Wednesday, June 27, 2012

ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - Amazing Places.

මෙන්න ලස්සනම පින්තූර කිහිපයක් ලෝකයේ ලස්සන ස්ථාන කිහිපයක. පින්තූර බලන ගමන්ම ඒ ගැන කතා කරමු...
පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.

ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි

ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.

නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය
(මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි)


මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි.
මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්

පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ
නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති.
සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි.
මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි

කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි

ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි.
ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි

බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර

ඉන්දියා සාගරයේ ලාමු දූපත

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.

අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ.
මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.

ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.

ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)
සැලකිය යුතුයි : මේ පින්තූර සහ එයට අදාල විස්තර මට  ලැබුනේ විද්‍යුත් තැපෑලෙන්. ඉතින් මීට කලිනුත් කවුරුහරි බ්ලොග් එකක් මේ පින්තූර ඇසුරෙන් තනා තිබෙනවා නම් මෙය ‍කොපි කිරීමක් ලෙස ‍නොසලකන මෙන් ඉල්ලන අතර ඇසට ප්‍රිය පින්තූර එය ‍මෙතෙක් නොදුටු අය වෙනුවෙන් පළ කිරීමක් පමණක් බවද මෙමගින් සිදුකළෙමි...

Saturday, June 23, 2012

Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........

ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිල‍යේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා. http://abonnow.hubpages.com/hub/bitsons සහ තවත් ඒ මෘදුකාංගයටම ආවේණික ගුණාංග මේ වෙබ් අඩවියේ තිබෙනවා- http://www.dritte.org/bitmate.html

ඒ ‍‍වගේම එය Download කර ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවියේම තිබුනත් මේ වෙබ් අඩවියට පිවිසීමෙන්  වුවත් ලබා ගන්න පුළුවන් - http://bitmate.en.malavida.com/  ඔබත් මෙය අත්හදා බලා වෙනසක් තිබේදැයි බලන්න.

දෙවනියට කියන්න යන මෘදුකාංගයත් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න හැකි එකක්. මේ මෘදුකාංගයේ නම තමයි Free Download Manager.

වේගවත් වගේම සාර්ථක අවසානයක් ලබා දෙන මෙහි  යම් හෙයකින් Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවත් ඒ වනවිට අප පරිගණකයට ලබාගෙන සිටින කොටසවත් නැරඹීමේ හැකියාව මෙයින් භාගත කර ගැනීමෙන් ලැබෙනවා. තවත් වාසියක් තමයි Torrent වුවත් මෙයින් භාගත කර ගැනීමට ඇති හැකියාව. ඒ වගේම Youtube සහ තවත් ප්‍රධාන පෙළේ Video නැරඹීමට දෙන වෙබ් අඩවිවල Video download කර ගැනීමේ අවස්ථාවත් මෙයින් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් අද කාලයේ ජනප්‍රියම සහ හොදම Download Manager එකක් විදියට සලකන Internet Download Manager එකට වඩා මෙහි Download speed  එක ටිකක් අඩු වූවත් එහි නැති වාසි කිහිපයක් මෙහි තිබෙනවා. ඒවා තමයි Internet Download Manager එක මුදල් ගෙවා Register කර ගැනීමට සිදුවීම, ඇතැම්විට අවසානය ඔන්න මෙන්න තබා තිබියදී ඇතැම් අඩවිවල ගොනු භාගත කරගැනීමේදී අත්හිටුවීම් සිදුවීම, මුලින් කී Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවහොත් එය ඒ දක්වා වත් නැරඹීමට නොහැකිවීම වගේ කාරණා වලදී  Free Download Manager එක වාසි සහගතයි කියා කියන්න පුළුවන්. තව වාසි කිහිපයක්ම තිබෙනවා. කැමතිනම් ඔබත් ඒවා අත්විද බලන්න. මෙන්න  Free Download Manager ලබා ගන්න පුළුවන් ස්ථානය - http://www.freedownloadmanager.org/download.htm

Tuesday, June 19, 2012

සිංහල බෞද්ධයිනි, ක‍තොලිකයිනි, මුස්ලිම් හා හින්දු භක්තිකයිනි මෙන්න සහෝදරත්වය ප්‍රායෝගිකව ‍පෙන්වීමට අවස්ථාවක්...

පසුගිය ලිපිය දෙබරයට ගල් ගැසුව වගේ හතරවටින් චෝදනා, ප්‍රශංසා, නිද්දා, සහ මැදිහත් සිතින් ලබාදුන් අදහස් වලින් පිරුණ එකක් වුනා. මෙන්න ඒ ලිපියට වඩා හාත්පසින්ම වෙනස් සහ ඒ ලිපියේදී එකඟවූ සහ නොවූ මෙන්ම ඕනෑම ආගමක ජාතියක, ආගමක කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් පුන්‍ය කටයුත්තක්. 

මේ කටයුත්තේදී ඔබලා අතදෙන්නේ මේ රටේ අනාගතය ඉදිරි දිනයක භාර ගන්න ඉන්න කුඩා දරුවන් පිරිසකට. ඔබ මොන ආගමට අයත්වූවත් පොදුවේ අපි කාගේත් ආගම් වල උගන්වන සහෝදරත්වයේ අරුණළු පුබුදන්නට මේ දරුවන්ට පිහිටවීමත් හොද අවස්ථාවක් වේවි. මේ කුඩා දරුවන් මොන ආගමකට, ජාතිකට අයත් දැයි මා දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් දන්නවා ඒ තමයි දුෂ්කර පළාතක ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරන පවුල්වල අහිසංක දරුවන් පිරිසක් තමයි මේ. ඔවුන් තවම පෙර පාසල් යන දරුවන්. ඒත් ඔවුන් අකුරු කරන පෙර පාසල නම් කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට සහ ඔවුන්ට නිසි වාතාශ්‍රයක්වත් ලබා ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. මේ පෙරපාසල පවත්වාගෙන යන්නේ කුඩා කඩකාමරයක, පොත්පත් සහ අනෙකුත් දේවල් තබා ගන්න ඔවුනට ඩෙස් බංකු නොමැති නිසා උකුලේ සියල්ල තබාගෙන තමයි අකුරු ලියන්නත් වෙලා තියෙන්නේ.

මේ පෙරපාසල හා අදාල දරුවන් සිටින පළාත ගැන කියනවා නම් එය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලහා පුපුරැස්ස කියන දුෂ්කර ගම්මානයේ. මේ පිළිබදව මා දැනුවත් කළේ හෙළ විජය තරුණ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින්. මා එම සංවිධානයේ සාමාජිකයෙකු හෝ වෙනයම් නිලයක් නොදරන්නෙකු වූවත් ‍එම සංවිධානයට උපකාරයක් ලෙස එහි බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට ආධාර කරන නිසා මටත් හිතුනා ඔබටත් මේ ගැන කියන්න. මොකද එම සංවිධානය මුල්වෙලා මේ කුඩා දරුවන්ගේ‍ හෙට දවස යම් ප්‍රමාණයකට හෝ සතුටු කරන්නට පෙර පාසල් ගොඩනැගිල්ලක් තනා දෙන්න පියවර ගනිමින් සිටිනවා. ඉතින් ඔබ දැන් කුමන ආගමකට අයිති වුනත්, ජාතියකට අයිති වුනත් ඒ සීමාමායිම් මොහොතකට හෝ අමතක කරන්න. බලන්න මේ දරුවන් දිහා. බලලා හදවතට එකඟව මේ පිළිබදව යම් හැගීමක් දැනේ නම් මම දෙන්නම් අදාල තොරතුරු සියල්ල දැන ගැනීමට එහි බ්ලොග් අඩවියේ ලිපිනය. එයට ගිහිල්ල මේ සියල්ල ගැන දැනුවත් වෙලා කැමති නම් යම් ආධාරයක් කරන්න.

හෙළවිජය තරුණ සංවිධානය - http://helavijaya.blogspot.com/2012/06/blog-post_18.html

ස්තූතියි!

Sunday, June 17, 2012

මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands???

ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි. 

දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.

කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් ‍මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ ‍රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.

තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි. 

ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත. 

තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි. 

එසේම බොහෝ දෙනෙකුට මුස්ලිම් ජාතිකයන් වහකදුරුවීමට හේතුව ‍කුරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන කූඨ ලෙස අත්පත් කරගැනීමට උත්සහ දැරීමයි. ඒ ගැන නම් පැවසිය යුත්තේ යම් ජාතියකට හෝ ආගමකට අනාදිමත් කාලයක සිට උරුමව පවතින යම් සිද්ධස්ථානයක් කූඨ ලෙස තම ග්‍රහණයට නතුකර ගන්නට යන්නේ නම් අපක්‍ෂපාතී ලෙස නීතිමය ආකාරයට එම ගැටළුව විසදිය යුතු බවයි. මන්ද මෙවන් පටු උත්සහයන්ට ඉඩ දීමම මෙවැනි එකිනෙකා අතර දීර්ඝ කාලීන විරසකයන් හා සැකයෙන් බැලීමට හේතුවක් විය හැකි නිසයි. 

අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්‍ෂෙත්‍රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.

අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය. 

මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රා‍යලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය. 

අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.

ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.

අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය.

ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්‍රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි.

මුස්ලිම් අයගේ දේවල් ප්‍රති‍ක්‍ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි. 

අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා  එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි. 

කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ ‍හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද  හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.

මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය.

Thursday, June 14, 2012

ඉපැරණි ලාංකික සමාජය පිළිබදව දැනගන්න...

මේ සිංහලකම, දේශියත්වය ගැන වඩාත් කථාකරන කාල සමයකි. ගුවන් විදුලියෙන් ඇසෙන්නේත්, රූපවාහිණියෙන් පෙන්වන්නේත්, දේශපාලනය කරන උදවිය නිරතුරුවම කථා කරන්නේත් දේශියත්වය, අපේකම, සංස්කෘතිය යනාදී මෙරට දේවල් පිළිබදවයි. එහෙත් කියන්නන්, පෙන්වන්නන් විවිදාකාරදේ ගෙනහැර දැක්වූවත් ඒ ගැන නිවැරදිව නොදන්නේ නම් මේ කියන්නේ, පෙන්වන්නේ හරියාකාරවම අපේ දේ දැයි නොදැන ඔවුන් දෙන දේ ඒ සැටියෙන්ම පිළිගන්නට සිදුවේ.

මෙවන් දේ පිළිබදව අපේ ඉතිහාසය පිළිබදව අත්පොත වන් මහාවංශයද ඇසුරු කරගනිමින් ලියූ පොතක් පිළිබදව අද ඔබව දැනුවත් කරන්නෙමි. මේ පොතේ නම ඉහත කී කාරණා සියල්ල එක්කොට හදුන්වාදිය හැකි එකක් වන අතර එය " මහාවංශය හා සිංහල ජනජීවිතය" නම් වේ.

විජයසිරි වෙත්තමුනි මහතා විසින් ලියා ඇති මෙම පොතෙන් විජය රජුගේ කාලයේ පටන් ලංකාවේ සමාජ ජීවිතය, රාජ්‍ය පාලනය, ආගම, ජන ජීවිතය, වෛද්‍ය ශාස්ත්‍රය, කාන්තා සමාජය, අධ්‍යාපනය මෙන්ම අද ආන්දෝලනයකට තුඩු දී ඇති භික්‍ෂු දේශපාලනය එදා සකස් වී තිබූ අයුරුත් දැන ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම පොතේ මිල රු.500/= කි. එහි ISBN අංකය : 955 - 95386 - 1 - 6.

Saturday, June 9, 2012

අමුතුම විදියේ ව්‍යාපාරික පත් කිහිපයක් වෙනදා නැති අමුතුම විදියකට

මේ දවස් වල මට බ්ලොග් ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නේ. වැඩ කටයුතු වැඩිකම වගේම තව හේතු කිහිපයක් නිසා බ්ලොග් එකේ ලිපියක් ටික දවසකින් පළ නොවූවත් මෙන්න දැන් වෙනස්ම ආකාරයේ වැඩක් කරන්නයි යන්නේ. මේ ලිපියෙන් පෙන්වන්නේ අමුතුම ආකාරයේ ව්‍යාපාරික පත් එමෙත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනවා නම් Business cards කිහිපයක් හැබැයි වෙනදා පෙන්වන ආකාරයට නෙමේ වෙනස්ම ආකාරයකට. කාටහරි මේ දේවල් ගැන දැන ගැනීමේ උවමනාවෙන් විමසුවොත් ඒ දේවල් කර ගන්න හැටි ඉදිරි ලිපියකදී කියන්නම්. දැන් ඉතින් මේ රූප වල උඩට Mouse Pointer එක ගෙනිච්චම වෙනදේ බලන්න