-->

Friday, February 11, 2011

කොමා නැවතීමේ තිත් නැති මීපැණි බෝතලේ කතන්දරේ

මේක එච්චරම වැඩක් ඇති කතාවක් නම් නෙවේ. බොහොම කෙටි විස්තරයක් තමයි තියෙන්නේ. ඔන්න මීට අවුරුදු 10 කට 12 කට කලින් මම මගේ ගමේ ඉන්න කාලේ මට සිංහල බෙහෙතක් බොන්න මී පැණි ඕන වුනා. ඉතින් සිංහල බෙහෙත් බඩු කඩේට ගිහිල්ල මී පැණි බෝතලයක් ඉල්ලුවා මෙන්න මේ විදියට "මී පැණි බෝතල් ගන්න තියනවයි". මෙන්න ඒ පාර කඩේ මුදලාලි එකපරටම හොදට හිනා වෙලා අහනවා "කීයක් බෝතල් දෙන්න පුළුවන්ද?" මම දැන් අන්දු කුන්දුං වෙලා ඉන්නේ. මොකක්ද මේ අහන්නේ කියල තේරුනෙත් නැහැ. මම ඒ එක්කම කියුවා "මට එක බෝතලයයි ඕන". ඒ එක්කම මුදලාලිගේ මූනේ තිබ්බ හිනාවත් නැති වෙලා ගියා. (බෝතල් කිව්වට මේවා බෝතල්ම නෙවේ. පොඩි කුප්පිවගේ එව්ව).

ඉතින් ඔන්න මී පැණි අරන් ගෙදරත් ආවා. ඇවිල්ල මේ යකා මොකක්ද මේ ඇහුවේ කියල කල්පනා කරා. එතකොට ටිකක් වෙලා යන කොට තමයි තේරුනේ මේ මනුස්සයට ඇහෙන්න ඇත්තේ "මී පැණි බොතල් ගන්න තියෙනවා" කියල වෙන්න ඕන, එහෙම ඇහිලා මිනිහටහිතෙන්න ඇති මම මී පැණි විකුන්න ඇවිල්ලයි කියලා. එච්චරයි කතාව. මට හිතෙන්නේ මේ වගේ වැරදි අර්ථයක් එන්න ඇත්තේ මම කතා කරන කොට කොමා, නැවතීමේ තිත් අඩු හින්දද දන්නෑ. මං හිතන්නේ අර කතාවක් තියෙන්නේ කෙනෙකුට පොඩි තගක් දාන්න ඕන වෙලා මැරයෙකුට කිව්වළු මරන්න එපා, ගහන්න. හැබැයි මැරයා කොමාව දාගෙන තියෙන්නේ වැරදි තැනට. ඒ කියන්නේ මරන්න, එපා ගහන්න. ඊ‍ට පස්සේ වුනු දේ කියන්න ඕන නැහැනේ.

මේ වගේ එතරම් වැඩක් නැති පොඩි සටහනක් දැම්මට එච්චර ගණන් ගන්න එපා. මේක නෙමෙයි දාන්න හිතාගෙන හිටියේ. ඒත් ඒ සටහන තවම ඉවරකර ගන්න බැරුව ඉන්නේ. ඔන්න දැන් ඊලගට ගොඩක් වෙලා කම්පියුටරේ ගාවට වෙලා බල බල ඉන්න ‍පෝස්ට් එකක් දානව. පොඩ්ඩක් ඉවසන්න.

8 comments:

  1. ලියන අපට අපි ලියන දේ මේ හැඩේ තියෙන්න ඕන කියල පූර්ව නිගමනයක් තියෙනව බොහොම වෙලාවට. ඒ වුණාට ඒක ලියවෙන්නෙ එහෙම්මම නෙවෙයි. එතකොට හිතෙනව මේක වැඩක් නෑ කියල... ඒ වුණාට ඇත්තටම වැඩක් නැති සටහන් කියල වෙන් කරන්න බෑ නේද කිසි දෙයක්. එහෙම වෙන් කරන්න ඉරක් ගහන්න බෑ... ගන්න පුළුවන් අය ගන්න දේවල් ගනියි... මේක විශිෂ්ඨ සටහනක් නොවුනට දැන් බ්ලොග් වල ලියවෙන එදිනෙදා ජීවිතේ සරල කතාවක්. ඔහොම වෙන අවස්ථා තියෙනවනෙ හැමෝටම. අර මරන්න, එපා ගහන්න වගේ එකක් වුණොත්නම් විනාශයි...

    ReplyDelete
  2. කතා කරද්දිත් කොමාව හරියට දාන්න වෙනව ඒ කියන්නෙ...

    ReplyDelete
  3. @ hare - ඇත්තටම මට ඔබේ ප්‍රතිචාරය ගැන පුදුම සතුටක් ඇති වුනා. මේක තමයි මිනිහෙක් ධෛර්යයමත් කරනව කියන්නේ. ඉදිරියෙදිත් ඔබලාගේ සහය ඉදිරියෙදිත් දෙන්න.

    ReplyDelete
  4. ඇත්ත, ලියන දේ මහා බුද්ධිමතුන්ගේ පැසසුමට ලක් නොවුනට එදිනෙදා අපි ඇරු කරන අයට එමගින් කිනම් හෝ යහපතක් වෙනවනම් මමනම් හිතන්නෙ, ඒක එහෙම වර්ග කල යුතු නෑ, නමුත් සමහර අය ලියන දේවල් සමාජයට යහපතක් කෙසේ වෙතත්, තවත්වත් විස දැමීමක් වෙනව, මම දිනපතා එන යන තැනක් හැටියට, මම ගොඩක් ප්‍රිය කරන රචනා විලාසයක් තියෙන, බොහොම වැදගත් විදිහෙ බ්ලොග් එකක් තමයි මේක, ඒක නිසා ලියන්න, හරවත් යමක් සොයන කෙනා, කවදාවත් මෙහෙම තැන් දල යන්නෙ නෑ.

    ReplyDelete
  5. @සංහිද පාමුල - ඔබගේ ධෛර්යමත් කිරීමට මා තුති පුදකරනවා...

    ReplyDelete
  6. ATHTHA LIYANA EKA HODAY KOLLO ETH ONAWATA WADA LIYANNA YANNA EPA MERATE EKA KARANNA AMARUY........

    ReplyDelete
  7. කුඩා දෙයට විශාල සැලකිල්ලක් දැක්විය යුතුයි!!!

    ReplyDelete