-->

Monday, February 7, 2011

වැවුන කොණ්ඩෙයි, කැඩුන ඔරලෝසුවයි, රන් මුද්දයි

මේක හිනා යන වගේම, අනුකම්පාවකුත් ඇතිවන කතාවක්. මට ලගදී නගරයෙන් ටිකක් පිට ඥාතියෙකුගේ ගෙදර යන්න වුනා. දැන් මේ යන කාලේ මට වැඩ වැඩිනිසාම කොණ්ඩෙ කපන්නත් බැරි වෙලා හොදටම වැවිලත් තිබුනේ. ඒවගේම ඔරලෝසුවට බැට්රිය දාන්න ගිහිල්ල ඒ බැට්රිය දාපු කඩේ මනුස්සය හරිය‍ට ඇණ තද කරන්නේ නැතුව එකෙන් වතුර ඇතුලට ගිහිල්ල  ඔරලෝසුව කැඩිල නිසා ඒකත් අතේ බදින්නේ නැතුව තමයි මේ ගමන ගියේ. කොහොම හරි මට බස්වල නින්ද යන නිසා දුර ගමන් වලදී රත්තරං මුද්ද දාන්නත් කැමති නැහැ. හැබැයි ඒකට මගේ නෝන නම් කැමති නැහැ. ඒත් මම කොහොම හරි මුද්දත් නොදා අර කිවුව ගමන ගියා. හැබැයි සාමාන්‍යයෙන් හොද පිළිවලකට ඇදල කියල නම් ගියා. ඔන්න දැන් ගමන ගිහිල්ල දවසකට පසසේ අර ගිය ගෙදර එක ඥාතියෙක් මට කිවුව ඒ ගෙදරම හිටිය තවත් ඥාතියෙක් එදා මම ගිය දවසේ මට නොකියපු. ඒත් අනික් ඥාතියට කියපු කතාවක් ඒක තමයි “මොකද අර දීපාල් ඇවිල්ල ඉන්න විදිය. කොණ්‍ඩෙත් වවා ගෙන, ඔරලෝසුවත් අතේ නැහැ. ඒ මදිවට මුදු දාලත් නැහැ. ගමේ මිනිස්සු කියාවි දැන් දීපාල් හොදටම බංකොලොත්වෙලා ඇති කියල.”

මට මේක ඇහුන හැටියේ හිනා වෙලා ඉවරයක් නැහැ. මම නම් සාමාන්‍යයෙන් මෝස්තර වැඩිය නැතුව පිළිවලට අදින්න තමයි උත්සහ කරන්නේ. ඒත් අ‍නේ මන්ද ඒ පලාතේ මිනිස්සු අර කියපු දේවල් නැත්නම් ඒ මනුස්සයව තක්සේරුකරන විදිය තමයි ගැටළුව. 

අපි කියවපු දායාරෝහන අතුකෝරාල මහත්තයගේ දියුණුවේ රන් දොරටුව පොතේ නම් කියනව අර ඇමරිකාවේ හිටපු ඩේල් කානගී කියන ව්‍යාපාරිකයා මිනිස්සුන්ට දියුණුවෙන්න කියල ලියපු පොත්වල කියල තිබුනළු ව්‍යාපාරිකයන්ට තමන් ආර්ථිකව කොච්චර වැටිල හිටියත් හොද ජැන්ඩියට අදින්න එතකොට ව්‍යාපාර කඩා වැටිච්ච බව නොපෙනී තවදුරටත් ව්‍යාපාරලෝකයේ රැදෙන්න ඒකත් හේතුවක් කියල. ඒකේ යම් ඇත්තකුත් නැත්තේ නැහැ. නමුත් ඇදුමෙන් මනුස්සයෙකුගේ සශ්‍රීකත්වය 100% ක මනින්න පුළුවන්ද? කියල ගැටළුවක් එනවා.

කොහොම උනත් මම හිතා ගත්තා අයෙත් සැරයක් අර ගමන යනව නම් මුලින්ම ඔරලෝසුව හදාගන්නව. කොණ්ඩෙ නම් කොහොමත් කපනවනේ. ඊට පස්සේ ටවුමට ගිහිල්ල ඔය බොරු රත්‍රංන් බඩු තියෙන කඩේකට ගිහිල්ල ඇගිලි හැම එකටම මුදුයි. කඹ වගේ මාල දෙකක් විතරයි. තව බ්‍රේස්ලට් එකකුත් අරගෙන දාගෙන යන්න. මොකද මොනව උනත් අර පුදේශයේ ඉන්න නෑදෑය අපහසුවට පත් කරන්න ඕන නැහැනේ.
(මම මේකෙන් කාවවත් අපහසුතාවයටවත්, සමච්චලයටවත් පත් කරන්න නෙමේ අදහස්කරේ . අපේ ගොඩ දෙනෙක්ගේ ආකල්ප පිළිබද සුළු පැහැදිලි කිරීමක් විතරයි).

5 comments:

  1. සම්පූර්න ඇත්ත සහෝ, අපේ රටේ මිනිස්සු, තව කෙනෙක්ව තක්සේරු කරන්නෙ ඒ කෙනාගෙ භාහිර ස්වරූපය දිහා බලලබෙ, ඒකයි මූලිකම අඩුපාඩුව.

    ReplyDelete
  2. @සංහිද පාමුල - මම ඒ මතයට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා...

    ReplyDelete
  3. ඒක තියෙන්නේ ලංකාවේ මිනිසුන් අතරේ විතරයි ඕක නිසානේ ලංකාවේ මහජනයා නිතරම රැවටෙන්නෙ

    ReplyDelete