Monday, January 7, 2013

අපේ රටේ සහ වෙනත් රටවල විවිදාකර වෙස් මුහුණු - Masks

වෙනත් ලිපියකට කරුණු සොයමින් සිටියදී දකින්නට ලැබුන වෙනත් රටවල වෙස් මුහුණු කන්දරාව ඇත්තටම කුඩාවට හෝ මෙම ලිපිය පළකරන්න පොළඹවන ලද බව කියන්නට ඕන. මෙම අලංකාර වගේම නිර්මාණාත්මක කලාවේ හිමිකරුවන් වන ලංකාවේ අපිට වෙස් මුහුණු යනු විවිදාකාර අවස්ථාවල විවිදාකාර හේතු සදහා භාවිතා කරන අපේම අනන්‍යතාවයක්ද ඇති අංගයක් ලෙසද නම් කරන්නට පුළුවන්. වෙස් මුහුණු පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර නොමැති මුත් දන්නා පරිදි ලංකාවේ තොවිල්පවිල් සදහා වෙස් මුහුණු නැති වුනොත් එය මනමාලි නැති මඟුල් ‍ගෙයක් වනු නිසැකයි. එසේම විවිද සංස්කෘතික අවස්ථා සදහාද අත්‍යාවශ්‍යම අංගයක් වන වෙස් මුහුණු ඇතැම් විට සාමාන්‍ය ජනයාට පවා අවශ්‍ය වන්නේ සිය නිවස ඇස්වහ කටවහකාරයන්ගේ බලපෑමෙන් මුදවා ගන්නට නිවසේ දොරටුවට ඉහලින් එල්වා තබා ගැනීමටයි. ඒ සදමා බොහෝවිට නපුරු පෙනුමෙන් යුතු නාගරාක්‍ෂ මුහුණක් හෝ ගුරුළුරාක්‍ෂ මුහුණු යොදා ගන්නා බව දැක්විය හැකියි. වෙස් මුහුණු කලාවේ කේන්‍ද්‍රස්ථානයක් ලෙස ලක්දිව දකුණු පළාතේ අම්බලන්ගොඩ ගණන් ගැනෙන අතර ‍එයට අමතරව තවත් ප්‍රදේශ ගණනාවක වෙස් මුහුණු නෙලීමේ නිරතව සිටින්න්නන් සිටිනා බවද කිව යුතුයි. තවද විදේශී සංචාරකයන් පවා ඇද බැද ගැනීමට සමත් මෙරට වෙස් මුහුණු විදේශ විනිමය උපයා දීමටද දායක වන බව නොපැවසුවොත් අසාධාරනයක් වේවි.

කොහොමවුනත් දැන් මෙහි පෙන්වන්නේ ලෝකයේ විවිදාකාර රටවල විවිදාකාර අවස්ථාවල භාවිතා කරන හා භාවිතා කළ වෙස් මුහුණු කිහිපයක් මෙම වෙස් මුහුණු වල පින්තූර ලබා ගත් අඩවියේ ඇති සියළු වෙස් මුහුණු මෙහි දැක්වීම අසීරු කාරණයක් නිසා ලිපිය අවසානයේ එහි ලිපියනයද පළ කරන අතර එයට පිවිසීමෙන් තවත් වෙස් මුහුණු රැසකගේ අසිරිය ඔබට දැක ගැනීමට හැකි වේවි. 

වෙනත් රටවලද මෙම වෙස් මුහුණු භාවිතය ගැන සදහනක් කළොත් බොහෝවිට ආගමික චාරිත්‍රවාරිත්‍ර ඉටු කිරීම සදහා වෙස් මුහුණු යොදා ගෙන තිබෙන අතර තවත් අවස්ථාවල සංග්‍රාමික කටයුතු වලදී සිය අනන්‍යතාවය පැවසීමට හෝ සිය සංග්‍රාමික ඇදුමේ කොටසක් ලෙස හෝ සතුරා කෙරේ කිසියම් තිගැස්මක් ඇති කිරීමට මෙම නිර්මාණ යොදා ගෙන තිබේ. එසේම විනෝදය සදහා‍ද වෙස් මුහුණු භාවිතා කරන ලද අවස්ථාවන් වර්ථමානයේ පවා එම රටවල හමුවන අතර අපේ වෙස් මුහුණු කලාවේ නොමැති අංගද ඇතැම් විට ඔවුන්ගේ වෙස් මුහුණු වල තිබෙනා බව පෙනේ. සමහර වෙස් මුහුණු මුහුණේ අර්ධයක් පමණක් ‍වැසූ වෙස් මුහුණු මෙන්ම හිස පමණක් ආවරණය වන වෙස් මුහුණු ඒ අතරට ගත හැකි අතර ටිබැටය වැනි ර‍ටවල මිනිස් හිස් කබල පවා උපයෝගී කරගෙන තැනූ පෞරානික වෙස් මුහුණුද තිබෙන බව පැවසිය යුතුය. එමෙන්ම අනතුරුදායක වෘත්තීන්වල නියැලෙන්නන් සදහා නිර්මාණය කළ වෙස් මුහුණුද තිබේ. නූතන පරපුරපවා සිය ඇදුමේ අංගයක් ලෙස හෝ එය තවත් අලංකාරය කර ගැනුම පිණිසද වෙස් මුහුණු භාවිතා කරන බව ඇතැම් විට දැක ගන්නට ලැබේ.

මුලින්ම ඇති වෙස් මුහුණු ත්‍රිත්වය අපේ රටේ අභිමානයයි.
















ගිනි නිවීමේ භටයන් සදහා ප්‍රංශයේ භාවිතා කල මුහුණු



විනෝදය සදහා යොදා ගනී

ඉන්දියානු පෙනුම

මෙක්සි‍කෝවේ මුහුණක්

ගෑස් මුහුණු ගැන නැවත කියන්න ඕනෑද?

එස්කිමෝවරුන්ගේ අර්ධ වෙස් මුහුණ

ටිබැටයේ මානව හිස් කබල උපයෝගී කරගෙන
නිර්මාණය කරන ලද වෙස් මුහුණක්
චාර්ලි චැප්ලින් ගේ මුහුණ යොදා තැනූ හොලුවීන් දිනය සදහා
යොදා ගන්නා වෙස් මුහුණ ජර්මනියෙන්


මේවාට අමතරව තවත් ඉතා විශාල වෙස් මුහුණු රැසකගේ තොරතුරු http://pinterest.com/drmanifold/masks/ අඩවියෙන් ඔබට දැක ගත හැකිය.


23 comments:

  1. අප්‍රිකානු රටවල්වල වෙස්මුහුණු වල අමුතු ගුප්ත බවක් තියනවා..ඒ එක්කම චීන ජපන් ඒවත් වෙනස්..

    ස්තුතියි බෙදාගැන්මට..
    ගොල්ඩ් ෆිෂ් මේ ගැන ලියලා තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් මෙම පින්තූර ලබා ගත් අඩවියෙත් වැඩිපුරම තිබුනේ අප්‍රිකාවට අදාල වෙස්මුහුණු තමයි. එම මහද්වීපයේ ඇති ගෝත්‍රික විවිදත්වය හා විවිද ඇදහිලිත් එයට හේතුවන්නට ඇති...

      Delete
  2. ආගමික චාරිත්‍රවල නියැලෙන අවස්ථාවන්වල දි මිසර ජාතිකයින් සහ මායාවරු වෙස් මුහුණු පැළඳගෙන එම කටයුතු කරනවා කියල අහල තියෙනවා.
    ස්තූතියි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් පැරණි ගෝත්‍රික ජනවර්ගවල බහුලව දැකිය හැකි දෙයක් එය...

      Delete
  3. මමනම් කැමතිම 05 වෙනි එකට. ඒක ජීවිතේ යථාර්තය පෙන්වන වෙස් මුහුණක්..

    ReplyDelete
    Replies
    1. එය මම හිතන විදියට මෑත කාලයක නිර්මාණය කරන ලද්දක්. කෙසේවෙතත් අරුත් ගණනාවක් එම මුහුනේ තිබෙන බවක් පෙනෙනවා...

      Delete
  4. තොවිල් වලට සෑම විටම වෙස්මුහුනු භාවිත නොකරන අතර සමහර විට දැඩි ලෙස වේශ නිරූපනය කරන ලද නලුවන් භාවිත කරයි..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මා දන්නා ආකාරයෙන් තොවිල් සදහා වෙස් මුහුණු භාවිතා කරන නිසා මෙලෙස පැවසුවා. ඒ නිසා තවදුරටත් කරුණු සොයා බලා ඔබගේ අදහස පිළිබදවත් වැඩි දුරටත් කරුණු පවසන්නම්...

      Delete
  5. samahara dewal dakketh adamai..
    godak sthoothi...watina post ekak...

    ReplyDelete
  6. මම නම් හුගක් කැමති ටිබැටයේ මානව හිස් කැබැල්ක යොදාගනු හදපු වෙස්මූණට.ඊට පස්සේ අප්‍රකාවේ ඒවට.වැදගත් ලිපියක්

    ReplyDelete
  7. හොදම ලිපියක් බොහෝ තොරතුරු දැනගත්තේ අදයි...

    ReplyDelete
  8. ඇනෝනිමස් වෙස් මූනත් දැම්මනම් තවත් shoooooooooooooooook

    ReplyDelete
  9. වෙනමම අධ්‍යයනය කල යුතු මාතෘකාවක්.

    ReplyDelete
  10. අපේ වෙස් මුහුණු ජනප්‍රියයි සුද්දෝ අතර

    ReplyDelete
  11. මේ ලිපිය නම් පත්තරයක් ලියන්න පුළුවන් තේමාවක් මතුපිටින් පමණක් විමසා බැලිමක් ලෙසයි මා දකින්නේ. මෙහෙම හො කතා බහක් සිදුවීම හොදයි. නමුත් වෙස්මුනු ගැන කතා කරන්න බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම මිනිස්සු ඇයි ඒවා අතීතයේ භාවිතේ කලේ කියන එක කෙහේද ඒවා මුලින්ම භාවිතා කරලා තියෙන්නේ කියන වගේ තොරතුරු මඟහැරිලා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියෙන් ඒ වගේ ගැඹුරු යමක් කතා කරන්නට බලාපොරොත්තුවුනේ නැහැ.එයට හේතුවක් තමයි මෙවන් ලිපියක් ලියන්නට සිතා‍ නොසිටිමුත් වෙනත් ලිපියක් ලියන්නට කරුණු සෙවීමේදී දකින්නට ලැබුන වෙබ් අඩවිය නිසා අහම්බෙන් මෙම ලිපිය පළ කරන්නට හැකියාවක් ලැබීම. යම් හෙයකින් ඉදිරියේ අවස්ථාවක් ලැබුනහොත් වඩාත් සවිස්තර ලිපියක් පළ කරන්නම්..

      Delete
  12. හඳගමගේ දේශනයකින් දැක්කා චාලි චැප්ලින්ගෙ රැවුල උඩියටිකුරු කළාම හිට්ලර් වෙන හැටි. හැබැයි ජර්මනියේ එහෙම වෙනස් කරපු වෙස්මූණක් නම් කවුරුත් දාගෙන යන්නෙ නැතිව ඇති!!

    ReplyDelete
    Replies
    1. ඔව් දෙන්නගෙම රැවුල් වල සමාන කමක් තිබෙනවා. මම දන්නා විදියට නම් ජර්මනියේ හිට්ලර් හා සම්බන්ධ දේවල් ප්‍රදර්ශනය තහනම්. වරක මම විදෙස් පුවතක දැක්කා මෑතක හදපු පිළිරුවක නාසි ආචාරය තිබෙන ආකාරයට තැනූ නිසා ආන්දෝලනයක් පවා ඇතිවුන බව...

      Delete
  13. මේ වෙස් මුහුණු හුඟක් දැක්කෙත් අදයි. ස්තුතියි තොරතුරු වලට..!

    ReplyDelete
  14. අපිත් පුංචි වෙස්මුහුණක් ගෙනාවා මේ පාර . ළමයි එක්ක වෙස් මුහුණ ගැන පොඩ්ඩක් කතා බහත් කළා . ගෝත්‍රික සමාජයන්හි වෙනස් පෞරෂයන් පෙන්වීමට සහ යම් විදිහකට මිනිසුන් තුල බිය සහ ගෞරවය ඇති කරන්න මේවා යොදා ගත්ත වෙන්න පුළුවන් .

    තොවිල් වලට අපේ රටෙත් මේ මුහුණු යොදා ගත්තනේ .

    ReplyDelete
  15. හුගක් මිනිස්සුන්ගේ මූණත් වෙස් මුණක්ම තමා , යටින් තියෙන්නේ වෙනම මුණක්

    ReplyDelete