-->

Sunday, February 13, 2011

මාළු දානය

මේක තම් අර කලින් මී පැණි කතාවෙදි කියපු ඊලගට දානවයි කියපු බ්ලොග් සටහන නම් නෙමෙයි. ඒක තවම ඉවරකර ගන්න බැරි වුනා.  ඒත් කලින් සටහනේදි hare:-) දුන්න තල්ලුවත් එක්ක සාමාන්‍ය ජීවිතේ සිද්ද වෙච්ච දේවල් වුනත් තව කෙනෙකුට ඉගන ගන්න දෙයක් ඇති කියන හැගීමට හොද අත්තිවාරමක් වැටුන නිසා මේකත් දාල දාන්නම්. අනිත් එක හැමදාම "මහප්‍රාණ" මාතෘකා ගැන විතරක් ලියන ‍කොටත් කාලයක් යන කොට කියවන අයටත් එපා වේවි, මටත් වෙහෙසකාරි ගතියක් දැනේවි.

හරි මෙන්න කතාව. කතාවේ නම අනුව දානයක් කියවුට දානයක්ම නෙමේ. හැබැයි අනියම් ආකාරයකින් දානයක් වගේ තමයි. මේක මම වැඩ කරන තැන අයට නම් මම කිවුවත් එක්ක. සති දෙකකට විතර උඩදී. සතියේ දවසක හවස ගෙදර එන ගමන් මග තියෙන හැමදාම මාළු ගන්න කඩේ කල මෝටර් සයිකලයත් නවත්තල මාළු ගන්න ගියට. මේ බයිසිකලේ නවත්තන වෙලාවේ එතන තිබුනේ කාරෙකක් විතරයි. ඉතින් මාළු ග්‍රෑම් 500 ත් රු.180/= යි. කූරි මාළු නිසා හරියටම බර කිරා ගන්නත් බැරි නිසා තිබුන බර අනුව රු.200/= ක මාළු තියෙනව, ‍කමක් නැද්ද කියලත් ඇහුව. වැඩි වුනයි කියල කමක් නැහැ කියල ඒ ගානට ගත්තයි කියමුකෝ.

ඉතින් ඔන්න මාළු බෑග් එක අරගෙන බයිසිකලේ ගාවට ඇවිත් හැමදාම ‍වගේ හැඩලයෙත් එල්ලල සයිලලේට නගින්න හදන කොට ඒ මගේ බයිසිකලේ නෙවෙයි කියල දැනගත්ත. ඒ කියන්නේ මගේ සයිකලේට ඉස්සරහ තව මෝටර් සයිකලයත් නවත්තලා මාළු ගන්න. හරි ඉතින් දැන් මගේ සයිකලේ පණ ගන්වාගෙන ටිකක් දුරටත් ගියාම නිකම් වෙනසක් තේරුනා. මාළු බෑග් එක නැහැ කියල ඔන්න දැන ගත්තා. ඒ වෙලාවෙ, වෙලාවත් හවස 6.45 ට විතර. ඒ මදිවට ටිකක් වහිනවත් එක්ක. කළුවර වැටිලත් වැඩියි. මමත් ගෙදර යන සිහියෙන් වෙන කල්පනාවක හිටිය නිසා නොදැනීම මාළු ටික වැටිල ඇති කියල හිතල පාර දිගේ ආපහු හිමි හිමින් බයිසිකලෙත් පැදගෙන ආව මාළු ක‍ඩේ ලගට. එනකොට මතක් වුනා මම තව බයිසිකලයක් ලගටත් ගිහිල්ල නේද මගේ සයිකලය ලගට ගියේ කියල. ඔන්න ඒ එක්කම මතක් වුනා මම අර බයිසිකලේ හැඩලයේ මාළු බෑග් එක එල්ලුවත් නේද කියල. හරිනේ,  මම ඒ බයිසිකලේ මාළු බෑග් එක එල්ලුවට අරගන්න අමතක වෙලා එහෙමම තියෙද්දි තමයි ආපහු මගේ සයිකලේ ලගට ගිහිල්ල තියෙන්නේ.

ඉතින් වැඩි ‍වෙලාවක් ගත වෙලත් නැති ‍නිසා අර කලින් කිව්ව මෝටර් සයිකලයත් තවම ඇති කියල හිතල ගියා. ඒත් කොහේද ඒක ගිහිල්ල. ඔන්න ඉතින් මාළු කඩේ මාළු දුන්න කෙනා ලගට  ගිහිල්ල ඇහුව "මම වැරදිලා මාළු පාර්සලේ වෙන බයිසිකලයක් උඩ තියල ගියා. ඒක දීල ගියාද කියල. මනුස්සයත් උතුර දකුණ හොයගන්න බැරුව පොඩ්ඩක් ඉදලා, "එහෙම එකක් දුන්නේ නැහැ කිව්වා". මම ආයි සයිකලේ නගින කොට
මිනිහ නිකම් සවුත්තුවට වගේ හිනා වෙනවත් දැක්ක.

දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මාළු ටික පිනටවත් දුන්නයි කියල හිතල ගෙදර ආවා. මාළු ලැබුන කෙනා හිතන්න ඇති එයා ගත්ත මාළු වලට අමතරව බෝනස් මාළු ටිකකුත් ලැබුනයි කියල. කොහොම කොහොමෙන් හරි මේක ඉතින් ඉවසගෙන හිත හදා ගෙන ආවත් සැරින් සැරේට මතක් නොවුනෙත් නැහැ අපරාදෙනේ කියල. ඔන්න දැන් ගෙදරත් ආවා. ඇවිල්ල ‍නෝනට කිව්ව "පොඩි වැඩක් වුනා.  මම මාළු ගත්ත කළුවරේ පේන්නෙත් නැති නිසා පාරේ කොහේද හැලිල තියෙනව බෑග් එක කැඩිල. ආයෙමත් ගිහිල්ලත් බැළුවා, හැබැයි තිබුනේ නැහැ බල්ලෙක් වත් අරගෙන යන්න ඇති කියල". නෝනත් ඉතින් බැන්නේ නැහැ, කිව්වා "ඒක තමයි, මීට පස්සේ තව බෑග් එකක දාල අරගෙන ආවනම් හොදයි කියල. ඒ වෙලාවේ ඇත්තම කිව්ව නම් බැනුම් දෙකයි. එකක් එන්න රෑ වුනාට. අනික මාළු ටික නැති කර ගත්තට වෙන කල්පනාවක ඇවිල්ල. එහෙම වුනා නම් කියන්න වෙන්නේ "කිබුල කන එක ඉවසන්න පුළුවං බොලං, කොහිල කටු ඇනෙන එකනෙ ඉවසන්න බැරි". ඔන්න ඕකයි වුනේ. සිහි කල්පනාව හරියට තියාගන්න නැතුව වැඩ කරාම වෙන දේවල්.

10 comments:

  1. ඔය අමතකවීම ක්ෂණිකව වෙන එකක්. බොහොම සුළු මොහොතකින් අපේ ඔළුවෙ රඳවන් හිටපු වේරියබල් එකක් නැති වෙනව වගේ වැඩක්.

    ඉස්සර මම නැවතිල හිටිය තට්ටු 4ක බිල්ඩිමක උඩම තට්ටුවේ තව යාළුවො දෙන්නෙක් එක්ක. ඒක ඇත්තටම අපි වැඩ කරපු ආයතනයේ ගොඩනැගිල්ල. පහලම තට්ටුවෙ පිටිපස්සෙ තිබුණ දොරෙන් තමයි ආයතනය වැහුවට පස්සෙ අපි ටවුමට එහෙම යන්නේ. ඔය දොර ඇතුලෙන් ලොක් කරල තමයි අපි උඩම තට්ටුවට ගිහින් කාල බීල නිදාගන්නේ. සමහර දාට රෑ 11ට 12ට විතර එක්කෙනෙක්ට මතක් වෙනව දොර ලොක් කලේ නෑ නේද කියල. ආයෙත් පහලට ඇවිත් බලද්දි ඇත්තටම දොර ලොක් කරලා. ඕක අපි තුන් දෙනාටම තිබුණ ලෙඩක්. සතියකට දවසක් අනිවාර්යයි.

    ReplyDelete
  2. @hare:-) ඔය දොර ලොක් කරන එක ගැන කියපු වැඩේනම් මටත් වෙනවා.ඒ වගේම කොහේ හරි යන කොට ප්ලග් එහෙම ගලවලද කියල සැරින් සැරේ බලන එක, ටැප් වහලද කියල බලන එකත් ඇත්තටම වදයක් වෙලා තමයි තියෙන්නේ නම්. තව එකක් තමයි ගෙදරින් පිටට යන කොට මොකක් හරි දෙයක් අමතක වෙලා නම් ඒක මට නිකන් දැනෙනවා මොනව හරි අඩුවක් තියෙනව නේද කියල. හැබැයි මොකක්ද ඒ කියල මතක් වෙන්නේ නම් පස්සේ තමයි.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ගෙදරින් එළියට යන වෙලාවල් වල මටත් සමහර වේලාවට දැනෙනවා මොනව හරි මග ඇරුනා කියලා. ඒත් ඒක මොකක්ද කියල මතක් වෙන්නේ ගමන පිටත් වුනාමයි. එතකොටනම් මං මටම හිතින් බැනගන්නවා

      Delete
  3. මරු වැඩක් නෙ වෙලා තියෙන්නෙ, අනික තව වෙන දෙයක් තමයි අපි කාට හරි යමක් කියන්න හදද්දි, වෙන කෙනෙ නොහිතන වෙලාවට මැදට පැන්නමත් අර කියන්න ගිය එක සමහර වෙලාවට වරු ගානක් අමතක වෙනව. ඕකෙදි වෙන්නෙ, අපේ අනුමස්තිශ්කයෙන් තාව කාලිකව අරගෙන ඇවිල්ල මොලේ ගබඩාකරන්න කලින් මැකෙන එක, හරියට computer එක වගේ තමයි, ස්තූතී, ඔබට ජය

    ReplyDelete
  4. @සංහිද පාමුල - මට ඇත්තෙන්ම වැඩ වැඩිවුනාම හරි හිත කලබලවුනාම හරි කෙටි කාලීන මතකය අඩුවීමේ ගැටළුයක් තියෙනවා. මම හිතනන්නේ ඔබ කියන සිද්ධාන්තයට එයත් අනුගත වෙනවා ඇති...

    ReplyDelete
  5. නෑ සහෝදරය, ඒ ඔයාට දැන ගන්න තියෙන්නෙ ඔයාගැන විතරයිනෙ, එහෙම නෑ, මටත් මේ ඉන්නව සමහර වෙලවට මතක නෑ, ඒක වෙනව ගොඩක් අයට, ඒ කියන්නේ, ඒකට මේ ඝෝශා කාරී පරිසරය, වගෙ කරුනු බලපානව, ඇත්තටම බැලුවොත් අපි ගෙවන්නෙ පුදුමාකාර ජීවිතයක්, ඇත්තටම සහෝ හිතල බලන්න, මේ වගේ දියුනුවක් නැතත්, ගමේ කෑමටික කාල, හිටපු අපෙ සීයල ආච්චිල අපිට වැඩිය ජීවිතේ වින්ඳ නේද, ඒ අය, දැන් අය වගේ ඉගෙන නොගත්තත් මැරෙන දවස වෙනකන්ම, ඉගෙනගත්ත ජාතක කතා, ගාථා වගේ ඒව හරි ක්ෂනිකව නැවත ආවර්ජනය කරන්න පුලුවන් තරම් හොඳ මානසික මට්ටමකින් හිටිය.

    ReplyDelete
  6. @සංහිද පාමුල - ඔව් ඒක ඇත්ත...

    ReplyDelete
  7. oyage blog eka mama kiyawanawa niyamai digatama karagena yanna oyage fb id eka ewanna mama shan priyantha...

    ReplyDelete
  8. @shan - ස්තූතියි! http://facebook.com/dguruge

    ReplyDelete
  9. මට කොළඹ විශ්ව විද්‍යාලයෙදී ඔය වගේ වැඩක් උනා

    ReplyDelete