Monday, November 5, 2012

Internet Meter එකක් සොය සොයද ඉන්නේ.මෙන්න එහෙනම් DU Meter 6.03

ඔබ අන්තර්ජාල පරිහරණය කරන විට භාවිතා කරන ඒ අවස්ථාවේ සංසරණය වන දත්ත ප්‍රමාණය ගැන මෙන්ම මාසිකව කොතරම් දත්ත ප්‍රමාණයක් මේ වනවිට භාවිතා කර තිබේද? කොතරම් ප්‍රමාණයක් භාවිතා කරගෙන යන විට alert එකක් ලැබිය යුතුද යනාදී වශයෙන් තොරතුරු දැන ගැනීමට හෝ සැලසුම් කර ගැනීමට අවශ්‍යද? එහෙමත් නැත්නම් ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා කියනා ප්‍රමාණයටම වේගයෙන් සේවාව සපයන්නේද යන බව දැන ගැනීමට ඕනද? මෙන්න ඒ සදහා වූ Tool අතරින් හොද සේවාවක් ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් DU Meter 6.03‍. 

හැබැයි මේක නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නම් නොවෙයි. ඒත් එය භාවිතා කරල බලන්න මෙන්න මෙතනින් http://www.techspot.com/downloads/5549-du-meter.html භාගත කරගන්න පුළුවන්. නොමිලේ නොවුනත් එයට අනුගමනය කරන්නට අවශ්‍ය ක්‍රමවුනත් ඔබට සොයා ගැනීමට නොහැකි වෙන එකක් නැහැ google වලදී DU Meter 6.03‍ ගැන සෙවීම් කිරීමෙන්. කැමති නම් භාවිතා කරල බලන්න මෙයත්.

13 comments:

  1. ෂෙහ් මරු බඩ්ඩක්නේ. අපි භාවිත කරන දත්ත ප්‍රමාණය, නෙට් ස්පීඩ් එක එහෙම චෙක් කරගන්න පුළුවන් වුනාට අපිට අවශ්‍ය දත්ත ප්‍රමාණෙකින් පස්සෙ ඇලර්ට් එකක් එහෙම ලැබෙන ක්‍රමයක් මම දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ප්‍රයෝජනවත් වගේ තමයි...

      Delete
  2. මේ, ඔය වගේම වෙනත් මෘදුකාංගයක්. නමුත් මේක නොමිලේ!!

    http://www.softperfect.com/products/networx/manual/?lang=English

    බාගන්න: http://www.softperfect.com/download/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ තොරතුරටත්....

      Delete
  3. මාත් ම් මේ විදියේ එකක් තියෙනවද කියලා හොය හොය හිටියේ.... 10GB තියෙනවා කිව්වට මට එහෙම තේරෙන්නේ නම් නෑ.. මුලම දවස් වල නම් හොඳ ස්පීඩ් එකක් තිබ්බා.. දැං නං ඉබි ගමනින් තමා ඔක්කොම...

    ඒත් මේක Windows විතරද? Mac වලටත් වැඩ කරනවද දන් නේ නෑ නේ...

    ReplyDelete
    Replies
    1. මුලින් තියන ස්පීඩ් කොහෙද දැං.පහුවෙනකොට කොහු කොහු කියන්නේ ඒකනේ.ඔයාට පුළුවන් ස්පීඩ් වැඩිකරන්න

      Delete
    2. @හිරු - මේ tool එක නම් ඔයාට ගොඩක් වැදගත් වේවි. මෙන්න මේ සයිට් එකේ නම් Mac වලට internet meter එකක් තිබෙන බව පේනවා.
      http://en.softonic.com/s/d-u-meter:mac

      Delete
  4. ආයි මොකටද ගෙවන ඒවා අරගන ක්‍රැක් කරකර ඉන්නේ .networx එක නිදහස් මෘදුකාංගයක් නේ .ඒකෙත් ඔය කියන හැම පහසුකමක්ම වගේ තියනවා.පොඩ්ඩක් මෘදුකාංගය ඇතුලට ගිහින් බලන්න ඕන . එච්චරයි.මම ටික කලක් networx පාවිච්චි කල නිසා දන්නවා .

    ReplyDelete
  5. netspeed monitor ඔය වගේම එකක් .මට හිතෙන්නේ මේක ඔය වැඩේට කියපු බඩුව .
    http://tinyurl.com/netspeedmz

    ReplyDelete