Sunday, June 5, 2011

බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ...

ආදරණිය සත් සමුදුර පාඨක මිතුරන් සියල්ලන්ම වෙත,

සත් සමුදුර බ්ලොග් අඩවිය දැන් කිසියම් ගැටළුවකට මුහුණපා ඇති බව ඔබට කණගාටුවෙන් වුවත් කීයන්න සිදුවෙලා. ඒකට හේතුව තමයි ජුනි 01 දා සිට බ්ලොග් එක සමහර පාඨක මිතුරන්ට බලන්නට නොහැකි බවට කිහිපදෙනෙක්ම දන්වා තිබෙනවා. ඒ ‍එක්කම මට පවා මෙහි කමෙන්ට් යොදන්නට හා පැරණි ලිපිද බැලීමට නොහැකි තත්වයක් තමයි උද්ගතවෙලා තියෙන්නේ. මෙය හැබැයි උද්ගතවුනේ බ්ලොග්ර් විසින් නව ratings icon එක හදුන්වාදුන් පසු කියලයි සිතෙන්නේ.කෙසේවෙතත් මීට පෙර ඔවුන් නඩත්තු කටයුතු සිදුකිරීමේදි අප විසින් ලියන ලද අවසන් ලිපිය ඉවත් කර නැවත එය බොහෝ දෙනෙකුට ලබා දුන්නත්, සත් සමුදුරට එම සහනය ලබා දුන්නෙත් නැහැ. ඒවගේම ඒ වන විට පැවති Template එකේ දෝශයක් දැයි සැකයෙන් එයද කිහිපවිටක්ම වෙනස් කල අතර එක් කර තිබූ Gadgets කිහිපයක්ද ඉවත් කරනු ලැබුවා.

මෙම ගැටළුව පිළිබදව blogger help වෙතද ඊයේ යොමුකරත් තවම පිළිතුරක් ලැබුනේ නැහැ.

දැන් තිබෙන්නේ විසදුම් කිහිපයක් පමණයි. 
එනම් ඔවුන්‍ වෙතින් යම් දෝශයක් සිදුවී ඇත්නම් කවදා‍ හෝ එය නිරාකරණය කරන තුර ඉවසා සිටිම. 
එසේ නැතහොත් blogger වෙතින්ම ලබා ගෙන ඇති දෙවන බ්ලොග් අඩවියේ ලිපි පල කිරීම (එය මේ වන මීට කලකට පෙර අරඹා ඇතත් එහි ලිපි කිසිවක් තවම පල කර නොමැත). 
එසේ නැතහොත් බොහෝ වෘත්තීය මට්ටමේ බ්ලොග් කරුවන්ගේ පවා ප්‍රසාදය දිනා ඇති Wordpress වෙතින් බ්ලොග් පහසුකම ලබා ගැනීම.

කරුණු මෙසේ හෙයින් සත් සමුදුරේ මෙම ගැටළු නිරාකරණය කර ගත හැකි ආකාරයක් ඔබ කවුරුන් හෝ දන්නේ නම් එය මගේ විද්‍යුත් ලිපියන වන dguruge@gmail.com වෙත එවන මෙන් ඉල්ලා සිටින අතර, එම ගැටළු සහගත තත්වය නිරාකරණය කර ගත නොහැකි වුවහොත් මේ දක්වා පවත්වාගෙන ආ සත් සමුදුර බ්ලොග් අඩවියේ පලවන අවසාන ලිපිය මෙය වනු ඇති බවට අතිශයින්ම කණගාටුවෙන් වුවද ඔබට පැවසීමට සිදුවී ඇත.

මේ ආකාරයෙන් විවිද අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවුවත් ජනවාරි 13 වන දා සිට මේ දක්වා ඔබ දුන් අනගි සහය සැමදා අගය කරන අතර යම් හෙයකින් සත් සමුදුරේ අවසන් ලිපිය මෙය වුවහොත් ඇරඹීමට බලාපොරොත්තුවන නව බ්ලොග් අඩවියටද එලෙසින්ම සහය දෙනු ඇතැයි කාරුණිකව අපේක්‍ෂාකරමි.

ස්තූතියි! 
දිනේශ් දීපාල්
සත් සමුදුර

7 comments:

  1. පසුගිය දවස්වල මටත් ඔබේ ලිපි කියවන්න බැරිවුණා. මම හිතුවෙ මගේ අන්තර්ජාල සම්බන්ධතා‍වයේ දෝෂයක් කියල. කොහොම වුණත් වැඩේ අතහරින්න එපා. අලුත් ගිණුමකින් ‍නව බ්ලොගයකින් හරි සත් සමුදුර ලියන්න ගන්න.

    ```Outsider```

    ReplyDelete
  2. @```Outsider``` - බොහෝම ස්තූතියි මිතුර, ඇත්තටම බ්ලොගයේ ටෙම්ප්ලීට් වල යම් දෝශයක් තමයි ඇතිවෙලා තිබුනේ. දැන් නම් එය යථා තත්වයට පත්වී ඇති හැඩයි. කෙසේවෙතත් එසේ නොවුනානම් නව බ්ලොග් එකක් පැරණි ලිපි සමග අරඹන්න කටයුතු යොදලයි තිබුනෙත්...

    ReplyDelete
  3. දැන් හරි වගේ නේද . ඔබේ e mail එකත් මේ දැන් open වුනා . සුබ පැතුම් . මට මේ වගේ වුනා නම් දෙය්යන්ගේ පිහිට තමයි.

    ReplyDelete
  4. @Bindi - ස්තූතියි! බයවෙන්න එපා මොකක් හරි කරදරයක් වුනොත් පිහිටවෙන්න අපි නොදන්න මිතුරන් පවා සිටිනවා...

    ReplyDelete
  5. දැන් හරි නේද?මගේ සුබපැතුම්

    ReplyDelete
  6. අපි එද්ද ඔක්කොම වෙලා ඉවරයි. මමත් හිතුවේ මගේ ක​නෙක්ෂන් අප්සට් වෙලා ඇති කියලා. මගේ බ්ලොග් එකෙත් ඕල්ඩ පෝස්ට් වලට යන්න බැරි ලෙඩක් තියෙනවා කියලා ඒකට ආපු කෙනෙක් කියලා තිබුනා.

    ReplyDelete
  7. @බුද්ධි - මචං අවශ්‍යවුනොත් විසදුම 06 (අද) ලියපු පෝසට් එකේ තියෙනවා...

    ReplyDelete