-->

Friday, February 25, 2011

අහක යන ලෙඩ****@@@@!!!!????

මේ සටහන නෙමෙයි අද මෙතන තියන්න හිතාගෙන හිටියේ.ඒත් ඒක ඉවර කර ගන්න බැරිවුන නිසා පොඩි පරණ කතාවක් දාන්නම්. මේක වුනේ නම් මීට අවුරුදු 12 කට විතර ඉස්සර. මම ඒ කාලේ COMPUTER Cource  එකක් කරනවා. එක දවසක් ඒ පංතිය ඉවර වෙලා බස් එකේ ගාල්ලේ ඉදල එනකොට වැලිගම බහින්න ඔන්න මෙන්න තියලා දොර ගාවට ආවා. එතන හිටියා ගැහැණු අය දෙදෙනෙක් මැදිවියට ආසන්න වුන. මේ අය මාව දැක්ක හැටියේ එයින් එක්කෙනෙක් ඇහුවා “මල්ලි නේද අපි අර මාලේ රත්තරං ගාගන්න ආපු තැන ඒක කරන්න හිටියේ” කියලා. මට මේ මොනව අහනවද කියල හිතාගන්න බැරිවුනා. මම ජීවිතේටම අඩුම ගානේ ඒ වෙනකම් එහෙම දෙයක් අඩුම ගානේ කරගන්න වත් ගිහිල්ල නැද්ද කොහේද. මම කිව්වා “ඒ මම නෙමෙයි. ඔය ගොල්ලන්ට වැරදිලා” කියල. ඒ පාර අර කලින් ගැහැණු එක්කෙනාම කියනවා “ නැහැ නැහැ ඔයා තමයි එතන හිටියේ. ඔයා තමයි මාලේ අරගෙන ගිහිල්ල ආපහු ආවේ නැත්තේ. ඇයි අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මෙහෙම කරන්නේ”.

මේ මනුස්සයට මම දෙන උත්තරේ මොකක්ද?  කොච්චර මම නෙමෙයි කිවුවත් අහන්නේ නම් නැහැ. හොද වෙලාවට බස් එක වැලිගම බස් හෝල්ට් එකට ආවා. තවත් හොද වෙලාවට මේ මනුස්සා එක්ක හිටිය අනිත් ගැහැනු එක්කෙනත් "ඒ මම වගේ කෙනෙක් තමයි. ඒත් ඒ මෙය නෙමෙයි" කියල හොදවෙලාවට කිවුවා. නැත්තම් අහක යන ලෙඩකට තමයි මම නිස්කාරනේ පැටලෙන්නේ.

මේ වගේ දේවල් නිසා අපි කව්රුත් මතක තියාගන්න ඕන කෙනෙකුට යමක් කියන්න, කරන්න කලින් හොදට හිතල බලල, කියන දේ හෝ කරන දේ කරන්න. කෙනෙකුට ගැහුවොත් ඒක නිසා ටික වෙලාවක් විතරයි රිදෙන්නේ. හැබැයි කියන දේ නිසා සිදුවන දේ කාලයක් හෝ ජිවිත කාලෙම තියෙන්න පුළුවන්. 

5 comments:

  1. තව පොඩ්ඩෙන් මොන ගිනි ගෙඩියක් කඩන් වැටෙවිද දන්නේ නෑ......
    ආවවාදය හොදා..ඉකේයියා නෑ....

    ReplyDelete
  2. ඔය වගේ මන්ද මානසික අමාරු කාරයො ඉන්නව නෙ සහෝ ලෝකෙ, මම දැකල තියෙන විදියට අපේ රටේ ඔය වගේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඇඟට කඩාපනින එක වැඩී. එල එල, කොහොමහරි ශේප් උනානේ, ඒ ඇති.

    ReplyDelete
  3. ඔව් අපේ රටේදී මිනිස්සු අනිත් කෙනාව කටින් බය කරගන්න හදන ප්‍රවණතාව වැඩියි තමා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕක මිඩ්ල් ඊස්ට් වලත් තියනවා. විශේෂයෙන් අරාබි ජාතින් ළඟ.

      Delete