම හදන්නේ හාල් වලින්. හදන විදියත් අනිත් මත්පැන් හදනවාට වඩා අමුතුයි.

දොඩම් ලෙලි වලින් පවා මත්පැන් හදනවා. 1800 ගණන් වල ප්‍රංශය තමයි මෙයත් ආරම්භ කර තිබෙන්නේ.
ප්‍රංශයට චැම්පේන්, ජපානයට සකේ වගේ මෙක්සිකෝවට අවේනිකවූ නිෂ්පාදනයක් තමයි tequila කියන පානය. හදන්න ගන්න ගෙඩි වර්ගයත් අමුතුයි. 

දැනට මේ ඇති.

Saturday, October 8, 2016

වැසිකිලි ගැන සැඟවුන කතා (The Toilet An unspoken History)

වැසිකිලි ගැන කතාවෙන්නේ අඩුවෙනි. නූතන ශිෂ්ඨාචාර ගත සමාජය ශරීර කෘත්‍යය විෂය අතිශයින්ම පෞද්ගලික කාරණයක් ලෙස සලකන අතර ශිෂ්ඨාචාර ගත වූ මිනිසුන් වුවද ඉන්දියාව, බංග්ලාදේශය වැනි අපේ අසල්වැසි රටවල සමහර දූගී ජනයාට තවමත් එය පෞද්ගලික කාරණයක් ලෙස සලකන්නට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන්ම දූගී භාවයයි. සෞඛ්‍යාරක්‍ෂිත ජල මුද්‍රිත වැසිකිලි භාවිතය නොමැතිවීම අවට පරිසරය දුෂිත වීම මෙන්ම ලෙඩරෝග පැතිරීමටද හේතුවකි. 

වසර දහස් ගණනක් පුරාවට වැසිකිලි භාවිතයේ විවිදත්වයන් පිළිබදව තොරතුරු තිබෙන අතර නූතන යුරෝපීය ශිෂ්ඨාචාරයේ මුදුන් මුලවන් රෝම ශිෂ්ඨාචරය වැසිකිලි භාවිතයේ පුරෝගාමීන්ය. එහෙත් එය පෞද්ගලික කාරණයක් ලෙස ඔවුන් පුරුදුව නොසිටි අතර එකදිගට පෙලගැසූ වාඩිවිය හැකි ආකාරයේ වැසිකිලි ඔවුන් භාවිතා කර ඇති අතර ගලා යන ජලයට මල ද්‍රව්‍ය වැටෙන පරිදි එම ස්ථාන තනා තිබුනහ. තවද ස්පොන්ච් ආකාරයේ පිරිසිදු කාරකයක් කර්තව්‍ය අවසානයේ භාවිතා කිරීමට ඔවුන් එම ස්ථාන වල තබා තිබුන බව පැවසේ. 

නූතන මහා බ්‍රිතාන්‍ය සනීපාරක්‍ෂාව ගැන අද ඉහල ස්ථානයක සිටියද රෝම ශිෂ්ඨාචාරයේ කෙතරම් බලපෑම් කළද වැසිකිලි සංස්කෘතිය තුලට පිවිසීමට ඔවුන්ට වසර දහසකටත් වඩා වැඩි කාලයක් ගතවිය. වැසිකිලි භාවිතය රෝමන්වරු එදා බ්‍රිතාන්‍ය තුලටද ගෙන ආවත් එයට හුරු වීමට බ්‍රිතාන්‍ය එදා වැසියන්ට නොහැකි වූ බව පැවසෙන අතර විවෘත භූමිය මත ශරීර කෘත්‍යය සිදුකිරීම ඔවුන්ගේ පුරුද්දක් විය. තවද තේම්ස් නදියට සියළු මල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා පැතිරුණ දුර්ගයන්ධය බ්‍රිතන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවාද පැවැත්වීමේදී පවා සුවඳ ගැල්වූ ලේන්සුවකින් නාසය වසා කතා කිරීමටද තරම් ප්‍රභල වූ බවද පැවසේ. මේ නිසා  1858 තරම් කාලයේ ඔවුන් තවදුරටත් මෙම අප්‍රිය සහගත ලෙස මෙම කාර්යයන් සිදුකිරීම රටක් වශයෙන් ගත කල තවදුරටත් පසුගාමීත්වයට හේතුවන බව තේරුම් ගත් නිසාම ඔවුන්ට අද සිටිනා ඉහළම සනීපාරක්‍ෂක තත්ත්වයකට ලගාවීමට හේතුවිය. ආකල්පමය වශයෙන් සිදුකළ වෙනසද ඉතා ප්‍රභලව මේ ස්ථානයට ඔවුන්ට ලගා වීමට ආධාරයක් වූහ.

ලෝකයේ බොහෝ දුගී රටවල ජනයාට අදටත් ජල මුද්‍රිත වැසිකිලි නොමැතිවීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය ගැටළු ඉතා ප්‍රභල ලෙස ව්‍යාප්ත වීමටද හේතුවක් වී ඇති අතර ඒ ගැටළු මඟහැරීමේ කර්තව්‍යය වෙනුවෙන් ඇතිහැකි සමාජ සේවයකන් රැසක් එක්ව තැනූ World Toilet Organization නම් වූ සංවිධානයක්ද වේ. 

ලෝකයේ ඉහළම පිරිසිදු බව මෙන්ම තාක්‍ෂනයෙන්ද ඉහල වැසිකිලි භාවිතය හා නිර්මාණයේ ගෞරවය ජපානය විසින් දිනා ඇති අතර ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික් හා යාන්ත්‍රික හැකියාවන් උපයෝගී කරගෙන ශරීර කෘත්‍යයෙන් පසු පිරිසිදු කර ගැනීමේ කාර්යයද වඩාත් පහසු ලෙස සිදුකරගැනීමට මෙන්ම එම කාර්යයන් කරනා අතර තුර වැසිකිලියෙන් පිටිත සිටින්නන්ට එම කාර්යයන් පිළිබදව නැසෙන සේ විවිද නාදයන් පිටතට ඇසෙන සේ තැනූ වැසිකිලිද ඔවුන් භාවිතා කරයි.

මෙවන් වූ කාරණා රැසක් ලෝකය පුරාවටම සැඟවී, වඩාත් පෞද්ගලික කාරණා ලෙස සැඟව තිබෙන අතර ඒවා බොහෝමයක් මෙම වාර්තාමය වැඩසටහනෙන් නිරාවරණය කර තිබේ.


අද පළ කළ අනෙකුත් ලිපි -
උදෙන්ම ඕන කරන සබන් සහ ශරීර කෘත්‍යයට ඇවැසි දෑ

අැතැම් කාල වලදී කුණු වී අහක දමන ලූණු මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නට ලංකාවෙත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඇත්නම් කොතරම් අගනේද? එසේම හිතහොදින් කිරි දෙන එළදෙනුන්, හතු පිළිබදව මෙන්ම බිත්තර පිළිබදවත්...

15 - අැතැම් කාල වලදී කුණු වී අහක දමන ලූණු මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නට ලංකාවෙත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඇත්නම් කොතරම් අගනේද? එසේම හිතහොදින් කිරි දෙන එළදෙනුන්, හතු පිළිබදව මෙන්ම බිත්තර පිළිබදවත්...

ඔබත්, මම වගේම ඇතැම් අවස්ථාවල ලූණු අතිරික්තයක් හෝ සුදුසු මිලක් නොමැතිකමින් නිස්කාරණේ කුණු වී යාමට අහක දමනවා දැකලා ඇති. දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම ගොවීන් පවා බොහෝ දුක් මහන්සි වී, ණය වී වගා කරනා ලූණු මේ ආකාරයේ විවිද කාරණා නිසා අහක දමන්න සිදුවීම ඉතා කණගාටුදායකයි.

එහෙත් පෞද්ගලික හෝ රාජ්‍ය අංශය මැදිහත්වීමෙන් මෙවැනි කර්මාන්ත ශාලායක් බිහිකරන්නට හැකිනම් නිකරුණේ ඉවතලණ ලූණු නාස්ති වීම වැලැක්වීමටත්, රැකියා බොහෝ ඇතිකිරීමටත්, කාර්යබහුලත්වයෙන් යුතු පාරිභෝගිකයන්ටද වඩාත් පහසුලෙස ලූණු පරිභෝජනයට ගැනීමට හැකිවීමත් ලැබේ. 



හතු නැත්නම් Mashroom ආහාරයට ගැනීම අපේ රටෙත් සිදුවෙනවා. තන්තුමය අතින් සුලභ ආහාරයක් නිසා මලබද්ධය වැනි රෝගපීඩාදියෙන් පසුවන්නන්ට එම අපහසුතාවය මැඩපවත්වා ගැනීමටත් ගුණයෙන් යුතු වීමත්, රසවත් ආහාරයක් නිසා ඇති ඉල්ලුමත් සැලකියයුතු කාරණයක්. ඒත් මහා පරිමාණයෙන්, වඩාත් කල්තබාගත හැකි ද්‍රව්‍යයක් ලෙස සකස් කිරීමක් ඒ හැටි දැනගන්නට ලැබී නැහැ. ඒත් මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් මේ කාර්යය වඩාත් දියුණු තත්ත්වයෙන් සිදුකරණවා මෙහිදී දැකගතහැකිය.


අපේ රටේ බහුතරය බෞද්ධ වීම වගේම චිරාතාකාලයක් ගවයා අපේ ගොවි සංස්කෘතිය හා බැදි පවතින සත්ත්වයෙන් නිසා ගවයන් මැරීම, ගවයන්ට හිරිහැරකාරී ලෙස සැලකීම අපේ සමාජය පිළිකුල් කරන දෙයක්. පැටියෙකු වැදූ එළදෙනෙකුගෙන් කිරි දෙවීම අපේ රටේ හිංසාවකින් තොරව සතා ගැන හැඟීමකින් සිදු කළද මහා පරිමාණයෙන් කිරිදෙනුන් ඇති දැඩි කරණ වෙනත් රටවල සතාගේ කිරි මිස හැඟීමකින් සිදුකරන බවක් නැති බව තමයි අපි අසා තිබෙන්නේ. එහෙත් දැන් එම තත්ත්වය වෙනස් කරමින් එළදෙනගෙන් කිරි හූරා ගන්නවා වෙනුවට එම සත්වයාද සතුටේ තබමින් "මල නොතලා රොන් ගන්නා" ආකාරයෙන් කිරි එළදෙනුන්ගේ කිරි ලබා ගැනීම මෙහිදී දැක ගත හැකිය.


අවසන් වශයෙන් බිත්තර නිෂ්පාදනය පිළිබදවත්.

14 - උදෙන්ම ඕන කරන සබන් සහ ශරීර කෘත්‍යයට ඇවැසි දෑ

අද උදෙන්ම පළ කරන්නේ අපි උදේ අවදිවුනාට පස්සේ අත්‍යාවශ්‍යම වන දෑ කිහිපයක් පිළිබදවයි. සුවඳ සබන් අත්‍යාවශ්‍යමයි. පෞද්ගලිකත්වය සෑම අතින්ම තිබිය යුතු ශරීර කෘත්‍යය පිළිබදව කතා කිරීමට අපි අකමැතිවුනත් ඊට ආධාරවන මෙවලම්, උපකරණ පිළිබදව දැන සිටීම ලැජ්ජා හිතෙන දෙයක් නොවේවි.

සබන්
ටොයිලට් කොල
ඒ එක්කම Face Tissue හදන විදියත් බලමු

Toilet Bowl හදන විදිය එක එක විදියට



අඩුවෙන් කතා කරන දෙයක් වුනත් වැසිකිලි ගැන කියන්න තව කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒවා වෙනම ලිපියකින්ම කියන්නම්...

Friday, October 7, 2016

ගතවූ වසර කිහිපයේම වසරේ හොදම Uninstall මෘදුකාංගය ලෙස තේරුනේ මෙම මෘදුකාංගයයි...

මේ කියන්නට යන මෘදුකංගය තමයි වසර කිහිපයක්ම වසරේ හොදම මෘදුකාංගය ලෙස තේරුනේ. විවිද සඟරා සහ මෘදුකාංග පිළිබදව සන්සන්දනයන් කරනා සමාගම් විසින් පැවැත්වූ සමීක්‍ෂන‍් පර්යේෂන ආදියෙන් පසුව තමයි එය පවසා තිබුනේ. කෙසේනමුත් මෙම සඟරා හෝ ආයතන විසින් කියු පමණින් අපගේ භාවිතයන්ට අංක එක දිනුවත් ඇතැම් මෘදුකාංග කියන තරම් හරියන්නේ නැති අවස්ථා තිබෙනවා. මමත් ප්‍රායෝගිකව එවැනි අවස්ථාවන්ට මුහුණදීලත් තිබෙනවා.

කොහොමනමුත් Revo Uninstall මෘදුකාංගය තමන් දිනූ පළමු ස්ථානයට උචිත ආකාරයටම ක්‍රියාකරන මෘදුකාංගයක් බව දැන් කලක සිටන් භාවිතා කරන නිසා මමද අත්දැකීමෙන් දනිමි.

ඔබටත් අවශ්‍ය නම් මෙන්න මේ සබැඳියෙන් නොමිලේ ලබා දෙන සංස්කරණය භාගත කරගෙන අත්හදා බැලිය හැකිය.
http://www.revouninstaller.com/

අද දිනයේ ලියූ අනෙකුත් ලිපි මේවාය -
දත් බෙහෙත්. දත් බුරුසු සහ මදුරු දඟර
සතුන් සමග සිදුවූ අසාමාන්‍ය විවාහ
වාහනයේ රේඩියේටරය, ඔයිල් ෆිල්ටරය, එයාර් ෆිල්ටරය හදන හැටි

13 - වාහනයේ රේඩියේටරය, එයාර් ෆිල්ටරය, හැලජන් හෙඩ් ලයිට් සමග ඔයිල් ෆිල්ටර් තනන්නේ මෙහෙමයි...

වාහන භාවිතා කරන අයට නම් මෙම ලිපියෙන් තමන්ගේ වාහනයේ ඇති රේඩියේටරය, යම් කාල සීමාවකට පසුව ඉවත් කර අළුතින් යොදන එයාර් ෆිල්ටරය හදන්නේ කොහොමද කියලා දැනගනීවි.





මේ ඔයිල් ෆිල්ටර් වෙළඳ නාමය ගැන නම් මොනවත් දන්නේ නැහැ. හැබැයි මේ විඩියෝවේ තිබෙනවා ඔයිල් ෆිල්ටරයක් කොහොමද ක්‍රියාකරන්නේ කියන එක වගේම හොද ෆිල්ටරයක ගුණාංග.

මේ වීඩියෝවෙත් ‍අපි නොදන්නා දේවල් කිහිපයක්ම තිබෙනවා

එයාර් ෆිල්ටර් ක්‍රියාකාරීත්වයත්

අද මෙන්න මේ ලිපිත් පළ කළා -
12 - දත් බෙහෙත්, දත්බුරුසු සහ මදුරු දඟර
සතුට නොව කම්පනය ඇති කළ අශ්වයන්, බල්ලන්, පූසන්, එළදෙනුන් අතර සිදු වී ඇති විවාහයන් කිහිපයක් පිළිබදවයි (Shocking Human - Animal Relationships)

සතුට නොව කම්පනය ඇති කළ අශ්වයන්, බල්ලන්, පූසන්, එළදෙනුන් අතර සිදු වී ඇති විවාහයන් කිහිපයක් පිළිබදවයි (Shocking Human - Animal Relationships)

විවාහය කියන්නේ කෙනෙකුගේ දෙවැනි උපතයයි කතාවක් තිබේ. තවත් අතකින් ජීවිතාන්තය දක්වා හිරගෙදරට නියම වූවා යැයිද කෙනෙකුට කිව හැකිය. අළුතින් නෑසබඳකම් ඇතිවන හෝ ඇතැම්විට තිබෙන නෑදැකම්පවා ඇතිවීමට විවාහය හේතුවිය හැකිය. විවාහය පිළිබදව ඕනෑතරම් කාරණා කිවහැකිය. මේ ලිපිය ලියන්නට හේතුවූයේ විවාහය පිළිදව විවිද කතාකියන්නට නොව. ඇතැම්  පිරිමි හෝ ගැහැණුන්, ගැහැණියක හෝ පිරිමියක කසාද බැදීමක් නොව සතුන් කසාද බැඳි අවස්ථාද තිබෙන බව කියන්නටයි. ඇතැම් විට ඔබ හිතනවා ඇති මෙහෙම දේවල් තවමත් වෙනවානම් වෙනවා ඇත්තේ අදුරු මහද්වීපය යයි සැලකුන අප්‍රිකාවේ, තවමත් බාහිර ලෝකය සමග සමබන්ධතා නැති ඇමසන් වනාන්තරය තුළ ජීවත්වන ගෝත්‍රික ආදීවාසින් අතර හෝ හැමදාමත් විවිදාකාරයේ දේවල් සම්බන්ධයෙන් නම් දරා ඇති ඉන්දියාවේ විතරක් වන්නට ඇති කියයි. නැහැ. ලෝකයේ දියුණු යයි සම්මත රටවලද අදටත් මේ වගේ කාරණා තවමත් සිදුවෙනවා. 

එක් අයෙකු කාන්තාවන්ට වඩා අශ්වයෙකුට හෝ පෝනියෙකුට ආදරයෙන් බැදෙද්දී, තවත් අයෙකු බළලෙකුට හෝ බල්ලෙකු හෝ බැල්ලියකට ආදරයෙන් බැදේ. තවත් අයෙකු මනුෂ්‍ය වර්ගයාට අයත් නොවන තවත් සතෙකුටය. මෙවන් කාරණා රැසක් ලෝකය පුරා තවමත් සිදුවෙන බව පැවසෙන අතර මේ එයින් ඉතා සුළු අවස්ථා කිහිපයක් පමණි.

මේ වගේ අසාමාන්‍ය විවාහයන් පිළිබදව ලිපියක් කාලයකට ඉස්සර ලියුවා ඒ තමයි - බෝනික්කන් කසාද බැඳි මිනිසුන්

අද ලියුව අනිත් ලිපිය - දත්බෙහෙත්, දත් බුරුසු සමග මදුරු කොයිල්

12 - දත් බෙහෙත්, දත්බුරුසු සහ මදුරු දඟර

එකිනෙකට සම්බන්ධ වගේම සම්බන්ධයක් නොවන දෙයක් නිෂ්පාදනයත් අද දවසේ පළමු ලිපියෙන් ගෙන එන්නටයි සූදානම. දන්ත වෛද්‍යවරුන්ට අනුව සෑම ප්‍රධාන කෑම වේලකට පසුවම දත් මැදීම තමයි සෞඛ්‍යමත් දත් පෙලක් පවත්වාගෙන යාටම නිර්දේශ කර තිබෙන්නේ. කොහොම වුනත් කාර්යය බහුල බවත් එක්ක දවල් කෑමෙන් පසුව දත් මදින්නට නොහැකිවුනත් අඩුම තරමින් උදේ සහ රාත්‍රී නින්දට යාමට පෙර දවසට දෙවරක් වශයෙන් දත් මැදීම කළ යුතුයි. 



ඒ වගේම සම්බන්ධයක් නොවූවත් සැප නින්දක් මදුරු කරදරයකින් තොරව ගන්න ගොඩක් දෙනෙකු භාවිතා කරන මදුරු කොයිල් හැදීම ගැනත් කියන එක හොදයි කියල හිතුන නිසා ඒ ගැනත් ඔබට දැක ගන්නට අවස්ථාව සලසන්නම්. ඒ එක්කම කියන්න ඕන අපි හිතා හිටියට මදුරු කොයිල් පත්තු කළාම ඒ දුම නිසා අපිට නින්ද ගිහිල්ල, මදුරුවන්ට කරදරයකින් තොරව ලේ උරා බොන්න හැකියාව ලැබෙතැයි කියා, මෙහිනම් කියා තිබෙන්නෙ මදුරු කොයිල් වලට යොදන යම් රසායණිකයකින් මදුරුවන්නේ ස්නායු පද්දතියට වෙන බලපෑමෙන් මදුරු කරදරයෙන් අප මිදෙන බවයි. ඒ ගැන 100% ක් කියන්න නොදනිතත්, ඒ රසායණිකය මදුරු කොයිල් වලට යොදන්නේ අඩුවෙන් නිසා මිනිස්සුන්ට නම් බලපෑමක් නැති බවකුත් කියනවා. කොහොමනමුත් මදුරු දඟර වලට වඩා වෙනස් උපක්‍රම භාවිතා කරන්න පුළුවන් නම් මදුරු උවදුරෙන් මිදෙන්න ඒක එක අතකින් හොදයි කියලත් හිතෙනවා.


Thursday, October 6, 2016

දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;;

ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva.


මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට හෝ වඩාත් පහසුකම් තිබෙන Pro සංස්කරණයට මිලට ගැනීමේ හැකියවත් ලබා දි තිබෙනවා. මමත් කිහිපවිටක්ම මේ මෘදුකංගය භාවිතා කළා. සෑහෙන්න හොද ප්‍රතිඵලත් ලබා ගත්තා.
https://www.piriform.com/recuva

මීට කලින් අද මේ ලිපි 3 ත් ලියුවා - ගෙදර දොරට දාන ඉබ්බා හැදුව හැටි
                                                      කතා කරන පින්තූර ලිපිය 
                                                      ස්මාර්ට් නොවන ජංගම දුරකථන හැදුව හැටි

11 - ස්මාර්ට් ෆෝන් නොවන මොබයිල් ෆෝන් ගැන වගේම SD Card හදන කර්මාන්ත ශාලාවක් රෝහලකටත් වඩා සිය ගුණයකින් පිරිසිදු බව දැන සිටියාද?

මොබයිල් ෆෝන් ගැන විස්තර අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒත් ඒවා හදන හැටි ගැන දැන සිටියාට පාඩුවක් නැහැ. අපි ලේසියට ඉලක්කම් ඔබ ඔබ කතා කළත් එය නිපදවීමේදී පසුකරන්නට තිබෙන කඩයිම් මෙහිදි දැකීමට පුළුවන්.

ඒ වගේම විවිද දත්තයන් ගබඩා කර තබා ගන්නා SD Card නිෂ්පාදනය ඉතා සියුම්ව කළ යුතු කාර්යයක්.

External Hard Disk හදන හැටිත් මේ එක්කම බලමු.
අද පළ කළ අනෙකුත් ලිපි -
මේ පින්තූර ඔබට කම්පනය, ත්‍රාසය, කුතුහලය, සහ ශෝකය මෙන්ම සතුටද ගෙනදෙනු ඇතැයි සිතමි...

මේ පින්තූර ඔබට කම්පනය, ත්‍රාසය, කුතුහලය, සහ ශෝකය මෙන්ම සතුටද ගෙනදෙනු ඇතැයි සිතමි...

කාලෙකට පස්සේ කැමතිම තේමාවක් වන කතාකරන රූප ටිකක් ගෙන එන්නට සිතුනා.

මේ හාදයෝ සතුටින් ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි වසර ගණනක් ජපාන හමුදා අත්අඩංගුවේ සිට නිදහස ලබපුනිසයි. දෙවන ලෝක යුද සමයේදී සිංගප්පූරුවේ ජපාන හමුදා ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ මෙම ඕස්ට්‍රේලියානු සෙබළුන්ට උණු තේ කෝප්පයක් සමග පත්තරේ කියවමින් සැහැල්ලුවෙන් ඉන්නට ලැබීම දිව්‍යලෝකේ ගියා හා සමාන වෙන්නට ඇති.


ළමයින් කියන්නේ හිස් කොලයක් වැනියි. එම හිස් කොලය විවිදාකාරයේ දේ වලින් පුරවාලිය හැකියි. ළමයින් අත්විදින්නාවූ හොද මෙන්ම නරකද ඔවුන්ගේ ජීවිතය පුරාවටම ඔවුන්ට මෙන්ම සමාජයටද බලපෑම් ඇතිකරනු ඇත. මේ දෙවන ලෝක යුද සමයේ වදකඳවුරක සිය ළමාවිය ගෙවූ දැරියක් සිය නිවස පිළිබදව චිත්‍රයක් අදින්නට දුන් විට ඇද තිබූ ආකාරයයි. ඇය කුඩා වියේදී අත්විදි කටුක නිරස අත්දැකීම් නිවස පිළිබදව ඇති චිත්‍රයෙන් සවිස්තරවම පෙන්නුම් නොකරන්නේද?


ලක්‍ෂ ගණනකට මරණය අත කර දුන් අවුස්විට්ස් කඳවුරේ පාලකවරයා වූ රුඩොල්ෆ් හොස් හට නඩු විභාගය අවසානයේ එල්ලා මැරීමට ගිය විටදී අවසාන මොහොතේදීද තමන් පවා මරණයට බිය බව සහ තප්පරයකින් හෝ මරණය පමා කරගැනීමට දරන උත්සාහයයි මේ.


යාන්ත්‍රික වාහන මහමඟ අරක් ගෙන අණසක පතුරුවන්නට පෙර අශ්වයන්ට හිමිව තිබුනේ සුවේශේෂී ස්ථානයක්. චිරාත්කාලයක් පුරා අශ්වාරෝහක හමුදාවන්ටද ලැබී තිබුනේ ප්‍රමුඛස්ථානයක් බව චතුරංගනී සේනාවන් ගැන පැවසීමේදීද සදහන් වූ බව මතක් කරමි. නිකම්ම පාරේ දුවන අශ්වයන් නොව ශීඝ්‍ර බෑවුම් සහිත කදු වලද යාමට ඒමට අශ්වයන් පුහුණු කරන ලද පළමු වරට දුටුවේ මෙම සේයාරුවෙනි.


පළමු ලෝක යුද්ධය ගැන සෑහෙන්න දේවල් දැනටමත් අපි කතා කර අවසන්. මේ එම යුද්ධයේදී මිතුරු පාර්ශවය, ජර්මනියට එදිරිව භාවිතා කළ කාලතුවක්කු උණ්ඩ වල කොපු වලින් බොහෝම පොඩ්ඩක් පමණි.


යුද්ධ ටැංකි ගැන එතරම්ම දැනීමක් නොතිබුන 1914 තරම් ඈත කාලයේ අලින්ගේ පිට මත සවි කළ මැෂින් තුවක්කුවලටද හොද තැනක් තිබෙන්නට ඇති යයි සිතමි.

මේ කරන දේ රූපයේම පැහැදිලිවම කියා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයත් තරුණ තරුණියන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ ආකාරයට තවත් නිදසුනක්.

දෙවන ලෝක යුද්ධය හා ඉන් පෙර ජපාන හමුදාවන්ගේ ක්‍රියාකාරකම් බොහෝ විවේචනාත්මක මෙන්ම කෲරත්වය පිළිබදවද සාක්‍ෂි එමටයි. මේ 1937 තරම් කාලයේ ඔවුන් චීනයේ සිදුකළ රසායණික ප්‍රහාරක් අතරතුරයි.
.
මේ බයිසන් ගවයන්ගේ හිස්කබල් වලින් සැදි කන්දකි. කෙතරම් ප්‍රමාණයක් 1870 තරම් ඈත කාලයේ මරාදමන්නට ඇත්දැයි මෙම පින්තූරයත් හොද සාක්‍ෂියක්.

දැන් එතරම් සමීපබවක් නොවුනත් 50/60/70 වගේ දශක වල සෝවියට්-කියුබා මිත්‍රත්වය ප්‍රසිද්ධ කාරණයක් 1963 දී ක්‍රෙම්ලිනයේදී සෝවියට් පාලක නිකිතා කෲෂේව් හමුවන්නට ගිය ෆිදෙල් කස්ත්‍රෝ සුරුට්ටුවක් පත්තු කරගෙනම කතාවට සූදානම් වන ආකාරයයි.

30 දශකයේ ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අවපාතය පිළිබදව නිදසුනකි.

බෝම්බ පිපිරීම් කියන්නේ මීට වසර 7 කට විතර ඉස්සර අපේ රටෙත් දිනපතාවම වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම්. දැන් නිමාවට පත්ව ඇතත් 70 දශකය වගේ කාලයේ මහා බ්‍රිතාන්‍ය පුරාවටත් උතුරු අයර්ලන්ත ගරිල්ලාවන්ගේ බෝම්බ වල නිරස රස විදීමට සිදුවූ බව ඉතිහාසය පිළිබදව දත්තෝ දනිති. මේ සොල්දාදුවාත් එසේ ඇටවූ බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්නට යන අවස්ථාවේ ඔහුට සමහර විට එම දුර හැතැක්ම වලින්ම දැනෙන්නට වුනාදැයි ඔහුගෙන්ම තමා අසා දැනගන්නට වෙන්නේ.


ඇමරිකාවේ තිබූ සුදු කළු වර්ගවාදය කෙතරම්ම පිළිකුල්ද කියන එන මේ පින්තූරයෙනුත් පෙනෙනවා. එරට හෝටලයක කළමනාකාරවරයා මේ පිහිණුම් තටාකයට දමන්නේ ඇසිඩ් වර්ගයක්. ඒ වතුර පිරිසිදු කරන්න නෙමෙයි. තටාකයේ කළු ජාතිකයන් බැස සිටින නිසා ඔවුන්ට අනතුරුදායක් වෙන්න තමයි මේ ම්ලේච්ඡ සහගත ක්‍රියාව සිදුකරන්නේ. සිද්ධිය වෙලා තිබෙන්නේ 1964 දී.


සුද්දෝ- සුද්දෝ අතරත් පංති භේදය සෑහෙන්න ඉස්සර තිබුනා. දෙවන ලෝක යුද්ධයෙන් බැටකාලා හෙම්බත් වන්නට පෙර අැති හැකි ළමයි සහ නැති බැරි පීඩිත පන්තියේ ළමයින් අතර වෙනසත් කොහොමද?

"කරන කළ පව් මීරිය මී සේ
  විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" - 
දහස් ගණනක්, ලක්‍ෂ ගණනක් සමූහ වදකාගාර සිර කඳවුරු වලට රැගෙන යාමට වද දීමට, ගෑස් චේම්බර කරා රැගෙන යාමට මෙතැන සිටිනා ජර්මන් සොල්දාදුවන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සම්බන්ධ වෙන්නට ඇති. ඇතැම් විට අකමැත්තෙන් වුවත් ඉහළ නිලධාරීන්ගේ අණ පිළි පැදීමට ඔවුන් බැදී සිටින නිසා එසේ කළා වුවත් ඒ පිළිබදව යුද්ධයෙන් අනතුරුව ඔවුන්ටම පෙන්වද්දී ලැජ්ජාවට හෝ තමන් දැන හෝ නොදැන කළ පව්කාර ක්‍රියාවන් පිළිබදව ඔවුන් කණගාටුවී ඇත්තේ මෙලෙසින්.


විදුලි සැර වැදී මරුවා අසලටම ගිය සිය සඟයා කෙසේ හෝ බේරා ගැනීමට ප්‍රයත්න දරන විදුලි කාර්මිකයෙකු අනතුරට පත් වූ සඟයාට කෘත්‍රීම ශ්වසනය ලබා දෙන සංවේදී අවස්ථාවකි.

රටරටවල ක්‍රියාත්මක කළ මරණ දඩුවම් පිළිබදව කලකට පෙරම සත් සමුදුරේදී කතා කළා. මේ අවසන් වතාවට ප්‍රසිද්ධියේ ගිලටීන් මරණ දඬුවම ප්‍රංශයේ ක්‍රියාත්මක කල අවස්ථාවයි.

බර්ලිනය යුද්ධයෙන් පසුව.

ජනපති කෙනඩි මහතා ගැන හෝ ඔහුගේ ඝාතනය ගැන තවදුරටත් කතා කළ යුතු නැහැ. ඒ පිළිබදව සවිස්තරවම ලියුවා. මේ ඔහුගේ සිරුර සහිත දෙන මහජන ගෞරවයට තබා ඇති අවස්ථාවේ ඉහළ සිට ගත් සේයාරුවකි.


හොකී ක්‍රීඩාවට හරි හැටි ආරක්‍ෂිත මෙවලම් නොමැති කාලයේ.

මේ කුඩාවට පෙට්ටියක රැගෙන යන්නේ කෑම පාර්සලයක් නොවේ. දහස් ගණනකට මරු කැදවූ, සදාකාලික රෝගීන් බවට පත් කළ, අනාගත පරපුරද ලෙඩුන් බවට පත්කළ නාගසාකී පරමාණු බෝම්බයේ ප්ලූටෝනියම් අන්තරගත කොටසයි.


යුද්ධය නිමාවට පත්වීමෙන් පසු කටකපලා සෙනඟ ඇදගෙන එන නැවකි.

ස්ටාලින් පාළනෙය් යකඩ හස්තය නිසාම  සෝවියට් ජනතාව ජර්මන් ආක්‍රමණය දුටුවේ දෙව්ලොවින් පැමිණි ආශිර්වාදයක් ලෙසටයි. ඔවුන් ඒ තරම්ම ජර්මානුවන් දෙවන ලෝක යුද්ධයේදී තම රට අක්‍රමණය සතුටින් වැලද ගත්තා. ඒත් ඉතා ස්වල්ප කාලයකින් අනුකම්පා විරහිත ලෙස සෝවියට් ජනතාව දැඩි මර්ධනයකට ලක්කරන්නට ජර්මන් පාළනය ක්‍රියාකරන විට "දන්න යකා නොදන්න යකාට වඩා හොදයි" කියනවා ඇරෙන්න දෙයක් සෝවියට් මිනිසුන්ට ඉතිරව තිබුනේ නැහැ. ඒත් ඇතැම් සාමන්‍ය ජර්මන් සොල්දාදුවන් තුල තිබූ මානුෂිකත්වය ඉස්මතුවූ අවස්ථා නැතුව නොවේ. ඕනෑම යුද්ධයක මෙවන් අවස්ථා දෙපාර්ශවය තුලින්ම හමු වෙනවා. මේ ජර්මන් සොල්දාදුවත් තමන්ගේ කෑමවේල දරුවන් සිටින සෝවියට් මවක් සමග බෙදා ගන්නා දසුනක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.


ප්‍රංශයේ වීචි රජය බන්දේසියක තබා තම රටේ කොටස්, ජර්මනියට භාර දුන්නත් එයට එකඟ නොවූ පිරිස් සෑහෙන්න ප්‍රමාණයක් එරට සිටියා. එවන් පිරිස් එක්වූ සංවිධානයක් French Resistance ලෙස එවකට හැදින්වූ අතර ඔවුන් ගරිල්ල මෙහෙයුම් දියත් කරමින් ජර්මනියට හිතුමතේ නිදහසේ පාළන කටයුතු කරගෙන යාමේ අවස්ථාව ඇහිරීමට හැකි සෑම උත්සායක් දැරුවා. හැබැයි ඉතින් මේ සාමාජිකයන් ජර්මන් හමුදාවට අහු වුනොත් අත්වන ඉරණම අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. මේ එම සංවිධානයේ සාමාජිකයෙක් ජර්මන් හමුදාවට අහු වූ පසු වෙඩිතබා  ඝාතනය කරන්නට ඔන්න මෙන් අවස්ථාවයි. කෙසේවෙතත් මරණය තව මොහොතකින් නියත වුවත් ජර්මන් හමුදා සමච්චලයට ලක්කරන්නට හා තමන් කැපවූ ව්‍යාපාරය පිළිබදව මරණය ආසන්න මොහොතේත් තමන් සතුටු වන බව දැන්වීමට සිනාසෙමින් තමයි මේ වෙඩි උණ්ඩ වලට මුහුණ දීමට ඔහු සැරසී සිටින්නේ. https://en.wikipedia.org/wiki/French_Resistance


සතුරන්ගේ දේපල අත්පත් කරගත්විට ඇතැම්විට සිදුවන දෙයකි මෙය. දෙවන ලෝක යුදධයේදී බර්ලිනය සෝවියට් හමුදා පාළනයට නතුවූ පසුව ජර්මන් පාර්ලිමේන්තු බිත්ති වල මේ ලියා තිබෙන්නේ ශිෂ්ඨ දේවල්මදැවි නොදනමි.


පැහැදිලි සිංහලෙන්ම කියනවා මේ කරන්නේ අන්තිම කැත වැඩක්. පළමු ලෝක යුද්ධයේදී ආර්මේනියානුවන්ට තුර්කි රජය සහ හමුදාව සැලකූ ආකාරය එම යුද්ධය පිළිබදව ලියන ලද ලිපි වලදී ඔබට කියුවා. මේත් එයටම සම්බන්ධ දෙයක් සාගතයෙන් පීඩිතවූ ආර්මේනියන් පිරිසකට මේ තුර්කි ජාතිකයා තමන් අතේ තිබෙන කෑම පෙන්වමින් අගය කරන අවස්ථාවකි.

මේ මාඕරි ගෝත්‍රික ජනතා පිරිසක්. ඔවුන් සිය පැරණි යුද නැටුම අද පවා ඔවුන් ක්‍රීඩාවේ නියළුනත් වෙනත් ප්‍රසිද්ධ කාර්යයක නියලීමට ප්‍රථමයෙනුත් සංකේතාත්මකව දක්වනවා. ඉස්සර නම් ඔවුන් යුද්ධ වලදී සතුරාට යම් අධෛර්යයක් ගෙන දීමටත් මෙම නැටුම් භාවිතා කරන්නට ඇති. මේ යුද සෙබළුන් යම් අවස්ථාවක සංකේතාත්මකව සිය යුද නැටුම පෙන්වන අවස්ථාවකි. 
https://en.wikipedia.org/wiki/M%C4%81ori_people


වෙඩි නොවදින කබා සොයා ගත්ත කාලේ ඒවා අත්හදා බලා තිබෙන්නේ මෙහෙමයි.

හිසට එල්ල වූ වෙඩි පහරින් වාසනාවන්තව ගැලවුන බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්.

ජර්මන් හමුදා ස්ටාලින්ග්‍රාඩ්, ලෙනින් ග්‍රාඩ් වගේ නගර ආක්‍රමණය කරන්න එනකොට එය නවත්වන්නට සෝවියට් පිරිමි යුද බිමට ගියාම ගෑනු තමයි කර්මාන්ත ශාලා වල වැඩට වගේම යුද අවි නිෂ්පාදන කර්මාන්ත ශාලාවලත් වැඩට ගියේ. ළමයි පවා ඒ වගේ කාර්යයන්ට හවුල් වුනා. මේ ඒ වගේ අවස්ථාවක්.


වියට්නාම් යුද්ධය බොහෝවිට ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා ජීවතුන් අතර සිටියානම් නොවෙන්නටත් ඉඩතිබූ බව ඒ මහතා පිළිබදව ලියූ ලිපි වලදීත් සදහන් කළා. ඊට පසුව පැමිණි ලින්ඩන් බී ජොන්සන්, හමුදාවේ ඉහළ ලොක්කන්, CIA ආදි බොහෝ කොටස් වලට අවශ්‍ය වූ යුද්ධය පහළම සොල්දාදුවාට අවශ්‍ය වුනේ නැහැ. පිරිස් හානිය සහ භෞතිකමය දේවල් අතින් වැඩි හානිය වුනේ වියට්නාමයටයි. එහෙත් ලෝකයේ එවකට සුපිරිම බලවතෙකු සමග කිසි පසුබෑමකින් තොරව සටන් කිරීම මේ යුද්ධයේ ගෞරවය ඔවුන්ට හිමිකරදීමට එක් හේතුවක් වුනා. කෙසේනමුත් වියට්නාම් යුද්ධයට ඇමරිකාව තුලින්ම ආ විරෝදයත් විශාලයි. සාමාන්‍ය  බදු ගෙවන ජනාතව, යුද්ධයට සම්බන්ධ වූ සොල්දාදුවන්ගේ ඥාතීන් වගේම යුද්ධයේ නිරතව සිට තුවාල ලබා හෝ වෙනයම් කාරණයක් නිසා පසුව එයින් ඉවත් වූ හමුදා සාමාජිකයනුත් යුද්ධයට විරුද්ධව පැවැත්වූ විරෝදතාවයකි මෙය.

ගිනිකන්දක් පුපුරන වෙලාවක!?*

ඇමරිකාවේ පිහිටි සුවිශාල හුවර් වේල්ල ජලයෙන් පිරවීමට ප්‍රථම.https://en.wikipedia.org/wiki/Hoover_Dam

දෙවන එලිසබෙත් මහ රැජින සිය පුතා වන චාර්ල් කොළුගැටයා හා දියණිය වන ඈන් කෙල්ල සමග වාහනයක් යමින්.

තමන් මරන්නට පැමිණි සාහසිකයා සමග මෙසේ සල්ලාපයේ යෙදීමට තරම් සංයමයක්, කරුණාවක් ඇත්තේ ලෝකයේ ඉතාම අල්ප දෙනෙකුට පමණක්ම විය යුතුය. මෙයද එවන් අවස්ථාවකි. දෙවන පෝල් පාප් වහන්සේට 1983 දෙසැ. 27 වනදා මෙම සාහසිකයාගේ වෙඩි පහර එල්ලවුනත් යන්තම් තුවාල ලැබීමක් පමණක් සිදුව මරණයෙන් ගැලවීමට උන්වහන්සේට හැකිවුනා. කෙසේවෙතත් කතෝලිකයන්ගේ ජීවමාන දෙවියන් සේ සමාන උන්වහන්සේ ක්‍රියාවෙන්ම අසල්වැසියට ප්‍රේම කරණ බවට සාක්‍ෂියක් මෙම පින්තූරය. උන්වහන්සේ කතාබහ කරමින් සිටින්නේ තමන්ව වෙඩි තබා ඝාතන කරන්නට පැමිණි මිනිසා සමගයි.


මේ සිටින්නේ ඉතල් සහ ජූලියස් රෝසන්බර්ග් යුවලගේ පුත්‍රයන් දෙදෙනා. වයස දහය සහ හය වූ මෙම සොහොයුරන් දෙදෙනා බලන පුවත්පතේ පළමු පිටුවේ තිබෙන ප්‍රධාන පුවතින් කියන කාරණය ඔවුන් දෙදෙනාගේ ජීවිතයට ඍජුවම බලපාන දෙයක්. ඒ තමයි ඊට පසු දිනයේ මරණ දඬුවම හිමි වීමට තිබෙන්නේ ඔවුන්ගේ මව සහ පියාටයි. එයට හේතුව තමයි රෝසන්බර්ග් යුවල ඇමරිකානුවන් වූවත් ඔවුන් සෝවියට් දේශයට ඔත්තු සැපයීම. ඉතා රහස්‍යමය කාරණා මුදලට සැපයූ බවට මෙම යුවලට චෝදනා එල්ල වූ අතර එයින් ප්‍රධානම කාරණයක් නම් ඇමරිකානු න්‍යෂ්ඨික අවි සහ එම කටයුතු පිළිබදව තොරතුරු හොර රහසේ සෝවියට් දේශයට ලබා දීම. මේ නිසා ඇමරිකාව න්‍යෂ්ඨික බලය අත්පත් කරගෙන කෙටි කලකින්ම සෝවියට් දේශයද න්‍යෂ්ඨික බලවතෙකු බටව පත්වීමට ප්‍රභල ආධාරයක් වූ බවට සැලකෙනවා. 1953 ජූනි 19 වනදා විදුලි පුටුවේ හිඳුවා අධි බල විදුලිසැර සිරුර හරහා යෑමට සැලැස්වීමෙන් මෙම දෙදෙනාටම මරණ දඬුවම ලබා දුන් අතර එසේ මිය යන සිට දෙදෙනාම පසුවූයේ වයස තිස් ගණන් වලයි. 


බෝට්ටු ආ යුතු වැල්ලට ආ කාර්.

නූතන වහල්බාවය පිළිබදව සුළු හෝඩුවාවක් පමණි.


අද පළ කළ අනෙක් ලිපිය - ගෙදර ඉබ්බා හදන්නේ මෙහෙමයි